ඔබ මගේම නම්…………………………06

ඇත්තටම අයියා මාත් අහන්න උන්නෙ කවුද මේ…

තුන් දෙනාගෙම ඇස් ආදි දිහාට වැටුනා..මටත් දැනගන්න ඕනීමයි ආදී ඒකට දෙන උත්තරෙ ..වෙන මොනාද කියයි නපුරා ඉතිම්..මන් එයාගෙ වැඩකාරියෙක් කියලා..පේන්නෙ නැද්ද නපුරු මූණ..

එයාද..එයා මේ

ඔව් ඔව් කියනවා මන් නිකම්ම නිකම් සේවකයෙක් කියලා මොකටද ඔච්චර තටඹන්නෙ..ඇවිල්ලා දවස් දෙකෙන් ඔෆිස් එකෙ සර් කෙනෙක් නිසා මන් මේ පාරෙ කටු කනවා..අනේ අම්මපා කොයි ලෝකේද ඉන්නෙ මන් වගේ මෝඩ සේවකයෝ ඉතිම්…වන් ඔන්ලි.මී..විහගි..ඉට්ස් මී

ම්ම් මේකයි මොකක්ද වගේ කියන්න මට මේ..

ආදී නතාශා දිහා බැලුවා..නතාශා කිනාල්ගෙ අතේ එල්ලිලා කට ඇරන් බලන් ඉන්නවා…

ම්ම්ම්..මේ ඉන්නෙ මගෙ ඒන්ජල්..මගේ යාලූවා..මගෙ වස්තුව..මගෙ මැණික..මගෙ ආදරෙ ..විහගි ..විහගි අදීශා

හෑ…
අනිත් දෙන්නා වගේ මගෙ කටත් ඇරුනා..

අම්මට සිරි..එල එල..කන්ගැට්ස්…එලකිරි චොයිස් එක…

හරිත අයියා හොද නෑ මට නිකම් වත් කිවේ නෑ..

ඔයා තියා මන් වත් දැනන් උන්නද ..මේ කියනකම්..ආදි ආදි ආදි ..හොද නෑ නෙමී..හොදම නෑ..මාව සෙල්ලමකට අරන්..ඒත් මට දැනගන්න ඕනි එහෙම කියන්න හේතුව …

ආදි මට ටිකක් කතා කරන්න ඕනි..

අහ් අපි නිසා ලවර්ස්ලට කතා කරන්නත් නෑ..

හරි එක්ස්කියුස් මී

මායි ආදියි ශොප් එකෙන් එලියට ආවා…

මොකො පොලගි

මොකක්ද ඒ කතාවෙ තේරුම

මොන කතාවෙද

මොන කතාවෙද අහන්නෙ..දැන් අර දෙන්නට කියපූ කතාවෙ තේරුම අහන්නෙ

මට හිතුනා මන් කීවා

මේ අහනවා ආදි මෝඩයෝ මන් ගැන එහෙම කියන්න ඔයාට කොහොමත් බෑ..බෑ

ඇයි බැරි මන් තමුන්ගෙ බොස්..

බොස් කියන්නෙ මගෙ ලයිෆ් එක තීරනෙ කරන කෙනා නෙමී..තේරුනාද

මට ඕනි නම් මන් කරනවා

මේ ආදි මේ ඔයා මගෙ හැගීම් එක්කයි සෙල්ලම් කරන්නෙ

මේ අහනවා තමුනුත් ආදි ..මට ඕනි නෑ තමුසෙ වගෙ කන්නාඩි පොලගියෙක්..ඒත් නතාශා කිනාලයාගෙ අතේ එල්ලිලා උන්නම මට ඉවසුම් නැතිව ගියා..

අහ් ඒ කියන්නෙ ඔයා මාව පාවිච්චි කලා නතාශට රිදවන්න

ඔව්..මට ඕනී දේ මන් කරනවා…අනික මන් වගෙ ලස්සන කොල්ලෙක් තමුසෙට හීනෙන් වත් හම්බෙනවද..ඒ ගැන හිතලා සතුටු වෙනවා..

හ්ම්ම්….රට ඉදන් ආව හින්දා ඔයාට හැම දේම සිම්පල් වෙන්න ඇති…අනික ඔයා කියන විදියට මන් ගොඩාක් විරූපී ඇති ..හුම්….රිදෙනවා ගොඩාක් ..මේ හිත ..

මට යන්න ඕනී

නතාශා එක්කම යන්

බැහැ මේ දැන් මට යන්න ඕනී

ඉතින් යනවා

මගෙ බෑග් එක කා එකේ..ඇදන් ආව ඇදුම් ඕනී

ඔක්කොමල්ලා එකට යන්..

බැහැ..මට යන්න ඕනී..මේ දැන්..දැන්ම

හරි යනවා ..ඉන්න බැරි නම්

යනවා තමයි පැලවෙන්න ආවෙ නෑ..

මන් යන්න හැරුනා

ඔහොම ඉන්නවා

ආ..

නපුරා මට රු පන්සීයක් දික් කලා..හහ් මන් හිගන්නියෙක් කියලා හිතන්න ඇති..

මේ සල්ලි වලින් අර බේබිට තව කෝපි පොවනවා….මන් යනවා..

මන් එයාර්පෝර්ට් එකෙන් එලියට ආවා..හුම් එයා මාව නැවැත්තුවෙ ත් නෑ…මන් ආයෙ හැරිලා බැලුවෙත් නෑ…මන් මේ පාරවල් දන්නෙත් නෑ..පෝන් එක ඇරෙන්න මගේ අතේ කිසිම දෙයකුත් නෑ…

මන් එතන තිබ්බ තීවීල් එකකට නැග්ගා …

…මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *