ඇයත් පතිනියකි 25

25_කොටස

” අනේ…10 යි ද….මෙච්චර වෙලා නිදා ගත්තද…..”

අමාරුවෙන් ඇස් ඇරපු කෙල්ල බිත්තියේ ඔරලෝසුව දිහා බලලා තමන් ටම කියා ගත්තේ ඊයේ හවස නිදා ගත්ත පාර කෙල්ලට ඇහැරුනේ දැන් නිසා….ඒත් එක්කම ඊයේ උන හැමදේම මතක් වෙන්න ගත්තේ කෙල්ලගේ හිතට නුහුරු සතුටක් වගේම පුදුමාකාර දුකක් දැනෙද්දි…කෙල්ල ඊලගට ඇදේ එහා කොන බැලුවේ තේජාන් ට ඇහැරවන්න හිතාගෙන… ඒත් තේජාන් පේන්න නොහිටියම කෙල්ලගේ හිතට දුකක් දැනුනේ ඉබේමයි…. මේ වෙද්දි කෙල්ලගේ උන සම්පූර්ණයෙන්ම අඩු වෙලා තිබුනත් ඇග රිදෙන එකනම් තාමත් ලාවට තියෙන නිසා කෙල්ල දෙපාරක් නොහිතම ටවල් එක අතට ගත්තේ අදනම් මැරුනත් නානවා කියලා හිතාගෙන …කෙල්ල දිග සායකුයි ලා නිල් පාටට හුරු බ්ලවුස් එකකුයි එක අතකට අරන් අනිත් අතට ටවල් එක අරන් ඉක්මනට වොශ් රූම් එකට ගියේ ආයේ පාරක් වෙලාව බලලා…

හරියටම විනාඩි 10 කට පස්සේ කෙල්ල වොශ් රූම් එකෙන් එලියට ආවේ ටවල් එකෙ ඔලුවේ ඔතාගෙන…ඒත් එලියට එනවත් එක්කම කෙල්ල දැක්ක දේ නිසා කෙල්ලගේ ඇස් ලොකු උනේ කෙල්ලගේ හිත හොදටම ගැස්සුන නිසාමයි…

තේජාන් රූම් එකේ දොර ලගට වෙලා කන්න වගේ බැල්මකින් කෙල්ල දිහා බලන් ඉද්දි තේජාන් තරහින් ඉන්න හේතුව දන්නේ නැති උනත් කෙල්ල තේජාන් ව මග ඇරලා ජනේලය ලගට ගියේ කෙල්ලට තේජාන් ගේ තරහට බය හිතුන හින්ද මයි….

“තමුසේ…තමුසේ නෑවද සේයා..”

තේජාන් අඩියට දෙකට තමන් ලගට ඇවිත් අහද්දි එහ් කටහඩේ සැර වැඩි කමටම කෙල්ල එක පාරට ගැස්සිලා තේජාන් දිහා බැලුවා….

කොල්ලගේ ඇස් හොදටම රතු වෙලා තියනවා දකිද්දි කෙල්ල ඇස් දෙක පියා ගත්තේ එහ් ඇස් දිහා බලන්නත් බය හිතුන නිසා….

“මන් තමුසෙගෙන් අහුවෙ නෑවද කියලා ඕයි…තමුසෙ මොකක්ද් ඇස් දෙක පියාගෙන මගුලක් කරන්නේ අහ්…”

එහ් වචන ඇහෙද්දි කෙල්ල හෙමින් සැරේ ඇස් දෙක ඇරියේ කොල්ලා දිහා අසරනව බලන ගමන්… ….

“ඇගට අමාරුයි වගේ දැනුනා තේජාන්…ඒකයි……”

කෙල්ල එක අතකින් ඔලුවත් අල්ලගෙන අඩන්න මූන හදන් කියද්දි කොල්ලගේ තරහා ඉබේම නැති වෙලා ගියා…කොල්ල එක අතක් සේයා ගේ නලලේ තියලා එක පාරට සුසුමක් හෙලුවේ කෙල්ලට දෙයියනේ කියලා උන නම් අඩු වෙලා තිබුන නිසා ….

“තමුසේ දැන් තුවාලෙත් තෙමා ගත්තද අහ්…”

කොල්ලා ඇහුවේ කලින් දවසේ තුවාල උන කෙල්ලගේ නලල දිහා බලලා….

“ම්ම්…නෑ…ඔව්…මේ…දැන් තුවාලෙනම් රිදෙන් නෑ….”

කෙල්ල වචන පටලවමින් කිවුවත් කෙල්ල කිවුවේ ඇත්ත…මේ වෙද්දි කෙල්ලගේ තුවාලේ රිදෙන එක සෑහෙන්න දුරට අඩු වෙලා තිබුනේ…කෙල්ල කිවුව දේ ඇත්ත කියලා කොල්ලටත් හිතුනේ කෙල්ල ගානක් නැතුවම ඉන්න නිසා….

“ඔය ඔලුව හරියට පිහිද ගන්නවා…. නැත්නම් ආයෙත් උන හැදෙයි….”

කොල්ලා කෙල්ල දිහා රවලා බලලා ඊයේ සහස් දුන්න බෙහෙත් ටික අතට ගත්තේ කෙල්ලගේ මූන දෙක වෙද්දි…

“මොනා හරි කාලා බෙහෙත් ටික බොමු . ..”

කොල්ලා කෙල්ල දිහා බලලා කියද්දි කෙල්ල බිම බලාගත්තේ “දැන් මට හොදයි…බෙහෙත් ඕනිනෑ ” කියන්න වගේ…. කෙල්ලගේ හිතේ තියන දේ තේරුම් ගත්ත නිසාම කොල්ල කෙල්ලට රැවුවේ මූනට බොරු තරහක් මවාගෙන…

දැන්නම් බෙහෙත් බොන්නම වෙනවා කියලා හිත හදාගත්ත කෙල්ල කොල්ලා දිහා බැලුවේ අහිංසක විදිහට…

“හරි…බොන්නම්…මන් බෑ කිවුවේ නෑනේ..හැබැයි…..”

“හැබැයි…?ඇයි හැබැයි මොකක් ද….”

කෙල්ල මගින් කතාව නවත්තලා බිම බලා ගත්ත හින්දම කොල්ල ඇහුවේ පුදුමයෙන්…

ඒත් කෙල්ල ඊලගට කිවුව දේ නිසා කොල්ලගේ මූනට හිනාවක් ආවේ ඉබේමයි…

“මට මැනික කියන්න… ඊයේ රෑ වගේ…”

කෙල්ලගේ වචන පිටතට ඇහෙන්නේ නැති තරමට ම හිමින් කියද්දි කොල්ලා හිනා වෙවීම කෙල්ල දිහා බැලුවා….

“හා…මැනික මේක බොන්නකෝ…මගේ හොද මැනිකනෙහ්….”

කොල්ලා හිනා වෙවීම කෙල්ලට කියද්දි කෙල්ල මොකුත් නොකියම බිම බලා ගත්තා…

“එහ් පාර මොකද…. “

කෙල්ලගේ මූනේ ඉරියවු තේරුම් ගන්න බැරි හින්දම කොල්ලා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරලා… ඒත් ඊලගට කෙල්ල කිවුව දේටනම් කොල්ලට හොදටම දුක හිතුන…..

” ඔයා රොමෑන්ටික් වෙන්නේ මන් හොදටම තෙමිලා උන හදාගෙන ඔයා එක්ක කතා නොකර හිටියොත් විතරද තේජාන්..”

“අනේ සේයා….මන්…මන් ජෝක් එකක් කරේ…කෝ ඉන්න මන් එහ් විදිහටම කියන්න….”

“එපා… මන් ඔයාව නිසලි ට දෙනකම් මේ දවස් ටික මන් ලග ආදරෙන් ඉන්නවා කිවුවා නේද…ඒත් දැන්…”

“සේයා…තමුසේ….තමුසෙට ලැජ්ජා නැද්ද මාව වෙන ගෑනියෙක් ට දෙන්න අහ් ….”

කොල්ලා නිසලි ට පන වගේ ආදරේ කරත් කොල්ලට සේයා ව දාලා යන්න තරම් හිත හදාගන්න බැරි හින්දම කෙල්ල නිසලි ගැන කියන හැම තත්පරේම කොල්ලට දරා ගන්න බැරි වේදනාවක් එක්කම ලොකු තරහක් ආවේ ඉබේමයි….

” තමුසෙට මාව දාලා වෙන මිහිහෙක් ලගට යන්න ඕනි වෙලා ද අහ්…මට ඇත්‍ත කියනවා…”

කෙල්ල මොකුත් නොකියම නිහඩ වෙද්දි කොල්ල ඇහුවේ කෙල්ලගේ කෙස් වැටියෙන් තදින් අල්ලගෙන… කෙල්ල මොකුත් නොකියම තේජාන් දිහා බලලා අහිංසකව හිනා වෙද්දි කොල්ලගේ ඇස් වලට කදුලු ආවේ කෙල්ල බලන් ඉද්දි මයි…..

“ඔය ඉතින්…. ආයෙත් අඩන්න ගත්තා…එයාම බැනලා…එයාම අඩනවා…” .

කෙල්ල හිනා වෙවීම කොල්ලගේ ඇස් වල තිබ්බ කදුලු පිහිදාලා රූම් එකෙන් එලියට යන්න හදද්දිම කොල්ලා කෙල්ලගේ අතින් අල්ලා ගත්තේ කෙල්ල හැරිලා බලද්දි….

“උබ වෙන කෙනෙක් ලගට යන්න හිතන් ඉන්නවනම් එහ් අදහස….”

“දැන්මම හිතින් අයින් කරගනින්…හී හී….”

කොල්ල කියන්න ගියපු ඉතුරු වචන ටික හිනා වෙවීම කිවුව කෙල්ල කොල්ලගේ අතින් ඇදගෙනම පහල තිබුන කිචන් එකට ආවේ කොල්ලගේ තරහා ටිකෙන් ටික අඩු වෙලා යද්දි….

“ම්ම්ම්ම්ම්ම්…..මොනාද හදලා ඕනි…”

කිචන් එකට ගියපු ගමන් ම වට පිට බලපු කෙල්ල කොල්ලා දිහා ඇස් ලොකු කරන් හුරතල් විදිහට අහද්දි හිතේ මහා මෙරක් තරම් දුකක් හංගගෙන තාමත් හිනා වෙලා කතා කරන සේයා ගැන කොල්ලට දැනුනේ කියන්න තේරෙන් නැති පුදුම හැගීමක්…

කොල්ලා නිහඩවම කෙල්ල දිහාම බලන් ඉන්නවා දැකපු සේයා හිනා වෙවීම කොල්ලා දිහා බලලා එක ඇහි බැම්මක් ඉස්සුවේ මොකද අහන්න වගේ….

“ඔයාට උනනේ…කෝ ඉන්න..අද මන් උයන්නම්…”

කොල්ලා කෙල්ල දිහා බලලා හිනා වෙලා කියද්දි කොල්ලගේ එහ් වචන වලට කෙල්ලගේ කටත් ඇරුනේ ඉබේමයි…

“ඔයා…ඔයාට උයන්න පුලුවන් ද….”

කෙල්ල ඇහුවේ ලොකු කරන් හිටපු ඇස් දෙක පුංචිම පුංචි කරලා…කෙල්ල ඇස් දෙක කොච්චර පුංචි කරාද කිවුවේ ඇස් දෙකෙන් මොකුත් පේන්නේ නැති තරමට ම එහ් ඇස් පුංචි උනා… අවුරිදු හයේ හතරේ ලමයෙක් ලගවත් ලේසියෙන් හොයා ගන්න නැති කෙල්ලට න ආවේනික මේ ඇක්ශන් දැකලා කොල්ලා හිනා වෙවීම කෙල්ල දිහා බලලා එක අතකින් නලල මිරිකන්න ගත්තේ කවදා මේ ඇක්ශන් නැති වෙයිද කියලා හිතමින්…

“හරි…එහෙනම් හදනවකෝ පන්ඩිතයා… මොනවද දැන් හදන්නේ…”

කොල්ලගේ අර නෝමල් හිනාවට එහා ගිය හිනාව දකිද්දි හැමදාම වගේ කෙල්ලට අදත් තරහා ගියපු හින්දම කෙල්ල කතාව වෙන අතකට හැරෙවුවේ කොල්ලට රවන ගමන් මයි….

“ඉන්නවකෝ…මන් හදන්න හදන්නේ අලුත් කෑමක්… “

කොල්ලා කිවුවේ ෆ්‍රිජ් එකෙන් එලවලු කීපයක් ම අරන්…

“මේ ලෝකේ නැති කෑමක් ද…”

කෙල්ල හිනා වෙවඅ ඉනට අත තියා ගත්තේ කොල්ලා කරන දේවල් එකින් එක විමසිල්ලෙන් බලාගෙන ඉන්න ගමන්….

“කට වහගෙන පාඩුවේ ඉන්න්වා…මන් මේක හදලා ඉවර වෙනකම්…නැත්නන් මන් තමුසෙව මේ අවන් එකට දාලා බේක් කරනවා….”

“මොකක්…..”

“ඇහුන දේ තමයි කිවුවේ…”

ඊලගට කෙල්ල මොකක් ද කිවුවේ අහන්න කලින් ම කොල්ලා කිවිවේ කෙල්ල දිහා රවලා බලලා… කෙල්ල කොල්ලට රවාගෙනම ගිහින් ලග තිබුන පුටුවක වාඩි උනේ “ඕන දෙයක් කරගන්නේ නැතැයි” කියලා තරහින් හිතන ගමන්…

ඒත් එක්කම මිදුලේ වාහනයක් නවත්තනවා ඇහෙද්දි දෙන්නම මූනෙන් මූන බලා ගත්තේ එකට මයි…

“තාත්තා ද දන් නෑ….”

කෙල්ල කිවුවේ ඇස් වලිනුත් හිනා වෙමින් ලොකු සතුටකින්…

“නෑ…තාත්තා සතියක් යනකම් එන්නේ නැහැ කිවුවනේ….සහස් ගේ කාර් එක වගේ….”

කොල්ලා කිවුවේ කුස්සියේ ඉදන් ම සාලේ දිහා බලන් ගමන්…

“තේ..ජා…න්…”

පුරුදු විදිහටම සහස් සාලේ ඉදන් උඩ තියන තේජාන් ගේ රූම් එක දිහා බලාගෙන කතා කරද්දි කොල්ලට හිනා ගියේ ඉබේමයි….

“මන් කිවුවේ….මූ නම් මැරෙන් නෑ…”

තේජාන් හිනා වෙවීම කිවුවේ සේයා දිහා බලන ගමන්…ඊලගට් කුස්සියේ ඉදන් ම සහස් ට කතා කරේ හිනාව නවත්තගෙන….

“මචන්…වරෙන්…අපි මෙහෙ..මන් උයනවා…”

කිචන් එකෙන් ඇහුන සද්දේ හින්දා සහස් ඇස් දෙකත් ලොකු කරගෙන කිචන් එකට ආවේ කොල්ලා කිචන් එකේ මොනා කරනවද කියලා හිතමින්…මොකද තේජාන් මොනවද උයලා තියෙන්නේ කියලා බලන්න කිචන් එකට ආවොත් මිසක් වෙන දේකට කිචන් එකට ඇවිත් ඉන්නවා සහස් දැකලා නැති හින්ද…

“අද මන් උයන්න හදන්නේ….”

කොල්ලා කිචන් එකට එද්දි ම් තේජාන් ඒප්රන් එකත් දාගෙන කිවුවේ ආඩම්බරෙන්…ඒත් සහස් ට එහ් වචන වලට බකස් ගාලා හිනා ගියේ තේජාන් මූන දෙක කරන් බලද්දි…

“ඇත්තද නංගි මූ කියන්නේ….මූ ද අද උයන්නේ….”

ඊලගට කොල්ලා හිනා එවීම සේයා දිහා බැලුවේ තේජාන් ගේ බැල්ම මග අරිමින්…

කෙල්ල හිනා වෙවීම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න…

“අහ් එහෙනම් උයපන්… මන් යනවා…මන් මේ දෙන්නා මරාගෙන ද බලන්න ආවේ….උබලා දෙන්නට ම පිස්සු අම්මපා…” ..

සහස් මූනට බොරු තරහක් මවාගෙන කිවුවත් සේයා ගේ මූනේ තිබ්බ හිනාව එහෙම් පිටින්ම නැති වෙලා ගියේ සහස් බලන් ඉද්දි මයි…

“තේජාන්…ඔයා එහෙනම් උයනවද… අයියේ අනේ මගෙ නලල ටිකක් රිදෙනවා වගේ…බෙහෙත් ටිකක් දාන්න පුලුවන්ද….”

කෙල්ල කිවුවේ මවාගත්ත වේදනාවකින්…ඇත්තටම කෙල්ලට ඕනි උනේ නිසලි ගැන හැමදෙයක් ම දැන ගන්න…තේජාන් ගෙන් අහලා තේජාන් ව රිද්දන්න බැරි හින්දම කෙල්ල මේ දේවල් සහස් ගෙන් අහනවා කියලා හිතා හිතුවේ එහ් වෙලාවෙමයි….

“අහ්…මන් කෝකටත් බෙහෙත් ටික ගෙනාවා..හරි එන්නකෝ එහෙනම්….සාලෙට ගිහින් දාමු බෙහෙත් ටික”

කොල්ලා කිවුව වචන වලින් කෙල්ලගේ වැඩේ තවත් ලේසිඋනා කියලා දැනෙද්දි කෙල්ලගේ මූනට ආවේ හිනාවක්…

“තේජාන්…මන් ය්න්නද…” .

කෙල්ල තේජාන් දිහා බලලා ඇහුවේ නලල අල්ලගෙන මයි…

“හා යන්වා…සහස්…මේකිගේ මේ මොන්ගල් පාට් අඩු වෙන්නත් මොකක් හරි බෙහෙතක් දීලා දාපන්…උබගෙම නංගිනේ…”

තේජාන් එහෙම් කියද්දි සහස් හිනා වෙවීම සාලෙට ගියත් සේයා ගියේ කොල්ලට රවාගෙන…

විනාඩි 15 කින් වගේ බෙහෙත් දාලා ඉවර උනාම සහස් කල්පනා කර කර ඉන්න සේයා දිහා බලලා අහපු දේට කෙල්ල ගැස්සිලා ගියා…එහ් කවදත් සහස් කෙල්ලගේ හිතේ තියන හැමදේම හරියටම කියන නිසාමයි….

“තුවාලේ රිදෙන කමකට නෙමෙයි නේද මාව මෙතනට එක්ක ආවේ…අහ්….කියන්න…මොකක්ද මගෙ නංගි ප්‍රශ්නේ…”

සැබෑම සහෝදරයෙක්‍ තරම් සෙහෙහසින් ආදරෙන් සහස් කෙල්ලගෙන් අහද්දි කෙල්ලගේ ඇස්වල්ට කදුලු පිරුනේ හිතේ දුක හිර කරගෙන ඉන්න බැරිම තැනමයි….

කෙල්ල අඩ අඩම කිචන් එක දිහා බැලුවේ තේජාන්ට ඇහෙයි කියලා බය හිතුන නිසාමයි…..

“ඌ දැන් ම එන්නේ නෑ…කෝ කියන්නකෝ…මොකක්ද ප්‍රශ්නේ …”

කොල්ලා හිනා වෙලාම කෙල්ලගෙන් අහද්දි කෙල්ල ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිද ගත්තේ හිතේ තියන හැමදේම අද සහස් ගෙන් අහලා දැනගන්නවා කියලා හිතමින්….

26 කොටසින් හමුවෙමු….

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *