ඇයත් පතිනියකි 37

37_කොටස

” එන්න අයියා…..”

කෙල්ල සහස් ට වගෙම තේජාන් ටත් නිවස තුලට ආරාධනා කරේ හිනා වෙවමයි…සහස් කෙල්ලගේ හැම ඉරියවුවක් වගේම නිවස ගැනත් අවදානෙන් හිටියේ කොල්ලට මේ වෙද්දි ලොකු අමුත්තක් දැනෙමින් තිබුන නිසාමයි…. නිවස ඇතුලට ආවා විතරයි දෙන්නගෙම ඇස් උඩ ගියේ කොච්චර සල්ලි තිබුනත් තේජාන් වත් මේ තරම් ලස්සම ගෙයක් දැකලා තිබුනේ නැති නිසාමයි…දෙන්නම ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ ඉදගන්න පවා අමතක වෙද්දි…

නිසලි ට අක්කා කියලා කතා කරපු මේ කෙල්ල නිසලි ගේ නංගි වෙන්න ඇති කියලා තේජාන් ට වගේම සහස් ටත් හිතුනා..ඒත් නිසලි කැම්පස් එකේදි පවා හිටියේ ගමේ කෙල්ලෙක් වගේමයි… කෙල්ලට english හදා ගන්න පවා ටික දවසක් ගියේ ගමේ english වැඩි පුර use කරන් නැති හින්දමයි… ඒත් නිසලි ගේ නංගි කියලා හිතන මේ කෙල්ල තේජාන් වගේම සහස් එක්කත් වැඩි පුර කතා කරේ english වලින්…

“නිසලිට මට නංගි කෙනෙක් ඉන්නවා කියලා කියන්න අමතක වෙන්න ඇති…නිසලි නංගි ට හොදට උගන්නන්න ඇති…. කෙල්ලත් හොදට ඉගෙනගෙන…..”

තේජාන් කෙල්ල දිහා බලලා නිසලිව සදාරනීකරනය කරමින් හිතුවා….

ඒත් කොල්ලගේ කතාව බිදුනේ කෙල්ලගෙ කටහඩින්…

” It will be a little late in the evening when sister arrives. Come sit down, I will bring something to drink…..”

( ” අක්කි නම් එද්දි ටිකක් හවස් වෙයි…ඔයාලා වාඩි වෙන්නකෝ..මන් බොන්න මොනා හරි හදන් එන්නම්……..” )

කෙල්ල එහෙම කියද්දි තේජාන් නිහඩවම හිස සැලුවේ හා කියන්න…. කෙල්ල යනකම් ඉදලා තේජාන් සහස් දිහා බැලුවේ හැමදාම වගේසහස් සන්සුන් ව මේ හැමදෙයක් දිහාම බලන් ඉද්දි….

” සහස්…..”

” cctv හයි කරලද දන් නෑ…එලියට යනකම් පොඩ්ඩක් කට වහගෙන හිටපන්….”

සහස් තේජාන් ට රවලම අහක බලාගත්තේ තේජාන් වේදනාවෙන්ම බිම බලා ගද්දි…

තවත් විනාඩි කීපයක් එහ් විදිහටම ගෙවිලා ගියේ සහස් වගේම තේජානුත් නිහඩවම කල්පනා ලෝකෙකට යද්දි…ඒත් නිසලි ගේ නංගිගේ කටහඩ නිසා දෙන්නම ගැස්සිලා ආයෙත් මේ ලෝකෙට ආවේ මවාගත්ත හිනාවක් එක්කමයි…

කෙල්ල අතේ තිබ්බ cool drinks දෙක තේජාන් ට වගේම සහස් ටත් දීලා ලගින් තිබුන පුටුවක වාඩි උනේ මූනේ තිබ්බ හිනාව එහ් විදිහටම තියාගෙන….

” My sister has told me a lot about her friends in the university, I can remember sanka, my sister used to talk about him. Anyway why do you want to meet my sister.anything urgent?…”

( ” අක්කි මට කැම්පස් එකේ යාලුවෝ ගොඩක් ගැන කියලා තියනවා…මට මතකයි සංක කියලා කෙනෙක් ගැනත් කිවුවා…ඉතිම්….මොකද හදිස්සියේ අක්කිව මතක් වෙලා….” )

කෙල්ල එහෙම අහද්දි තේජාන් ගේ කටහඩ වෙවුලන්න ගත්තයින් කෙල්ල ඇහුව දේට උත්තර දුන්නේ සහස්…..

” No, there’s nothing urgent.i came for another work and heard your home is nearby. So I just wanted to see you all too……soo what does nisali do now….”

( “මේ ලගකට ආව ගමන් නිසලි ඉන්නේ මේ ලග කිවුව හින්දා ඇවිත් බලලා යන්න හිතුනා…දැන් නිසලි මොකද කරන්නේ…” )

සහස් ඇහුවේ නිසලි ගේ විස්තර දැනගන්න උවමනාවෙන් නමුත් එහ් බවක් කෙල්ලට අගවන් නැතුවමයි…

සහස් ගේ එහ් ප්‍රශ්නේ එක්ක කෙල්ලගේ මූනට ආවේ ආඩම්බර හිනාවක්…

” Sister is still working at the little angel pvt ltd…as the manager. There is only a little work there. Usually she just goes to office once a week to check how things are going. She also works at brands 1st pvt Ltd…..”

( ” අක්කි තමයි little angel pvt එකේ මැනේජර්…. එයාට ඉතින් එච්චර වැඩක් නැ… සතියකට සැරයක් විතර ඔෆිස් එකට ගිහින් බලලා එනවා…එයා brands 1st pvt.ltd එකෙත් වැඩ කරනවා….” )

කෙල්ල කිවුව දේට මෙච්චර වෙලා අවුලින් හිටපු තේජාන් ගැස්සිලා ගියේ තමන් ගේ company එකේ නම කියද්දි මයි…

” brands 1st pvt ltd ? “

කොල්ලට කිය වුනේ ඉබේමයි….

” Yes,there is that businessman called Mr munasinha. He has a company. Its a wonder if you dont know him, he the king of business here…..”

( “ඔව් අර මිස්ටර් මුනසිංහ කියන බිස්නස්මන් ඉන්නේ…. එයාගේ company එකක් තියෙන්නේ..ඔයා දන්නේ නැත්නම් පුදුමයි…එයා බිස්නස් වල king වගේනේ…ගොඩක් ෆ්‍රේමස් නෙහ්….” )

කෙල්ල කිවුවේ කටත් උල් කරන් ආඩම්බර කටහඩින්…කොල්ලා එක පාරම ගැස්සිලා සහස් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්…ඒත් සහස් තමන් ගේ එක ඇගිල්ලක් මුවට තියාගෙන තේජාන් ට මොකුත් ම කියන්න එපා කියලා අගවපු නිසාම සහස් එහෙම කරන්නේ මොකක් හරි හේතුවක් හින්දා කියලා දන්න කොල්ල බොහොම අමාරුවෙන් තමන් ගේ හිතේ තියන නොසන්සුන්කම යටපත් කරගෙන වචන මිමිනුවේ බිම බලාගෙන මයි….

” When did he start working there….”

( ” කවදා ඉදන් ද එයා එහෙ වැඩ කරන්නේ…” )

තේජාන් ඇහුවේ බිදුනු කටහඩින් උනත් කෙල්ලට ඒක ගානක් උනේ නෑ… ඒත් කෙල්ල දීපු උත්තරේටනම් කොල්ලගේ මුලු ඇගම පන නැති වෙලා ගියා…

” For nearly 2 years now. Do you know aloka brother in your university? He is my sisters best friend. He came to our house yesterday.my sister and aloka, they both work in the same company….”

( ” දැන් 2 years වගේ ඉදන්….අලෝක අයියා දන්නවද…ඔයාලගේ කැම්පස් එකේම… එයා අක්කිගේ best frnd…ඊයේ ගෙදරත් ආවා…එයාත් එහ් campany එකේමනෙහ් වැඩ…..” )

කෙල්ල දීපු උත්තරෙන් කොල්ලා දෝතින්ම ඔලුව බදාගත්තේ දරාගන්න බැරි ලොකු වේදනාවක් දැනෙද්දි මයි…අලෝක කියන්නේ තමන්ගේ තාත්තා අවුරුදු ගානක් මහන්සියෙන් හම්බ කරපු හැම සතයක් ම හොරකම් කරපු එහ් තිරිසන්නු තුන් දෙනාගෙන් එක්කෙනෙක්…නිසලි අලෝක එක්ක contact තියනවා කිවුවම වගේම තමන්ගෙම කම්පැනි එකේ තමන්ටත් රහසෙම වැඩ කරනවා කිවුවම කොල්ලගේ ඔලුව විකාර වෙලා ගියා….කොල්ලා කොල්ලගේ හිතින්ම ප්‍රශ්න කෝටියක් අහන්න පටන් ගත්තේ කොල්ලා දැන් ඉන්නේ නිසලි ගේ නංගි ඉන්න තැන කියලත් අමතක වෙලා යද්දි…

” දෙයියනේ…එතකොට නිසලි…නිසලි ද අරුන් තුන් දෙනාට උදවු කරේ…ඔව් නිසලි විතරයි එහ් හැමදේම දැනන් හිටියේ…ඒත් ඇයි දෙයියනේ නිසලි ඔයා මට මෙහෙම කරේ…මගෙ තාත්තාට ඉන්නේ මන් විතරනේ මැනික…ඉතින් මේ හැමදේම මට අයිති වෙලා තියනවා කියන්නේ ඒහ් දේවල් ඔයාගේ කියන එක නේද…ඇයි දෙයියනේ මෙහෙම කරේ..ඔයාට ඕනි උනේ සල්ලි ද…ඒත් මාව මැරි කරන්න හිටපු ඔයාට මගෙ සල්ලි හොරකම් කරන්න උවමනාවක් නෑ නිසලි…මට හිතා ගන්න බෑ දෙයියනේ..මන් මටත් වඩා විශ්වාස කරා ඔයාව…”

කොල්ලා තමන් ටම කියාගෙන ආයෙත් තමන් ගේ හිස දෝතින්ම අල්ල ගත්තේ සහස් කලබලෙන් කෙල්ල දිහා බලද්දි මයි….එහ් තේජාන් ගේ වෙනසක් කෙල්ලට තේරෙයි කියලා බය හිතුන නිසාමයි…

ඒත් තේජාන් ගේ නිහඩතාවය එක්ක කෙල්ල හිතුවේ කොල්ලට යන්න පරක්කු වෙන හින්දා එහෙම හැසිරෙනවා කියලා…

” Is it getting late for you? Wait let me call my sister and let her know that you are here…..”

( “ඔයාලට ලේට් වෙනවා නේද…ඉන්නකෝ මන් අක්කිට කෝල් කරන්න..” )

කෙල්ල කිවුවේ සුහදව හිනා වෙලා….ඒත් කෙල්ල කිව්ව දෙයක් වත් තේජාන් ට ඇහුනේ නෑ…එහ් තරමට කොල්ලා අවුල් වෙලා හිටියේ..එහ් හින්දම කෙල්ල කියපු දේට උත්තර දුන්නේ සහස්….

” No, don’t disturb her. We will come to see here another day. Tell her that we came by to see her….”

( “එපා…අපි එහෙනම් පස්සේ දවසක එන්නම්..අපි ඇවිත් ගියා කියන්නකෝ…” )

සහස් සුහදව කියලා තේජාන් ගේ අත්කින් අල්ලගෙන ඉක්මනට ගේ ඇතුලෙන් එලියට ආවේ කොල්ලගේ මේ වෙනස කෙල්ලට දැනෙයි කියලා බයෙන් මයි… ඊලගට කෙල්ලට සමුදීලා ඉක්මනට කාර් එකට නැගලා කොල්ලවත් කාර් එකට නැංගුවේ ඉක්මනට…. සහස් තේජාන් ට වචනයක් වත් නොකියම කාර් එක ටික දුරක් වේගෙන් drive කරලා නිදහස් තැනක් බලලා කාර් එක නැවැත්තුවේ බලාගත්තු අතම බලන් ඉන්න තේජාන් දිහා අනුකම්පාවෙන් බලලා…

” මචන්..
ප්ලිස්…දැන් උබ ඔක්කොම අහ ගත්තනෙහ්…දැන්වත් ඒකිව….”

“නෑ සහස්…නිසලි ට එහෙම කරන්න බෑ…එයාට සල්ලි ඕනි උනානම් මාව මැරි කරහම සල්ලි වලින් බාගයක් නෙමෙයි ඔක්කොම හම්බෙනවනේ…මෙහෙම අරුන් තුන් දෙනා එක්ක එකතු වෙලා ගේම් ගහන්න ඕනි නෑනේ… “

තේජාන් අසරන විදිහට සහස් දිහා බලන් කියද්දි සහසුත් එහ් දේ අනුමත කරේ මොනා උනත් තේජාන් කියන කතාවේ ඇත්තක් තියන හින්ද මයි…

” අපි තව ටිකක්හොයලා බලමු මචන්..”

සහස් කොල්ලගේ හිත හදන අරමුණෙන් කිවුවත් කොල්ලා පිස්සෙක් වගේ ශීට් එකේ ඔලුව ගහා ගත්තේ අඩ අඩ මයි…

” මන් අවුරුදු දෙකක් පිස්සෙල් වගේ විදෙවුවා…ඒකි ෆුල් හැපී එකේ ඉදලා…උබ දැක්ක ද functions වලදි ගත්ත ෆොටෝ ගොඩ..ගේ හැම තැනම එල්ලලා තිබ්බේ… “

තේජාන් පිස්සෙක් වගේ කියද්දි සහස් කොල්ලගේ පිටට තට්ටු කරෙ කිසිත් නොකියමයි…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

පැය තුනක වගේ ගමනකින් පස්සේ තේජාන් ලගේ ගෙදරට ඇතුල්වෙන පාරට කාර් එක දාද්දි මෙච්චර වෙලා නිහඩව හිටපු තේජාන් සහස් ට කතා කරේ වේදනාවෙන් මයි..

“මචන්…මාව ඔතනින් දාපන්…මන් ය්න්නම්…”

” උබට පිස්සුද..දැන් 8 ටත් කිට්ටුයි…අර කෙල්ල තනියම ගෙදර…අනික මෙච්චර දුරක් ආව එකේ මන් උබව ගෙදරටම දාන්නම්….”

සහස් දැඩි ස්වරයෙන් කියද්දි තේජාම් සහස් ගේ අවසරයකින් තොරවම කාර් එකෙන් බැස්සේ සහස් කොල්ලා දිහා පුදුමයෙන් බලන් ඉද්දි…

” මන් දන්නවා සේයා තනියම…මන් ඉක්මනට යන්නම්…උබත් පරිස්සමින්…”

එහෙම කියපු කොල්ලා පාර දිගේ ඇවිදන් යන්න ගියේ සහස් කොල්ලා යන දිහා පුදුමයෙන් බලන් ඉද්දි මයි….

තේජාන් නොපෙනෙන්න යනකම්ම බලන් හිටපු සහස් කාර් එක ස්ටාට් කර ගත්තේ හිත් වේදනාවෙන් මයි….

38 කොටසින් හමුවෙමු….

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ආදරෙයි..

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *