ඇයත් පතිනියකි 44

44_කොටස

” එහෙනම් මට ෆයිල් එක මේල් කරන්න……මන් යනවා….ලේට් උනා හොදටම…..”

” හරි මැඩම්……..”

කොල්ලා එහ් දිහා බලනවත් එක්කම එහෙම කියනවා ඇහුනයින් කොල්ලා වට පිට බැලුවේ එහ් කතා කරපු කෙනා කවුද කියලා දැනගන්න නොයිවසිල්ලෙන්…. ඒත් වාසනාවට ද අවසනාවට ද මන් දා කොල්ලට එහ් කවුද කියලා දැකගන්න බැරි උනා.. ඒත් එහ් කතා කර කර හිටපු අනිත් කටහඩ නම් තමන් ගේ ඔෆිස් එකේ අලෝක ලග වැඩ කරපු තිසරු ගේ කියලා කියලා කොල්ලට අගේට තේරුනේ තිසරු එහ් ලගම හිටපු නිසා වගේම කොල්ලට එහ් කටහඩ හොදට පුරුදු හින්ද මයි….

කොල්ලා ඊලග තත්පරේ තිසරු හිටපු තැනට ගියේ තවත් විනාඩියක් වත් පමා නොකර… ඒත් තේජාන් ව දැකපු ගමන් තිසරු ගැස්සිලා ගියේ සේයා වගේම තේජානුත් තිසරු ගේ එහ් බැල්ම දිහා පුදුමයෙන් බලද්දි….

“ස..ර්……”

තිසරු අමාරුවෙන් වචන ගලපන් කිවුවත් කොල්ලගේ නලලේ වගේම මුලු මූනෙමත් දාඩිය පිරිලා කලබල කාරි හැසිරීමක් දකිද්දි තේජාන් ට වගේම සේයා ටත් දැනුනේ අමුත්තක්…

තේජාන් වැරදි කරපු මනුස්සයෙක් ට දඩුවම් දුන්නත් කවදාවත් එහ් මනුස්සයා අශ්‍රය කරපු කෙනෙක් නිවැරදියි කියලා හිතුනොත් එහ් කෙනාට පුංචි දඩුවමක් වත් නොදී කලින් තිබුන විශ්වාසී හැගීමෙන් ම කටයුතු කරන කෙනෙක්…

අලෝක වැරදි කරා කියලා අලෝක ලග වැඩ කරපු කාටවත් තේජාන් දඩුවම් නොකෙරුවේ එහ් හින්ද මයි… ඒත් පලවෙනි වතාවට තිසරු ගේ මේ හැසිරීම දකිද්දි කොල්ලට තිසරු ගැන සැකයක් ඇති උනා….

” මොකද තිසරු බය වෙලා…”

තේජාන් හඩ වැඩි කරලා ගාම්භීරව අහද්දි තිසරු ගේ හැසිරීම් තවත් වෙනස් වූයෙන් තේජාන් ගේ සැකය හොදටම තහවුරු උනා…

ඔෆිස් එකේ දේවල් ඔෆිස් එක ඇතුලෙම විසදන පුරුද්දක් කොල්ලට තිබුන නිසාම මේ ප්‍රශ්නේ කැන්ටීන් එක ඇතුලේ විසදන්න නොගිහින් තිසරු ට ඔෆිස් එක ඇතුලට එන්න කිවුවේ වෙනදා තමන් ගේ සේවකයන් ට සුහදශීලිව කතා කරන තේජාන් ම පුදුම විදිහට හිතට තරහා අරන්….

” තේ…ජා..න්…රී..ලැ…ක්…ස්….”

තේජාන් ලගට ආව කෙල්ල හෙමීට කොල්ලගේ අතක් පිරිමදිමින් තේජාන් ට විතරක් ඇහෙන්න කිවුවත් කොල්ලගේ තරහේ නම් කිසිම අඩුවක් තිබුනේ නෑ… කොල්ලා සේයා ටත් රවල ම ඔෆිස් එකට යන්න පිටත් උනේ සේයා වත් කැන්ටීන් එක ඇතුලෙම දාලා…. .

” යමු…සර් ඔයාට එන්න කිවුවනේ….”

තේජාන් ගියාට පස්සේ බය වෙලා ඉන්න තිසරු දිහා හිනා වෙලා සන්සුන්ව කියපු කෙල්ල තිසරු එක්කම තේජාන් ගේ ඔෆිස් එක ඇතුලට ගියේ කොල්ලා ඔෆිස් එක ඇතුලට වෙලා තරහින් එහ් හමුවීම් අපේක්ශාවෙන් බලන් ඉද්දි මයි…. තිසරු වගේම සේයා ත් ඔෆිස් එක ඇතුලට එද්දි ම කොල්ලා උන් තැනින් නැගිට්ටේ තිසරු දිහා තරහින් බලන ගමන්….

” තමුන් මොකද මාව දැක්ක ගමන් ඔය තරම් බය උනේ… තමුන් වැරැද්දක් නොකරනවනම් මොකද ඔය තරම් බය වෙන්නේ….”

තේජාන් ඇහුවේ කේන්තියෙන්…

“ස…ර්….මට එක පාරට ස..ර්…ව…දැක්කම හිතා ගන්න බැරි උනා…ඒකයි මට එක පාරට……”

” හරි….තමුන් කතා කර කර හිටියේ කා එක්ක ද…අර තමුන් ට මොනවද මේල් කරන්න කිවුවේ….”

තේජාන් තිසරු ගේ ඇස් දිහාබලාගෙන එක එල්ලෙම අහද්දි එහ් ඇස් තේජාන් ගේ ඇස් වලින් ඉවතට ගත්තේ එහ් බැල්ම බිමට යොමු වෙද්දි මයි…

“එහ්…මි…ස්…..ෆ..යි..ල්…ව..ග…ය…ක්….ම..ට…මේ…ල්…ක…ර…න්…න….කි…වු…වා…..”

“ඔය තරමට ම තමුන් මේල් කරන්න කියන තමුන් ඔය කියන මිස් ගේ පොස්ට් එක මොකක්ද…මොකද තමුසේ කතා කරේමැඩම් කියලා…අලෝක ගෙන් පස්සේ තමුන් ට මැඩම් කියලා කතා කරන්න මේ ඔෆිස් එකේ තව කවුද ඉන්නේ….මට ඇත්ත කියනවා තිසරු..”

තේජාන් තරහින් අහද්දි තිසරු තමන් ගේ නලලේ තිබ්බ දාඩිය අත්ලෙන් පිහිදගෙන තේජාන් දිහා බැලුවේ ගැහෙන හදවතින්….

” ස…ර්….එ..හ් මැ..ඩ..ම්… ආ…ලෝ…ක….ස…ර්…ගේ….යා…ලු…වෙ….ක්….එ…යා….ත…ම…යි…ආ..ලෝ…ක…ස…ර්…ට….හැ…ම..දේ…ක…ට…ම…හෙ…ල්….ප්…ක…රේ……”

තිසරු අමාරුවෙන් වචන ගලපමින් කියද්දි තේජාන් ගේ ඉවසීමේ සීමාව පැන්නේ කොල්ලා තමන් යටතේ වැඩ කරපු හැම කෙනෙක් වම ඕන්වට වඩා විශ්වාස කරලා කර ගත්තේ ලොකු මෝඩකමක් කියලා දැනෙද්දි…ආලෝක ව අයින් කරද්දි අලෝක යටතේ වැඩ කරපු හැම කෙනාවම අයින් කරන්න තිබ්බා කියලා කොල්ලගේ හිත කොල්ලට දොස් කියන්න පටන් ගත්තේ කොල්ලගේ තරහා පුදුම විදිහට වැඩි වෙද්දි…..

” උබවත් ආලෝක එක්ක ගෙදර යවන්න තිබ්බේ…මමයි වැරැද්ද කරේ….අද ඉදන් උබ ගෙදර නැවතියන්…”

තේජාන් උපරීමේටම ඉවසලා තිසරුට පහරක් නොගසන්න තීරනේ කරේ තාමත් කොල්ලගේ හිතේ මනුස්සකම කියන දේ ඉතුරු වෙලා තිබුන නිසා…

” අනේ…මට සමාවෙන්න සර්…මන් මේවා කැමැත්තෙන් නෙමෙයි කරේ….අලෝක සර් කිවුවා මන් හෙල්ප් කරේ නැත්නම් මාව ජොබ් එකෙන් අයින් කරනවා කියලා…මගෙ අම්මා අසනීපෙන් සර්…මට ජොබ් එකත් නැති උනොත් මගෙ අම්මට මොකද වෙන්නේ සර්….”

තිසරු ඇස් වල කදුලු පිරවන් කියද්දි තේජාන් මොන තරම් තරහෙන් හිටියත් කොල්ලගේ හිත උනු උනේ කොල්ලා හැමදාම අනුන්ගේ දුක හොද හැටි අදුනපු නිසා මයි….

” හරි…තමුසේ මට මේ හැමදේම විසදගන්න හෙල්ප් කරොත් මන් තමුසෙව අයින් කරන් නෑ…ඔක්කොටම කලින් කියනවා ඕකිගේ නම මොකක්ද….”

“අ..නේ….ස…ර්…ම..න්…”

“බොරු කියන්න නම් හිතන්නවත් එපා තිසරු…උබ දන් නෑ මේ තේජාන් මුනසිංහ කියන්නේ කවුද කියලා…..”

තේජාන් තිසරු දෙසට තමන් ගේ දරබ ඇගිල්ල දිග් කරලා කිවුවේ තිසරු අසරනව තේජාන් දිහා බලද්දි මයි….

” ටානියා මිස්….ආලෝක සර් මිස් ට කතා කරේ එහෙම…. මාත්…මාත් කිවුවේ ටානියා මැඩම් කියලා සර්…..”

තිසරු තේජාන් ගේ ඇස් දිහා බලන් කියද්දි එහ් කියන්නේ බොරු නෙමෙයි කියලා කොල්ලගේ හිත කොල්ලට කියන්න ගත්තේ එහ් ඇස් වල අවන්ක කමක් දැක්ක නිසා මයි…..

” හරි…මට…මුල ඉදන්…හැමදේම කියනවා…හැම දෙයක් ම…. ආලෝක කොහොම ද මන් කාටවත් නොකියපු files වල code දැන ගත්තේ….මට ඔක්කොටම කලින් ඒක කියනවා…තව අර මැඩම් කියන ගෑනි ඉන්න තැනත් මට දැනගන්න ඕනි…..”

තේජාන් තරහින් උනත් පෙරට වඩා සන්සුන් කමකින් කිවුවේ කෙල්ලත් කටත් ඇරන් මේ හැමදේම පැත්තකට වෙලා බලන් ඉද්දි මයි….

ඒත් තිසරු දුන්න උත්තරේ ට නම් තේජාන් ට වගේම සේයා ටතුන් හිටි තැනුත් අමතක වෙලා ගියා….

” සර්….code කිවුවේ එහ් මිස්….”

” මොනවා…ඒකි කොහොමද තිසරු මගෙ…ෆයිල්ස් වල කෝඩ් දන්නේ…..”

තේජාන් වෙවුලන කටහඩින් ඇහුවත් තිසරු අසරන විදිහට තේජාන් දිහා බැලුවේ තමන් කිසි දෙයක් දන්නේ නෑ කියන්න වගේ….

” තිසරු…කතා කරනවා…”

තේජාන් පුදුමයෙන් වගේම වෙවුලන කටහඩින් ඇහුවේ ලග තිබුන පුටුවේ වාඩි වෙන ගමන්මයි…

” මන් දන්නේ නෑ සර්…ආලෝක සර් මට කිවුවේ… මන් කරේ ආලෝක සර් කිවුව දේ විතරයි….”

තිසරු අසරනව කියද්දි තේජාන් සේයා දිහා බැලුවේ කෙල්ලගෙන් වත් මේ විසදුමක් නැති ප්‍රශ්න වලට විසදුමක් බලාපොරොත්තුවෙන්…

” තේජාන්…. අපි ඒක පස්සේ හොයා ගමු…ඊට කලින් බලන්නකෝ ආලෝක ඊලගට කරන්න යන්නේ මොකක්ද කියලා…ඔය ටානියා කියන කෙනා ගැනත් විස්තර හොයා ගමු…එතකොට මේ හැම ප්‍රශ්නෙකට ම උත්තර නිකම්ම ලැබෙයි…”

හැමදාම වගේ කෙල්ල කොල්ලගේ හිත හැදෙන විදිහට පිලිතුරක් දුන්නයින් කොල්ලා මද සිනාවකින් තිසරු දිහා බැලුවේ සේයා ගේ පිලිතුරෙන් හොදටම හිත සන්සුන් කරගෙන….

” සර්….හැම බ්‍රාන්ච් එකකම දාලා තියන cost එකට වඩාවැඩියෙන් තමයි සර් ට එවන ෆයිල්ස් වල තියෙන්නේ…තව කම්පැනි එකෙත් ආලෝක සර් ට උදවු කරන තව ගොඩක් අය ඉන්නවා…. සර් අලුතෙන් ඕපන් කරපු kandy garment එකේ ඇහෙන්න අනිත් හැම කම්පැනි එකක මයි garments ෆ්‍රැක්රි වලයි special file code ඔක්කොම ආලෝක සර් අතේ තියනවා…සර් ට එහ් details edit කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි….”

තේජාන් අහන්නත්කලින් තිසරු කිවුවේ තේජාන් ගේ වගේම සේයා ගේ මූනුත් පුදුමයෙන් තිසරු දිහා බලන් ඉද්දි….

” ඇයි කැන්ඩි එකේ නැත්තේ….”

සේයා ඇහුවේ කොල්ලත් එහ් දේම ඊලගට අහන්න කට හදද්දි මයි….

” ඒකනම් දන්නේ නෑ සර්….”

තිසරු අසරනව කිවුවේ බිම බලාගෙන මයි…

” තිසරු…ඔය ටානියා කියන එකීඉන්න තැනක් තමුසෙ දන්නවද…”

ඊලගට තේජාන් ඇහුවේ කොල්ලගේ මූන ආයෙත් දාඩියෙන් පිරෙද්දි…

” අනේ…ස..ර්…”

” මට කියපන් තිසරු….උබට මේ ජොබ් එක ඕන නම්….මන් අලෝක වගේ තිරිසෙනෙක් නෙමෙයි…මන් වචනයක් දුන්නොත් මැරුනත් ඒක වෙනස් කරන් නෑ….”

තේජාන් ස්තිර කටහඩින් කියද්දි තිසරු ආයෙත් ඔලුව උස්සලා තේජාන් දිහා බැලුවේ මේ තරම් තමන් ට අනුකම්පා කරන තාමත් තමන් ව ජොබ් එකෙන් අයින් නොකරපු තේජාන් ට තමන් දන්න හැමදේම කියනවා කියලා හිතාගෙන….

” දන්නවාසර්…මන් සර් ට address දෙන්නම්….දැන් මැඩම් ඇත්තේ එයාගේ ඔෆිස් එකේ….”

තිසරු ස්තීර කටහඩින් කියලා තමන් ගේ සාක්කුවේ තිබ්බ ටානියා ගේ කාඩ් එක තේජාන් අතට දුන්නේ තේජාන් තරහින් එහ් විස්තර කියවද්දි…

” හරි..තමුසේ දැන් යනවා…මන් ආයේ ඕන උනොත් කතා කරන්නම්..හැබැයි තමුසේ මේ දේවල් ආලෝකට කියලා තිබ්බොත්..”

” නෑ සර්…මගෙ අම්මා පල්ලා…මන් ආයෙත් සර් ට ද්‍රෝහි වෙන් නෑ…සර්…මන් සර් ට හෙල්ප් කරනවා මේ බිස්නස් තිබ්බ විදිහට ම හදා ගන්න…මන් ගිහින් එන්නම් සර්……”

තිසරු තේජන්ට වගේම සේයා ටත් මද සිනාවක් පාලා රූම් එකෙන් එලියට ගියේ කෙල්ල තේජාන් දිහා කටත් ඇරන් බලන් ඉද්දි මයි……

” කවුද තේජාන් ටානියා කියන්නේ….”

තිසරු යනවත් එක්කම කෙල්ල ඇහුවේ තේජාන් දිහා පුදුමයෙන් බලලා….

” මන් මේ දැන් ම මේ කියන එකීව හම්බෙන්න යන්න ඕනි සේයා….. මටත් දැනගන්න ඕනි මේකි කවුද කියලා තමයි….ඔයා ඔෆිස් එකේ ඉන්නව ද…නැත්නම් එනවද….”

තේජාන් කාර් එකේ යතුර මේසේ උඩින් තමන් ගේ අතට අරන් කිවුවේ කෙල්ල මොකුත් නොකියම කටත් ඇරන් බලන් ඉද්දි…

” කියනවා…”

කෙල්ලගෙන් උත්තරයක් නැති නිසාම කොල්ලා ඇහුවේ තරහින්….

” මාත් එන්නම් තේජාන්…ඔයා එක්ක…”

කෙල්ල එහෙම කියලා කොල්ලගේ අතින් එල්ලුනේ කොල්ලා මේ වෙලාවේ ඉන්න තත්වේ එක්ක කොල්ලව් තනියම යවන එක හොද මදි කියලා කෙල්ලට හොදට ම තේරුන නිසා…..

45 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *