ඇයත් පතිනියකි 34

34_කොටස

” තේජාන්….නැගිටින්න…දැන් 7 ටත් ලගයි…සහස් අයියා කෝල් කරා….”

කෙල්ල උන්නේ තේජාන් ගේ ඇදුම් අයන් කරන ගමන්…කොල්ලා නැගිටියි කියලා බලන් හිටියත් කොල්ලා නැගිටින පාටක් නැති හින්දම කෙල්ල කතා කරේ බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා ආයෙ පාරක් බලලා…

කෙල්ල මේ ඇහැරන් ඉන්නේ පාන්දර 5 ඉදන්… උදෙන්ම නැගිටපු කෙල්ල මුලින්ම කරේ වොශ් එකක් දාන් තේජාන් ට කාලා යන්න කියලා තේජාන් ආසම කරන ෆෑන් කේක් හදපු එක…. ඊලගට කිචන් එක අස් කරලා උඩට ඇවිත් තේජාන් ට ලස්සනයි කියලා හිතෙන blue color shirt එකකුයි brown color ඩෙනිමයි අයන් කරන්න ගත්තේ හිතේ තිබ්බ හැම දුකක් ම මොහොතකට අමතක කරලා……

7 ටත් කිට්ටු වෙද්දි කෙල්ල කොල්ලට කතා කරත් කොල්ලා තාමත් කොට්ටෙකුත් තුරුල් කරන් නිදන් ඉද්දි කෙල්ල කොල්ලා ලගට ගියේ මේ වෙද්දි සහස් තුන් හතර පාරක් ම කෝල් කරපු හින්දමයි… කෙල්ල නිදන් ඉන්න කොල්ලා ලගට ගිහින් කොල්ලගේ ඔලුව සීරුවට අත ගෑවේ කොල්ලට ආදරෙන් කතා කරන ගමන්…. කොල්ලා අමාරුවෙන් ඇස් ඇරලා සේයා දිහා බලද්දි කෙල්ලට එක පාරටම හිනා ගියේ තේජාන් මේ යන්න හදන්නේ නිසලි ව හම්බෙන්න නේද කියන දේත් අමතක වෙලා යද්දි…

“ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්නකෝ තේජාන්…බලන්න…දැන් අයියා කී පාරක් කෝල් කරාද…”

කෙල්ල මූනට බොරු තරහක් අරන් කියද්දි කොල්ලා අසරනව කෙල්ල දිහා මොහොතක් බලන් ඉදලා කෙල්ලගේ උකුලෙන් හිස තියා ගත්තේ කෙල්ලගේ පපුව පිච්චිලා යන තරම් වේදනාවක් දැනෙද්දි…

“මන් මහ පවු කාරයෙක් සේයා…පුලුවනම් මට සමාව දීපන්….”

කොල්ල එහෙම කියලා තත්පර දෙක තුනක් එහ් විදිහට ම ඉදලා වොශ් රූම් එකට ගියේ ආයෙත් කෙල්ල දිහා එක පාරක් වත් හැරිලා බලන් නැතුවමයි…සැරින් සැරේ තේජාන් ගේ වචන වලින් තමන් අමාරුවෙන් හදාගත්ත හිත කැඩිලා යද්දි කෙල්ල ඇස් වලට ආව කදුලු පිහිද ගත්තේ රූම් එකෙන් එලියට යන ගමන් මයි…ඉක්මනට පඩිපෙල බැහැලා කිචන් එකට ගිහින් ෆෑන් කේක් 6ක් පිගානට දාගත්ත කෙල්ල තේ එකක් හැදුවේ ඉක්මනට… එක අතකින් තේ එකයි අනිත් අතින් පිගානයි ගත්ත කෙල්ල ආයෙත් රූම් එකට ගියේ මේ වෙද්දි කොල්ලා ඇදගෙනත් ඇති කියලා හිතාගෙන… ඒත් කොල්ලා උන්නේ අල්මාරිය ඇරලා ඒකේ තියන shirt දිහා බලාගෙන….

“තේජාන්…මන් ඔයාට ඇදුමක් අයන් කරා….අර අතන…”

කෙල්ල මීට ටික වෙලාවකට කලින් අයන් කරපු ඇදුම් ටික පෙන්නුවේ කොල්ලා එහ් බවක් දැක්කේ නෑ කියලා හිතාගෙන…ඒත් කොල්ලා දීපු උත්තරේට කෙල්ලට උන් හිටි තැනුත් අමතක වෙලා ගියේ මුලු ඇගම පන නැති වෙලා යද්දි…

“නිසලි blue color කැමති නෑ සේයා… එයා කැමති red color…අනික එයා ආසම නැහැ brown…’

කොල්ලා එහෙම කියලා අල්මාරියේ තිබුන red shirt එකක් අතට අරන් අයන් කරන්න ගත්තේ කෙල්ල ගල් ගැහිලා බලන් ඉද්දි…

“මන් දන්නේ නෑනේ තේජාන්…එයා ආසා පාටවල්…හරි…ඔයා ලෑස්ති වෙන්න…මන් එලියෙන් ඉන්නවා….”

තාමත් ටවල් එක පිටින් ඉන්න කොල්ලා දිහා බලපු කෙල්ල රූම් එකෙන් එලියට ගියේ කොල්ලා හා කියන්න ඔලුව හොල්ලද්දි මයි…

කෙල්ල ට අතේ තිබ්බ තේ එකයි පිගානයි පවා පැත්තකින් තියන්න සිහියක් නොතිබුන හින්දම කෙල්ල රූම් එකෙන් එලියට ගියේ එහ් දෙකත් අතින් අරන් මයි… රූම් එකෙන් එලියට ගියපු කෙල්ල බැල්කනි එක ලගට ගිහින් garden එක දිහා බලන් හිටියේ කොල්ලා ආයෙත් කතා කරනකම්… එහ් විනාඩි ගානට කෙල්ලට තේජාන් එක්ක තිබ්බ හැම මතකයක් ම මතක් වෙන්න ගත්තේ අද එහ් හැම මතකයක් ම මතකයක් විතරක් ම වෙනවා කියන දේ කෙල්ලගේ හිතට වේදනාවෙන් මතක් කරමින්…

” සේයා…පහන්දිගෙන් කෝල් එකක්..”

රූම් එකේ ඉදන් කතා කරන තේජාන් ගේ කටහඩ ඇහෙද්දි කෙල්ල දුවගෙන රූම් එකට ආවේ පහන්දි කියන නම ඇහෙද්දි මෙච්චර වෙලා දුකින් තිබ්බ මූනට හිනාවක් අරන් මයි…

“Speaker දානවා…..”

ෆෝන් එක ආන්වර් නොකර සේයා එනකම් බලන් හිටපු කොල්ලා කිවුවේ කෙල්ල අතට ෆෝන් එක දෙන ගමන්… කෙල්ල හිනාවෙවීම ෆෝන් එක අතට අරන් speaker දැන්මේ ෆෝන් එක ආන්වර් කරපු ගමන් මයි…

“හෙල්ලො….තේජාන් අයියා….අක්කිට ටිකක්…කතා කරන්න පුලුවන් ද……”

පහන්දි කෝල් එක ගත්තේ තේජාන් ගේ නම්බර් එකට නිසාම ආන්සර් කරේ තේජාන් කියලා හිතන් ඉන්න පහන්දි කිවුවේ මවාගත් සන්වර කමකින්…

” අක්කි තමයි මැට්ටි…”

සේයා හිනා වෙවීම කිවුවේ පහන්දි ගේ බ්‍රේක් නැති කට ස්ටාට් වීගෙන ඉද්දි….

“ඕහෝ…දැන් ඉතිම් හරි ගිහින් නෙහ්…අපිව මතක නෑ….මේ මේ ඔයා මොකද මේ අයියගේ ෆෝන් එක අරන් කරන්නේ අහ්… දැන්ම ඉදන් ම අයියව හිර කූඩුවට දැන්මට…පව් දෙයියනේ අයියා…කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්න බැරි වෙයි දැන්…”

පහන්දි කිවුවේ හිනා වෙවීම උනත් පහන්දිගේ එහ් වචන වලට සේයායි තේජානුයි එක පාරම මූනෙන් මුන බලාගත්තේ දෙන්නගෙම මූනු වල විස්තර කරන්න බැරි තරමට ම තේරුම් ගන්න අපහසු හැගීම් ගොඩකින් පිරෙද්දි….

“ම්…ම්…නෑ…මේ කෝ මල්ලි..”

කෙල්ල කියාගන්න දෙයක් හිතා ගන්න බැරි හින්දම කතාව වෙන අට්ජකට හැරෙවුවේ හිත පුදුම විදිහට හයිය කරගෙන….

“එයා වැඩ අක්කි…. අපිට ඉතින් තේජාන් අයියා ට වගේ සල්ලි නෑනේ…මේ ඒක නෙමෙයි…හනිමුන් ගියපු ගමන් අම්මවත් අමතක උනාද…අම්මට කෝල් එකක් දෙනවා…..අම්මට උනු පොරොන්දුව අමතක කරලා…අම්මා ඔහොම හිටියට ඔයානැතුව දුකින් ඉන්නේ අක්කි… මට වඩා ඔයාට ආදරෙයි නෙහ්…මේ සතිය ඔහොම ඉන්නවකෝ…ඊලග සතියේ මස්සිනාවයි මුනසිංහ අන්කල් ගේ අලුත් ලේලි පොඩ්ඩවයි බලලා යන්න එන්නම්කෝ අම්මත් එක්ක….”

පහන්දි හිනා වෙවීම කියද්දි සේයා නිහඩවම ඉදලා තමන් ගේ නංගි ට තමන් ගේ පුංචි වෙනසත් ඉක්මනට තේරුම් යන හින්දම වෙනසක් නොකරම කෙල්ලට සමු දුන්නේ හිතේ තිබ්බ මහ මෙරක් තරම් දුකට උඩින් අහිංසක විදිහට හිනා වෙලා…

නිසලි තේජාන් එකතු කරලා කෙල්ල අදම තේජාන් ගේ ගෙදරින් යන්න හිත හදන් හිටියත් පහන්දි ගේ මේ වචන එක්ක කෙල්ලට දැනුනේ දරාගන්නබැරි තනිකමක්…අම්මගේ තාත්තගේ වගේම තමන් ගේ එකම් නංගිගේ සතුටත් තමන් ඉන්න තත්වේ දැනගත්තම නැති වෙලා යනවා නේද කියලා දැනෙද්දි කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා ගියා… කෙල්ල තේජාන් ව තමන් ට අයිති නැති උනත් තේජාන් ගේ ගෙදර තව ටික දවසක් ඉන්න තේජාන් ගෙන් අවසර ගන්න හිතුවේ අන්තයටම අසරන් වෙල….

“තේජාන්….මන්… තව ටික දවසක් මෙහෙ හිටියට කමක් නැද්ද…ඔයා නිසලි අ අද එක්ක එන්න…මන් පහල රූම් එකේ ඉන්නම්….තේජාන්…මට….එක පාරම අම්මලට මේ දේවල් තේරුම් කරන්න අමාරුයි…අනේ…ටික දවසකට විතරක්…මන්…ඔයාටයි නිසලි ටයි කරදරයක් වෙන්නේ නෑ….”

කෙල්ල අසරන විදිහට තේජාන් දිහා අත් දෙක එකතු කරලා වැදලා කියද්දි කොල්ලගේ ඇස් වලට කදුලු එන්න ගත්තේ කෙල්ල එහ් බැල්ම මග ඇරලා බිම බලාගද්දි මයි…

තේජාන් හෙමීට සේයා ලගට ඇවිත් කෙල්ලගේ නිකටෙන් අල්ලලා තමන්ගේ ඇස් දිහාට හරවගෙන මොහොතක් එහ් ඇස් දිහා බලන් හිටියේ කෙල්ල තේජාන් ගේ ඇස් වලින් ඇස් ඉවතට ගන්න වෙර දරද්දි මයි…ඊලග තත්පරේ කොල්ලා කෙල්ලව තදින් තුරුල් කර ගත්තේ නිහඩවමයි…..

” උබට ඕනි දවසක් හිටපන් මගෙ මැනික…. මන් උබව තනි කරන් නෑ ….”

බිදුනු කටහඩින් කොල්ලා කියද්දි කෙල්ල ඇස් වල කදුලු පුරවන් තේජාන් ගේ පපුවට තුරුල් උනේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුවමයි….

” තේජාන්….වරෙන්…”

එහ් එක්කම කෝල් එකක් ගත්ත සහස් කිවුවේ කොල්ලා හෙලෝ කියන්නත් කලින් මයි… කෙල්ල සහස් ඉස්සරහට නොයන්න තදින් හිතා ගත්තේ තමන් ගේ සහෝදරයෙක් තරමට ම තමන් ට ප්‍රේම කරන සහස් ලගට ගියොත් අමාරුවෙන් පාලනය කරගෙන් ඉන්න මේ දුක සහස් ඉස්සරහා හංගන් ඉන්න බෑ කියලා දන්න නිසාමයි…

“මන් ගිහින් එන්නම් සේයා…”

කොල්ලා කෙල්ලගේ ඔලුව අත ගලා කියද්දි කෙල්ල ඔලුව හෙල්ලුවේ හා කියන්න…

කොල්ලා පහලට යනකම් රූම් එකේ ඉදන් ම බලන් හිටපු කෙල්ල ජනේලය ලගට ගිහින් සහස් ගේ කාර් එක ඈතට යනකම් බලන් හිටියේ අද තේජාන් ආයෙත් කවදාවත් ම ලන් වෙන් නැති තරමට ම තමන්ගෙන් ඈතට යනවානේද කියලා වේදනාවෙන් හිතමින්… මොහොතක් ඇස් වල කදුලු පුරවගෙන නොපෙනී යන කාර් එක දිහා බලන් හිටපු කෙල්ල රූම් එකට එනවත් එක්කම උදේ තේජාන් ට කාලා යන්න කියලා තමන් හදපු ෆෑන් කේක් ටික දිහා බලලා අහිංසක විදිහට හිනා උනේ තේජාන් ගේ මූන ආයේ ආයෙත් හිතේ මැවෙද්දි…

35 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ආදරෙයි යාලුවෝ හැමෝටම… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *