ඔබ මගේම නම්………………….04

04
හැම දවසක්ම වගේ අද දවසත් වෙහෙසකාරී විදියට ඉවර උනා..නැන්දගෙ නපුරුකම්,පොඩ්ඩගෙ ආදරෙ..හුම්කොච්චර මහන්සිද කියන්නෙ ඇදට වැටෙනවා විතරයි දන්නෙ..උදේත් වෙලා ඉවරයී…
—————————————————-
ගුඩ් මෝනින් විහගි

ගුඩ් මෝනින් මෝනින්..ඉතින් මොකො මේ කට්ටියම රැස් වෙලා..

මන් ඔෆිස් එකට ඇතුල්වෙද්දිම දැක්කෙ කට්ටිය වට මේස සාකච්ඡාවක් තියෙන විදිය..ඔෆිස් එක ඇතුලෙ විසි දෙනෙක් විතර උන්නත් මන් ගොඩක්ම එකතු මනෝජිටයි කන්චුකටයි විතරයි..ටී හදන ඇන්ටියි..ඔෆිස් එකෙ පියන් අන්කලුයි ඇරෙන්න අනිත් අය එක්ක ගුඩ්මෝනින් එහෙමත් නැත්තම් අතයවශය දෙයක් ඇරෙන්න වෙන දෙයක් කතා නොකෙරෙන තරම්..

මම්ම්..අපි මේ කතා උනෙ වෙසක් එකට මොකො කරන්නෙ කියලා ..ඔයානි ඉතින් අපේ ලොක්කා ඔයාම කියන්න්කො..

අනෙ මන් දන්නෑ..දැන් අලුත් සර් කැමති වෙයිද ඕවට..
මන් කට්ටියට කීවා..ලොකු සර් නම් අපි කියන ඕන දේකට කැමතියි..ඒත් මේ නපුරා කැමති වෙයිද අනේ මන්දා

ගිය පාර අපි දන්සලක් නේ දුන්නෙ..මේ පාර මොකො කරන්නෙ ඒකමද..
කන්චුක ඇහුවා..

ම්ම්ම්..මෙහෙම කරමූ..හැමදාම දන්සල් දිදී ඉන්න එකේ මේ පාර වෙනස් විදියෙ දන්සලක් දෙමු

ඒ මොකක්ද විහගි මිස්…සල්ලි දන්සලක්ද

සල්ලි වලිනුත් ගන්න බැරි දන්සලක්..

හෑ..කෙල්ලො දන්සලක්ද ..

දුප් යන්න..මැටි කන්චි..මේකයි ලමයි..හැමෝම කන්න ,බොන්න දෙනවා..අපි දෙමු ලේ..ලේ දන්දීමෙ කදවුරක්..

ශා නියම අදහසක්..අපිට නෑනි ඔය වගේ අදහස්

හරි ඔන්න අලුත් සර් කැමති කරගන්න වැඩෙ අපේ ලොක්කිටම බාරයි..

හයියූ මේ සෙට් එක මාවමනි ඇපේට තියන්නෙ..ඔය නපුරට මේක කියන්න ගිහින් මගේ ලේ වතුර වෙයි..

මොකො ආ උදේම පාර්ලීමේන්තුව රැස් වෙලා

මේ නපුරා නම් මැරෙන්නෑ මලාට..ඔන්න ඇවිත්..සින්හයෙක් වගේ ඔරෝනවා අපිට..අපි හැමෝම ගුඩ් මෝනින් කියලා ඉන්න තැන් වලට ගියා..හැමෝටම ගුඩ් මෝඔනින් කියපු නපුරා මට ඔරොවන් ගියා..තියෙන ලොකුකම …අනේ අපිට මොකො..

ආදි එනවා මගේ රූම් එකට

කියපු හැටි විතරක්…ආජී එනවා රූම් එච්ට මන් එයාගෙ වැඩකාරි කියලා වෙන්න ඇති හිතන් ඇත්තෙ..

කවුද බන් ආදී කියන්නෙ …

විහගි කියන නමනි ඔෆිස් එකේ පාවිච්චි කරන්නෙ..කට්ටියට ලොකු ප්‍ර්ශ්නයක් වගේ ඒක…

මේ නපුරා අදත් උදෙන්ම මට බණ දෙසන්න වගේ යන්නෙ..අනේ ඉතින් මාවමනි අහු වෙන්නෙ..හයි යයි යෝ

අහ් තව චුට්ටෙන් අමතක වෙනවා ..

මන් ඇතුලට යන් නැතුව ඔලුව විතරක් දාලා නපුරා දිහා බැලුවා..නපුරා මොනාද කනවා..

එනවා එනවා ඔතන ඉදන් කෙල ගිලින්නැතුව..

හපෝ වැඩේමයි

ඉදගන්නවා

මෙයා කියන කියන හැමදේම ඉතින් මට කරන්න වෙලානි..

ඔක්කොටම කලින් අරක දීල ඉන්න ඕනී..

ආ මෙන්න සර්

මො..මොනාද

කටෙ කෑම ඔබාගෙන කතා කරගන්නත් බෑ..ඒත් කටෙ සැරේ නන් අඩුවක් නෑ..

ආහ්..නියම වෙලාවට ගෙනල්ලා තියෙන්නේ ..මේ කිරි අම්මා නම් මිරිස් දාලා තියෙන්නේ මාත් එක්ක තියෙන තරහකටද කොහිද..

නපුරා එහෙම කීවම මට ඉබේම නපුරගෙ කෑම එක දිහා බැලුනා..රතුම රතු පාට චිකන් කරි එකකුයි,සම්බෝලයි..ඉදිආප්පයි..හොදම වැඩෙ නපුරු කමට…

කැහ් කැහ්

අහ් මෙයාට හිර උනා වගේ

බලන් ඉන්නෙ ගානවකෝ පිටට එකක්..

ඇස් වල කදුලු පුරවන් නපුරා මගෙන් ඉල්ලුවා..අයියො වෙරි සිම්පල්..හිතේ තරහා නිවිලා යන්නම දුන්නෑකි අද නම්..

මන් දෝත බදලා දුන්නා හොද පාරක් …

හම්මො..මාව මරන්නද යන්නෙ ආ..ඔහොම ගැහුවොත් අක්මාවත් එලියට පනියි

සොරි සර් කියපු නිසයි මන් ගැහුවෙ..

හ්ම්ම්.හ්ම්ම්..කෝ තලකැරලි එක

මේ

හුම්..ඔන්න ගන්නවා..තමුසෙට එකයි..මට අනිත් ඔක්කොම

මට එපා

දෙන්නෙත් නෑ..

ආ මේක හෝදනවා

නපුරා මට එයාගෙ ලන්ච් බොක්ස් එක දික් කලා..ඇයි අප්පා මන් ඉන්නෙ මෙතන පිගන් හෝදන්නද

මොකො ඔරවන්නෙ මේක බොස්ගෙ ඕඩර් එකක්

මන් ඉන්නෙ මෙතන එකවුන්ට්ස් චෙක් කරන්න

මන් ඉන්නෙ මෙතන කට්ටියගෙ වැඩ බලන්න..මන් දැක්කා කට්ටිය මෙතන කෝප්ප හෝදනවා උදේ පාන්දර..ඒ හින්ද තමුසෙට මේක ලොකු දෙයක් නෙමී නේ..ආ හෝදනවා

අනේ අම්මපා..

මන් පුටුවෙන් නැගිට්ට

මොකො යන්නද හදන්නෙ

ඔව්

ඇයි

මට වැඩ තියෙනවා

මේකත් වැඩක් තමයි

මන් ඉන්නෙ ඕවා කරන්න නෙමි..අනික ලොකු සර් මාව ගත්තෙ ඕවා කරන්න නෙමී

එහෙමද

ඔව්

හා ඉන්නවකො..

ඩැඩි මේ අපේ මේන් එක්වුන්ටන්ට් ග්‍ර්ල්ට කියනවද පොඩ්ඩක් මට හෙල්ප් කරන්න කියලා

මේ නපුරා ලොකු සර්ට කෝල් කරා..

ආ මෙන්න..

මට එයාගෙ පෝන් එක දික් කලා..

විහගි දුව

සර්

අනෙ දුවෙ පුතා මුකුත් දන්නෙ නෑනි..එයා කියන දෙයක් බලලා හරියට කියලා දෙන්න..

හරි ඇහුනනි .ආ හෝදනවා

හුම් හුම් හුම්

කොහි ගියත් අපි ඉතින් මේවා තමයි කරන්න ඕනී

ඔන්න..මන් යනවා

ඔහොම ඉන්නවා..එන්න කිව හේතුව අහන්නෙ නැද්ද

කියන්න සර් මට වැඩ තියෙනවා

මොකක්ද

මේකයි මෙ මන් දන්න ගෑනු ලමෙක් ඉන්නවා

ඉතින්

මන් එයාට ලව්

ඉතින් මට කියන්නෙ ලොකු සර්ට කියන්න

ලොකු සර්ට කියන්න කලින් මට ඕනි එයා මට කැමතීද කියලා දැනගන්න එපයි

ගිහින් අහන්න

බෑනි බම්

ම්ම්

මට දැන් මොකක්ද කරන්න කියන්නෙ

මේකයි..හෙට එයා එනවා ලන්කාවට

හුම්ම්

එයා එද්දි මාත් එක්ක එනවද යන්න

මන් මොකටද

කියන්නන්කො මන්

හෙට නිවාඩු දව්සනි

ඒකමයි එන්න කීවෙත්

නිවාඩු දවසට මන් ඔෆිස් එකෙ වැඩ කරන්නෙ නෑ

ඒවා මට අදාල නෑ..හෙට නවයට ප්ලාසා එක ඉස්සරහට එනවා..හරි නෙ

ම්ම්

දැන් ඉතින් යනවා ..කන්නාඩි පොලගි

හුම්

හෙට මන් මේ දේ කරන්න ඕනිද..මන් එයාගෙ කවුරුත් නෙමී නෙ..කමක් නැ වෙන කෙනෙක් නැති නිසානෙ අඩගැහුවෙ..ඔන්න ඔහෙ යනවා..

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *