ඇයත් පතිනියකි 49

49_කොටස ( අවසානයට පෙර කොටස)

කාර් එකෙන් බැස්සේ වෙන කවුරුත් නෙමෙයි…තේජාන්…තේජාන් ව දකිද්දි සේයා ගේ ඇරෙන්න අනිත් හැමෝගෙම මූනු වල හිනාවක් තිබුනත් සේයා නම් හිටියේ හොදටම අසරන වෙලා….එහ් අම්මා තාත්තට කියන්නේ මොනවද කියලා හිතමින්…

කාර් එකෙන් බැස්ස කොල්ලා ඉක්මනට ගේ ඇතුලට ආවත් සේයා ගේ රූපේ දැක්ක ගමන් කොල්ලා මොහොතක් කෙල්ල දිහාබලන් හිටියේ ගල් ගැහිලා…ඊලගට සේයා ගේ අම්මාදිහාට හැරුනේ හිත හොදටම සන්සුන් කරගෙන….

” අම්මා…ඇයි මන් මෙච්චර කියලත් සේයා ආවම මට කෝල් කරේ නැත්තේ….”

කොල්ලගේ වචන වල තිබ්බේ දුකක් එක්ක ආව තරහක්…..

” පුතේ….සේයා දුව…”

” හරි අම්මා..කමක් නෑ..මන් සේයාව එක්ක යනවා දැන්…”

කොල්ලා කිවුවේ සේයාගේ අම්මා කියන්න ගියපු වචන ටික නවත්තලා…ඊලගට සේයා ගේ මූන දිහාවත් නොබලා කෙල්ලගේ අතින් කෙල්ලට රිදෙන තරමට ම අල්ලලා කාර් එකට නංග ගත්තේ මේ කිසි දෙයක් නොදන්න සේයා ගේ අම්මාගේ වගේම තාත්තාගෙත් මූනු වල හිනාවක් සටහන් වෙද්දි මයි….

කාර් එක ස්ටාට් කරගත්ත කොල්ලා වේගෙන් ම කාර් එක drive කරන්න ගත්තේ කෙල්ල දිහා එකදු බැල්මක් වත් නොබල මයි…. කෙල්ලගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ කොල්ලගේ මේ හැසිරීම කෙල්ලට තේරුම් ගන්න බැරි නිසා වගේම තේජාන් තමන් ව මේ කොහෙද එක්ක යන්නේ කියලා හිතමින්…

තවත් විනාඩි 20 කින් විතර කොල්ලා කාර් එක නැවැත්තුවේ හයියෙන් බ්‍රේක් එකක් ගහලා…බ්‍රේක් එක නිසා කෙල්ලගේ ඔලුව කාර් එකේ ඉදගෙන හිටපු තැනින් ඉස්සරහා වැදුනයින් කෙල්ලට කෑ ගැහුනත් කොල්ලා එහ් ගැන ගැන ගානක් නොකරම කාර් එකෙන් බැස්සේ කෙල්ලටත් කාර් එකෙන් බහින්න කියලා අතින් කියමින්….

කෙල්ල ඔලුවත් අල්ලගෙන කාර් එකෙන් බැස්සත් දැක්ක දේ නිසා කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා ගියා…. කෙල්ල මේ ඉන්නේ මීට දවස් දෙකකට කලින් ආව නිසලි ගේ ඔෆිස් එක ලග කියලා කෙල්ලට මතක් වෙද්දි කෙල්ල අසරනව කොල්ලා දිහා බැලුවත් කොල්ලා එහ් බැල්ම ගානට නොගෙනම කෙල්ලගේ අතින් තදින් අල්ලා ගත්තේ කෙල්ලගේ ඇස් වල කදුලු පිරිද්දි මයි…

” තේජාන් ඇයි මාව මෙතනට එක්ක ආවේ…නිසලි කියල ද මගෙන් ඩිවෝස් එක අරන් එයා ලගට එන්න කියලා..එත් දෙයියනේ මන් දෙන්න බෑ කිවුවේ නෑනේ…අනේ තේජාන්…ඇයි මහත්තයෝ මට මෙහෙම රිද්දන්නේ…මන් හැමදාම ඔයායි නිසලිවයි එකතු කරන්න හැදුවා තමයි…ඒත් ඔයා එයාට තුරුල් වෙලා එයා ලගින් ඉන්නවා මගෙ ඇස් දෙකට දකින්න තරම් මට හයියක් නෑ දෙයියනේ….ඔයාට මගෙන් මොනා හරි ඕනනම් මගෙ ඇස් ඉස්සරහට එන්නේ නැතුව එහ් දේ ඉල්ලන්න තිබුනනේ…මන් අමාරුවෙන් දෙයියනේ හිත හදා ගත්තේ…ඔයා එක තත්පරෙන් මගෙ හිත කඩලා දාන්න ද හදන්නේ… “

ඇස් වලින් කදුලු කැට නිමක් නැතුව වැටෙද්දි කෙල්ල තේජාන් ගේ මූන දිහාබලලා අසරනව හිතුවේ හිත පුදුම විදිහට කඩා වැටෙද්දි….

කොල්ලා කෙල්ලගේ අතින් අල්ලගෙන ඇවිත් නැවතුනේ මීට දවස් දෙකකට කලින් කෙල්ලට මුලු ලෝකෙම අහිමි උනා වගේ දැනුන එහ් තැනට…නිසලි ගේ ඔෆිස් රූම් එක ලගට .. කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා යද්දි කෙල්ල ඇස් වල කදුලු පුරවන්ම රූම් එකේ දොරදිහා බලන් හිටියත් කොල්ලා තවත් තත්පරයක්වත් පමා නොකර රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියේ සේය ත් කොල්ලා පසුපසින් ම එද්දි මයි… රූම් එක ඇතුලෙන් නිසලි ගේ රූපේ බලාපොරොත්තු උනත් රූම් එක ඇතුලේ කිසි කෙනෙක් නැති උනාම කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කොල්ලා දිහා බැලුවේ නිසලි කෝ අහන්න වගේ…ඒත් ඒකට පිලිතුරු විදිහට කොල්ලගෙන් ලැබුනේ කට කොනකින් හිනාවක් විතරයි…තේජාන් ගේ හුස්මත් අදුනන තරමට කෙල්ල තේජාන් ව තේරුම් අරන් තිබුනත් තේජාන් ගේ අද එක හැසිරීමක් වත් කෙල්ලට තේරුම් ගන්න බැරි උනේ මීට කලින් තේජාන් මේ විදිහට හැසිරිලා නැති නිසාමයි….

තවත් තත්පරයක් වත් රූම් එකේ රැදුන් නැති කොල්ලා ආයෙත් කෙල්ලගේ අතින් තදින් අල්ලගෙන පහලට ආවේ කලින්ටත් වඩා වේගෙන්…. ඊලගට කාර් එකට නැංගේ කෙල්ලව පිච්චිල අලු කරන්න තරම් පුලුවන් බැල්මකින්… කෙල්ලට තේජාන් ගේ මේ හැම නුහුරු හැසිරීමක් ම ගෙනාවේ ලොකු හිත් වේදනාවක්…කෙල්ලත් තේජාන් ව අනුගමනය අරමින් කාර් එකට නැංගේ කොල්ලා කාර් එක ස්ටාට් කර ගද්දි මයි… කෙල්ලට තවත් තත්පරයක් වත් හිතන්න නොදී පෙරටත් වඩා වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරපු කොල්ලා තවත් විනාඩි 10කින් වගේ කාර් එක තවත් බිල්ඩින් එකක් ලගින් නැවැත්තුවේ කෙල්ලගේ හිත බයෙන් ගැහෙද්දි මයි….

තේජාන් කාර් එකෙන් බහිද්දි ම තේජාන් ව පිලිගන්න ඔෆිස් එකේ හැමෝම බලන් හිටපු නිසා කෙල්ල අමාරුවෙන් මූනට හිනාවක් ගත්තේ කෙල්ල මූන දෙක කරන් හිටියොත් හරි නැත්තේ තේජාන් ම නිසයි….

” Brands 1st” වෙනුවට කම්පැනි එකේ නම විදිහට වෙනත් නමක් සටහන් වෙලා තියෙද්දි කෙල්ල පුදුමයෙන් කොල්ලා දිහා බැලුවේ මේ කම්පැනි එකත් ඔයාගෙද කියලා ඇස් වලින් අහන ගමන්…

වෙනදා කෙල්ලගේ ඇස් වල එක කදුලක් දැක්කත් ඇස් වල කදුලු පුරවගන්න කොල්ලා අද කෙල්ලගේ ඇස් වල කදුලුවත් වේදනවවත් බය වත් ගානකටවත් නොගත්ත කොල්ලා කෙල්ලගේ මේ ප්‍රශ්නෙටත් උත්තරේ විදිහට කට නොනකින් හිනා උනේ කෙල්ලගේ වේදනාව තවත් වැඩි කරලා…

” පු…තා….මන් පුතා එනකම් බලන් හිටියේ…එන්න පුතා ඇතුලට…..”

ඔෆිස් එකේ දොර ලගම හිටපු මිස්ටර් මුනසිංහ ගේ තමන් ගේ තාත්තාගේ තරමට ම වයස ඇති පුද්ගලයෙක් ඇවිත් තේජාන් ට සුහදව හිනා වෙලා කිවුවේ තේජානුත් ඔහු සමග හිනා වෙද්දි මයි…

” යමු තාත්තා….”

තේජාන් හිනා වෙලා කිවුවේ සේයා ගේ ඇස් උඩ යද්දි….

“තේජාන් මෙයාට තාත්තා කියන්නේ ඇයි…මේ ඉන්න කෙනා තේජාන් ගේ කවුද…”

කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් තේජාන් දිහා වගේම එහ් මනුස්සයා දිහත් බැලුවේ පුදුමයෙන්…

තේජාන් ගේ වචන එක්ක තේජාන් ගේ පිටට තට්ටු කරපු එහ් පුද්ගලයා කියලා තේජාන් ට තමන් ගේ ඔෆිස් රූම් එක දිහාට අත දිග් කරේ ඔහුටත් එහ් පිටිපසින් එන්න කියමින්….

” පුතා…මේ තියෙන්නේ document ටික…ඔක්කොම හරි නේද….”

කරුනාවෙන් එහෙම කියපු එහ් පුද්ගලයා ඊලග තත්පරේ සේයා දිහා බැලුවේ මූනේ හිනාව එහ් විදිහට ම රදවගෙන….

” හරි තාත්තා…බලන්න දෙයක් නෑ….”

හිනා වෙලාම කිවුව තේජාන් ඊලගට සේයා දිහා බැලුවේ කෙල්ලගේ මූනේ සටහන් වෙලා තිබ්බ ප්‍රශ්න ඔක්කොටම එකම එක කෙටි පිලිතුරක් දෙමින්…

” මේ නිසලි ගේ තාත්තා….මිස්ටර් විජේමාන්න….”

තේජාන් ගේ වචන එක්ක කෙල්ල ගල් ගැහිලා බලන් හිටියේ වචන පවා ගොලු වෙලා යද්දි…

“එතකොට තේජාන් මාව එක්ක ආවේ එයා සතුටින් ඉන්නවා කියලා මට පෙන්නන්න ද….මගෙන් ඩිවෝස් එක ගන්න ද….”

කෙල්ල තමන් ගේ හිතින් ම අහන්න ගත්තේ ඇස් වලට ආව කදුලු කැට අත්ලෙන් පිහින ගමන් මයි….

” ඔයාගේ ඔය අතේ තියෙන්නේ මොනවද තේජාන්….”

අමාරුවෙන් වචන ගැටගහා ගත්ත කෙල්ල තේජාන් ගේ අතේ තියෙන්නේ ඩිවෝස් පේපස් ද කියලා සැක හැරලා දැනගන්න ඕනි නිසාම ඇහුවේ කොල්ලගේ මූන දිහා බලාගෙන මයි…..

” ඩිවෝස් පේපස්..විජේමාන්න අන්කල් ලෝයර් කෙනෙක් නිසයි මෙතනට ආවේ……”

කිසි ගානක් නොගෙන ම එහෙම කිවුව තේජාන් හිනා වෙලාම ආයෙත් නිසලි ගේ තාත්තා දිහා බැලුවා…

“පු..තා…ඔ…යා…”

“ප්ලීස් තාත්තා…..එපා….”

අමාරුවෙන් වචන ගලපන් කතා කරන්න් හැදුව නිසලි ගේ තාත්තාගේ කතාව එහෙම්මම නතර කරලා දැන්ම තේජාන් කිවුවේ හිනා වෙලාමයි…

” සතුටින් ඉන්න පුතා…”

තේජාන් ගේ වචන එක්ක තමන් කියන්න ගියපු දේ අමතක කරපු මිස්ටර් විජේමාන්න කිවුවේ කෙල්ල දිහා ද හිනා වෙලා බලමින් උනත් කෙල්ල උන්නේ පිස්සුවෙන් වගේ ඇස් වල කදුලු පුරවන් ඇසෙන නෑසෙන තරමට ඉකි ගසමින්…

” යමු….”

කෙල්ලගේ අතින් අල්ල ගත්ත කොල්ලා කිවුවේ කෙල්ලගේ කදුලු ගානකටවත් නොගෙන…. කෙල්ල තේජාන් ගේ අතේ එල්ලිලා කාර් එකට නැන්ගේ පන රහිත පුද්ගලයෙක් වගේ….

ඊලගට ඇස් වල කදුලු පුරවගෙනම ඇස් දෙක පියා ගත්තේ කොල්ලා වේගෙන් ම කාර් එක ඩ්‍රයිව් කරද්දි….

“ඩෙවෝස් පේපස් ගෙදරට එවුවනම් මන් සයින් කරනවානෙහ්…ඇයි දෙයියනේ මට මේ තරම් රිද්දන්නේ…මාව මැරිලා යයි තේජාන්….”

කෙල්ලගේ ඇස් වලින් නිමක් නැතුවම කදුලු කැට වැටෙද්දි කෙල්ල හිතුවේ අන්තයට ම අසරන වෙලා…

විනාඩි 30 ක් වගේ කාලයක් ඇතුලට කෙල්ලට කාර් එක ඇතුලෙම නින්ද ගියේ කෙල්ලටත් නොදැනිම මයි….

” බහිනවා….”

කොල්ලගේ කටහඩත් එක්ක නින්ද ගිහින් හිටපු කෙල්ල ඇස් ඇරියේ ගැස්සිලා….

කෙල්ල වට පිට බලනවත් එක්කම කෙල්ලගේ ඇස් පුදුම උනේ මේ ඉන්නේ තේජාන් ගේ ගෙදර මුදුලේ කියලා දැනෙද්දි….

කෙල්ල ඉක්මනට කාර් එකෙන් බැස්සේ තේජාන් ආයෙත් කතා කරන්න කලින් මයි…

” එනවා…”

කෙල්ලගේ අතින් බලෙන් ම අල්ලගත්ත කොල්ලා ගේ ඇතුලට ආවේ කෙල්ලගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙද්දි….

සාලෙට ආව කොල්ලා මොහොතක් කෙල්ල දිහා බලන් හිටියේ කෙල්ල තේජාන් ගේ මූනේ ඉරියවු හදුනගන්න අසාර්ථක උත්සාහයක් දරද්දි…

ඒත් අද තේජාන්ගේ මූනේ ඉරියවු අදුන ගන්න තියා හිතන්නවත් බැරි උන කෙල්ල ඊලගට වට පිට බැලුවේ නිසලි ගේ රුව බලාපොරොත්තුවෙන්..

ඒත් කිසි කෙනෙක් පේන්න නොහිටපු නිසා ම කෙල්ල ආයෙත් තේජාන් දිහා බැලුවේ තේජාන් ගේ අතේ තියන ෆයිල් එක දිහා ද වේදනාවෙන් බලමින්…

ඊලග තත්පරේ කෙල්ල අමාරුවෙන් වචන ගලපන්න ගත්තේ පේපස් ටිකට සයින් කරලා ඉක්මන්ට ගෙදර යන්න හිතාගෙන…මොකද ආයෙත් පාරක් කෙල්ලට තේජාන් නිසලි එක්ක ඉන්නවා දකින්න තරම් හිතට හයියක් තිබුනේ නැති නිසා…

” තේ..ජා…න්…දෙ…න්…න…ම…න්…ස..යි..න්…ක..ර…න්…න…ම්……..”

කෙල්ල වෙවුලන කටහඩින් කොල්ලා දිහා බැලුවත් ඇස් රතු වෙන්න තරම් තරහින් හිටපු තේජාන් ඊලග තත්පරේ සේයා ගේ කම්මුලට පහරක් ගැහුවේ එහ් පහරේ සැරටම කෙල්ල බිම ඇදන් වැටෙද්දි….

50 කොටසින් හමුවෙමු….

හෙට අවසාන කොටස……

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

අද කොටස කරකවලා අත ඇරියා වගේ ද…..

අද කොටස ගොඩාරියක් ඉවසීමෙන් කියවන්න මගෙ පැංචෝ පැංචියෝ ටික….

කතාවේ අවසානය ගලපන්න පුලුවන් ද මගෙ පැංචෝ පැංචියෝ ටිකට…..

හරියට ම අවසානය ගැන කියන කෙනාට මන් ඉල්ලන ඕනි දෙයක් දෙනවා…🙂🙂🙂

ආදරෙයි….

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *