ඔබ මගේම නම්………………………..10

මම දන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා අරයවයි මෙයාවයි සනසන්න ගිහින් අන්තිමට මගේ ජීවිතෙයි අවුල් වෙන්නෙ..

අනික මේ මගේ මුලු ජීවිතේම ගැන තීරණයක් ..ආදි කියන්නෙ මන් වගේ කෙනෙක්ට ලබා ගන්න බැරි කෙනෙක් තමයි ඒත් එයා මට නෙමී නේ කැමති ..එයාගෙ චොයිස් එක හාත්පසින්ම වෙනස් දෙයක් නෙමීද..එයාට ඕනි කොටට අදින,කඩ්ඩෙන් වැඩ දාන ,බොරු දේවල්,විච්චූරන දේවල් කරන ල්ස්සන පොශ් කෙල්ලෙක් ..මන් ගැන හිතුවොත් මන් ඊට හාත්පසින්ම වෙනස් නෙමීද..සාමාන්‍ය පොලවෙ පය ගහලා ඉන්න කොල්ලෙක් මිසක් ඒ වගේ සෙල්ලක්කාරයෙක් මට ගැලපෙන වද කොහොමටත් නෑ…

මේ සේරම ගැන හිතන්න ගියොත් මට පිස්සු හැදිලා තමයි නවතින්නෙ..මට සුදුසු දේ දෙවියො තීරනෙ කරයි..සුදුසුම දේ ලබා දේවි..හිතන්න යන්නෑ වැඩිය හිතන්න හිතන්න නූල් බෝලයක් වගේ මන් පැටලෙනවා මිසක් විසදුමක් පේන් තෙක් මානෙක නෑ…

——————–

හිතේ දෙගිඩියාවෙන් මන් ඊලග දවසෙ ඔෆිස් ගියෙ..ඇත්තටම දැන් හැමෝම මේ ගැන දන්නවා ඇති..මෙයාලා මන් ගැන මොනා හිතනවද දන්නෙ නෑ..එක අතකට මට මොකො මෙයාලා මොනා හිතුවත්..

අද සිකුරිටි අන්කල් පවා මන් දිහා අමුතු විදියට බැලුවෙ…වෙනදට නැති අමුතු ගව්‍රයක්..

මන් එද්දි කට්ටිය වටවෙලා වට මේස සාක්ච්චාවක්..මාව දැකලා කට්ටිය විසිරුනා…

මන් මනෝජි ලගට ගියේ..මනෝජි නම් කට පුරා හිනා උනා..

ඔන්න අපේ සුබ පැතුම් අපේ බොස් නෝනට

ඔයාලා මට හින්ට් ගහනවා නේද

අපි මොකටද හින්ට් ගහන්නෙ..මට නම් ඇත්තටම සතුටුයි ..ඒත් පොඩි දුකක් තියෙනවා

මොකක්ද

අපිට කීවෙ නෑනි ඉතිම්..

ඔයාලට තියා මන් මටවත් කිවෙ නෑ එහෙම දෙයක්..

මොකක්

නෑ මුකුත් නෑ..ඇයි අර කන්චුක මට ඔරොවන්නෙ

හ්ම්ම් මට නම් හිතා ගන්න පුලුවන් ඇයි කියලා

ඉතින් ඇයි..

ඇත්තටම කීවොත් කන්චුකගෙ හිතේ ඔයා ගැන බලාපොරොත්තුවක් තිබ්බා..ඒකයි ඔය අප්සට් ගහලා ඉන්නෙ

අනේ

ඇයි

නෑ මුකුත් නෑ…

අහ් ඔන්න සර් එනවා..

මට නපුරා දිහා බලන්න වත් හිතෙන්නෙ නෑ..කාලා දැම්මා මාව,මගේ නම

විහගි ඔෆිස් රූම් එකට එනවා..

අම්මෙ තියෙන ලව් එක දැක්කනි ආව ගමන් උඹට අඩගහනවා ..

හුම්….අනේ ම්න්දා..බලලා එන්නම්..

පෙනේද හොර පූසි වගේ ඉදන් කරන වැඩ,අපේ හරිත සර් මොනාට රැවටිලාද මන්දා…අඩු තරමෙ ලස්සනයි නම් කමක් නෑ..රට ඉදන් ඇවිත් ඇස් පොට්ටයිද කොයිද ..

ඔෆිස් එකේ කටකාරි මයුමි හැමෝටම ඇහෙන්න කීවා…..ඕවට උත්තර දෙන්න තරම් නිරවුල් මනසක් මට නෑ දැන්

—=———
කියන්න ..ඇයි එන්න කීවෙ තවත් මොනාද මට කරන්න තියෙන්නේ ..

අමො කටු පූසි හෝව් හෝව්

හෝව් හෝව් නෙමි කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න මට වැඩ තියෙනවා …

හරි හරි ඔච්චර තරහා ගන්න එපා අහනවකෝ

හ්ම්ම් කියනවකෝ

පෙරේදා වෙච්ච දේට සොරි…ඒ වෙලේ හිතට ආව දේ කීව්..ගනන් ගන්න එපා..නතාශා කරපූ දේට එකටෙක කරන්නයි ඕන උනේ.

–මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *