ඔබ මගේම නම්………………………..

25

කිනාල් නම් හොදම නෑ..මොකොටද කියන්න ගියෙ මන් හරිතට ආදරෙයි කියලා….නපුරා මන් ගැන මොනා හිතුවද දන්නෙ නෑ..මට දැන් මෙතන ඉන්න නම් බෑ…

මන් යනවා..ඔයාලා ප්‍ර්ශ්න විසද ගන්න..

මන් එක පිම්මට කාමරේට දුවන් ආවා..හරිත මගේ හිත කොහොම තේරුම් අරගෙනද මන් දන්නෙ නෑ…ඒත් මන් ඔයාට ගොඩක් ආදරෙ කරන්න අරන්..වෙනදා වගේ නම් ඔයා බැනපු දේවල් වලට මෙලහකට මන් බඩු අකුලන් ගිහින්..ඒත් ඔයත් එක්ක පුන්චිම වත් තරහක් මගෙ හිතට දැනෙන්නේ නෑ හරිත…ඔයා ලග ඉන්න තියෙන හැම තත්පරයක්ම නැති කරගන්න මන් පොඩ්ඩක් වත් ආස නෑ…පොඩ්ඩක් වත්…

ආදි

නපුරා කොයි වෙලේද රූම් එකට ආවෙ..මට දැනුනෙත් නෑනි..නපුරා මන් දිහා බලන් ඉන්නවා..මේ වෙලේ නපුරගෙ හිතේ ඇත්තෙ කොයි වගෙ දෙයක්ද…මට බෑනි තවම නපුරගෙ හිත කියවන්න …

ආදි

ම්ම්

මට සමා වෙන්න

සමාව දුන්නා

තරහා නැද්ද

නෑ

දුක හිතුනද

හ්ම්ම් බය වුනා ගොඩක් බය වුනා ඔයා මට නැති වෙයි කියලා බය වුනා…මගෙ හිත කියන දේ ඔයාට ඇහෙනවනම් හරිත කිසිම දාක ඔයා මගෙ හිත රිද්දන්න උත්සාහ වත් නොකරාවි…

ඔය ඔය ඔන්න කල්පනා කරනවා..කියනවකො සමාව දුන්නා කියලා

හ්ම්ම් දුන්නා

මගෙ හොද පොලගි

හ්ම්ම්

පොලගි

ම්ම්

අරු කියපු දේ ඇත්තද

මොකක්ද

මට ආදරෙයි කියලා

ඔයාට මගේ ආදරෙ තේරෙන්නෙ නැද්ද හරිත …

කියනවකො ඒ ජෝක් නේ

අහ්..මාව වත් මගේ හැගීම් වත් නොදැනෙන ඒවා ජෝක් කියලා හිතන කෙනෙක්ට ආදරෙයි කියන එක මෝඩකමක්..

ඔව් ජෝක්

මගෙ හිත මගේ ලගම හන්ගන් ඔයාට ඕනි උත්තරෙ මන් දුන්නා හරිත…සතුටුයි නේද ඔයාට

ඒකනි..ඌට පිස්සු පොලගි මට ආදරෙ නෑ…හැබැයි එක දෙයක්

මොකක්ද

අදින් පස්සෙ ඔයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්..ඔන්න ප්‍රොමිස් හොයන්නෙ බලන්නෙ නැතුව මන් බනින්නෙ නෑ නෑමයි…

ඔයා කියනවා මන් අහන් ඉන්නවා…හ්ම්ම් කමක් නෑ…අඩු තරමෙ මන් ඔයාගෙ යාලුවෙක් වත් උනානි…එහෙම හරි මට ඔයා ලග ඉන්න පුලුවන් නේ…ඒ ඇති මට

කෝ දානවා පහක්…මන් දැන් යන්න ඕනි ආදි …නන්ගිගෙ ප්‍ර්ශ්නෙ හොයන්න ඕනි..මමීව සෙට්ල් කරන්න ඕනි…ඕකේ…ගිහින් එන්නම්..පරිස්සමට ඉන්න …

හ්ම්ම් කමක් නෑ…ඔයාගෙ ආදරෙ නැතුවට ඔයාගෙ යාලුවෙක් වත් උනානි මන් ඒ ඇති…

……….

අම්මි ,ලොකු සර් ,අප්පච්චි ගොඩාක් දුක් උනා මට බබෙක් නෙමී කියලා දැනගෙන …ඔයාලට ඒ සතුට මට කවදාවත් දෙන්න බැරි වෙයි…

ඔහොම්ම සති දෙකක් ගෙවිලා ගියා …නන්ගි ගැන අපි තුන් දෙනා ඇරෙන්න ගෙදර අය දැනන් උන්නේ නෑ..

මන් මල් වගයක් අරන් උඩ රූම් එකට යද්දී නන්ගිගෙ කාමරෙන් කෙදිරිලි සද්දයක් ආවා..අවසර නැතත් මන් ටිකක් නැවතිලා අහන් උන්නා..එන්න එන්න ඒ සද්දෙ වැඩි වෙනවා..තවත් බලන් ඉන්න බැරිම තැන මන් නන්ගිගෙ රූම් එකෙ දොර ඇරියා..

අනේ දෙවියනේ නන්ගි ලේ විලක් මැද ..

නන්ගි..අනෙ නන්ගි මොකො මේ..නන්ගි නැගිටින්න

නන්ගිට කතා කරගන්න පණක් නෑ..චූටි කෙල්ල නොතේරුම් කමට දගලන්න ගිහින් මොනා හරි උනාද

ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ..අනෙ මන් මොකො කරන්නෙ..

ඉක්මනට දුවන් ගිහින් හරිතට කෝල් එකක් අරන් විස්තරය කිව්වා..විනාඩි පහලවක් යද්දි නපුරා ආවා..

අපි නන්ගිව හොස්පිට්ල් අරන් ගියා..මෙච්චර කල් රහසක්ව හන්ගන් උන්නු දේ දැන් එලි වෙන්නයි යන්නෙ

නන්ගි එයාගෙ බොයිෆ්‍රෙන්ඩ්ගෙ කීමට දරුවව ඇබෝශන් කරලා…හරි ඩොක්ට කෙනෙක් ගෙන් පතිකාර කරගෙන නැති හින්දා අදික ලෙස ලේ ගිහින්…පව්..මට කොච්චර කොහොම විදියට සැලැකුවත් තුන් හිතකින් වත් හොද වැඩෙ කියලා හිතන්නෙ නෑ මන්..මොනා උනත් ඒ මගෙත් නන්ගි….

නන්ගි ටිකක් කෝමා වෙලා වගේ ලේ දැකලා බය වෙලා..ගෙදර ගෙනාවත් එයා උන්නෙ බලාගත්තු අත ඔහෙ බලාගෙන..

සේරම නපුරුකම් අතඇරලා මන් එයා වෙනුවෙන් කැප උනා…අම්මි වගේම නන්ගිත් මගේ හොදම යාලුවෙක් වෙන්න වැඩි කල් ගියෙ නෑ..

දෙවියො කරන්නෙ හරි පුදුම දේවල් ..අපි බැදීම් අත් හරින්න සුදානම් වෙද්දි මොකක් හරි කරලා අපිව තියා ගන්නවා

හැම රෑකම හරිත නන්ගි වෙනුවෙන් ස්තූති කලා..එයාට තේරෙන්නෙ නෑ..මන් එයාව,එයාගෙ අයව මගෙ කියලා පිලි අරන් ඉවරයි..ඒත් එයාට තවම මන් පිට..

හුම් කමක් නෑ හරිත ..මේ ගෙවිලා යන්නෙ ඔයත් එක්ක ගෙවන්න තියෙන සීමිත කාලය..ඒ කාලය මට ගොඩක් වටිනවා..ගොඩක්..ඔයා මාව පිට කෙනෙක් විදියට සැලකුවට,මගෙ ආදරෙ විහිලුවක් කියලා හිතුවට කමක් නෑ ඇස් මානයෙ ඔයා ඉන්න එකම මට සතුටක්…

………

මන් මෙහෙට ආවට පස්සෙ හරිතලාගෙ ගෙදරින් ඕගනයිස් කරපු පලවෙනි ට්‍රිප් එක..එයාලගෙ පවුල..කිනාල්ලගෙ නතාශගෙ පවුල් තුනම එකතු වෙලා අපි නුවර ආවා….

හිත රිදෙන තැවෙන දේවල් බොහොමයි..මන් ශීට් දෙකක ශීට් එකක තනියෙන් යද්දී හරිත නතාශා එක්ක මට ඉස්සරහා ශීට් එකේ ගියා…කිනාල් මගෙ ලගට එන්න හැදුවත් මන් එයාට එන්න එපා කීවා..හැමෝම හරිතයි නතාශයි සහෝදර බැම්මෙන් බැලුවට මන් දිහා එහෙම බලයිද..නිකම්.කතා අහගන්න ඕනි නෑ…අනික ඒක කිනාල්ටත් හොද නෑ….

දලදා වහන්සෙ ලග වැදලා අනිත් පැත්ත හැරෙද්දි හරිත මන් ලග…

පොලගි

ම්ම්

මොනාද ඉල්ලුවෙ

මුකුත් නෑ

ඇයි

මට ඉල්ලන්න දෙයක් නෑ

සමාවෙන්න බුදු සාදු..මන් බොරු කියනවට..ඔයාගෙන් මන් හරිතගෙ ආදරෙ මට තත්පරේකට හරි දෙන්න කියලා ඉල්ලුවා .ඒත් මන් ගැන හැගීමක් නැති කෙනෙක්ට ඒවා කියන්න බෑ

ඇයි මුකුත් ඉල්ලුවෙ නැත්තෙ

ඉල්ලන්න තරම් වටින දෙයක් නැති නිසා

මන් නම් ඉල්ලුවා

මොකක්ද

ඉක්මනට අවුරුද්ද ගෙවිලා යන්න කියලා

අනේ හරිත ඔයා මගේ යාලුවලු..ඒත් යාලුවෙක් තරම් වත් මාව මගේ හිත තේරුම් අරන් නෑ..මේ හිතට ඔච්චර දුක් දෙන්න එපා..ඔයා අවුරුද්ද ගෙවනකම් බලන් ඉන්නෙ මන් ඔයාට කරදරයක් කියලා හිතෙන නිසාද..දෙයියනේ මට තවත් නම් මේවා උහුලන්න බෑ..

මටත් නොදැනි මගෙ ඇස් ඉස්සර වෙන්න ඇති..ඔව් මටත් තියෙන්නේ හිතක් දුක දැනෙන

ආදි ඔයා අඩනවා..ඇයි

හුම්..ඔයාට දැන්වත් නෝතේරෙන්නෙ ඇයි හරිත මන් මේ අඩන්නෙ ඇයි කියලා ..ආයෙම මන් මගෙ හැගීම් ඔයාට කියන්න යන්නෙ නෑ..ඔයා බලන් ඉන්න දේ මට තේරෙනවා

අනෙ සොරි ආදි..මන් හිතලා කීවෙ නෑ .සොරි..අනෙ මන් එහෙම දෙයක් ඉල්ලුවෙ නෑ අවුස්සන්න කීවෙ අනෙ ප්ලීස්..එන්න අඩන්න එපා..අපි අයිස්කීම් කමු

කිනාල්ගෙත් හරිතගෙත් අතර තියෙන එකම සමානකම..ප්‍ර්ශ්නයක් ආවම අයිස්ක්‍රීම් කන එක…හුම්

හරිත මාව ඇදගෙන අයිස්ක්‍රීම් විකුනන තැනට ගියා…අයිස්ක්‍රීම් වල තියෙන සීතලට මගෙ හිතෙ තියෙන ගින්දර නිවන්න බැරි වෙයි හරිත ඒක ඔයාට තේරෙන්නෙ නෑ…

ආ මගෙ පොලගියෙ..හැම තිස්සෙම අඩන්න එපා..හරිද හිනා වෙලා ඉන්නවකො…මන් මේක නතාශට දීලා දුවලා එන්නන්

මන් එක්ක ඉද්දිත් ඔයාට නතාශවම මතක් වෙන්නෙ..හුම්..ඕනි නෑ මට අයිස් කීමක්..

හරිත යනකම් ඉදලා මන් අයිස්ක්‍රීම් එක විසික් කලා

අයියො අපරාදෙ බම්

ඒකනි..නන්ගි..තිබ්බනි අපිට දෙන්න

පව් බම්..අරු කෙල්ලො දෙන්නටම අයිස් අරන් දෙනවා අපිට තමයි එකෙක් වත් නැත්තෙ..

නෑ බන්..මෙයාට නෙමි..අතන ඉන්න මැකෝ ගිරවිට අරන් දිව්වා..ඒකට නිකම් ගිරවිට ජෙල වගේ

ඕවා ගනන් ගන්න එපා නන්ගි..අපි ඉන්නෙ ඔයාට

කොල්ලො හතර පස් දෙනෙක් මාව වට කරන්

ආ නන්ගි අපිත් ලස්සන කොල්ලො තමයි අර කබ්බා වගේද…ඌට සිහියක් නෑ වගෙ මැකෝ ගිරවි දැක්කම..අපි කැමති නෝමල් ගිරවියන්ට

මට පාඩුවෙ ඉන්න දෙන්න

අනෙ ඇයි නන්ගි..එන්නකො ආ..අපි ලගත් තියෙනවා හොද හොද……

ශික් කියපු ජරා කතාව..මට දැන් මෙතනින් යන්න ඕනි..ඒත් කොහොමද මෙයාලා මාව වටකරන්

අනෙ නන්ගි කොහෙද යන්නෙ..අරූ එපා අනෙ..

අතෑරපන්

ඇයි අතාරින්නෙ නෑ මොනා කරන්නද..

කරන්නෙ කරන දේ පෙන්නන්නන් මන්

ඇයි ගේමද ආ…

ඔව්

උඹට අර මැකො ගිරවි ඉන්නෙ දෙකක් මේන්ටේන් කරන්න බෑනි..මේකි දියන් අපිට

මොකක්ද කීවෙ

හරි දේ කිවෙ..අපි සේරම බලන් උන්නෙ..මේකිට නෙමී නෙ ලව්..අරකිට නෙ..අපිට දියන්

උඹලා දන්නවද උඹලා කාටද ඔහොම කතා කරන්නෙ කියලා ආ

කාට උනත් උඹේ නෙමියි නෙ

යකො මේ මගෙ වයිෆ්..පලයල්ලා අහකට

සෙනගක් මැද මන් එයාගෙ වයිෆ් කියලා කිව්වමයි එයා…

කොල්ලො ටික උඩ බිම් බල බල යන්න ගියා..

ගොඩක් ස්තූතියි හරිත

ඔයාට රිදුනද

නෑ

එන්න යන්

හරිත මාවත් එක්කන් අපි ආව බස් එකට නැග්ගා..මේ පාර හරිත ඉදගත්තෙ කිනාල් ලගින්..

කිනාල් මට මැසේජ් එකක් එවලා තිබුනා

මැට්ටි මන් සේරම බලන් උන්නෙ..සොරි ලගට ආවෙ නැතුවට ..අරු මොනාද කරන්නෙ කියලා මන් බලන් උන්නෙ..සතුටුයි නේද ම්ම්..ඌ ඔයා වයිෆ් කියලා කියපු එකට

හ්ම්ම්

මන් පස්සෙ මැසේජ් කරන්නම්..මූ මොනාද කියෝනවා

හා

පෝන් එක අයින් කරලා මන් පාර බලන් ආවා..දන්නෙ නෑ දෙවියන්ට ඕනි මොනා කරන්නද කියලා ..ඒත් මට සතුටු වෙන්න තරම් දෙයක් නෑ

මේ එක්ස්කියුස් මී හලෝ..මන් මෙතනින් ඉදගන්නද

කවදාවත් නැතුව නතාශා මන් ලගින් ඉදගත්තා ..ඒත් මොකටද

හ්ම්ම්

මට තමුන් වගෙ දෙකයි පනහෙ අයත් එක්ක කතාවක් නෑ..ඒත් එකක් හරිත අයියගෙන් ඈත් වෙලා ඉන්නවා

මොකක්

ඔව්..තමුසෙ මන් ආදරෙ කරන හැමදේම උදුර ගන්නවා..මොනාද හලෝ තමුසෙට තියෙන්නේ ..මන් වගේ ලස්සන වත් තියෙ නම් කමක් නෑ..මට නොලැබෙන කිසිම දෙයක් තමුසෙ වගෙ හිගන්නියෙක්ට ලැබෙන්නෙ බෑ..මේ මගෙ ලාස්ට් වෝනින් අයින් වෙනවා හරිත අයියගෙන්..

–මතු සම්බන්දයි—
අද සිද්දි ගොඩායි….ඩේටා ඉවර වෙයි කියලා බයට ලියාගෙන ලියාගෙන ගියා..කතාව පැටලිලා ව්ගේද මන්දා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *