ඔබ මගේම නම්…………………..09

මොකක්ද මේ කරන නාඩගමේ තේරුම..ඇයි හැමදේටම මේ නපුරා මාව ඇද ගන්නෙ..මගෙ ජීවීතේ එක්කයි සෙල්ලම් කරන්නෙ..

එයා සෙල්ලම් කරනවා..මන්..මන් කෙල්ලෙක්..දුප්පත් අපිට තියෙන්නේ නම විතරයි..මෙයා නිසා මාවත් මගේ නමත් නිකම් හෑල්ලු වෙනවා..

හැමෝම මන් දිහා සතෙක් දිහා බලන ගානට බලනවා..ලොකු සරුත් පුදුම වෙලා බලන් උන්නා..

දැන් මට ඕනි මෙතනින් ඈතට යන්න..ඉතුරු දේවල් මන් පස්සෙ බලා ගන්නම්..මේ දේවල් හිතන්න තරම් මගෙ හිත නිරවුල් නෑ..

මන් රෑටත් නොකා ගෙදර ආවා..දෙයියනේ මන් කාටද මේ දේවල් කියන්නෙ ..හෙට ඉදන් මන් කොහොමද ඔෆිස් එකේ අයට මූණ දෙන්නෙ..අප්පච්චි දැන ගත්තොත්

මේ දේ එයා ඇත්තටම කීවානම් සතුටු වෙන්න තිබ්බා..ඒත් තවත් කෙනෙක්ට රිදවන්න එයා දුප්පත් මාවම තෝරගෙන..ඇත්ත ..හරිත කියන්නෙ හීනෙන් වත් ලබන්න බැරි කෙනෙක් තමයි …ඒත් එයා මාව සෙල්ලමකට අරන්..මේ දේවල් වලින් මගේ හොද නමයි කැත වෙන්නෙ.අනේ මන් මොකො කරන්නෙ..කාටද කියන්නෙ මේවා..

….
ඊලග දවසෙ මන් වැඩට නොගිහින් ගෙදරම උන්නා..වෙනදා වගේ හිතට සතුටක් නෑ..වැඩක් කරන්න හිතෙන්නෙ නෑ..

අද උදේ මන් නැන්දටත් බැන්නා..අප්පච්චිටයි මටයි කඩෙන් කෑම ගෙනාවා..මට කන්න තරම් ආසවක් නෑ..එයාට බෑ මේම පාවිච්චි කරන්න..මන් එයාගෙ සේවකයෙක් උනු පලියට එයාට බෑ මාව එයාගෙ සෙල්ලම් බඩුවක් කරගන්න ..

හීන තියෙනවා ජීවීතේ ගොඩාක් ..හොද කොල්ලෙක් ,අවන්ක ආදරයක්,ලස්සන පවුල් ජීවීතයක් මහා ලොකු සල්ලි ඕනි නෑ..ඒත් කාගෙවත් ඉත්තෙක් වෙන්න බෑ කොහොමටත්..කොයිම විදියටවත්

මන් ඇදට වෙලා දවසම කල්පනා කර කර උන්නා..ආදි ආදි ඔයා නම් නපුරෙක්..දුස්ටයෙක්..මන් ආස නෑ ඔයාගෙ මූණවත් බලන්න ..ඔයා මාව වයින් බෝන්ක්කෙක් කරන්නෙ මන් ඔයාගෙ සේවකයෙක් නිසානි..හොදයි මේ මාසෙ සැලරි අරන් මන් අයිම් වෙනවා..අතු ගාන්න හරි යනවා මන් වෙන තැනකට..ඔව් යනවා මන්..

චූටි අක්කො..

අහ් පොඩ්ඩා..

ඇයි පොඩ්ඩො

ඔයාව හම්බෙන්න කවුදෝ ඇවිත්..

මොකක් නපුරා ආවද මෙහෙටත්..හිටින්කෝ..මන් අද කියන්නම් කනේ ඇගිලි ගහගන්නම..

…………………………………………………………

සාලෙට ගියෙ හරිතව බලාපොරොත්තුවෙන් උනත් එතන උන්නෙ වෙන කෙනෙක්

ලොකු සර්..

අහ් විහගි දුව

සර් මෙහෙ….අනේ සර් මේ ආදි සර්ගෙ වැඩ වලට..

ඒ ගැන කතා කරගන්න තමයි දුවෙ ආවෙ..යමුද එලියට …ඇතුලෙ හරි රස්නෙයි….

මමත් ආස නෑ නැන්ද මේවා අහන් ඉන්නවට කොහොමවත්

යන් සර්…

මන් ලොකු සර් එක්ක මිදුලෙ බෙන්ච් එකට ගියා

විහගි දුවෙ

ලොකු සර්

මේ දේවල් ඇත්තද

අනේ සර් මගේ අතේ වරදක් නෑ..සේරම ආදි තමයි

පුතේ මට හරි සතුටුයි

මොකක්

ඔව් දුවේ..හරිත කියන්නෙ මගේ දේපලවල උරුමක්කාරයා….හරිත පුතයි හරිනි දුවයි මට මගේ ඇස් දෙක වගේ..දුව දන්නවනි මගේ වයිෆ් මට වඩා අවුරුදු දහයක් බාලයි ..එයා ගොඩාක් මුරන්ඩුයි දඩබ්බරයි…එයා එයාට ඕනි විදියට ලමයි දෙන්නව හදන් තියෙන්නේ ..සල්ලි හොයන්න මන් මහන්සි වෙද්දී එයා ලමයි එක්ක දුර ගිහින්..

මන් ගොඩක් බයෙන් උන්නෙ..පුතත් මන් වගේම පාටට රූපෙට රැවටිලා ජීවිතේ වරද්ද ගනියි කියලා ..දුව දන්නවනි නතාශා දුව…මගේ වයිෆ්ගෙ නන්ගිගෙ දුව…හිතුවෙම එයත ් එක්ක පැටලෙයි කියලා ඒත් ඊයෙ මට ගොඩක් සතුටුජ් හිතුන..මගේ පුතා හරි තීරණයක් අරන් ඇත්තටම සතුටුයි ගොඩක් ..මන් මේකට කැමති දුවේ..

ඒත් සර් ඒක නෙමි ඇත්ත

මන් සර්ට හැමදේම කිව්වා.සමාවෙන්න හරිත ඒත් ඔයාට ඕන විදියට මගේ ජීවීතේ කරකවන්න දෙන්න බෑ..

හ්ම්ම්..ඒකත් එහෙමද ..මගේ පුතා ලොකූ වැරැද්දක් දුවට කරලා තියෙන්නේ ..මන් ඒක හරිගස්සන්නම්

සර්

අපි ඒක ඇත්ත කරමූ

අනේ සර් මේ මොනාද කියන්නෙ

බල කරන්නෙ නෑ …ඒත් හොදට හිතලා තීරණයක් ගන්න

ඒත් අනේ

දුව මට හොද උත්තරයක් දෙන්න්…හෙට වැඩට එන්න..පුතා නිසා ිමගේ හොදම සේවකයා නැති කරගන්න බෑ..යන්නම් දුවෙ….ඒ මේ තාත්තා ගැනත් හිතලම තීරණයක් ගන්න..

දෙවියනි මොකද්ද මන් මේ වැටිච්ච අමාරුව

—මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *