ඇයත් පතිනියකි 33

33_කොටස

” මැනික…. “

කෙල්ල ගේ මූන දිහා බලලා තේජාන් කිවුවේ කෙල්ලගේ ඇස් වලට ආයෙත් කදුලු උනද්දි….

“ඔයා ඇඩුවද….”

කෙල්ල තේජාන් ගේ කම්මුලක් සීරුවට පිරිමැදලා අහද්දි කොල්ලා ලාවට හිනා වෙලා කෙල්ලගේ නලල මත දෙතොල් තිබ්බේ දිගු සුසුමක් හෙලන ගමන් මයි….

” මන් කිවුවනේ…එයාව දැක්කම හැමදේම අමතක වෙලා යයි…. කෝ සහස් අයියට කෝල් කරන්නකෝ…. බඩගිනියි නේද…මන් කවන්න ද….”

කෙල්ල බලෙන් ම කොල්ලගේ තුරුලෙන් අයින් වෙලා ඇස් වල කදුලු පිහිදගෙන ටේබල් එක උඩ තිබ්බ පිගාන අතට ගත්තේ කොල්ලගෙන් උත්තරයක් නොලැබෙද්දි මයි….

ඊට පස්සේ පිගාන අතට අරන් කොල්ලට කවන්න ගත්තේ කොල්ලා නොහඩවම සේයා දිහා බලන් ඉද්දි…. පිගානේ බත් ඉවර වෙනකම්ම කවපු කෙල්ල ලග තිබුන වතුර වීදුරුව තේජාන් ගේ මුවට ලන් කරේ හිනා වෙවී මයි… ඒත් කොල්ලා තාමත් කෙල්ල දිහාම බලන් ඉන්න නිසා කෙල්ල බොරු තරහක් මූනට අරන් ඇදෙන් නැගිට්ටේ කෙල්ලට තවත් එහ් මූන දිහා බලන් ඉන්න අපහසු උන නිසාමයි….

” සේයා…ඔයා කන් නැද්ද…”

රූම් එකෙන් එලියට යන්න හදපු කෙල්ලව නවත්තගෙන කොල්ලා ඇහුවේ ආදරෙන්…

” මන් පහලට ගිහින් කන්නම්…ඔයා මන් එන්න කලින් අයියට කෝල් කරන්නකෝ..”

කෙල්ල අහිංසක විදිහට හිනා වෙලා එහෙම කියලා පහලට ගියේ කොල්ලා මොකුත් කියන්න කලින් මයි….

කෙල්ල යන දිහා ඇස් වල කදුලු පුරවන් බලන් හිටපු කොල්ලා ඊලග තත්පරේ ෆෝන් එක අතට අරන් සහස් ගේ නම්බර් එක ඩයල් කරන්න ගත්තේ කදුලු වලට එහ් විදිහටම ගලන් යන්න ඉඩ දීලා…

සහස් ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගද්දි කොල්ලගේ හිත නිසලි එක්ක තිබුන පරන මතක වලින් පිරෙන්න ගත්තේ ඇත්තටම සේයා කිවුවා වගේම කොල්ලට හැම දෙයක් ම අමතක කරමින්…

“හෙල්ලෝ….”

” දැන් ද ගොනෝ ගන්නේ …මන් කොච්චර ගත්තද… “

තේජාන් හෙල්ලෝ කියනවත් එක්කමසහස් කිවුවේ තරහින්…

“මචන්…උබ නිසලි ඉන්න තැන හොයා ගත්ත ද…”

කොල්ලා ඇහුවේ වෙවුලන කටහඩින්..

” ඔව් #$@# ..ඒක තමා මන් උබට ගත්තේ…”

“කොහෙද මචන් මගෙ පන ටික ඉන්නේ…මගෙ පන හොදින් ඉන්නව ද….”

කොල්ලා ඇහුවේ නිසලි ගේ දගකාර මූන හිතේ මැවෙද්දි….

” උබම ගිහින් බලපන්කෝ…මන් උබව හෙට එක්ක යන්නම්…මන් ඉන්න තැන හොයා ගත්තා….”

සහස් කිවුවේ හැමදාම වගේ සන්සුන් කටහඩින්…

” හරි මචන්…උබ මට උදේට කෝල් එකක් දීපන්…”

“හා…උබ අර අහිංසකී ට මොකද කරන්නේ දැන්..උබ ඒකිට දුකක් දීලා තිබ්බොත් මට උබ මගෙ යාලුවා කියලත් අමතක වෙලා යයි තේජාන්…”

සහස් තරහින් කියද්දි තේජාම් සුසුමක් විතරක් හෙලලා ෆෝන් එක කට් කරේ සහස් ගේ එහ් ප්‍රශ්නෙට උත්තරයක් නොදී මයි…

” මිනිස්සු මොන තරන්නම් ආදරේ ඉස්සරහා අසරන වෙනවද…නිසලි මගෙ පලවෙනි ආදරේ…එහ් ආදරේ ගලේ කෙටුවා වගේ මගෙ මුලු හදවතේම ලියවිලා ඉවරයි…ඒත් ජිවිතේ පලවෙනි වතාවට ඔයාව දැක්ක මුල්ම දවසේ පවා මට ඔයා ගැන අමුතු හැගීමක් දැනෙන්න ගත්තා සේයා…ඔයාගේ අහිංසක මූන දකිද්දි මට මුලු ලෝකෙම අමතකයි….ඒත් මන් ගොඩක් අසරනයි මැනික…නිසලි මගෙ පන ටික…මට සමාවෙන්න….”

කොල්ලා තමන්ගේ දෑගිලි වලින් තමන් ට රිදෙන තරමටම කෙස් වලින් අල්ලගෙන තමන් ටම කිවුවත් සේයා මේ හැමදේම අහන් හිටියේ තේජාන් ට නොපෙනෙන්න වහලා තිබුන රූම් එකේ දොර ලගට වෙලා..කෙල්ල ගේ ඇස් වලට කදුලු ආවත් කෙල්ල ආයාසයෙන් ම එහ් කදුලු පිහිදගෙන හිනා උනේ මොහොතකට කලින් තේජාන් තමන් ව බදාගෙන කිස් කරගෙන හැසිරුන විදිහ සහා එහ් වෙලාවේ තමන් තේජාන් ට කිවුව දේවල් මතක් වෙලා…

“මන් කිවුවනේ තේජාන්…ඔයා දැන් මොන දේ කිවුවත් නිසලි ලගට ආව ගමන් ඔයාට මේ හැමදේම අමතක වෙනවා කියලා… “

කෙල්ල අඩ අඩ ම උනත් හිනා වෙලා කිවුවේ තේජාන් තමන් ට අයිති නෑ කියන දේ තදින් ම හිතාගෙන…

ඊලගට ඉක්මනට පහලට ගිහින් අතක් සෝදන් රූම් එකට ආවේ තේජාන් තාමත් නිදි නැතුවම කල්පනා කරමින් ඉද්දි…

කෙල්ල කොල්ලට මොකුත් නොකියම ඇදට ඇවිත් ඇලවුනේ තේජාන් කෙල්ල දිහා හැරිලා බලද්දි..

“නිදා ගන්නවද…”

කලින් තරන්ම ආදරෙන් නැතත් කොල්ලා ඇහුවේ යම් තරමක ආදරෙන්…

” ඔව්…ඔයත් දැන් නිදා ගන්න…හෙට උදේම යන්න් ඕනිනේ…”

කෙල්ලගේ එහ් වචන ටික ඇහෙද්දි කොල්ලගේ ඇස් උඩ ගියේ කෙල්ලට මේ හැමදේම ඇහුනද කියලා සැක හිතෙද්දි මයි…

” ඔව් මට ඇහුනා…මන් බොරු නෙමෙයි නේද කිවුවේ…එයාව හම්බුනාම ඔය හැමදේම අමතක වෙනවා කියලා…”

කොල්ලගේ හැගීම තේරුම් ගත්ත කෙල්ල එහෙම කියලා තේජාන් දිහා බලද්දි තේජාන් අසරනව ව සේයා දිහා බැලුවත් කෙල්ල එහ් බැල්ම හිතා මතාම මග ඇරලා ඇස් දෙක පියා ගත්තේ අදින් පස්සේ තනියම ජීවත් වෙනවා කියලා දැඩිව හිතාගෙන…

කොල්ලා කෙල්ලට නින්ද යනකම්ම එහ් මූන දිහා බලන් හිටියත් කෙල්ල එකම එක පාරක් වත් ආයෙත් තේජාන් දිහා නොබැලුවේ තමන් ගේ අහිංසක අම්මා වගේම තාත්තාගෙත් මූනූ හිතින් මවාගෙන….

34 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

( කතාවට අදාල නැති බව කරුණාවෙන් සලකන්න…නමුත් ඔබේ ජීවිතයට නම් අනිවාරෙන්ම අදාල වේවි…..) 👇🏻

“””””””””ගැහැණියක් කියන්නේ හැම දුකක් ම නිහඩව දරාගෙන ඉන්න මේ ලෝකේ ඉන්න උතුම් ම කෙනෙක්… ඒත් එහ් ගැහැණියම සියලු දුක් දරාගෙන අවසන හැගීම් දැනීම රහිත කෙනෙක් වූ විට හිතා ගන්නටත් බැරි තරමට ම ඇය වෙනස් වී තියේවි… එදාට අනිවාරෙන් ම පසු තැවීමට වේවි…

ඔබගේ පෙම්වතිය බිරිදට පමනට වඩා දුක් දීමෙන් වලකින්න…ඇය එහ් හැමදේම දරා සිටින්නේ ඔබට ඇත්ත්ටම ආදරේ නිසා බව මතක තියා ගන්න…. එහ් ආදරේ රැක ගන්න… හැම ගැහැණියම නැතත් ලෝකේ ගොඩක් අය ආදරේ ඉස්සරහා ලෝබයි.. ඔබට ඇතැම්විට ඇය ඔබට බනින්නේ ඔබව ඇයට තවත් ලන් කරගන්න විය හැකියි…ඒත් ඔබ ඇයව හරි හැටි තේරුම් නොගත්තොත් දවසක ඔබට දුක් වන්නටම වේවි……”””””””””’

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

ආදරෙයි යාලුවො හැමෝටම….

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *