ඇයත් පතිනියකි 50 කොටස ( අවසාන කොටස )

50_කොටස ( අවසාන කොටස )

“තේ..ජා…න්…මො…ක…ද…මේ….”

කෙල්ල ඔලුව උස්සලා තාමත් තරහින් තමන් දිහා බලන් ඉන්න කොල්ලා දිහා බලලා ඇහුවේ අසරනව උනත් කෙල්ලගේ හැම කටහඩකින් ම කොල්ලගේ තරහා පුදුම විදිහට වැඩි උනා…..

” ව..රෙ..න්…..”

කොල්ලා බිම වැටිලා ඉන්න කෙල්ලගේ වේදනාව ගැනවත් හිතන් නැතුව බලෙන්ම කෙල්ලගේ අතින් අල්ලගෙන පහල රූම් එකට ගියේ උඩ තමන්ගේ රූම් එක තාමත් අස් කරලා නැති හින්ද මයි….. රූම් එකට ගියපු කොල්ලා කෙල්ලව ඇතුලට දාල තමනුත් රූම් එක ඇතුලට ඇවිත් දොර වැහුවේ එහ් සද්දෙට කෙල්ල ගැස්සිලා යද්දි…ඊලගට ඇස් දෙකත් රතු කරන් කෙල්ල දිහා බලපු බැල්මට කෙල්ල බිත්තියට හේත්තු උනේ කවදාවත් තේජාන් ගේ මේ තරම්තරහක් දැකලා නැති නිසාම පුදුමාකාර හිතට බයක් දැනෙද්දි මයි…. කොල්ලා පියවරෙන් පියවර කෙල්ලට ලන් වෙද්දි කෙල්ලගේ හදවත වේහෙන් ගැහෙන්න ගත්තේ එහ් සද්දේ පිටතට ඇහෙන තරමට මයි…

කොල්ලා තවත් තත්පරයක් වත් පමා නොවී කෙල්ල ලගට ඇවිත් කෙල්ලව බිත්තියට තද කර ගත්තේ එහ් රතු උන ඇස් වලින් කෙල්ලගේ ඇස් දිහා බලලා කෙල්ලගේ බෙල්ලෙන් තදින් අල්ල ගන්න ගමන් මයි….

“තේ..ජා..න්…ඔ..යා…”

කෙල්ල අමාරුවෙන් වචන ගලපන් කතා කරන්න හැදුවත් කොල්ලා තමන් ගේ අත්ලෙන් කෙල්ලගේ මුව වැහුවේ එහ් ඇස් තවත් රතු වෙද්දි….

” කට වහපන්…..”

දැඩි ස්වරයෙන් එහෙම කියපු කොල්ලා කෙල්ල දිහා මොහොතක් බලන් හිටියේ එහ් තරහින් පිරුනු ඇස් වල කදුලු පුරවගෙන …. ….

” තේජාන්…ඇයි මේ….”

කවදත් කොල්ලගේ ඇස් වල කදුලු දකින්න අකමැති කෙල්ල ඇහුවේ මෘදුව කොල්ලගේ කම්මුලක් මත අත තියලා ආදරෙන්….

” කට වහපන් සේයා…අද මන් උබව….”

කියන්න ගියපු වචන ටික එහෙම්මම ගිල ගත්ත කොල්ලා ඊලග තත්පරේ කෙල්ලව ලග තිබුන ඇදට තල්ලු කරේ ආයෙත් එහ් ඇස් රතු කරගෙන….

” කියපන්…උබ කොහෙද ගියේ…කතා කරපන් සේයා…උබ දවස් දෙකක් මොකා ලග ද හිටියේ…”

තේජාන් තරහින් ඇස් දෙකත් රතු කරන් ඇදේ වැටිලා ඉන්න කෙල්ලගේ සිරුර ට බර වෙලා ඇහුවේ කෙල්ලගේ බයෙන් වෙවුලන මූන තමන් දිහාට හරවගෙන….

“තේ..ජා…න්…ම…න්….”

“ෂ්…ෂ්….ඔක්කොටම කලින් කියපන් එදා මාව තනියම දාලා උබ ගියේ ඇයි කියලා..”

කොල්ලා කෙල්ලගේ සිරුරට බර වෙලා හිතා මතාම කෙල්ලට රිදෙන තරමට කෙල්ලගේ අතකින් තදින් අල්ලගෙන ඇහුවේ කෙල්ල ඇස් වල කදුලු පුරවන් කොල්ල දිහා අසරනව බලද්දි….

” තේජාන්…කෝ…නිසලි…ඔයා මට මෙහෙම රිද්දන්නේ ඇයි…”

තවත් ඉවසන්න බැරිම තැන කෙල්ල ඉකි ගගහා අඩමින් කොල්ලව තමන් ගේ සිරුර මතින් අයින් කරන්න අසාර්ථක උත්සාහයක් දරම්න් අහද්දි කොල්ලා තව තවත් කෙල්ලව ගේ සිරුර තමන් ගේ ග්‍රහනය වැඩි කරලා අල්ලා ගත්තේ කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න…

“ෂ්…ෂ්…එක වචනයක් හරි කතා කරලා තිබ්බොත් මන් උබව මරනවා…..”

දුකත් එක්ක ආව දැඩි තරහින් එහෙම කිවුව කොල්ලා එහෙම කියලා අඩ අඩ ම කෙල්ලගේ පපුවට තුරුල් උනේ කෙල්ලගේ එක අතක් තමන් ගේ හිසින් තියාගෙන ඔලුව අත ගාන්න කියලා ඉගි කරමින්…

කෙල්ල ඇස් වල කදුලු පුරවන් කොල්ලගේ හිසකෙස් අතරින් තමන්ගේ අතගිලි යැයුවේ තේජාන් නමින් තමන් ගේ හිතේ උතුරන ආදරෙන් වගේම කොල්ලා මේ කරන්න හදන්නේ මොකක් ද වගේම මේ වෙලාවේ නිසලි කොහෙද කියලා කෙල්ලගේ හිත තමන් ගෙන්ම ප්‍රශ්න කරද්දි…

මොහොතක් කෙල්ලගේ පපුවට තුරුල් වෙලා හිටපු කොල්ලා ඊලග තත්පරේ කෙල්ලගේ මූන මත කෙටි හාදු තවරන්න ගත්තේඇස් වලට අලුතෙන් කදුලු උනත්….කෙල්ලගෙ දෙතොල් වගේම නලලත් තදින් සිපගත්ත කොල්ලා හිතා මතාම කෙල්ලට රිද්දන්න ගත්තේ දෙතොල් ලේ පැහැ වෙනකම්ම හපමින්…

එහ් සිප ගැනීමක් නෙමෙයි…තමන් ව රිද්දනවා කියලා තේරුම් යන්න කෙල්ලට වැඩි වෙලාවක් නොගියේ තේජාන් කවදාවත් කෙල්ලට මේ තරම් රිද්දලා නැති නිසාමයි….

” තේජාන්…මාව මරන්න ද හදන්නේ…”

කෙල්ල ඇස් වල කදුලු පුරවන් කොල්ලගේ කම්මුලක් මෘදුව පිරිමදිමින් ඇහුවේ එහ් රතු වෙලා තියන ඇස් දිහත් ආදරෙන් බලන් ගමන්…

” ඔව්…උබව මරලා මමත් මැරෙනවා …..”

කෙල්ලගේ ඇස් වලට එබිලා දැඩි ස්වරයෙන් එහෙම කියපු කොල්ලා ඊලග තත්පරේ කෙල්ලගේ සිරුර මතින් අයින් වෙලා ඇදේ වාඩි උනේ දෝතින් ම තමන් ගේ ඔලුව අල්ලගෙන….

කෙල්ල තත්පරයක් වත් පමා නොකර නැගිටලා කොල්ලගේ මූන දෝතට ගත්තේ ඇස් වල කදුලු පුරවන්….

” ඇයි දෙයියනේ මේ…මට තේරෙන් නැ…මොකද මේ…කෝ නිසලි…අනේ කතා කරන්නකෝ මහත්තයෝ….”

කෙල්ල අඩ අඩ ම කොල්ලගෙන් ඇහුවේ මේ කිසි දෙයක් තමන් ට නොතේරෙන හින්ද මයි…ඒත් කොල්ලා ඒකට දුන්න උත්තරේ ට නම් කෙල්ලගේ හදවතත් මොහොතකට නතර උනා වගේ දැනුනා…

.” මන් දන්නවා…උබට ඕනි මාව ඒකිට දීලා වෙන එකෙක් ලගට යන්න…..ඒකනේ එදා මාව තනියම දාලා උබ යන්නම ගියේ…. එදා ඒකි මගෙ පපුවට තුරුල් වෙද්දි උබ හිතුවේ මන් මෝඩයෙක් වගේ ඒකිව ආයෙත් මගේ කරගත්තා කියල ද…කතා කරපන්….ඔව් උබ හිතුවේ එහෙමයි…ඒකනේ උබ එතනින් ගියේ….. මන් දැනන් හිටියා ඒකි එදා ඉදන් ම මට මොකක් හරි හංගනවා කියලා…මන් ඒකමයි ඒකිගේ පවුලේ විස්තර හොයන්න ගත්තේ…එදා ඒකි කිවුව දේවල් විශ්වාස කරා වගේ පෙන්නලා…මිස්ටර් විජේමාන්න කියන්නේ තාත්තට පස්සේ ඉන්න හොදම බිස්නස්මන්…. එහ් නිසලි ගේ තාත්තා කියලා මන් දැනන් හිටියේ නෑ…. ඒකි මට ලන් වෙලා තියෙන්නේ තාත්තගේ බිස්නස් මගෙ තාත්තට වඩා ඉහලට ගේන්න…ඒකයි මට ඒකි දුප්පත් වගේ පෙන්නලා හෙමින් ම මගෙන් හැම කෝඩ් එකක්ම අරන් ඒවා ආලෝක ට දුන්නේ…අපේ බිස්නස් වට්ටන්න…. අලෝක ඒකිව බය කරපු එකක් නෑ…. මේ හැමදේම ඒකිගේ ප්ලෑන්…මන් එදා ඒකිව විශ්වාස කරා වගේ ඉදලා ඔෆිස් එකේ තිබ්බ හැම document එකක් ම හොදට චෙක් කරා…මන් හිතුවේ තමුසේ ගෙදර ආවා කියලා…. මට තමුසේ ලගට එන්න ඕනි උනත් අවුරුදු ගානක් තාත්තා විදපු දුක මතක් වෙද්දි තමුසේ ගියේ ගෙදරනේ කියලා හිතලා ඒකි එක්ක හිටියේ මේ හැමදේම විසදගන්න ඕනි හින්දා…document බලද්දි මට තේරුනා ඒකිට මිස්ටර් විජේමාන්න එක්ක ලොකු contract එකක් තියනවා කියලා…මන් ඒකමයි මිස්ටර් විජේමාන්නව හම්බෙන්න ගියේ..ඒකී කෝල් එකක ඉද්දි එකිටත් නොකියා හොරෙන් ම…විජේමාන්න තාත්තාගේ හොද යාලුවෙක් හින්ද ම මාවත් හොදට අදුරනවා…මන් විස්තරේ කිවුවම විජේමාන්න ගොඩක් දුක් උනා….එතකොටයි මන් දන්නේ එහ් නිසලි ගේ තාත්තා කියලා…. නිසලි අපේ කම්පැනි එකේ ගොඩක් බ්‍රාන්ච් අලෝක ලා එක්ක එකතු වෙලා එහ් කම්පැනි එකට පවරගෙන…හොර සයින් ගහලා…. විජේමාන්න පවා මෙ දේවල් දැනන් ඉදලා නෑ…. මන් කතා කරද්දි එතන හිටපු විජේමාන්න ගේ සකට්රි excuse කරලා ඇවිත් කිවුවා විස්‍තරේ…එහ් හැමදේම අහන් ඉදලා…මැඩම් සර් ට කියන්න එපා කිවුවා කියලා…එතකටයි විජේමාන්න දන්නෙත්…. එහ් මනුස්සයා මට තාත්තා කෙනෙක් වගේ….ඒකයි එහ් මනුස්සයාට මන් තාත්තා කිවුවේ… එහ් මනුස්සයා නිසලි ට එන්න කියලා හොදට ම දොස් කිවුවා මන් ඉන්න තැනම….හොදම හරිය…ඒකි මැරි කරපු එකියක්…මාත් එක්ක affair තිබ්බ කාලේ හස්බන්ඩ් ඉදලා තියෙන්නේ රට…හස්බන්ට් ආව ගමන් ඒකි අතුරුදහන් උනේ ඌ මේවා දැනගයි කියලලු…. ඒකි ගේ කටින් ම හැමදේම කිවුවා… ඒකි කරලා තියෙන්නේ බොරුවක් කියලා මට තේරුනේ ටානියා නමින් ඉන්නේ ඒකි කියලා දැනගත්ත වෙලාවෙමයි…එහ් හින්දා මට දුකක් දැනුනේ නැ…ඒකි හින්දා මන් මගෙ ජීවිතේ විනාස කරගත්ත එකට මට මන් ගැනම කලකිරීමක් විතරයි තිබුනේ… මන් හැම ප්‍රශ්නයක් ම විසදගෙන ගෙදර ට එද්දි උබ නැ…. මන් හැමතැනම පිස්සුවෙන් වගේ උබව හෙවුවා ..උබගේ ගෙදර දවසකට තෙතුන් පාර ගියා….උබගේ අම්මට විස්තරේ නොකිවුවට මන් කිවුවා උබ ආව ගමන් මට කියන්න කියලා…මන් පොලිසියට ගිහින් කිවුවා උබව හොයලා දෙන්න කියලා…දවස් දෙකක් වෙලත් උබ නැති වෙද්දි…උබ දන්නව ද මේ දවස් දෙකට මන්විදවපු තරම්… උබ දන්නවද සේයා උබ හින්දා මන් අඩපු තරම්… මන් අද අන්තිම වතාවට උබගේ ගෙදර ට ආවේ අදත් උබ නැති උනොත් මන් මේ ලෝකෙන් ම යනවා කියලා හිතාගෙන…උබ කොහොමද එහෙම හිටියේ…මාව තනි කරලා දාලා…. කතා කරපන්…උබ හිතුවද මන් නිසලි ව තුරුල් කරගද්දි මන් ඒකි කිවුව හැමදේම පිලිගත්තා කියලා…එහ් වෙලාවෙම උබව අත ඇරලා දැන් මා කියලා..උබ හිතුවද මන් මෝඩයෙක් කියලා..ඒකි කරන්නේ බොරුවක් කියලා මට නොතේරෙන්න තරම්….ඔව්..උබට ඒක තේරුනා..ඒත් .උබට මගෙන් වැඩක් නෑ….ඒකයි උබ මේ තියෙන්නේ ඩිවෝස් පේපස් කිවුව ගමන් මන් සයින් කරන්නම් තේජාන් කිවුවේ…මේ ඩිවෝස් පේපස් නෙමෙයි…මිස්ටර් විජේමාන්න අපේ කම්පැනි එකෙන් පිටට ගියපු ප්‍රොපටීස් ආයෙත් මගෙ නමට ම පවරපු documents…ඒත් උබ මන් මේ ඩිවෝස් පේපස් කිවුව ගමන් සයින් කරන්නහැදුවා….උබට මගෙන් වැඩක් නෑ….. පලයන්…උබට ඕනි ඒකනේ…හැබැයි මේ ගෙදරින් එක අඩියක් තියලා තිබ්බොත් මන් උබව මරනවා සේයා….”

තේජන් මේ දවස් දෙකේ උන හැමදේම කියාගෙන ගියේ විටෙක කේන්තියෙන් වගේම තවත් විටෙක දරාගන්න බැරි ලොකු හිත් වේදනාවකින්…. ඒත් අන්තිම වචන ටික නම් කිවුවේ කෙල්ල දිහා පුදුම විදිහට තරහින් බලලා….

මෙච්චර වෙලා තේජාන් කිවුව හැමදේම ගල් ගැහිලා වගේ අහන් හිටපු කෙල්ල හයියෙන් අඩාගෙන තේජාන් ගේ පපුවට තුරුල් උනේ තමන්ගේ පපුව පුදුම විදිහට වේදනා දෙද්දි මයි…

” අනේ මට සමාවෙන්න තේජාන්.”

කෙල්ල පිස්සුවෙන් වගේ කොල්ලගේ පපුව සිප ගනිමින් කිවුවේ තවත් හයියෙන් අඩමින්….

” අයින් වෙයන්…උබ මන් නැතුව දවස් දෙකක් හිටියා…මන් ආදරේ කරාට උබ මට ආදරේ නෑ….”

තේජාන් සේයාව තමන් ගේ තුරුලෙන් බලෙන්ම අයින් කරලා කිවුවේ ගිනිපුපුරන තරම් තරහින්….

කෙල්ල එහ් තරහා තැකීමක් නොකරම ආයෙත් තේජාන් ගේ පපුවට තුරුල් උනේ තේජාන් ට ආයෙත් තමන් ව එහ් පපුවෙන් ඈත් කරන්න බැරි තරමට තදින් එහ් පපුව දෑතින් ම අල්ලගෙන….

” කතා කරපන්…උබ කොහෙද හිටියේ….”

කෙල්ලව තමන් ගේ පපුවෙ ඈත් කරන්න බෑ කියලා තේරුම් ගත්ත කොල්ලා ඇහුවේ හයියෙන් කෑ ගහලා අඩමින්…

කෙල්ල මේ දවස් දෙකේ උන හැමදේම එහ් පපුවට තුරුල් වෙලා කිවුවේ තේජාන් ගේ තරහා ක්ෂනයෙන් නැති වෙලා ඇස් වලින් කදුලු ගලන් යද්දි…

” මන් උබට වඩා විදෙවුවා මයේ අම්මා…. උබ නැතුව මට පිස්සු හැදුනේ නැති එක විතරයි…. මට සමාවෙයන්….”

කෙල්ලගේ කතාව අවසානේ කොල්ලා කෙල්ලව පෙරටත් වඩා තමන් ගේ පපුවට තුරුල් කරගෙන කිවුවේ ඇස් වලින් නිමක් නැතුවම කදුලු ගලන් යද්දි….

කෙල්ල අඩ අඩ ම එහ් පපුවට තුරුල් වෙලා තවත් විනාඩි කිපයක් එහ් විදිහට ම හිටියේ කොල්ලා හිතේ උතුරන ආදරෙන් කෙල්ලගේ ඔලුව සීරුවට අත ගාද්දි…

ටික වෙලාවක් කෙල්ලට එහෙම ඉන්න දුන්න කොල්ලා ඊලග තත්පරේ කෙල්ලගේ මූන තමන් ගේ දෝතට අරන් මීට ටික වෙලාවකට කලින් තමන් කෙල්ල එක්ක තිබ්බ තරහටම ලේ පැහැවෙන්න රිද්දපු ලිප්ස් දිහා බැලුවේ අසරන ව….

“රිදුන ද මගෙ මැනික….උබ මාව තනි කරපු තරහට මට මාව කන්ට්‍රෝල් නැති උනා….”

කොල්ලා බිදුනු ස්වරයෙන් එහෙම කියලා කෙල්ලගේ ලමැදේ තමන් රිදෙන තරමට ම සිප ගත්ත තාමත් රතු වෙලා තියන තැන හිමින් සිප ගත්තේ කෙල්ලගේ වේදනාව නැති වෙලා හිත කියාගන්න බැරි තරම් ආදරෙන් පිරෙද්දි….

” මට රිදුන් නෑ මහත්තයෝ…”

කෙල්ල හිනා වෙවීම කියලා කොල්ලගේ කම්මුලක් මත දෙතොල් තැවරුවේ ආදරෙන්….

” මට මේ වගේ ලස්සන ඒත් මේ වගේ අහිංසක නැති චුටි පැංචියෙක් ඕනි මැනික….අදම…මේ දැන් ම…එතකොට උබට කවදාවත් ආයෙත් මාව දාලා යන්න බෑ…”

කොල්ලා ඇස් වල කදුලු පුරවන් කිවුවේ ආදරෙන් කෙල්ලගේ නලල මත දෙතොල් තියලා ආයෙත් කෙල්ලව තමන් ගෙම අරගන්න අවසර පතමින්….

කෙල්ල අහිංසක විදිහට හිනා වෙලා කොල්ලගේ පපුවට තුරුල් උනෙ ලැජ්ජාවට ම මූන රතු කරන්…

” මගෙ හුස්ම ටික…. මට දෙයක් පෙන්නන්න තියනවා මැනික….”

කොල්ලා කෙල්ලව ආයෙත් පාරක් තමන් ගේ පපුවෙන් ඈත් කරලා කිවුවේ ආදරෙන්…

” මොකක් ද මහත්තයෝ….”

කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් හුරතල් විදිහට ඇහුවත් කොල්ලා පෙන්නපු දේ නිසා කෙල්ලගේ මුලු පපුවම රිදුන් දෙන්න ගත්තා….

කොල්ලගේ කකුල් දෙකේම සේයා ගේ නම සටහන් වෙද්දි කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවගෙනම තේජාන් දිහා බැලුවේ ඇස් අදහගන්න බැරුව…ඒත් කොල්ලා ආදරෙන් කෙල්ලගේ ඔලුව අත ගෑවේ කෙල්ලගේ දුක තවත් වැඩි කරලා……

” තේජාන්….ඇයි මහත්තයෝ මේ…”

කෙල්ල අඩ අඩ ම තේජාන් ගේ ඇස් දිහා බලන් ඇහුවේ කටහඩ පවා පිටතට නෑසෙන තරමටම දුර්වල වෙලා යද්දි….

” උබ නැතුව මට මේ ගෙදර එක තත්පරයක් වත් ඉන්න හිත දුන්නේ නෑ මයෙ අම්මා…හැම තත්පරේම මට උබගේ හිනාව මැවිලා පේන්න ගත්තා…උබේ නම මගෙ පපුවේ ගැබුරින් ම ලියවිලා ඉවරයි…ඒත් හිතේ දුක දරාගන්නබැරි තරමට ම වැඩි වෙද්දි බ්ලේඩ් එකක් අරන් උබේ නම කවදාවත් මැකෙන් නැති වෙන්න ලියා ගත්තේ උබට ඇරෙන්න මට වෙන කාටවත් ලන් වෙන්න බැරි හින්දමයි….දැන්වත් උබ මාව සැක කරන එක,මාව දාලා යන්න හිතන එක නැති වෙයි නේද මයෙ අම්මා…උබ මගෙ හුස්ම ටික…උබ නැති ජීවිතයක් නෑ මට….”

කොල්ලා අහිංසක විදිහට හිනා වෙලා කිවුවේ කෙල්ල අඩ අඩ ම කොල්ලගේ කකුල් දෙකම පිරිමදිද්දි….

තමන් ගේ නම ලියන් තිබුන එහ් කකුල් දෙකේම තාමත් ලේ පාරවල් එහ් විදිහට ම තියෙද්දි කෙල්ලගේ පපුව පිච්චිලා ගියේ කොයි තරන්නම් වේදනාවක් දැනෙන්න ඇති ද කියලා හිතද්දි…කෙල්ල කීප සැරයක් ම කොල්ලගේ කකුල් සිප ගත්තේ ඇස් වලින් නිමක් නැතුවම කදුලු ගලන් යද්දි….

” දැන් ඇති මැනික….කෝ එන්න….”

කෙල්ලගේ ඇඩිල්ලත් සිප ගැනීමුත් අවසන් වෙන පාටක් නැති නිසාම කොල්ලා කිවුවේ මූනට හිනාවක් අරන් කෙල්ලව බලෙන් ම තමන් ගේ මූනට ලන් කරගෙන….

” මැනික මට චූටි පැටියෙක්…..”

කොල්ලා ආදරෙන් කෙල්ලගේ කම්මුලක් මිරිකලා කියද්දි කෙල්ල එහ් පපුවට තදින් තුරුල් උනේ පුදුම තරම් ආදරෙන්….

” ඔයා වගේ පැංචෙකුත් ඕනි…”

කෙල්ල මූන රතු කරන් කියද්දි කොල්ලා හිනා වෙවීම කෙල්ල ගේ දොතොල් වලට බර උනේ කෙල්ලගේ අනුමැතියත් එක්ක මයි….

තවත් විනාඩි කීපයකින් කොල්ලගේ දෙතොල් කෙල්ලගේ මුලු සිරුරෙන් ම දැනෙන්න ගත්තේ කෙල්ල දෙවෙනි පාරටත් තේජාන් ගෙම වෙමින්……

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මාස 6 කට පසු…….

” බෑ මට අදම ඕනි..මේ දැන්ම….නැත්නම් මන් පයින් ම යනවා….”

” කියන දේ අහන්නකෝ මැනික…හවස් වෙලා අයිස් ක්‍රීම් කාලා ඊට පස්සේ අසනීප උනොත්…..”

කොල්ලා කිවුවේ අසරනව කෙල්ල දිහා බලලා…

කෙල්ල උන්නේ සාලේ ටීවි එක ලග….කෙල්ල මේ අයිස් ක්‍රීම් ඉල්ලලා අඩන්නේ දවල් 12 විතර ඉදන්….කෙල්ල සීතල කෑම කාලා අසනීප වෙයි කියලා බය හින්දම කොල්ලා කෙල්ල්ව ශේප් කරන්න හැදුවත් කෙල්ල නම් අදහස වෙනස් කරන්නෙම නැති පාටයි…

” තාත්ති අම්මිට ආදරේ නෑ දෝනි…අයිස් ක්‍රීම් අරන් දෙන්න බෑලු….”

කෙල්ල පස් මසක් වෙන තමන් ගේ කුසින් අත තියලා කිවුවේ ලෝකෙම නැති උනා වගේ දුකින් ඇට් කරමින්…

” මගෙ චූටි දෝනි…අනේ ඔයානම් අම්මි වගේ ඕවර් ඇක්‍ටින් මල්ලක් වෙන්න එපා…එහෙම උනොත් මේ තාත්ති පවු….”

කොල්ලා තරහින් ඉන්න කෙල්ලගේ කම්මුලක් රිදෙන තරමට මිරිකලා කෙල්ලගේ කුසට මූන තියන් ඉපදෙන්නය ඉන්න දරු පැටියට කිවුවේ ආදරෙන්….

“කෝ යමු…හැබැයි එකයි හොදද …”

කෙල්ලගෙන් බේරෙන්නම බැරි තැන කොල්ලා කිවුවේ මූනත් දෙක කරන්….

“අනේ…ආදරෙයි මහත්තයෝ….”

කෙල්ල හිනා වෙවීම කොල්ලගේ නලල මත දෙතොල් තැවරුවේ ඈත ඉදන් හිනා වෙවීම තමනුත් තේජාන් දිහත් බලන් ඉන්න මිස්ටර් මුනසිංහ දිහත් හිනා වෙවීම බලලා…

” සේයා…පුතේ ඉක්මනට එන්න…අද අම්මයි නංගියි සහස් පුතයි එනවා කිවුවනේ..”

තේජාන් වගේම සේයා ත් යන්න ලෑස්ති වෙද්දි මිස්ටර් මුනසිංහ හිනා වෙවීම කිවුවේ දෙන්නා තව පැය දෙක තුනකටවත් එන්නේ නෑ කියලා අත්දැකීමෙන් ම දන්න නිසා….

” හරි තාත්තේ… විනාඩි 10න් එනවා….”

කෙල්ල එහෙම කියලා කාර් එක නැංගේ dtvng ශීට් කේ ඉදන් ඉන්න කොල්ලගේ කම්මුලට රිදෙන තරමට ම හාදුවක් දීලා….

” මගෙ පිස්සි…ආදරෙයි…..”

කොල්ලා හිනා වෙවීම කෙල්ලව පපුවට තුරුල් කරගත්තේ වචන කරගන්න බැරි තරම් මහ ගොඩක් ආදරෙන්……..

සමාප්තයි……

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ඔන්න තේජාන් සේයාගෙම උනා…..

මෙච්චර දවසකට කතාවේ දීර්ගම කොටස දැන්මේ අද….

කතාව ගැන ඔයාලට හිතුන දේ අවසාන වතාවට දිගම දිග කමෙන්ට් එකකින් කියන්න යාලුවනේ…..

මෙච්චර දවස් කතාව කියවපු ඒත් කමෙන්ට් නොකරපු මගෙ යාලුවෝ ටිකගෙනුත් ආදරයෙන් ඉල්ලන පුංචි ඉල්ලීමක්….කතාව ගැන ඔයාලට හිතුන දේ දීර්ග කමෙන්ට් එකකින් කියන් යන්න…

කතාව එක්ක හිටපු 6000 ට ආසන්න යාලුවේ පිරිසට ගොඩාරියක් ආදරෙයි….

මන් හිතනවා මගෙ ඊලග කතාව එක්කත් මේ විදිහට ම ඉදියි කියලා….

කතාවේ අවසානය කවුරුත් හරියට කිවුවේ නැති නිසා මන් අර දෙනවයි කිවුව ඒව කැන්සල් කරා….හී හී….සමහර යාලුවෝ ආසන්න කමෙන්ට්ස් දාලා තිබුනත් හරියටම අවසානේ කවුරුත් කියලා තිබුන් නැහැ…..🤪🤪🤪

මගෙ අලුත් කතාව එක්කත් මේ විදිහටම ඉදියි කියලා හිතනවා…අලුත් කතාවට තාම නමක් තීරනය කරලා නැති උනත් අනිවාරෙන්ම අද රෑ 7 ට කතාව පළ කරනවා යාලුවනේ…ලස්සන නමකුත් එක්කම….

ආදරෙයි…..

විහා දිසානායක 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *