ඇයත් පතිනියකි 47

47_කොටස

කෙල්ල දෝතින් ම ඔලුව බදාගෙන අද උන හැම සිදුවීමක් ම නැවත නැවතත් මතක් කරන්න ගත්තේ ඔලුව පැලෙන්න තරම් රිදුම් දෙද්දි…. තවත් විනාඩි කීපයයි ගත උනේ…කෙල්ල සිහිසුන් වෙලා බිම වැටුනේ මේ වෙද්දි කෙල්ල කායිකව මගේම මානසිකවත් හොදට ම දුර්වල වෙලා හිටපු නිසාමයි…..

කෙල්ල මොන තරම් වෙලා සිහිසුන් වෙලා හිටියද කියලා කෙල්ලට තේරුමක් නැති උනත් කෙල්ල ඇස් ඇරියේ කෙල්ලගේ කම්මුලෙන් දැනුන සීතලා නිසා…..අමාරුවෙන් ඇස් ඇරපු කෙල්ල වට පිට බැලුවේ කලබලෙන්…..

” නෝනේ…නෝනේ කවුද…නෝනේ පාර අයිනේ වැටිලා ඉන්නවා දැකලා අපි නෝනේ ව මෙහෙට ගෙනාවේ….”

අවුරුදු 50 ක පමන සේයා ගේ අම්මගේ තරම් වයසැති කාන්තාවක් කෙල්ල දිහා බලලා ආදරෙන් අහද්දි කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනේ එහ් කාන්තාව බලන් ඉද්දි මයි…..

” අනේ නෝනේ….මොකද මේ…නෝනේ මට මගෙ ලොකු කෙල්ල වගේ….මට තේරෙනවා නෝනේ ඉන්නේ ලොකු ප්‍රශ්නෙක කියලා….හැබැයි දරුවෝ ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්නවට කාටහරි කියන එක තමයි හොද…එතකොට හිත නිදහස් වෙනවා..මට බැයිනම් මේ ලොකු කෙල්ලට හරි….මේ කෙල්ලත් මයෙ හිතේ නෝනෙගෙම වයස…නෝනෙට ප්‍රශ්නයක් තියෙන්නම් නෝනෙට කැමති කාලයක් මෙහෙ ඉන්න පූලුවන් ..මමයි මේ කෙල්ලයි විතරයි නෝනේ මෙහෙ ඉන්නේ….”

කාන්තාව කෙල්ල දිහා බලලා ආදරෙන් කිවුවේ ලග හිටපු සේයා තරම්ම වයස ඇති තමන් ගේ දුවව පෙන්නලා….

“අම්මේ නෝනෙ ට ටිකක් ඔහොම නිදහසේ ඉන්න දෙමු… මහන්සිත් ඇති….”

කාන්තාව පෙන්නපු සේයා තරම් ම වයස ඇති තරුනිය කිවුවේ ලෙන්ගතුව…..

” මට…සේයා කියන්න…අම්මේ…..”

කෙල්ල අමාරුවෙන් වචන ගලපන් වයසක කාන්තාව දිහා බලලා කියද්දි ඇයගේ ඇස් වලටත් කදුලු ආවේ කෙල්ලගේ නිහතමානිකම ට වගේම මේ ගතිගුන වලට….කවදත් කාටත් ආදරෙන් හිටපු කෙල්ලට මොහොතකට හිතේ ප්‍රශ්න අමතක වෙලා ගියේ එහ් වයසක කාන්තාව වගේම ඇයගේ දුවත් තමන් ගේ අම්මා නංගි තරමට ම තමන් ට ලන් උන නිසා මයි…. කෙල්ල අන්තයට ම අසරන වෙලා හිටපු කොහොතක මේ බැදීම කෙල්ලගේ හිතට ගෙනාවේ පුදුමාකාර හයියක්….

ඒත් එහ් හිනාව තිබ්බේ තත්පර කීපයක් විතරයි… කෙල්ලගේ මුලු ඇගම වෙවුලන්න ගත්තයින් කෙල්ල ලගම වාඩි වෙලා හිටපු තරුනිය කෙල්ලගේ නලලට අත තිබ්බේ උන ගන්න යනවා කියලා සැක හිතුන නිසා මයි…

” දෙයියනේ…අම්මේ.. අනේ නෝනෙට හොදට ම උන…”

තරුනිය කෑ ගසමින් කිවුවේ සේයාට තේ එකක් හදන්න කුස්සියට ගියපු කාන්තාව දුවගෙන සේයා හිටපු තැනට එද්දි මයි….

” අනේ දෙයියනේ….හොදට ම රස්නියි….”

කාන්තාව මිමිනුවේ තරුනිය දිහා බලාගෙන….

” අම්මේ එදා මට උන හැදිලා ගෙනපු බෙහෙත් ටික නම් තියෙයි …නෝනෙට දෙමු ද…ගිය සතියේ ගෙනාපුවනෙහ්….”

” පිස්සු ද උබට…. ඇදුමක් වගේ බෙහෙත් මාරු කර කර බොන්න…..නෝනේගේ උනත් වැඩි වෙයි ඕවා බිවුවොත්…”

” කමක් නෑ අම්මේ…දෙන්න….”

කෙල්ල අමාරුවෙන් මූනට හිනාවක් අරන් කියද්දි කාන්තාව කෙල්ලට තමන් ගේ දුවට ගෙනපු බෙහෙත් ටිකම දුන්නේ ඉක්මනට සුවවෙන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලන ගමන් මයි….

ඒත් බෙහෙත් වලට කෙල්ලට අඩුවක් නම් තිබුනේ නැහැ…කෙල්ලගේ සාරි ය ගලවලා කෙල්ල අර තරුනියගේ ඇදුමක් ඇද ගත්තේ සාරියට තවත් වෙහෙස දැනුන නිසා…

දවස් දෙකක් ගෙවිලා ගියේ කෙල්ල බෙහෙත් ටික බොන්න විතරක් ඇදෙන් නැගිටිද්දි…. කෙල්ලට බෙහෙත් වලට අඩුවක් නැති වෙද්දි තව පැය කීපයක් බලලා හොස්පිටල් යන්න හිතන් හිටපු කාන්තාව වගේම අර තරුනියත් පුදුම කරමින් සේයා ඇදෙන් නැගිට්ටේ දවස් දෙකක් පුරාවට තමන් ගේ අම්මා තරමට ම තමන් ට ආදරේ කරපු මේ කාන්තාවගේ බෝදි පූජා වලට පින්සිද්ද වෙන්න….

කෙල්ල ඇස් දෙක ඇරලා ඇදෙන් නැගිටිද්දි දැක්ක මුල්ම දසුන කෙල්ලට ගෙනාවේ පුදුම හිත් වේදනාවක්… අර කාන්තාව තමන් ගේ දුවව තුරුල් කරන් ඇද අසලින් ම නිදන් ඉන්නවා දකිද්දි කෙල්ලට මතක් උනේ තමන් ගේ අම්මව…මේ වෙද්දි අම්මා හැමදේම දැනගෙන තමන් ව පිස්සුවෙන් වගේ හොයනවා ඇති කියලා කෙල්ලට හිතුනේ හිතේ වේදනාව දෙගුන තෙගුන වෙද්දි….

කෙල්ල මුලු රෑම තමන් වෙනුවෙන් වෙහෙසුනු තමන් ගේ අම්මා තරමටම තමන් ගැන හිතන එහ් කාන්තාවට කතා කරේ ඇස් වල කදුලු පුරවන්….

” අ…ම්…මේ….”

කෙල්ලගේ එක හඩින් ම කාන්තාව ඇස් ඇරියේ හොදට ම බය වෙලා…

” නෝනේ…අනේ නෝනේ අමාරු ද…”

කාන්තාව නැගිටලා ඉන්න සේයා දිහා බලලා කලබලෙන් ඇහුවා…

” මට හොදයි අම්මේ…දැන් හොදට ම හොදයි..”

කෙල්ල එහෙම කියලා කාන්තාවගේ අත තමන් ගේ නලලෙන් තිබ්බේ දැන් ඇෆ චුට්ටක් වත් රස්නි නෑ කියලා පෙන්නන්න…

” මන් හොදට ම බය උනා නෝනේ….නොනේ මුලු රෑම කිවුවේ ” අනේ අම්මේ මට සමාවෙන්න ” කියලා… නෝනේ උන විකාරෙන් තව ගොඩක් දේවල් කිවුවා…ඒත් ඒවා පැහැදිලා නෑ…තව තේජාන් කියලා තව මොන මොනවදො කිවුවා නෝනේ….”

කාන්තාව කෙල්ලගේ කම්මුලකින් අතක් තියලා කියද්දි කෙල්ල ඇස් වල කදුලු හංග ගත්තේ පුදුම වෙහෙසක් දීලා…

තමන් උන විකාරෙන් හිතේ තිබ්බ හැමදේම කියවන්න ඇති කියලා ඊලග තත්පරේ කෙල්ලට හිතුනා…

” අම්මේ…මගෙ අම්මා බලන් ඇති… මන් අම්මා ලගට යන්න ඕනි අම්මේ…”

කෙල්ල අඩ අඩ ම එහ් වයසක කාන්තාවගේ පපුවට තුරුල් වෙලා කියද්දි ඇය සීරුවට කෙල්ලගේ ඔලුව අත ගෑවේ කෙල්ලගේ හිතේ දුක යම් තරමකට අඩු වෙද්දි…

” හා නෝනේ…නෝනේ ට කාලා යන්න ඉක්මනට මොනා හරි හදනකම් නෝනේ ලෑස් ති වෙන්නකෝ…දුවේ උබත් ලෑස්ති වෙයන්…නෝනෙම ටවුමට ගිහින් දාපන්…නෝනෙට තනියම යන්න අමාරුයි..”

කාන්තාව තමන් ගේ දුව දිහා බලලා කිවුවේ ඊලග තත්පරේ කුස්සියට දුවන ගමන්…

සේයා තවත් කරදර කරන්න අකමැති උනත් කාන්තාවගේ බල කිරීම මැද්දේ ඇගේ දුව සේයා එක්ක ටවුමට ආවේ විනාඩි 30ක් වගේ කාලයක් ඇතුලත….

” ගොඩක් පින්…”

බස් එකට නැගලා යන්න ලෑස්ති වෙලා කෙල්ල අර තරුනියගෙ අතින් අල්ලන් කියද්දි තරුනිය ඇස් වල කදුලු පුරවගෙන ම සේයා ව තුරුල් කර ගත්තේ දවස් දෙකක් උනත් එහ් බැදීම ගොඩක් සමීප වෙලා තිබුන නිසා මයි…

හවස 3 වගේ වෙද්දි කෙල්ල ගෙවල් ලග පාරට ආවෙ මෙ වෙද්දි මොනවයෙන් මොනා වෙලා ඇති ද කියලා හිතට නුහුරු බියක් දැනෙද්දි මයි… අම්මට තාත්තා ට මොනවද කියන්නේ කොහොම ද කියන්න ඕනි කියලා කෙල්ලට හරි හැටි නොතේරුනත් කෙල්ල හිත හයිය කරගෙන අඩිය තිබ්බේ ඕන දේකට මූන දෙනවා කියලා හිතාගෙන මයි….

ගේ පේන මානෙටම එද්දිම දැක්ක දසුන නිසා කෙල්ල උන් තැනම ගල් ගැහුනේ වචන පවා ගොලු වෙලා යද්දි..

48 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ආදරෙයි….

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *