ඔබ මගේම නම්………………………..03

03
හරිත අදීශ.මම් එයාව මතකෙට නගා ගත්තා..සුදු කෙට්ටු පොල් ගහක් තරම් උස කොල්ලා..ඉස්කෝලේ හැම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයා..හැමෝම හරිත එක්ක නැ නෑ ආදි එක්ක කතා කරන්න ලැබෙනවනම් වෙන දෙයක් නැති ගානටයි හිටියෙ…
ආදි තමයි ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන්..ඒ දවස් වල අපි යාලුවො සෙට් එක ආදි ප්ලේ කරද්දි ආසාවෙන් බලන් උන්නා මට මතකයි..ආදි කලේ ආට්..ඒත් මුලු ස්කූල් එකේම ආදි ෆේමවුස්..ක්‍රිකට් වලට වගේම ආදිට ලස්සන වොයිස් එකක් තිබ්බා..ආදි සින්ග් කරන සින්දු වලින් මන්.අපි ආස කරපු ලස්සනම සින්දුව **අම්මා පෙව් කිරි කදුලින්**
ඒක කියද්දී මන් හැමදාම ඇස් පියන් ඒක රස වින්දා..මොකද මගෙ අම්මා නෑනි..ඉතින් අම්මා ගැන තියෙන ඒ බොදවුනු මතකෙ ආයෙ ආයෙම ආදිගෙ සින්දුව නිසා අලුත් උනා..ආදි ආඩම්බරයි..උන්නෙම ඕන වෙලේක ලස්සන කෙල්ලො වටකරන්..ආදි කොතැනද කෙල්ලො එතන..ඒ තරම් ඉල්ලුම ආදිට…
මන් ගැන කීවොත් මූනෙ කුරුලෑ පිරිච්ච කන්නාඩි දාන..කොන්ඩෙ මෑකරල් කරල් දෙකක් වගෙ තියෙන කෙට්ටුම කෙට්ටු කෙල්ල..ඉගන ගැනීමත් සාමනයයි..එහෙමට කියලා පුලුවන් දේකුත් නෑ..ප්‍ර්සිද්දත් නෑ..ම්ම් අහ් නෑ..කොමස් කලාට ඊස්ටන් මුයුසික් ටීචට හැමදාම මාව ඕන වූනු ලමෙක්..පුන්චි කාලේ ඉදන් හිතට දැනුනු තනිය ,පාලූව ඒ සේරම මැකුනෙ වයලින් එකෙන්..වයලින් එක ප්ලේ කරන නිසා මාව ස්කූල් එකේ මුයුසික් වලදි නැතිවම බැරි ලමෙක්..
හරිත එක්ක මාව බලද්දී අපි අතර එක සමානකමක් තිබුනා..ඒ අපේ නම්..එයා හරිත අදීශ මන් විහගි අදීශා ..ඉතින් එයා කිකට් ආදි ..මන් මියුසික් ආදි ..අපි ඉන්න තැන එහෙම කීවත් නැති තැන එයා කොළ ආදි මන් කන්නාඩි ආදී..
ස්කූල් කාලේ මන් අනන්තවත් හරිත දිහා බලන්න ඇති ..ඒත් එයා ඇහක් ඇරලා මන් දිහා බලන්න නැතුව ඇති..
කවුද ඉතින් හිතුවෙ ස්කූල් එකේ සිහින කුමාරයා මගේ බොස් වෙලා ආයෙම හම්බෙයි කියලා …
නපුරා ..ඉස්සර ඔයා මගෙ ඩ්‍රීම් පින්ස් වෙන්න ඇති..ඒත් දැන් ඔයා මගෙ බොස් ,නපුරා..තේරුනාද …
චූටි..
මගෙ සිතුවිලි සේරම බිද දාමින් කාමරේට බෙරිහන් දීගෙන ආවෙ නැන්දා…
යසයි කුමාරිහාමි සැප විදිනවා..මෙහෙ මන් මැරෙනවා ..අද රෑට කන්නෙ නැද්ද
අනෙ නැන්දෙ මහන්සී මට…
අනෙ මේ වැඩ ඇරිලා ඇවිල්ල දැන් පැය දෙකක්….යසයි කාමරේ අස්සෙම රින්ගන් උන්නොත්..බොරු නැතුව ඇවිල්ලා රෑට උයනවා..අද අර කේශාන් ලමයා එනවා..රහට මොනා හරි ඕනි..ගෙදර මුකුත් නෑ..මන් අතේ සල්ලිත් නෑ
අහ් ඇත්ත කාරනේ ඒකයි එහෙනම් ..සල්ල
ි ඇයි නැන්දෙ මන් ඉරිදනෙ සල්ලි දුන්නෙ
ඇයි එතකොට ලයිට් බිල් වතුර් බිල් ගෙවන්නෙ අප්පගෙ බූදලෙන්ද..අයියාගේ වැඩෙ දවසම ටීවී බලන එක..දෝනියන්දගෙ වැඩෙ උදේටයි ගෙදර ආව වෙලෙ ඉදනුයි බාත් රූම් එකෙ රින්ගන් ඉන්න එක..ඉතින් ..
ඇයි නැන්දෙ ඔහොම කියන්නෙ ..මන් නිසාද දැන් ඔය බිල් එන්නෙ..නිශාදි අක්කා නෙමීද දවසම කම්පුයුටර් ,ෆෑන් ඒවා දාන් ඉන්නෙ..ඇයි මෙහෙම ..
අනෙ මෙ මගෙ කෙල්ල වෙන මොනා කරන්නද..චූට් අපි ඉන්නවට කැමති නැත්තම් අපි යන්නම්..මන් මේ ඉන්නෙ අයියා දවල් වරුව පව් හින්දා..නැත්තම් මයෙ මොකො..හෙටම යන්නම්කො
හුම්..මගෙ දුර්වලම තැනට නැන්දා පහර දෙනවා..කමක් නෑ නැන්දෙ අදට ඉවසන්නම්..දවසක මේ අසරණ කෙල්ලටත් දවසක් එයි..
හුම්ම්..මන් උයන්නම්..මොනාද උයන්න ඕනි
එ ලමයා හැමදාම එන්නෙ නෑනි..රසට ඕනි..
නැන්දෙ දැන් අටටත් කිට්ටුයි..අයියට වෙන දවසක ඩිනර් දෙමු..මේ රෑ කොහොමද මන් යන්නෙ..නැන්දා එනවද මන් එක්ක..
අනෙ මෙ බැරි නම් බෑ කියනවා..අපි හෙටම යන්නම්..මට බෑ මයෙ කෙල්ල ගෙදර තනියම..අද කාලෙ කිසිම පිරිමියෙක් ලග කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද
අනෙ නැන්දෙ ඔයා ඒ ගේ ඇතුලෙ ඉන්න කෙල්ල ගැන හිතනවා..එතකොට මන් කෙල්ලෙක් නෙමීද..හුම්..හැමදේම ඉවසන්නෙ අප්පච්චි නිසයි..මගෙ අප්පච්චි දවල් වරුව තනියෙන්දාලා යන්න බැරි නිසයි..අප්පච්චිගෙ එක අතයි වැඩ..අනිත් අතට පණ නෑ..අනෙ ඇයි අම්මෙ අපිව දාලා ගියෙ..මට ඔයා ඕනිම කාලෙ මෙ..නැන්දා නිශාදි අක්කව ආරක්ෂා කරනවා වගෙ ඔයත් උන්නනම් මාව බලාගනි නේද
මන් ඇදන් උන්නු ඇදුම පිටින්ම ස්කූටි එකට නැග්ගා..මේ රෑ කොහෙන්ද මන් උයන්න දේවල් හොයන්නෙ..හ්ම්ම්..ෆුඩ් සිටි එකටවත් යනවා..
බයික් එක හන්දියට දාද්දිම පොඩ්ඩා එනවා
චූටි අක්කෙ කොහෙද මේ රෑ තිස්සේ යන්නෙ
අයියා එනවලු පොඩ්ඩො..උයන්න මොනා හරි ගේන්න
මේ රෑ
හ්ම්ම්
අම්මාද එව්වෙ
හ්ම්
අනෙ අපෙ අම්මත්..මොලයක් නැද්ද මන්දා මේ රෑ කෙල්ලෙක්ව පාරෙ එවනවා..අරූටත් මේ රෑම එන්න ඕනි..ඔහොම ඉන්න මාත් එන්නම්
නිශාදි අක්කා එයාගෙ අක්කා උනත් පොඩ්ඩා ගොඩක් එකතු මට..අප්පච්චි .පොඩ්ඩා නැත්තම් මට මොනා වෙයිද
හ්ම්ම් යන්
හැබැයි අයිස්ක්‍රීම් ඕනි
හරි හරි..යන්
මායි පොඩ්ඩයි ෆුඩ් සිටි එකට ගියා..
රෑට හදන්න පැස්තා එකයි,සෝසේජ් පැකට් එකයි හතුයි ගත්තා..ලොකු කීම් සෝඩා එකයි ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකකුයිත් ගත්තා ..
තව මොනාද ..ම්ම් අප්පච්චි ඊයෙ තලකැරලි කන්න ආසයි කිව්වා ..ඒකකුත් ගන්න ඕනි
මන් තලකැරලි පැකට් එකක් ඇල්ලුව 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *