ඇයත් පතිනියකි 43

43_කොටස

වෙලාව හරියට ම උදේ 6.30 යි…කෙල්ල ඇහැරුනේ කෙල්ලගේ කම්මුලෙන් දැනුන සීතල ත් එක්ක…කෙල්ල එක පාරට ඇස් ඇරලා බැලුවේ නිදිමතත් අමතක වෙලා යද්දි….ඒත් කෙල්ල ලග ඉන්නේ තේජාන් කියලා දකිද්දි කෙල්ල සැනසුම් සුසුමක් හෙලලා කොල්ලා දිහා ආයෙත් බැලුවේ හිත සන්සුන් වෙද්දි…

කොල්ලා උන්නේ කෙල්ලගේ මූන දිහා බලාගෙන…කෙල්ලගේ මූනේ තියන අහිංසක කමට ලෝබ හිතුන නිසාම කොල්ල තමන් ගේ සීතල අත් වලින් කෙල්ලගේ කම්මුලක් සීරුවට අත ගෑවේ කෙල්ල ව ඇහැරවන්න හිතාගෙන නෙමෙයි….කෙල්ලගේ නින්ද කැඩෙද්දි කොල්ලට දුක හිතුනත් කෙල්ල බය උන හැටි දකිද්දි නම් කොල්ල ට හිනා ගියේ ඉබේ මයි…

” මොකද අහ්…ඔච්චර ගැස්සෙන්නේ..කතාවනම් ගමකට ගහන්න…”

කොල්ලා හිනා වෙවීම කියලා අමාරුවෙන් නැගිට්ටේ ඊයේ වීදුරු කටු වලට කැපුන කකුල් දෙක රිදෙන්න ගත්තයින්….කෙල්ල නැගිටින්න කලින් ම වොශ් එකක් දාගෙන රූම් එකට ආව කොල්ලගේ ඇස් නැවතුනේ පොඩි ලමයෙක් වගේ නිදන් ඉන්න කෙල්ල ලග….

” අනේ තේජාන්…ඔයාගේ කකුල…රිදෙනවද…”

කොල්ලා අමාරුවෙන් නැගිටපු නිසාම කෙල්ල ඇස් වල කදුලු පුරවන් කොල්ලගෙන් ඇහුවේ කොල්ල ඇස් වලින් පවා කෙල්ල දිහා බලලා හිනා වෙද්දි…

” මේක චූටි තුවාලයක්….කෝ වොශ් එකක් දාගන්න..ඔෆිස් එකට යන්න ඕනි කිවුවා නේද…යන ගමන් කෑම ගමු….”

කොල්ලා එහෙම කියලා කන්නාඩිය ලගට ගියේ තමන් ගේ අවුල් වෙලා තිබ්බ හිසකෙස් අතින් හදන ගමන්…කෙල්ල ඉක්මනටම වොශ් එකක් දාගන්නවා කියලා හිතාගෙන වොශ් රූම් එකට ගියත් වතුර වැටෙද්දි කෙල්ලගේ යටි පතුලේ තුවාල රිදෙන්න ගත්තයින් කෙල්ලගේ ඇස් වලට කදුලු ආවේ තමන් ගේ වේදනාවටත් වඩා තේජාන් ට කොච්චර රිදෙන්න ඇතිද කියලා හිතද්දි…

” මට බොරු කිවුවා රිදෙන් නැහැ කියලා….”

කෙල්ල තමන් ටම කියාගෙන ඉක්මනට රූම් එකට ආවේ විනාඩි පහක් වගේ කාලයක් ඇතුලත වොශ් දාගෙන…..කෙල්ල රූම් එකට එද්දි කොල්ලා ලෑස්ති වෙලා හිටපු නිසාම කෙල්ල ඉක්මනට සාරි එකක් තෝරන්න ගත්තේ විනාඩියක් වත් පරක්කු වෙන්න නොදී….

” ඔය yellow සාරි එක අදිනවා…ඒක තමුසෙට ලස්සනයි…”

තේජාන් කිවුවේ අල්මාරියේ අයිනෙම තිබුන සාරි එක අතින් පෙන්නලා….

” ත..මු…සේ…”

කෙල්ල මූනත් දෙක කරන් කොල්ලා දිහා බලන් කිවුවේ කොල්ලා ඇයි අහන්න වගේ කෙල්ලා දිහා බලන් ඉද්දි මයි…

” රෑට විතර ද රොමෑන්ටික් වෙන්නේ….අනිත් වෙලාවට මන් තමුසෙ ද…හ්ම්….”

කෙල්ල කිවුවේ කොල්ලගේ ඇස් දිහා බලාගෙනම උනත් කලකිරීමෙන්…

” සො…රි…සේ…යා… මට ඉබේම කියවුනා…අනික…මන්…..”

” ඇති…. ඕනි එකක් කියා ගන්නවා…මට මොකද….”

කෙල්ල කොල්ලගේ කතාව නවත්තලා තරහින් කියලා සාරි එක අදින්න ගත්තේ තාමත් තමන් දිහා බලන් ඉන්න කොල්ලා දිහා රවලා බලලා….

” අද රූම් එකෙන් යන්න කියන් නැද්ද…”

කොල්ලා කට කොනකින් හිනා වෙලා අහද්දි කෙල්ල කොල්ලට රවලම කතාව පටන් ගත්තේ කොල්ලා ආසම කරන කෙල්ලගේ එහ් නපුරු ඇක්ශන් මූනට ආරූඩ වෙද්දි මයි…

“යනවා ඉතිම්…මොකද ඔතන අහ්…අනික මට අයිස් ක්‍රීම් අරන් ඕනී…උදේ කියලා අරන් දෙන්න බෑ කිවුවොත් අන්කල් ට කියනවා…”

කෙල්ල මුල්ම වචන ටික තරහින් කිවුවත් අන්තිම වචන ටික කිවුවේ රූම් එකේ තිබ්බ ෆෝන් එක දිහා බලලා…

” තාම 10ට වත් නෑ…මේ උදේ පාන්දර…තමුසෙට පිස්සු ද අහ්…ලෑස්‍ති වෙලා එනවා…මන් කාර් එකේ ඉන්නම්..”

කොල්ලා කෙල්ලට රවලා කියලා රූම් එකෙන් එලියට ගියේ කෙල්ල මූනත් දෙක කරන් කොල්ලා දිහා බලන් ඉද්දි මයි..

” හැම රුම් එකේම ඇදුම් තියෙනෝ ද..ඊයේ රූම් එක පිස්සන් කොටුවක් කරා…අද ඇදුම ගත්තේ එතකොට අර අල්මාරි එකෙන් ද..ඔව් නෙහ්…ඊයේ මට key එක හොයා ගන්න බැරි උනේ මේ අල්මාරියේ තමයි….”

තාමත් ඇරලා දාලා තිබුන තේජාන් ගේ ඇදුම් තිබුන අල්මාරිය දිහා බලලා කෙල්ල තමන් ට ම කියා ගත්තේ ආයෙත් සාරිය අදින්න පටන් ගන්න ගමන් මයි….

සාරි එක ඇදලා කොන්ඩේ ගෙඩියක් බැදලා hand bag එක අතට ගත්ත කෙල්ල වෙනදට වඩා තද පාට lips tick එකක් ගාන්න ගත්තේ මොකක්දෝ හේතුවකට අද ටිකක් ලස්සනට යන්න ඕනි කියලා කෙල්ල ට හිතුන නිසා මයි…..

වෙනදට චාම් විදිහට ගියත් අද මේකප් එක ටිකක් වැඩිපුර දැන්ම ත් කෙල්ලගේ චාම් කම නම් එහ් විදිහට ම තිබුනා..වෙනසකට කියලා තිබ්බේ කෙල්ල වෙනදට වඩා අද ලස්සනට පෙනුන එක…. කෙල්ල කන්නාඩියෙන් තමන් දිහා බලලා තමන් ටම ඇහැක් ගහගෙන මිදුලට දිවුවේ කොල්ලා හෝන් කරන සද්දේ ඇහුන නිසා..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

” සේයා….බඩගිනි යි ද ම්ම්ම්…. අද ටිකක් ලේට්…අපි ඔෆිස් එකේ කැන්ටීන් එකෙන් ම කමු ද…”

කොල්ලා කෙල්ල දිහා බලලා හිනා වෙලා අහද්දි කෙල්ල ගේ මූනනම් අදුරු වෙලා යන්න වැඩි වෙලා ගියේ නෑ….

“ඇයි මොකද…”

කොල්ලා ඇහුවේ කෙල්ලගේ මූනේ ඉරියවු වෙනස් වෙනවා හොදටම දැක්ක නිසා…ඒත් කෙල්ල දීපු උත්තරේ ට නම් කොල්ල ට තරහාගියා….

” එහෙ අයිස් ක්‍රීම් තියෙයි ද…”

කෙල්ල කොල්ලගේ ඇස් මග ඇරලා බිම බලාගෙන හිමින් ඇහුවත් කොල්ලා උත්තරයක් නොදීම කාර් එකේ වේගේ වැඩි කරේ කෙල්ල මූනත් දෙක කරන් ග්ලාස් එකෙන් එලිය බලා ගද්දි මයි….

” බහිනවා….”

විනාඩි 15ක ගමනකින් පසුව කොල්ලා කිවුවේ මේ තරම් වෙලා තිබුන නිහඩ බව බිදිමින්…

කෙල්ල මොකුත් නොකියම කාර් එකෙන් බැස්සේ බිම බලාගෙනම මයි…කෙල්ලගේ මූනේ අහිංසක පාටක් තිබුනත් කෙල්ල උන්නේ කොල්ලට හොදටම හිතින් බනින ගමන්…

” එනවා….ලේට් වෙලා හොදටම….”

” තේජාන්…එහ් කියන්නේ ඔයා මට අරන් දෙන්නේ නෑ නේද..”

කෙල්ල අන්තිම වතාවට කොල්ලා දිහා බලලා ඇහුවේ කෙල්ලගේ හිතේ කෙල්ල ආසම කරන චොකලට් අයිස් ක්‍රීම් මැවෙද්දි…

” හවස අරන් දෙන්නම්…දැන් එනවා…උදේ පාන්දර ඕවා කාලා ලෙඩ උනාම..තමුසෙටනම් මොකද..මම නෙහ් ඊට පස්සේ….නෑ ඕන් නෑ…තමුසේ ට තේරෙන් නෑ….”

කොල්ලා කියන්න ගියපු වචන ටික හිතින් ගිලගෙන කෙල්ලගේ අතින් බලෙන් ම අල්ලගෙන කැන්ටීන් එක පැත්තට ගියේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් වටේ ඉන්න මිනිස්සු දිහා බලන් ඉද්දි….

කොල්ලා මේ ඔෆිස් එකේ කැන්ටීන් එකට එන දෙවෙනි පාර… කොල්ලා දිහා හැමොම පුදුමයෙන් බලන්න හේතුව ඒක උනත් ඒක නොදන්න කෙල්ල ඊටත් වඩා පිදුමයෙන් ඇස් දෙකත් ලොකු කරන්බලන් ඉන්නවා දකිද්දි කොල්ල ට හිනා යන්න ආවත් එහ් හිනාවා බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ මේ ගෙදර නෙමෙයි කියලා තදින් හිතා ගන්නගමන්…

” ඔය ඇස් දෙක ටිකක් පුන්ංචි කර ගන්නවා…අනික ඔය කට…ඒක ටිකක් වහා ගන්නවා…බලනවකෝ කටේ ලොකු…”

කොල්ලා කෙල්ලට ගේ කනට කියලා කිවුවේ එහ් මූනේ සැරින් සැරේ වෙනස් වෙන ඉරියවු දිහා කෙල්ලට නොදැනෙන්න ආසාවෙන් විදගන්න ගමන්…

කෙල්ල ඇස් දෙක නෝමල් ගානටත් වඩා පුංචි කරලා කටත් කොල්ලා කියන පමාවට වහගෙන කැන්ටීන් එක ඇතුලට ආවේ තමන්දිහා බලන් ඉන්න අයදිහා ලාවට හිනා වෙන ගමන් මයි….

කෙල්ල ආසා කෑම ම තමනුත් අරගෙන කන්න ගත්තා විතරයි කොල්ල ගේ මුලු හිතම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන එහ් කටහඩ නිසා…

ආත්මය තරම ට එහ් කටහඩ තමන් ට සමීප කටහඩක් නිසාම කොල්ලා විදුලි වේගෙන් එහ් කටහඩ ඇහුන දිහාවට ඇස් යොමු කරේ කෙල්ල කිසි දෙයක් හිතා ගන්න බැරුව කොල්ලා දිහාම බලන් ඉද්දි….

44 කොටසින් හමුවෙමු…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *