ඇයත් පතිනියකි 39

39_කොටස

පහුවදා උදේ කෙල්ල ඇහැරුනේ කලින් දවසේ අඩලා අඩලා ඔලුවට දැනුන වේදනාව සම්පූර්ණයෙන් ම නැති වෙලා කවදාවත් නැති තරම් සතුටකින්…ජනෙලයෙන් වැටුන ඉර එලිය හින්දම කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියේ එහ් දිහා එක පාරක් විතරක් බලලා…කෙල්ල නැගිටින්න හැදුවත් තාමත් තමන් ගේ නිරුවත් පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න තේජාන් ව දකිද්දි ඊයේ රෑ උන හැම සිදුවීමක් ම මතක් වෙල කෙල්ල්ගේ මූන ලැජ්ජාවෙන් රතු වෙලා ගියා…කෙල්ල හෙමිට තේජාන් ට ඇහෙරෙන් නැති වෙන්න තේජාගේ ඔලුව සීරුවට අත ගාන්න ගත්තේ තේජාන් ගේ දගකාරකම් නිසාම එහ් ආදරනීය සිප ගැනීම් නිසා තමන් ගේ ඇගෙ රිදෙමින් තිබුන තැන් වල වේදනාව සතුටින් ම විදින ගමන්….

තත්පර කීපයක් තේජාන් දිහා එහ් විදිහට ම බලන් හිටපු කෙල්ල කොල්ලව තමන් ගේ තුරුලෙන් හෙමීට ඈත් කරලා නැගිටින්න හැදුවත් ඊලග තත්පරේ උනේ කෙල්ල හිතුවෙවත් නැති දෙයක්….

“යන්න එපා….”

නැගිටින්න හදපු කෙල්ලට යන්න ඕනි තව තවත් එහ් උනුහුම හොයමින් තේජාන් කියද්දි කෙල්ල හිනා වෙවීම කොල්ලගේ ඔලුව අත ගාන්න ගත්තේ කෙල්ලටත් එහ් තුරුලෙන් මිදෙන්න ලෝබ හිතුන නිසාමයි….

ඒත් ඊලග තත්පරේ තේජාන් ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තයින් කොල්ලා අමාරුවෙන් ඇස් දෙක අරින් නැතුවම ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තේ හිතේ හෝදිසියට සද්දේ ඇහෙන දිහාවට අත යවලා….

“මහා කම්මැලියෙක්… ෆෝන් එක ගන්නවත් ඇස් දෙක අරින් නෑ….”

ෆෝන් එක ආන්සර් කරලත් වචනයක් වත් කතා නොකර තාමත් ඇස් දෙක පියන් ඉන්න කොල්ලා දිහා බලලා කෙල්ල හිතුවේ හිනා වෙවීමයි….

“මන්…පස්සේ ගන්නම්…මිස්ටර්….මන් දැන් ලොකු වැඩක ඉන්නේ….”

නිදිමත නිසා හෝ ඊයේ හොදටම බීපු අමාරුව නිසා ද මන් දා තේජාන් දාහකගෙන් ගුටි කෑවා වගේ පාට් එකකින් කියලා ඉක්මනට ෆෝන් එක තියලා ආයෙත් ඇස් දෙක පියා ගද්දි මෙච්චර වෙලා හිනාව නවත්තගෙන හිටපු කෙල්ලට මහා හයියෙන් හිනා ගියේ කොල්ලා ගැස්සිලා ඇහැරෙද්දි මයි…

කොල්ලා සුපුරුදු විදිහට කෙල්ල දිහා රවලා බැලුවත් දැක්ක දසුන නිසා කොල්ලට උන් හිටි තැනුත් අමතක වෙලා ගියා….

“ඔ…..යා…ම…න්……”

කොල්ලා එක පාරටම විදුලි වේගයෙන් නැගිටලා කෙල්ලගේ නිරුවත් සිරුර දිහා බැලුවේ වචනයෙන් කියන්න බැරි තරමට ම මොහොතින් මොහොත එහ් මූනේ ඉරියවු වෙනස් වෙලා යද්දි මයි….

මොහොතක් ගල් ගැහිලා බලන් හිටපු කොල්ලා ඊලග තත්පරේ කෙල්ල දිහා රවලා බැලුවේ ඊයේ රෑ උන කිසිම දෙයක් කොල්ලට තාමත් මතකයට ඇවිත් නොතිබුන හින්ද මයි…. කොල්ලා ඊයේ හොදටම බිවුවා කියන දේ විතරක් කොල්ලට මතක තිබ්බත් අනිත් කිසි දෙයක් හරියට මතක තිබුනෙ නැහැ…

” ඊයේ රෑ මොකද උනේ….කතා කරනවා සේයා….”

ඊලග තත්පරේ කොල්ලා ඈ දෙකත් රතු කරන් කෙල්ලා දිහාට හැරිලා අහද්දි කෙල්ල වෙවුලන්න ගත්තේ වචන පවා ගොලු වෙලා යද්දි…

“කියපන්…මොකද උනේ….”

කොල්ලා නිහඩව ඉන්න සේයා දිහා බලලා කලින්ටත් වඩා තරහින් ඇහුවේ කෙල්ල අමාරුවෙන් වචන ගලපන්න හදද්දි මයි….

” ඊ…යේ රෑ ඔ…යා…බීලා…ආවා…තේ..ජා…න්….ඇ..යි…ඔ..යා…ට……ම…ත…ක…නැ…ද්…ද…..”

කෙල්ල වෙවුලන කටහඩින් අහද්දි කොල්ලා අඩියට දෙකට කෙල්ල ලගට ආවේ කෙල්ලගේ පපුව බයටම වේගෙන් ගැහෙද්දි….

” මන් අහන්නේ ඊට පස්සේ…”

කොල්ලා තියුනු බැල්මක් හෙලලා කෙල්ලගෙන් අහද්දි කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනේ ඊයේ රැ උන කිසි දෙයක් තේජාන් ට මතක නෑ කියලා දැනෙද්දි මයි…

“හැ..ම…දේ…ම….”

කෙල්ල බිම බලාගෙන ඇස් දෙකේ කදුලු පුරවන් කියද්දි ඊයේ රෑ උන හැමදේම කොල්ලට ටිකෙන් ටික මතක් වෙන්න ගත්තේ කොල්ල බීලා හිටියත් හිටියේ අඩ්සිහියෙන් නිසාමයි…

” එතකොට ..මන්…”

කොල්ලා වෙවුලන කටහඩින් මුනුනලා සුදු රෙද්දක් එලලා තිබුන ඇද දිහ බැලුවේ ඇස් වල කදුලු පුරවන්… ඒත් එහ් මත කිසි දෙයක් නැති උනාම කොල්ලා කවදාවත් නැති තියුනු බැල්මකින් කෙල්ල දිහ බැලුවේ කෙල්ල එහ් බැල්මට බය වෙලා වෙනතක් බලා ගද්දි මයි…

කෙල්ල හිතන්නත් කලින් ම කෙල්ලගේ කම්මුලට රත් වෙන්න තරම් පහරක් ගැසූ තේජාන් කෙල්ල දිහා බැලුවේ පිලිකුලෙන්…

” උබ මට කිවුවේ කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ කියලා නේද…මන් උබගේ පලවෙනි ආදරේ කියලා නේද…කතා කරපන් සේයා…එහෙනම් කොහොමද මෙහෙම උනේ… උබගේ අතින් කොල්ලෙක් අල්ලලාවත් නෑ කිවුවා නේද මට…උබ..මන් ඉස්සරහා මේ තරම් රගපෑමක්…අර අහිංසකී ගැන හිතන හැම තත්පරේම මන් මටම බැන ගත්තා මන් උබට දුක් දෙනවා කියලා….උබ නොදන්නවා උනාට මන් උබට ආදරේ කරා යකෝ මගෙ පනටත් වඩා….මට දුක උබ මේක නැති කරගත්ත එකට නෙමෙයි…අහිංසකයි වගේ රගපාලා මාව රවට්ටන්න හදපු එකට…උබ මට ඇත්ත කිවුවා නම් මන් උබට සමාව දෙනවා….ඒත් උබ…උබ හැදුවේ මාව රවට්ටන්න….උබට මේ තෙජාන් ගෙන් කවදාවත් සමාවක් නෑ….”

කෙල්ල දිහාට දබර ඇගිල්ල දිග් කරලා තර්ජනය කරමින් තේජාන් කියද්දි කෙල්ල තමන් ගේ රිදෙමින් තිබුන පපුව එක අතකින් අල්ලා ගත්තේ එහ් තරම් වේදනාවක් කවදාවත් දැනිලා නැති හින්ද මයි….

” උබ ආයෙත් රග පානවද #$%&# “

මේ වෙනකම් කෙල්ල එක්ක කොච්චර රන්ඩු උනත් නරක වචනයක් වත් කියලා නැති කොල්ලා ගෑනියකට නින්දා කරන උපරිම වචනේ කියලා බනිද්දි කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා යන්න ආවායෙන් කෙල්ල එහෙම්මම මොහොතක් තේජාන් දිහා බලන් හිටියේ ඇස් වල කදුලු පවා දුක වැඩි කමටම නතර වෙලා යද්දි..

තමන් මේ ලෝකේ ආදරේ කරන එකම පිරිමියා අතින් මේ තරම් නින්දා විදිද්දි කෙල්ලට තමන්වම එපා වෙලා ගියේ මේ වෙනකම් තේජාන් ට ඇරෙන්න මේ ලෝකේ කිසිම පිරිමියෙකුට හිතින් වත් ලන් වෙලා නොතිබුන නිසාමයි…තේජාන් ගේ මේ වචන හිතේ දෝන්කාර දෙන්න ගද්දි කෙල්ල එහෙම්මම නැගිටලා සුදු බෙඩ් ශීට් එක වැහිලා තිබ්බ තේජාන් ගේ බෙඩ් ශීට් එක අයින් කරේ තමන් පිරිසුදුයි කියලා තේජාන් ඉදිරියේ ඔප්පු කරන්න තමන් ට තියෙන එක ශාක්ශිය තේජාන් ඉදිරියේ පෙන්නමින්…

කොල්ලාගේ මුලු හිතම මොහොතකට නතර උනා වගේ දැනුනේ ගල් ගැහිලා එහ් දිහාම බලන් ඉද්දි….තමන් වෙනුවෙන් ම පේ වෙලා තමන් ට ප්‍රාණ සමව ආදරෙ කරන එහ් අහිංසකී ට තමන් කතා කරපු විදිහ මතක් වෙලා කොල්ලගේ මුලු ගතම පන නැති වෙලා ගියේ සේයා හැගීම විරහිතවම කොල්ලා දිහාම බලන් ඉද්දි..

කෙල්ලගේ සමාව ඉල්ලන්න බැරි තරමට ම තමන් කරපු වැරැද්ද බරපතකයි කියලා කොල්ලට තේරෙද්දි කොල්ලා අසරනව ඇස් දෙකේ කදුලු පුරවගත්තේ වෙනදට තේජාන් ගේ කදුලක් ඉදිරියේ උනු වෙන සේයා ගේ හිත අත වෙනතක බලා ගද්දි මයි….

කොල්ලගේ වචන පවා ගොලු වෙලා තිබ්බත් කොල්ලා අමාරුවෙන් කෙල්ලගේ නම මිමිනුවේ කෙල්ල වියරු හිනාවක් මූමට අරන් තේජාන් ව ප්‍රතික්ශේප කරද්දි මයි….

” සේ….යා….”

“ඇති තේජාන්…..ඔව්….මමයි වැරදි….දැන දැනත් මගෙ මිනිහා වෙන ගෑනියෙක් ට ලවු කියලා මන් උබව කසාද බැන්දා….දැන දැනත් උබව නැතුව මට ඉන්න බෑ කියල උබගේ සතුට ගැන හිතලා උබව උබ ආදරේ කරන කෙල්ලට දෙන්න් හදපු මමයි වැරදි තේජාන්…බීලා අඩාගෙන ඇවිත් වෙන ගෑනියක් ගැන කියද්දි උබව මගෙ තුරුලට ම අරන් උබගේ හිත හදපු මමයි වැරදි තේජාන්….ජිවිතේට උබගෙන් මගෙ අයිතිය ඉල්ලන් නැතුව හිටපු මන් උබගෙන් එකම එක පාරක් මගෙ අයිතිය ඉල්ලලා එහ් අයිතිය දීලා උබගේ පන ලගටත් යන්න කියලා මන් ආත්මෙයෙන් ම උබගේ උන එකයි වැරදි තේජාන්…. එහ් ඔක්කොම කරලත් අන්තිමට උබගෙන් මන් $$&##% කියලත් අහගන්න උනා…ඔව්…මමයි වැරදි…උබට ආදරේ කරපු එකයි මන්කරපු ලොකුම වැරැද්ද…”

කෙල්ල අඩ අඩ ම උනත් ඇස් දෙකත් රතු කරන් තේජාන් දිහා බැලුවේ තේජාන් පන රහිත පුද්ගලයෙක් වගේ ඇදට වත්තම් වෙද්දි මයි….

” සේයා…මන්….”

” ෂ්…ෂ්…අදින් පස්සේ මගෙ ජීවිතේ තේජාන් කියලා කෙනෙක් නෑ…. මන් උබව ඉක්මනටම නිසලු ට දීලා මේ හැමදේම අත ඇරලා යනවා ආඋඑත් නොයෙන්නම….එහ් දවස වෙනකම් මට මගෙ පාඩුවේ ඉන්න දීපන්…උබ වෙනු ගෑනු ගැන හිතලා දුක් වෙද්දි උබව තුරුල් කරන් උබගේ හිත හදපු සේයා අදින් පස්සේ මැරිලා ඉවරයි…දැන් ඉන්නේ ආදරේ කියන හැගීමටත් වෛර කරන ගෑනියෙක් විතරයි….. “

එහෙම කියපු කෙල්ල තේජාන් වචනයක් කියන්නත් කලින් ඇදුමක් දාගෙන තරහින් ම පහලට ගියේ කොල්ලා දෝතින් ම ඔලුව බදාගද්දී මයි….

40 කොටසින් හමුවෙමු…..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *