ඇයත් පතිනියකි 48

48_කොටස

කෙල්ලගේ අම්මා තාත්තා කෙල්ලගේ නංගි පහන්දි වගේම යසිරු ත් එලියට ඇහෙන තරමට ම හයියෙන් අඩනවා කෙල්ල දකිද්දි කෙල්ල එක පාරම ගැස්සිලා ගියේ තමන් මේ දවස් දෙකම තේජාන් ලග හිටියේ නෑ කියලා ගෙදර අය දැනගෙන කියලා කෙල්ලට හොදටම තේරුම් යද්දි…මොකද පහන්දි කී ප සැරයක් ම සේයා ගේ නම කියනවා එලියෙ හිටපු කෙල්ලට හොදටම ඇහුනා..

කෙල්ලට ගේ ඇතුලේ ඉන්න හැමෝම අගේට පෙනුනත් එලියෙන් ඉන්න කෙල්ලව කාටවත් පේන්නේ නැති නිසාම කෙල්ල එහෙම්මම වැලි පොලව මත ඉද ගත්තේ දෝතින් ම ඔලුව බදාගෙන… එහ් අම්මලා කෙල්ල නෑ කියලා දැනගත්තෙ කොහොමද වගේම ගෙදර අයට මේ දේවල් කිවුවේ තේජාන් නම් මේ වෙද්දි තමන් ට ප්‍රාන සමව ආදරේ කරන අම්මා තාත්තා වගේම තමන් ගේ එකම නංගිත් හිතින් මොන තරන්නම් විදවනවා ඇති ද කියලා හිතෙද්දි කෙල්ලගේ ඔලුව පැලෙන තරමටම රිදුන් දෙන්න ගත්ත නිසාමයි…

තවත් විනාඩි කීපයක් එහ් විදිහට ම හිටපු කෙල්ල ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිදගෙන නැගිට්ටේ ඕන දේකට මූන දෙනවා කියලා හිත හදාගෙන….

කෙල්ල ගෙදර දොර ලගට යනවත් එක්කම් හැමෝගෙම මූනු වලට හිනාවක් ආවේ එහ් හිනාවත් එක්කම එහ් මූනු වල පුදුමයකුත් සටහන් වෙද්දි මයි….

කෙල්ල අමාරුවෙන් මූනට හිනාවක් අරන් හැමෝගෙම දිහා බැලුවේ එහ් මූනුවල වේදනාව දැකලා කෙල්ලගේ හිතටත් දරාගන්න බැරි වේදනාවක් දැනුනත් එහ් බවක් කාටවත් නොපෙන්නන්න වග බලාගෙන… මොකද කෙල්ලත් අඩන්න ගත්තොත් මේ තත්වේ තවත් වැඩි වෙනවා කියලා කෙල්ල හොදටම දැනන් උන්නා… මොන දුකක් හිතේ හිරකරගෙන සතුටින් ඉන්නවා වගේ පෙන්නුවත් කෙල්ලට අම්මාගේ තාත්තගේ වගේම තමන් ගේ එකම නංගිගේ ඇස් වල කදුලි දකින්න තරම් ශක්තියක් තිබුනේ නෑ… එහ් හින්ද මයි කෙල්ල කොච්චර දුකින් හිටියත් මූනට ආයාසයෙන් ම හිනාවක් ගත්තේ….

” අනේ අක්කී…ඔයා හොදින් නේද මගෙ අක්කි…..”

කෙල්ල හිනා වෙලා හැමෝගෙම දිහා බලද්දි පහන්දි අඩාගෙනම ඇවිත් කෙල්ලට තුරුල් උනේ අඩන් නැ කියලා හිත හයිය කරන් හිටියත් කෙල්ලගේ ඇස් වලටත් කදුලු උනද්දි මයි…

කෙල්ල ඉක්මනට ඇස් වල කදුලු පිහිදගෙන තමන් ට තුරුල් වෙලා හිටපු පහන්දිව තමන් ගේ පැත්තට හරවගෙන එහ් මූන දෝතටම අරන් එහ් ඇස් වල කදුලු තමන් අතින් ම පිහිදලා අහිංසක විදිහට හිනා උනේ කෙල්ල හොදින් කියන්න වගේ….

” ලොකු දූ…මොකද දෙයියනේ උනේ…අපි පිච්චි පිච්චි දෙයියනේ හිටියේ…කොහෙද ගියේ මැනික…දවස් දෙකක් ම දෙයියනේ….”

කෙල්ලගේ අම්මා ඇස් වල කදුලු පුරවන් අහද්දි කෙල්ල අම්මා ලගට ගියේ මූනේ තිබ්බ හිනාව එහ් විදිහට ම තියාගෙන….

” අම්මා…මන් පාරේ යද්දි සිහි නැති වෙලා වැටුනා.. මන් බලද්දි මන් හිටියේ ගෙයක් ඇතුලේ…මට හොදට ම උන..දවස් දෙකක් මට නැගිට ගන්නවත් බැරි උනා…හොද උන ගමන් මේ දුවගෙන ආවේ…..අම්මලා බය වෙලා ඇති කියලා හිතලා..”

” අනේ දෙයියනේ මැනික…එහෙදි මගෙ මැනිකට කරදරයක් වත්…”

“අනේ නෑ අම්මා…අම්මා වගේම මට ආදරේ නැන්දා කෙනෙකුයි නංගි වගේම නංගි කෙනෙකුයි විතරයි එහෙ හිටියේ…මට දැනුනේ මගෙම ගෙදර වගේ…”

කෙල්ල කිවුවේ තමන් ව දවස් දෙකක් බලාගත්ත එහ් කාන්තාවගේ වගේම තරුනියගේ මූනුත් හිතේ මවාගෙන…

කෙල්ලගේ වචන එක්ක කෙල්ලගේ අම්ම සැනසුම් සුසුමක් හෙලුවේ හිතින් දෙවියන් ට ස්තූති කරමින්..

ඒත් මේ තරම් වෙලාවක් නිහඩව හිටපු තාත්තා ඇහුව දේ නිසා කෙල්ලගේ වචන පවා ගොලුවෙලා ගියා….

” කොහෙද දෝනි තනියම ගියේ…අර ලමයා වත් තනියම දාලා..එහ් ලමයා කී පාරක් ගෙදර ආවද…හොදට ම බය වෙලා එහ් ලමයත්…..”

” තාත්තේ…මන්….තේ..ජා..න්…මෙහේ ආවද….”

කෙල්ල අමාරුවෙන් වචන ගලපන් ඇහුවේ පපුව පවා රිදුම් දෙද්දි….

” එහ් කියන්නේ තෙජාන් කිසි දෙයක් ගෙදර ට කියලා නෑ..නැත්නම් තාත්තා මෙහෙම හැසිරෙන් නෑ….අනේ දෙයියනේ..මන් මොකක්ද දැන් තාත්තට කියන්නේ…”

කෙල්ල තමන් ගේ හිතින් ම ඇහුවේ කරගන්න දෙයක් නැතුව අන්තයට ම අසරන වෙද්දි..

” ඔව්… චූටි දෝනි…අර ලමයට කෝල් එකක් දෙන්න….”

තාත්තා කිවුවේ පහන්දි දිහා බලලා උනත් තාත්තාගේ එහ් වචන එක්ක කෙල්ල හොදට ම කලබල උනා…

” තාත්තේ …තේජාන් ට කෝල් කරන්න එපා…මට බෑ ආයේ එහෙ යන්න…මන්ගෙදර ම ඉන්නම්…”

කෙල්ල එක හුස්මට කියාගෙන ගියේ හැමෝම පුදුමයෙන් කෙල්ල දිහා බලන් ඉද්දි මයි…

” මොනවද ලොකු දූ මේ කියවන්නේ…”

අම්මා ඇහුවේ කෙල්ල දිහා තරහින් බලලා…

ඒත් එහ් එක්කම පහන්දි කිවුව දේටනම් කෙල්ලට හොදට ම තරහා ගියා…

” ඔයාට පිස්සු ද අක්කි…මැරි කරලා සතියෙන් ගෙදර එන්න…. මිනිස්සු මොනා නොකියයි ද…අම්මටයි තාත්තා ටයි ලැජ්ජාව ඔයාගේ මේ වැඩ නිසා..”

පහන්දි කෙල්ලගේ මූන දිහාම බලන් තරහින් කියන් ගියත් පහන්දි ට ඒහ් ප්‍රශ්නෙට උත්තරේ විදිහට කෙල්ල කියපු දේට පහන්දි ගේ වගේම අනිත් හැමෝගෙමත් වචන ගොලු වෙලා ගියා…

.” ඔයාට මන් හින්දද ලැජ්ජා නංගි…කසාද බදින්නෙත් නැතුව බඩට දරුවෙක් ගෙනපු ඔයාද මේ ලැජ්ජාව ගැන කතා කරන්නේ…අද ඔයා මෙහෙම සතුටින් ඉන්නේ කවුරු නිසා ද…ලස්සන වෙඩින් එකක් අරන් ඔයා යසිරු එක්ක ගියේ කවුරි නිසා ද…මන් තේජාන් ව මැරි කරන්න කැමති උනේ කවුරු නිසා ද නංගි….ඔය ඔක්කොම පැත්තකින් තියන්න..එදා ඔයා සූසයිඩ් කරගන්න කියපු වෙලාවේ මන් එතනට නාවනම් ඒකේ ලැජ්ජාවත් කාට ද අහ්…මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා නංගි..ලැජ්ජාව ගැන ඔයාද මට කියලා දෙන්න එන්නේ..”

කෙල්ල තරහින් ම කියන් ගියේ පහන්දි ගේ එහ් අදුරු මතක කෙල්ලට කවදාවත් නැතුව අද හොදටම සිහිපත් කර දෙමින්…

තමන් වෙනුවෙන් මේ තරම් කැපකිරීම් ගොඩක් කරපු තමන් ගේ අක්කට මෙහෙම කතා කරපු එක ගැන කෙල්ලට දැනුනේ ලොකු වේදනාවක්..සේයා ගේ එහ් වචන එක්ක කෙල්ලගේ ඇස් වලට කදුලු ඉනුවේ එහ් කදුලු දැක්ක සේයා ගේ තරහත් ක්ෂනයෙන් නැති වෙලා යද්දි මයි….

“අනේ මට සමාවෙන්න අක්කි…මන් හිතලා කිවුවේ නෑ…”

පහන්දි අඩ අඩ ම තමන් කරපු වැරැද්ද ගැන පසු තැවෙමින් සේයා ට තුරුල් උනේ යසිරු ගේ ඇස් වලටත් කදුලු උනද්දි මයි…

“අක්කිට තරහා ගියා මැනික…කෝ අඩන්න එපා…අක්කිත් හිතලා නෙමෙයි කිවුවේ….මටත් සමාවෙන්න….”

සේයා ඇස් වල කදුලු පුරවගෙනම තමන් ට තුරුල් වෙලා අඩන පහන්දි ගේ ඔලුව අත ගෑවේ හිතේ උතුරන සහෝදර බැදීමෙන්…

ඒත් ගේ ඇතුලේ හිටපු හැමෝම ගැස්සිලා ගියේ වේගෙන් ඇවිත් මිදුලේ නවත්තපු කාර් එකේ සද්දේට….

49 කොටසින් හමුවෙමු…..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

මගෙ චූටි නපුරෝ ටික..ඔන්න මන් පොරොන්දුව ඉශ්ට කරා….

ඊයේ නපුරෝ ටික ඔක්කොම එක තැනකට එකතු වෙලා මට හොදට ම බැන්නා නෙහ්…මන් කතාව ලේට් කරනවා කියලා…ඊයේ විතරයි මට කතාව දාන්න බැරි උනෙත්…😔😔😔..මටනම් ඉන්නේ මහම මහා නපුරෝ ටිකක්….😔..කතාව එක දවසක් ලේට් උනාම මට හොදටම බනින්න බලන් ඉන්නේ…ඒත් මන් free දවසට කතාවේ කොටස් දෙක තුන එක දවසට දාපු ඒවා මතක නෑ…මන් පවු නැද්ද…😢

ඒත් මන් ගොඩාරියක් ආදරෙයි මගෙ චූටි පැංචී පැංචියෝ ටිකට…😘

ඉතිම් මේ කතාවේ අන්තිම කොටස් කීපය යාලුවනේ..කතාව ගැන ඔයාලගේ අදහස් කියන් යන්න….

ඊයේ මන් දැක්කා කෙටි කතා ගොනුවේ කතාව කියවන යාලුවෙක් පෝස්ට් එකක් දාලා තියනවා කතාව කෝ අහලා…එහ් කියන්නේ කවිරුත් කිවුවේ නැහැ ද මන් එහ් ගෲප් එකේ කතාව නොදන්න හේතුව…මන් කියන්න කියලත් කිවුවා….හරි නරකයි…මන් දැක්කා කතාව ලේට් කියලා මේ නපුරෝ ටික මට බැනලා තියනවා….

එහෙනම් මන් කෙටි කතා ගොනුවෙත් කතාව දාන්නම්…තව ඉතුරු කොටස් දෙකයි නිසා….

ආදරෙයි…. 😘

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *