ඔබ මගේම නම්——————01 – Savi Vithanage

මන් අප්පච්චිට දන ගහලා වැන්දා.අප්පච්චිගෙ රැවුල වැවිලා හොදටම..අද එනකොට අලුත් රේසරයක් අරන් ඇවිත් අප්පච්චිගෙ රැවුල කපලා දාන්න ඕනි..ගේ ඇතුලෙම ඉදලා අප්පච්චිට එපා වෙලත් ඇති..මේ පෝයට වත් අප්පච්චි එක්ක සිල් ගන්න යන්න ඕනී..සිල් රෙදි දෙකත් හොදටම පරණ වෙලා..අද එද්දි ඒවත් අරන් එන්න ඕනී..

යන්නම් අප්පච්චි

මන් හෑන්ඩ් බෑග් එකත් කරෙ දාන් ගේ ඇතුලින් එලියට අඩිය තිබ්බා..

කුමාරිහාමි..මේ උදේ උයපු වලන් ටික කවුද දන්නෙ නෑ හෝදන්නෙ

වෙනදට උදේට උයලා උයපු බාජන ටිකත් මන් සෝදලයි යන්නෙ..ඒත් ඉතින් අද මල්ලිට කිකට් ප්‍රැක්ටිස් කියලා සැන්විචර්ස් ඉල්ලුවනී..බතුයි මාලු පිනි තුනයි.සැන්විචුයි..උදේට කට්ටියගෙ තේ ටිකයි හදන්න ගිහින් අද ගොඩක් වෙලා ගියා..අනිත් එක අද නැගිට්ටෙත් පරක්කු වෙලා…

අනෙ නැන්දෙ මන් හවසට ගෙදර ඇවිත් ඒවා හෝදන්නම්

එතකන් මෙතන මැස්සො වහ වහා තියන්නද කියන්නෙ ආ..
.

අනේ නැන්දේ අද අලුත් සර් එනවා..දැනටමත් හොදටම පරක්කු වෙලා තියෙන්නෙ ඇවිත් සෝදන්නම්..

මොකා ආවත් මට වැඩක් නෑ..හෝදලා යන දිහාවක යන එකයි ඇත්තෙ..නැත්තම් අද මහ එකාට කන්න දෙන්න පිගානක් නැතුව යයි.

අනෙ ඉතිම් හුම්

බෑග් එක පුටු සෙටියටම විසික් කරලා මන් කුස්සියට ගියා..වලන් විතරක් නෙමි..උදෙ තේ බීපූ කෝප්ප ටිකත්..හුම්.සාරි පොට ඉනෙ ගහගෙන මන් ඒ සේරම ටික හේදූවා..මේවා කරන්න පුලුවන් නිශාදි අක්කටත්.එයා ගෙදරනි ඉන්නෙ..

නැන්දට උනත් ..හුම්.සේරම …මේ සේරම මට කතා කරලා එකටෙක කියලා විසදගන්න තිබ්බා…ඒත් මන් ඔෆිස් ගියාම කවුද මගෙ අප්පච්චිව බලාගන්නෙ..මටයි අප්පච්චිටයි..ගෙයක් අරන් යන එක මහ ලොකු දෙයක් නෙමී..දවල් කාලෙ මොනා උනත් ඒ අප්පච්චිගෙ නන්ගිනේ..අඩුම තරමෙ අප්පච්චිගෙ කෑම ටිකවත් ලගට ගිහින් දෙනවනේ..ඒ ඇති…

සේරම කරලා එලියට එද්දි අටටත් ඇවිත්.තව පැය බාගයයි තියෙන්නෙ..ඔක්කොටම හපන් trafic එක.

මායි ,අප්පච්චියි,නැන්දයි,නිශාදි අක්කයි,මල්ලියි ,අපි ඉන්නෙ මහ ගෙදර ,සීයා මැරෙද්දි කාගෙවත්ම නමට ලියපු නැති හින්දා නැන්දත් එයාලගෙ ගේ කුලියට දීලා මහා ගෙදර පදින්චියට ආවා..නැන්දගෙ මාමා ඉන්නෙ ඩුබායි වල,ගෙදර වියදමට මාමා සල්ලි එවුවත් වත්තෙ පොල් වලින් ලැබෙන ආදයමෙනුයි..මගෙ සැලරි එකෙනුයි තමයි ගෙදර වියදම් පිය උනෙ

මගෙ අප්පච්චි රෝද පුටුවෙ ඉන්නෙ..මට අවුරුදු හතේදි අම්මයි අප්පච්චියි බයිසිකලෙ යද්දි උනු ඇක්සිඩන්ට් එකකින් අම්මා අපිව දාලා ගියා..අප්පච්චිගෙ එක කකුලක් දනහිසෙන් වෙන් වුනා..ඒ මූසල දවස් මට මතකයි..අම්මා පෙට්ටියක දාලා සාලෙ තියලා තිබ්බා..අප්පච්චි රෝද පුටුවෙ මාවත් බදන් ඇඩුවා..හුම්

………….

කලබලයෙන්ම මන් ඔෆිස් එකට ආවා..අටයි විසි පහයි..

මොකො ලේට්

Traffic එකට අහු උනා කන්චුක

හ්ම්ම් අලුත් බොස් ආවා..ඔයාව දැන් පස් පාරකට වඩා ඇහුවා.ආව ගමන්ම එවන්න කීවා..

බනීද

ම්ම් ටිකක් වස පාටයි..ඒත් බනින එකක් නෑ..ගිහින් බලන්නකෝ

හුම් හරි

මන් ඔෆිස් එකෙ රිශිප්ශන් මනෝජි ලගට ගියා..

ගුඩ් මෝනින් මනෝජි අලුත් සර්ට කියනවද මන් ආවා කියලා

ටිකකින් මනෝජි මට යන්න කවා…

ලොකු සර් නම් හොදයි ම

ෙයා කොහොමද දන්නෙ නෑ..ී

විහගි අදීශා ගුන්නෑපාන..මේ ඔෆිස් එන ටයිම් එකක්ද..තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *