ඔබ මගේම නම්………………11
11
—-
මට පුදුම කේන්තියක් එන්නෙ ඇයි වදේ මෙයා මාව හිතන් ඉන්න විදිය..අද නම් එන්න හරි යන්න හරි බලන් කියනවමයි මන්…
මේ හරිත අහනවා මේක..මන් කැත ඇති..ලස්සන නැතුව ඇති..විරූපි ඇති..දුප්පත් ඇති..ඒත් මේක අහගන්නවා මටත් තියෙනවා ආත්ම ගරුත්වයක්..එක එක්කෙනාට ඕනි ඕනි විදියට මගේ ජීවිතේ ගැන තීරනේ ගන්න බෑ..අනික කාගෙවත් එදිරිවාදිකම් පිරිමහ ගන්න තවත් කෙනෙක් මාව ඉත්තෙක් කරගන්නවට මන් කොහොමටත් කැමති නැහැ..ඔයා මන් ගැන මොනාද ආ හිතන් ඉන්නෙ..ඔයාට ඕනි ඕනි විදියට පාවිච්චි කරන්න මන් ඔයාගෙ සෙල්ලම් බඩුවක් නෙමි..කැත උනත් දුප්පත් උනත් මමත් ඇට ලේ මස් නහර වලින් හැදුනු කෙනෙක් ..මතක තියාගන්නවා ඒක..ආයෙම මොනාටහරි මගේ නම පාවිච්චි කලොත් මම මම තමුසෙව කනවා..තේරුනාද ..
එයාගෙ ඇගටම ගිහින් වගේ මන් ඒ තර්ජනේ කලේ..කේන්තියි මට..ඕනම වැරැද්දක් කරලා එනවා මෙතන හොරි ගාගෙන
බයටමද මන්දා එයා ඇස් ලොකු කරන් මන් දිහා බලන් උන්නා..
මොකො
මුකුත් නෑ කන්නාඩිපොලගිගෙ වස..
ඔයාට මාව විහිලුවක් නේද..ප්ලීස් මෙච්චර කල් මන් උන්නෙ මගේ පාඩුවෙ ඉන්න දෙන්න මට
කෙල්ලොන්ට තරහා ගියාම කොච්චි කරලක් වගේ සැරයි නේ..මන් මේ ඒක ගැනයි කල්පනා කලේ..
ජීවීතේ ගැන සැහැල්ලුවෙන් හිතන මේ වගේ පිස්සෙක් එක්ක කතා කරන එකත් මෝඩකමක්
මැට්ටි අයින් වෙනවා මගේ ඇගෙන්..කටු ඇනෙනවාවගේ…
හ්ම්ම්..හොයා ගන්නවා ඉතින් සියුමැලි කෙනෙක්ව
ඒකටනි ට්‍ර්‍යී කරන්නෙ මේ…
මන් යනවා…
ඔෆිස් රූම් එකේ දොර ඇරුනෙත් නපුරා මාව තුරුල් කරගත්තෙත් එකම වෙලාවෙ
ඔහ් සොරි හරිත අයියා
ඉට්ස් ඕකේ
මන් බේරෙන්න දැගලුවත් මෙයා තවත් මාව තද කරගන්නවා..කොච්චර කිව්වත් මාව ඉත්තෙක් කරගන්න එකනම් මෙයා නවත්තන්නෙ නැති හැඩයි..මන් හිමින් සැරෙ නපුරව කෙනිත්තුවා..
යන්න දෙනවා මට
ඔහොම ටිකක් ඉන්නවා
ඒ වෙලේමයි ලොකු සරුත් ඇතුලට ආවෙ..කිනාලුත් එක්කම..
අයියො වස ලැජ්ජාව
ඒ පාර නම් මෙයා ඇතෑරියා මාව..ස්‍ර්ට මූණ දෙන්නත් මොකක්ද වගේ
අහ්..අපි ආවෙ වැරදි වෙලේක..
නෑ නෑ ඩැඩා එන්න..
හොදයි මට පේන විදියට මේ දේවල් පස්සට කල් දාන එක එචචර හොද නැ වගේ..
නෑ සර් ඔයා දැක්ක දේ නෙමී…
හරිත මට ඉතුරු සම්පූර්ණ කරන්න අවස්තාවක් දුන්නෑ..
සොරි ඩැඩා අපි මේ
හරි හරි ලමයො අපිත් ඔය වයස පහු කලානි..මන් ඊයෙ විහගි දුව එක්ක කතා කලා මේ ගැන
මොකක්ද අන්කල්..
නතාශා දුව පුතා කැමතියි නෙ විහගි දුවට..ඒ නිසා මන් මගෙ කැමැත්ත දුන්නා
එතකොට අන්කල් අපේ නැන්දා
එයාත් කැමති වෙයි..අන්ක මට ඕනි දේ මන් කරන්නෙ
ඒත් අන්කල්
මට නම් තවත් මෙතන ඉන්න බෑ..තාත්තා පුතාට මාව බිලි දෙන්න හදනවා..අනෙ අම්මෙ.
එක්ස්කියුස් මී මන් යන්නම්
මන් එතනින් ඉක්මනට එලියට ආවා..මට තෙරෙන්නෙ නෑ මොනා සිද්ද් වෙනවද කියල..
මන් එක්ක නපුරාට මොකක්ද මේ තියෙන තරහා එයාග් හැම දේකටම ඇයි මාව අල්ල ගන්නෙ.
ආයෙ කට්ටිය යනකම් මන් සික් රූම් එකට ගිහින් ඇලවෙලා උන්නා.හැමෝම මාව විහිලුවට අරන්..පුතා මගෙ නම කනවා තාත්තා මගේ ජීවිතේම කන්න යනව
එදා හවස ආයෙම ලොකු සර් අපේ ගෙදර ආවා..ඇවිත් අපේ තාත්තගෙන් අවසර ඉල්ලුවා ..
අප්පච්චිට මේකට අකමැති වෙන්න කිසිම හේතුවක් පේන්න නැතිව ඇති..එයා ලොකු සර්ට කැමැත්ත දුන්නා..
හරිත උනත් කිසි සද්දය්ස්ක් නෑ..ඇයි එයාට කියන්න බැරි මට අකමැතියි කියලා..මට තේරෙන්නෙම නැ මොනවත්ම කොහොමටත්
හැමෝම ආශිර්වාද කරද්දි නැන්ද විතරක් දෙස් දෙවොල් තිබ්බා..
කසාදයක් බදින ගෑනු ලමෙක් ලග තියෙන්න ඕනි සතුට මගෙ හිතේ නැ
මන් හොදටෝම දන්නවා ආදි මට ආදරෙ නැ..
හැම දෙයක්ම හරිම ඉක්මනට සිද්ද උනා..
ඊලග මාස තුන ඇතුලත වෙඩින් එකට ඕන වෙන හැම දෙයක්ම සිද්ද උනා
ආදිගෙ නිහඩබව මට දිරවන්නෙ න්..ලොකු සර්ට මන් බැගෑපත් වෙවී කියන කියන වාරයක් පාසා එයා මන් ඉස්සරහා වැද වැටුනා..
අනිත් අයගෙ කදුලු මගේ කියලා හිතට අරන් අනුකම්පා කරන්න ගිහින් අන්තිමට මටමයි කෙළ වුනේ
හුම්ම්..අන්තිමට මන් තීරනෙ කලා නපුරාගෙ මනමාලි වෙන්න..
—
අපේ විවාහය ගොඩක් ඉක්මනට ගොඩාක් ලස්සනට සිද්ද උනා..
මම අද ඉදලා ආදිගෙ බිරිද..ඉතින් එයාට ඕනි විදියට හැඩගැහෙන්න මන් තීරණේ කලා..
ගොඩක්ම කැමැත්ත දුන්නෙ මට මගේ අප්පච්චිව ආදි ලගෙ ගෙදර තිය ගන්න ලැබුනු එක..එක කොච්චර දෙයක්ද
මැරි කරලා අපි ආව නුවරඑළිය ..
නුවරඑළිය කියන්නෙ ලස්සන තැනක්..ඒත් මට තාමත් ආදිගෙ නිහඩ පිලිවෙත නිසා හිත එක තැනක තියාගන්න බෑ..එයා මොකක් හරි ලොකු දේකට අර අදින බව නම් දැනෙනවා ..
ඇදන් උන්නු ඇදුම් අයින් කරලා වොශ් එකක් දාන් මන් ඇදින් ඉදගත්තා..මොනා උනත් මන් දැන් එයාගෙ බිරිද..ඉතින්..
අහ් මැට්ටි වොශ් දාන් ආවද
නපුරා ෆයිල් එකක් අතේ තියාගෙන මා එක්ක හිනා වෙලා කතා කලා..
වෙන කොල්ලෙක් නම් මේ වෙලාවට තමන්ගෙ වයිෆ් ලගට ආවම මොනා කරයිද..මට නම් ලැජ්ජයි..හිත මොකක්දො නුහුරු කමින් පිරිල..මන් එයා දිහා බලන්නත් නිකම් මොකක්ද වගේ
මැට්ටි ආව එකෙ ඉදගන්නවා මෙතනින්
මට කෙළ ගිලුනා..තාම එයා එයාගෙ ඇදුම වත් ගලෝලා නෑ..
එයා මගේ ලගටම ආවා..මගෙ හිත දියෙන් ගොඩ ගත්තු මාලුවෙක් වගෙ ගැහෙනවා..ඊලඟට අනේ..
මන් කිසිම විදියකින් බලාපොරොත්තු නොවුනු විදිහට එයා මට ෆයිල් එකයි පෑනයි දික් කලා
අත්සන් කරනවා මෙතනින්
මොකක්
මොකක් නෙමී අත්සන් කරනවා
මොකක්ද මේ
කියෝලා බලනවා
මන් නපුරගෙ අතින් ඒක උදුරන් කියවන්න ගත්තා
ගිවිසුමක්
ඔව්
ඒත් ඇයි
මේ අහනවා මන් තමුසෙව බැන්දෙ සතුටකින් නෙමි.
මගෙ ඩැඩාගෙ ඕන කමට
මොකක්
ඔව්
ඒත්
ඒත් මේත් නෙමි.
තමුසෙ වගෙ කෙනෙක් මගෙ ඩීම් එකක අතුගාන්න වත් උන්නෙ නෑ..ඩැඩා හැම තිස්සෙම කරදර කරපු නිසයි මන් කැමති උනෙ..අනික තමුසෙව බැන්දෙ නැත්තම් මේ සේරම දේපල ඩැඩා අනාත නිවාසෙකට ලියනවා කීවා..එහෙම උනානම් මමියි මමයි එලියෙ..මට තමුසෙව වයිෆ් විදිහට බලන්න බෑ..
දෙවියනි මොනවද මන් මේ අහන්නෙ.
අහනවා ඩැඩා කීවා තමුසෙව එපාම නම් අවුරුද්දකට පස්සෙ තමුසෙව ඩිවොස් කරලා දාන්න කියලා..තමුසෙ ගැන ආදරයක් නැතුව කොහොමද පොලගියෙ මන් හැමදාම තමුසෙ එක්ක ඉන්නෙ..ඒ නිසා මේ අහනවා..මේ ගිවිසුමෙ තියෙන්නේ තමුසෙයි මමයි අවුරුද්දක් යද්දි ලමෙක් හදලා ආදරෙන් උන්නෙ නැත්තම් අවුරුද්දකින් පස්සෙ ඩිවොස් වෙනවස් කියලා..අනික තමුසෙට පාඩුත් නෑ..තමුසෙට අපේ ෆැක්ට්‍රි එකයි ඔෆිස් එකයි ලියනවා මන්..
මීට වඩා හොද නැද්ද ආදි ඔය අත් දෙකෙන් මාව බෙල්ල මිරිකුවා නම්..දෙවියනි මට මේ මොන පවක්ද පඩිසන් දුන්නෙ..
බැන්දා විතරයි ඩිවෝස් පේපර්ස්..මගෙ ජීවීතේට මෙච්චර වන්චාවක්..
–මතු සම්බන්දයි—