ඇයත් පතිනියකි 27

27_කොටස

” බත් එක කර උනා මචන්… මට තෙල් එක රත් වෙන්න තිබ්බා කියලා අමතක උනා…. “

තේජාන් මූනත් දෙක කරන් කිවුව විදිහට සේයා වගේම සහසුත් හිනාව අමාරුවෙන් නවත්තගෙන සීරියස් මූඩ් එකක් මවා ගත්තේ හිනා උනොත් කොල්ලට තරහා යනවා කියලා දන්න නිසාමයි…

“එතකොට ඔය රෙදි කෑල්ල පිච්චුනේ කොහොමද…”

තේජාන් ලගම තියන තාමත් ඇවිලෙමින් තියන රෙදි කෑල්ල දිහා බලලා සහස් ඇහුවෙ පුදුමයෙන්…

” මට තෙල් එකට ලිපෙන් තිබ්බා කියලා අමතක උනා…කැරට් ටික කපලා ඉවර වෙද්දි තෙල් එක කර වෙලා…මන් ඉක්මනට වතුර දැන්මා…කලින්ටත් වඩා ගිහි ගත්තා කියහන්කෝ….ඊට පස්සේ මන් රෙදි කෑල්ලෙන් අල්ලලා තාත්චිය බිමින් තියන්න හදද්දිම රෙදි කෑල්ලටත් ගිනි ඇවිලුනා බන්…”

තේජාන් පොඩි ලමයෙක් වරදක් කරලා අහු උනා වගේ ඔලුවත් කසන ගමන් තාමත් පිච්චෙමින් තියන රෙදි කෑල්ල දිහත් කරවෙලා කලු වෙලා තියන බත් එක දිහත් මාරුවෙන් මාරුවට බලමින් කියද්දි මෙච්චර වෙලා අමාරුවෙන් හිනාව නතර කරගෙන හිටපු සේයා ට වගේම සහස් ටත් මහා හයියෙන් හිනා ගියේ කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…සේයා වගේම සහස් කොච්චර හිනා උනාද කියනවනම් දෙන්නට හිනාව නවත්ත ගන්න පවා විනාඩි දෙක තුනක් ම ගියා…

“මොකද උබ හිනා වෙන්නෙ…”

සහස් වගේම සේය ත් හිනාව නවත්ත ගත්තට පස්සේ තේජාන් ඇහුවේ මූන දෙක කරන් සහස් දිහා තරහින් බලලා…

“ඈ බූරුවෝ….උබට general නොලේජ් කියලා එකක් වත් නැද්ද…උබ ගොනා කියලා දන්නවා..හැබැයි මෙච්චර ගොනෙක් කියලා අදනේ දන්නේ..”

සහස් හිනා වෙවීම කියලා සේයා දිහා බැලුවේ තේජාන් තරහින් ම දෙන්නා දිහා බලන් ඉද්දි…

“නංගි…අඩුම තරමේ උබටවත් මොලයක් කියලා එකක් නැද්ද….ම්‍රෙ බූරුවෙල් උයන්නම් කිවුව පලියට උයන්න දෙන්නේ…ගෑස් එක එහෙම ලීක් උනානම් අද ඔක්කොම ඉවරයි….”

කොල්ලා හිනා වෙවීම කියද්දි සේයා අමාරුවෙන් හිනාව නවත්තගෙන තේජාන් දිහා බලලා අහිංසක විදිහට හිනා උනේ දැන් කොල්ලට හොදටම තරහ ගිහින් තියෙන්නේ කියලා කොල්ලගේ මූනේ ඉරියවු වලින් හොදටම අදුනගෙන…

“නංගි…මන් යනවා..”

සහස් සේයාට විතරක් කියලා තේජාන් දිහා දට්ග් තිස්දෙකම පේන්න විරිත්තලා හිනා උනා…

“මචන්…කාලා යන් නැද්ද…”

තේජාන් අමාරුවෙන් තරහා පාලනය කරගෙන හිනා වෙලා කිවුවා..

“කාලා යන්න….?..නංගි…බලපන්න්කෝ මූට තවත් ලැජ්ජා නෑනේ..මූ කාගේ දරුවෙක් ද මන් දා…”

තේජාන් සහස් දිහා ඔරවන් බලන් ඉද්දි සහස් හිනා වෙවීම ගිහින් කාර් එකට නැංගේ තේජාන් දිහා ආයෙත් දත් තිස් දෙකම පේන්න විරිත්තලා බලලා…සහස් ගියාට පස්සේ තේජාන් ආයෙත් සේයා දිහා නොබලම රූම් එකට යන්න හැදුවේ සේයා ගෙන් ලැබෙන්නෙත් ඔය ප්‍රතිචාරෙම තමයි කියලා දන්න නිසා….

“තේජාන්…ඔහොම ඉන්නකෝ…මොකද මේ තරහා ගිහින්…”

කෙල්ල ඇහුවේ කොල්ලගේ අතින් අල්ලගෙන ආදරෙන්…

“ඇයි තමුසෙත් මට හිනා වෙන්නද අහන්නේ අහ්…”

කොල්ලා කෙල්ල දිහා නොබලම කෙල්ලගේ අතින් තමන් ගේ අත මුදව ගත්තේ තරහින්…

“නෑ…කෝ එන්නකෝ….මන් කියලා දෙන්නම්…”

කෙල්ල කොල්ලගේ මූනට එබිලා කිවුවේ හිනා වෙවීමයි…

“මොනවද අහ්…හිනා වෙන්නද..” .

“නෑ මහත්තයෝ..උයන්න….කෝ එන්නකෝ….”

කෙල්ල කොල්ලගේ අතින් බලෙන් ම අල්ලගෙන කිවුවේ කොල්ලගේ තරහා ලාවට අඩු වෙලා යද්දි මයි….ඒත් කොල්ලා තාමත් කෙල්ලගේ මූන දිහා නම් කෙලින් බැලුවේ නෑ…

“ඔය ඉතිම්..තාම තරහද…මන් කියන්නද…අද සහස් අයියා හිනා උනානේ…එයාට කරමුද හොද වැඩක්…”

කෙල්ල හිනා වෙවීම කොල්ලගේ මුන දෝතට ම අරන් කිවුවේ ඇස් දෙකත් ලොකු කරන්….

“අනේ යනවා සේයා…එහ් ඔයාගෙම අයියනේ…ඌත් එක්ක එකතු වෙලා මට මොනා හරි කරොත් මිසක් තමුසේ කවද්ද මාත් එක්ක එකතු වෙලා ඌට රිටන් දෙන්න හැදුවේ….”

තේජාන් මුනත් එල්ලගෙන කිවුවේ සහස් හිනා උන හැටි ආයේ ආයෙත් මතක් කරමින්…

“මෙහෙ එනවා…පන්ඩිතයා…ඊලග දවසේ සහස් අයියා ආවම තනියමම උයලා එයාටත් එහ් විදිහට ම හිනා වෙන්න…”

කෙල්ල් හිනා වෙවීම කිවුව දේට කොල්ලගේ ඇස් දිලිසුනේ කෙල්ල කියන් කතාවෙත් ඇත්තක් තියන නිසාමයි…

“මන් කියලා දෙන්නම්…මේ බලන්නකෝ…මේ කැරට් කපන්නේ මෙහෙම නෙමෙයි..අනික තෙල් රත් වෙලා ගිහින් ගන්නකොට වතුර දාන් නැහැ මෝඩයෝ…ඉන්නකෝ…මන් කියලා දෙන්න….පිහිය ඔහොම නෙමෙයි මෙහෙම අල්ලන්න…කෝ දැන් කපන්නකෝ…”

කෙල්ල පොඩි ලමයෙක් ට පාඩමක් උයන්නනවා වගේ කොල්ලට බත් එකයි එක ව්‍යංජනයකුත් හදන්න කියලා දෙන්න ගත්තේ කොල්ලත් කෙල්ලගෙ ඇඩ්වයිස් අනුවම වැඩ ටික කරන් යද්දි….

විනාඩි 30 කින් විතර බත් එක වගේම ව්‍යංජනයත් හදලා ඉවර උනාම කොල්ලගේ මූනේ තිබ්බේ ආඩම්බර සතුටක්…

“දැක්ක ද සේයා…මන් හැදුවනේ කොහොම හරි….”

කොල්ලා අන්තිමට බත් එක දිහත් ව්‍යංජනය දිහත් මාරුවෙන් මාරුවට බලලා කිවුවේ හිනා වෙවී මයි…

ඇත්තට ම වැඩ වලින් බාගෙකටත් වඩා කරේ කෙල්ල…කැරට් පවා කපන විදිහ කොල්ලට පෙන්නන්න ගිහින් ම ඔක්කොම වගේ කැපුවේ කෙල්ල…කොල්ලා කරේ අන්තිමට ඉදෙන්න ගෑස් එකෙන් තිබ්බ එක විතරමයි…ඒත් කොල්ලගේ මේ අඩම්බර හිනාව දකිද්දි කෙල්ලට කොල්ලගේ මූනෙන් ඇස් ඉවතට ගන්න බැරි තරමට ම ලෝබ හිතුනා…. මොහොතක් කොල්ලා දිහා එහෙම්මම බලන් හිටපු කෙල්ල ඊලග තත්පරේ හින වෙවීම කිවුව දේට කොල්ලගේ මූන අදුරු වෙලා ගියා…

“ප්‍රසිද්ධ ව්‍යාපාරික මිස්ටර් මුනසිංහගේ එකම පුතා කැරටුයි බතුයි විතර ද අද…කෝ ඉන්න…මන් ටග් ගාලා තව මොනා හරි හදන්නම්….”

කෙල්ල එහෙම කියලා ෆ්‍රිජ් එක ඇරියේ කොල්ලා මූන අදුරු කරන් බලන් ඉද්දි….

“සේයා…මට මේ හොදයි….මට අද මගෙ අතින් ම ඔයාට උයලා දෙන්න ඕනි උනා…ඒකයි මොනාහරි ඕඩර් කරන්න පුලුවන්කම තියෙද්දිත් උයන්න ගත්තේ…ඒත් මට ඒකවත් හරියට කරගන්න බැරි උනානේ…කමක් නෑ…ඔයාගේ උදවුවෙන් හරි මන් හැදුවනේ…අපි අද මේක එක්ක ගමු…ප්ලීස්….”

කවදාවත් නැතුව කොල්ලා හැගීම බරව කියද්දි කෙල්ලගේ ඇස් වලට කදුලු ආවේ එහ් ආදරේ දරාගන්න බැරි හින්ද මයි….

“ඉන්න මන් බෙදන්නම්…”

කෙල්ල එහ් සැනින් ඇස් වල කදුලු පිහිදගෙන බත් බෙදන්න ගත්තා කොල්ලා බලන් ඉද්දි මයි….

“පිගන් දෙකක් ඇයි…”

කෙල්ල කොල්ලට බත් බෙදලා ඉවර වෙලා තව පිගානක් හද්දි කොල්ලා ඇහුවෙ තරහින්…

“තේජාන්…”

“තේජාන් තමයි..එනවා…අද මන් කවන්නේ…යමු…මන් උයන්න දන් නැති උනාට හොදට කවන්න දන්නවා…ඉස්සර මන් නිසලිටත්……”

කොල්ලා කියන්න ගියපු වචන ටික එක පාරට් නවත්තලා කෙල්ල දිහා බැලුවේ ආයෙත් කොල්ලා කෙල්ලගේ හිත රිද්දුවා නේද කියලා වේදනාවක් දැනෙද්දි මයි…. ඒත් කෙල්ල කිසි වෙනසක් නොකර ම තේජාන් නවත්තපු තැනින් කතාව ඉවර කරේ කොල්ලා වේදනාවෙන් ම බලන් ඉද්දි…

“නිසලි ටත් කැවුවද..පව් එහ් අසරනී…කොහොම කෑවද දන් නැහැ…”

කෙල්ල හිනා වෙවීම කොල්ලගේ කම්මුලෙන් මිරිකලා කොල්ලගේ අතින් අල්ලගෙන සාලෙට ආවේ කොල්ලා තමන් මේ සේයා ට කරන අසාධාරනකම් වලට තමන් ට ම දොස් පවරගෙන…..

“කෝ…කවන්නකෝ අනේ….මට උනත් එක්ක…”

බත් එකත් අතේ තියන් කෙල්ල දිහාම බලන් ඉන්න කොල්ලා දිහා බලලා කෙල්ල කිවුවේ නලලට අත තියාගන උන බලන ගමන්…කෙල්ලට දැන් හොදටම සනීප වෙලා තිබුනත් කෙල්ල අමාරුයි වගේ ඇඩ් කරද්දි කොල්ලා හිතේ තිබ්බ දුක මොහොතකට අමතක කරලා කට පුරා හිනා වෙලා කෙල්ලට බත් කටක් කැවුවෙ කියාගන්න බැරි හැගීම ගොඩකින් මුලු හිතම සතුටින් පිරිලා යද්දි…

28 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *