ඇයත් පතිනියකි 29

29_කොටස

” සේයා..ඔහොම ඉන්නවා…මන් ඇදුමක් ගන්නකම්…”

මොහොතක් කල්පනා කර කර හිටපු තේජාන් ඊලග තත්පරේ රූම් එකට දිවුවේ කෙල්ල ඇදුම් ඇදගන්න කලිම් ඇදුමක් අරන් එහා රූම් එකට ගිහින් ඇදගන්න හිතාගෙන…මොකද කොල්ලට ඕනි උනේ පුලුවන් ඉක්මනට ඔෆිස් එකට යන්න….

“ඉක්මනට අරන් යන්නකෝ අනේ…මන් තාම සාරියක් select කරගත්තෙත් නෑ…”

කෙල්ල මූන දෙක කරන් කොල්ලා දිහ බලද්දි කොල්ලා කෙල්ලට රවලම ඇදුම් ටික අර ගත්තේ නිහඩව මයි…ඊලග තත්පරේ රූම් එකෙන් එලියට ගිහින් එහ් ලගම තිබුන අනිත් රූම් එකට ගියේ කලබලෙන්…විනාඩි 10ක් යන්නත් කලින් ඇදුම් ඇදගත්ත කොල්ල කන්නාඩියෙන් ලාවට මූන බලලා කොන්ඩේ පීර ගත්තේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන්…ඊලගට දොරත් වහලා සේයා හිටපු රූම් එකට ගියේ කෙල්ලටත් කෑ ගහගෙන…

ඒත් දැක්ක දේ නිසා කියන්න ගියපු දේත් කොල්ලට අමතක වෙලා ගියා… කොල්ලා හිතුවේ කෙල්ල තාම ඇදගෙන්න තියා අදින්න හිතලවත් නෑ කියලා… ඒත් කෙල්ල සාරියත් ඇදලා කොන්ඩෙටත් කටුවක් ගහලා hand bag එකත් කරේ දාගෙන ඉනටත් අත තියන් කොල්ලා දිහා බලන් ඉන්නවා දැක්කම කොල්ලා මොහොතක් කෙල්ල දිහා පුදුමයෙන් බලන් හිටියේ කටත් ඇරගෙන…

“මන් english teacher කෙනෙක් තේජාන් මහත්තයෝ…මට හොදට සාරි ඇදලා පුරුදුයි…”

කෙල්ල කිවුවේ හිනා වෙවීම….

“තමුසේ මාරයි නෙහ් හලෝ…විනාඩි 10ක් වත් ගියේ නෑනේ… තමුසේ සාරිය හරියට ඇන්දා නේද…ඔෆිස් එකේදි කඩන් වැටුනොත් මන් තමුසෙව එහ් වෙලාවෙම ඩිවෝස් කරනවා…”

කොල්ලා කිවුවේ කෙල්ල ගේ නලලගේ ඉදන් යටි පතුල වෙනකම්ම අමුතු විදිහට බලලා…

“අනේ කොච්චර දෙයක් ද එහෙමවත් ඩිවෝස් වෙන්න තියේනම්….”

කෙල්ල කිවුවේ හින වෙවීම උනත් එහ් කතාවටනම් කොල්ලගේ මූන අදුරු වෙලා ගියා…

“සේයා…”

කොල්ල තමන් ට වත් ඇහෙන් නැති තරමට හිමින් කිවුවේ කෙල්ලගේ හිතත් ගැස්සිලා යද්දි…

” හරි හරි…ඕකට ඔච්චර හිතන්න ඕනි ද දැන්… ඔයාව නිසලි ට දුන්න ම කොහොමත් ඩිවෝස් වෙන්න වෙනවනේ…හරි එහෙනම් ඩිවෝස් වෙන් නැතුව ඔයාව නිසලි ට දෙන්නම්….”

කෙල්ල කිවුවේ හිනා වෙවීම….කොල්ලගේ ඉරියවු මොහිතින් මොහොත වෙනස් වෙනවා දකිද්දි කෙල්ලට දුකක් වගේම මොකක්දෝ සතුටකුත් දැනෙන්න ගත්තේ කෙල්ලට පවා එහ් හැගීම තේරුම් ගන්නබැරි වෙද්දි මයි..

“යමු…යමු…පරක්කු උනා…”

මොකුත් නොකියම කෙල්ල දිහා බලන් ඉන්න කොල්ල දිහා බලලා කෙල්ල කිවුවේ වෙනසක් නොකරමයි..කොල්ලා නිහඩවම පහලට ඇවිත් කාර් එක ස්ටාට් කර ගත්තේ හිතින් තමන් ගෙන් ම ප්‍රශ්න කෝටියක් අහන ගමන්…

“ඔයා මගෙන් ඈත් වෙනවා කියලා කියන හැම තත්පරේම මගෙ හිත මේ තරම් රිදෙන්නේ ඇයි සේයා….”

කොල්ලා අතින් නලල මිරිකන ගමන් හිතුවේ මේ වෙද්දි ඔෆිස් එකේ ප්‍රශ්න වගේම සේයා කියන කතා නිසත් මේ වෙද්දි කොල්ලගේ ඔලුව පැලෙන්න තරම් රිදුම් දෙන්න අරන් තිබුන නිසා…

“අනේ කතා කරන්නකෝ තේජාන්…මොකද මේ…”

විනාඩි 10ක් විතර නිහඩවම කාර් එක drive කරපු තේජාන් දිහා බලලා කෙල්ල කිවුවේ මූනත් දෙක කරන් … ඒත් තේජාන් කෙල්ල කිවුව දේ ඇහුනේ නෑ වගේ ඉද්දි නම් කෙල්ලට හොදටම තරහා ගියා…

“හා එහෙනම් කතා කරන් නැතුවම ඉන්නවකෝ…මට මොකද..අන්කල් කිවුවා මට ඕනි දෙයක් අර ගන්න කියලා…මට කාඩ් එකේ security code එක කියලා කතා නොකර ඉන්නවා…කපටිකමට එහ් හින්දම කතා කරන් නැතුව ඉන්නවා මෙතන…”

තේජාන් කතා නොකර ඉන්න හේතුව කෙල්ල හොදටම දැනන්හිටියත් කෙල්ල හිතට හොරා කතා කරේ තේජාන් තමන් ට අයිති නෑ කියන දේ තදින් ම හිතා ගෙන…තේජාන් ව කතා කරවන්න තියන එකම උපාය කොල්ලව තරහා ගස්සන එක කියලා මේ වෙද්දි කෙල්ල හොදට ම දැනන් හිටියා…කෙල්ල හිතුවා වගේම කෙල්ලගේ එහ් වචන එක්ක කොල්ලා ඇස් දෙකත් රතු කරන් කෙල්ල දිහා බැලුවේ කොල්ලගේ එහ් ඇක්ශන් දැකලා කෙල්ල හිත යටින් සතුටු වෙන ගමන් මයි…

“තමුසේ….තමුසේ ට මගෙ කාඩ් එක දෙන්න…තාත්තා නෙමෙයි කවුරු කිවුවත් මන් දෙන්නේ නෑ..අනිත් එක තමුසෙ ට කාඩ් එක දෙන්න වෙනවට තමුසේ එක්ක කතා නොකර ඉන්න තරම්…තමුසේ හිතුවේ මන් කවුරු කියලද අහ්…කාඩ් එක දෙන්න බැයි නම් මන් කෙලින් කියනවා…”

” මන් දන්නවා ඉල්ල ගන්න හැටි…”

“අනේ මේ සේයා…පාඩුවේ ඉන්නවද….”

කොල්ලා කෙල්ල දිහා බලලා රවලා කියද්දි කෙල්ල මොකුත් නොකියම කාර් එකේ ග්ලාස් ඉවත බලාගත්තේ කොල්ලා බනින්න හරි කතා කරපු එක ගැන ලොකු සතුටකින්….

තවත් විනාඩි 15 ක් විතර නිහඩවම කාර් එක drive කරපු තේජාන් තට්ටු තුනට bliding එකක් ලග කාර් එක නැවැත්තුවේ කෙල්ල කටත් ඇරන් බලන් ඉද්දි…ඊලගට කාර් එක එහ් ලගම තිබුන kar park එකෙන් පාක් කරේ කෙල්ල ඇයි මෙතන නැවැත්තුවේ අහන්න වගේ කොල්ලා දිහාම බලන් ඉද්දි…

“බහිනවා….”

කොල්ලා ඇහුවේ සේයා ගේ මූන දිහා බලලා තරහින්…ඒත් කෙල්ල තාමත් කට ඇරගෙන කොල්ලා දිහාම බලන් ඉද්දි කොල්ලා තමන් ගේ ඔලුවට තමන් ගේ අතින් ම පහරක් ගහ ගත්තේ සේයාදැන් විනාඩි දෙකක විතර ඉදන්ම ගල් බිල්ලෙක් දැක්කා වගේ කටත් ඇරන් තේජාන් දිහත් ග්ලාස් එකෙන් පේන බිල්ඩින් එක දිහත් බලන් ඉන්න හින්දා…

“සේයා…තමුසෙට මන් කියන දේ ඇහෙන් නැද්ද…බහිනවා…”

මේ පාර කොල්ලා කලින්ටත් වඩා සැරෙන් කියද්දි කෙල්ල යාන්තමට බිම බලාගත්තේ ඇත්තටම හොල්මනක් දැකලා බය උන වගේ පාට් එකකින්…

“දැන් මොකක් ද කියනවකෝ වෙලා තියෙන්නේ…”

කෙල්ලගේ හැසිරීම් තේරුම් ගන්න බැරි හින්දම කොල්ලා ඇහුවේ තරහින්….

” ඔයාලට…මේ තරම් ලොකු බිල්ඩින් එකක්…තියනවද…ඔයාලට..එච්චර සල්ලි තියනවද…”

“මේ එක branch එකක් විතරයි…මේ main branch එක….accnts වල හැම details එකක් ම තියෙන්නේ මෙතන…. “

“අනේ…තවත් මේ වගේ…මන් හිතුවේ නෑ ඔයාලා…මෙච්චර..සල්ලි කාරයෝ කියලා…”

කෙල්ල කිවුවේ වචන පටලවමින්…

“හා…දැන් දැනගත්තනේ…දැන් එනවා යන්න…හොදට මතක තියාගන්නවා…ඔෆිස් එකට ගිහින් එක වචනයක් වත් කතා කරන්න බෑ…තේරුනනේ…නැත්නම් තමුසෙට මොන්ගල් කියලා හැමෝම දැනගයි…මටයි ලැජ්ජාව…”

කොල්ල කෙල්ලට දබර ඇගිල්ල දිග් කරලා තර්ජනාත්මකව කියලා කාර් එකෙන් බැස්සේ කෙල්ලත් කොල්ලව අනුගමනය කරමින් ම කොල්ලා පස්සෙන් යද්දි…..

2nd floor එකට ආවට පස්සේ කොල්ලා එහ් ලග තිබුන රූම් එකක් ගාවින් නැවතුනේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් පට පිට බලද්දි..

ඇත්තටම කෙල්ල කවදාවත් මේ වගේ තැනකට ඇවිත් තිබුනෙම නැහැ….. ඔෆිස් එක කියන්න බැරි තරම්ම පිලිවලට ලස්සනට තිබුනා… එහ් වගේම ඔෆිස් එකේ හිටපු හැම කෙනෙක් ම ගොඩක් උනන්දුවෙන් තම තමන්ගේ වැඩ කරමින් හිටියා…

කොල්ලා රූම් එක ලග නැවතිලා කෙල්ල දිහා බැලුවේ මවාගත්ත තරහකින්…

“තමුසේ මේ රූම් එකේ ඉන්නවද…නැත්නම් මීටින් එකට එනවද….”

කොල්ලා කෙල්ලගේ ඇස් දෙක දිහා කෙලින් බලන් අහද්දි කෙල්ල රූම් එක දිහා බැලුවේ මන් මෙතනම ඉන්නම් කියන්න වගේ…මොකද මේ වෙද්දි කෙල්ල හොදටම කලබල වෙලා හිටියේ….

“කියනවා ඉතින්…”

කෙල්ලගෙන් පිලිතුරක් නොලැබුන හින්දම කොල්ලා ආයෙත් පාරක් ඇහුවා….

“මං…මන් මෙතන ඉන්නම් තේජාන්….” .

“හරි …එහෙනම් කොහෙවත් යන් නැතුව ඔතනටම වෙලා ඉන්නවා…තේරුනාද…අහ් තව දෙයක්…මේ ෆෝන් එකත් තියා ගන්නවා…කෝල් ආවොත් කියනවා මන් මීටින් එකක කියලා….”

කොල්ල එහෙම කියලා තමන්ගේ අතේ තිබුන ෆෝන් එක කෙල්ලට එද්දි කෙල්ල රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ කොල්ලා යන්නත් කලින් මයි…

රූම් එකේ ෆයිල් ගොඩක් පුරවලා තිබුනත් දකින ඕන කෙනෙක් ගේ හිත් ඇදගන්න තරම් ලස්සනක් රූම් එකේ තිබ්බා… මේ තේජාන් ගේ ඔෆිස් රූම් එක කියලා කෙල්ලට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ…. මොකද ටේබල් එක උඩ මුස්ටර් ජයසිංහ තේජාන් එක්ක ඉන්න ෆොටො එකක් වගේම තේජාන් තනියම ඉන්න ෆොටෝ එකකකුත් තිබුනා…කෙල්ල මොහොතක් එහ් ෆොටෝ දෙකම දිහා බලන් ඉදලා තේජාන් ගේ චෙයාර් එකෙන් වාඩි උනේ හිතට අමුතුම සතුටක් දැනෙද්දි….

කෙල්ල චෙයාර් එකේ ඉදන්ම රූම් එක දිහා ඇස් දෙකත් ලොකු කරන් ආසාවෙන් බලන් හිටියත් ඊලග තත්පරේ තේජාන් ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තයින් කෙල්ල එහ් දිහා බැලුවේ හිනා වෙවීමයි..ස්ක්‍රීන් එකේ ” සහස්” කියලා නේම් එක වැටෙද්දි කෙල්ලගේ සතුට තවත් වැඩි වෙලා කෙල්ල ෆෝන් එක ආන්සර් කරනවත් එක්කම කෝල් එක කට් උනේ කෙල්ලගේ මූන අදුරු වෙලා යද්දි…

“මිස් කෝල් ද…මහ ලොකු ඩොක්ටර්…කෝල් එකක්වත් ගන්න සල්ලි නැද්ද….”

කෙල්ල කටත් උල් කරගෙන තමන් ට ම කියා ගෙන ආයෙත් සහස් ට කෝල් එකක් ගන්න හැදුවත් ස්ක්‍රීන් එකේ තිබ්බ මැසේජ් එක දැකලා කෙල්ල උන් තැනම ගල් ගැහුනේ කෙල්ලගේ ඇස් වලින් කදුලු ගලන් යද්දි මයි…..

30 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව එක්ක ඉන්න යාලුවෝ හැමෝටම ගොඩාරියක් ආදරෙයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *