ඔබ මගේම නම් 12


………………………..
12
මට හිතා ගන්න බෑ මන් දැන් කරන්න ඕනි මොනාද කියන එක..එයාගෙ මහා ලොකු සල්ලි වලට යටවෙලා මට ඉන්න ඕනි නෑ..එයා ආවත් හරි හැමදාම මාව එයාගෙ ඉත්තෙක් විදියට පාවිච්චි කරපු එක විතරමයි උනේ..හැමදෙයක්ම කොච්චර ඉක්මනට සිද්ද උනාද මගේ ජීවිතේ මටත් නොදැනිම හොරු අරන් ගියා වගේ..
කෙල්ලෙක් කොච්චර හීන දකිනවද එයාගෙ පවුල් ජීවිතෙ ගැන..කසාදේ ගැන..මගේ හිතෙත් කප්පරක් නම් බලාපොරොත්තු තිබුනද..අද ඒ හීන මගේ කසාදෙ පලවෙනි රැයේම මගේ ඉස්සරහා බොද වෙලා ගියා..
එයාට මාව ඕනිත් නැත්තම් මේක ගිවිසුමක්ම විතරයි නම් මට ඕනි නෑ මේ වගේ ජීවිතයක්..ඕනි නෑ මට කිසි කෙනෙක්..සල්ලි වලින් කෙල්ලෙක්ගෙ ජීවිතෙ මනින මේ වගෙ නපුරෙක් ඕනි නෑ මට..එයත් එපා එයාගෙ සල්ලිත් එපා..
එයාත් එක්ක කවද උන්නත් මට අයින් වෙන්න සිද්ද වෙනවනි කොහොමටත් ..ඒක අවුරුද්දකින් සිද්ද උනත් එකයි දැන් මේ මොහොතේ උනත් එකයි..හීන මවන්න ආස උනත් එයා ගැන එහෙම නොහිතා උන්නෙ අපි දෙන්නා අහසයි පොලවයි වගේ හින්දයි ..එයා එක්ක බලද්දි මට තියෙන්නෙ මගේ උගත්කම විතරයි..ඕනි නෑ මට එපා නපුරව..අද උදේ රන් හූයෙන් ඇගිලි බැදපු වෙලාවෙ මන් හිතා ගත්තා අදින් පස්සෙ මන් එයාට ආදරෙ වෙනවා කියලා..මගේ හැමදේම එයා වෙනුවෙන් දෙනවා කියලා..ඒත් ඒ හැගීම් එයා උපන් ගෙයිම වලලලා දැම්මා..කොහොමත් නීති පොතක අත්සනකට සීමා වෙන්න යන මේ බැදීම තව අවුරුද්දක් තියාගෙන හූල්ලනවට වඩා හොදයි ඒක අදම ඉවරයක් කරලා දාන එක..
මගේ ජීවිතේ හරියට ටැමිල් ෆිල්ම් එකක් වගේ වෙලා..මට මතකයි ඒ ෆිල්ම් එක විජෙයි සිම්‍රනුයි උන්නෙ..ඒකෙනම් අන්තිමට දෙන්නා එකතු වෙනවා..සිම්‍රන්ට බබෙකුත් ලැබෙනවා ..නෑ නෑ මේ ටැමිල් ෆිල්ම් එකක් නෙමී..මගේ ජීවීතේ..ජීවීතේට වටිනාකමක් දෙන්න දන්නැති මනුස්සයෙක් වෙනුවෙන් අවුරුද්දක් නෙමි තව තත්පරයක් වත් මට කොහොමටවත් බලන් ඉන්න බෑ..ඕනි නෑ එයාවත් එයාගෙ දේපළ වත්..ඕනි නම් බැදලා පලවෙනි දවසෙම පවුල කඩා ගත්තු ගෑනියෙක් කියලා හන්වඩු ගැහෙයි..එයා මාව යටත් කරන්න හදන්නෙ එයාගෙ සල්ලි වලින්..මට මගේ උගත්කම තියෙනවා ..හොද රස්සාවක් නොලැබුනොත් ගෙදරක උයන්න හරි යනවා..පටන් ගත්තු තැනින්ම මන් අද මේක ඉවර කරනවා..
ලොකු අම්මගෙ දුව රුමලි අක්කා ලෝයර් කෙනෙක්..එයා මේ සබ්ජෙක්ට්ස් එකයි හැන්ඩ්ල් කරන්නෙ..දැන්ම එයාට කෝල් එකක් අරන් කියනවා..එතකොට කොලඹ යද්දී එයා ඒවා රෙඩි කරලා තියයි…
පෝන් එක අරන් රුමලි අක්කට කෝල් කරන්න හදද්දි තමයි පොඩ්ඩා මිස් කෝල් ගහලා තියෙනවා දැක්කෙ..මේ රෑ අනික අද වගේ දවසක හදිස්සියක් නැත්තම් පොඩ්ඩා කීයටවත් ගන්නෙ නෑ..මන් පොඩ්ඩට කෝල් කරා රින්ග්ස් දෙකක් යද්දිම පොඩ්ඩා පෝන් එක ආන්සර් කරා..
..
හෙලො අක්කො
පොඩ්ඩ මොකො හදිස්සියෙ
අක්කො මේ..මේ
පොඩ්ඩා මොකක් හරි කියන්න තටබනවා වගෙ දැනෙනවා..ඒත් ඇයි නොකියා ඉන්නෙ..අප්පච්චි ..අනෙ අප්පච්චිට මොනා හරිද
පොඩ්ඩො අනෙ බයයි කියන්න මට මොකො කියලා
ඉන්නකො ..
එහා පැත්තෙන් කාටහරි පෝන් එක දෙනවා වගෙ ඇහුනා
හෙලෝ
මේ මිස්ට්‍ර් වසන්තගෙ දුවද
ඔව් මේ කවුද කියලා මට දැන ගන්න පුලුවන්ද
මන් ඩොක්ට සමන් පෙරේරා..ඔයාගෙ තාත්තා දැන් ඉන්නෙ හොස්පිට්ල් එකෙ දැන් නම් එයා නෝමල් අවදානම් තත්වයෙන් මිදිල.
අනෙ ඩොක්ට එයාට මොකද
ම් එයාගෙ පපුවෙ හිරවීමක් සිද්ද වෙලා තියෙනවා සාමාන්‍ය දන්න විදියට කීවොත් හාට් ඇටක්
අනෙ මගෙ අප්පච්චි
දරුවෝ දැන් කලබල වෙලා වැඩක් නෑ එයා නෝමල්..බට් මෙහෙමයි එයාට මේ පලවෙනි පාර මෙහෙම වෙලා තියෙන්නේ ඉතින් එයාව හොදට රිලැක්ස් එකෙ තියලා බලාගන්න
.අදික සෝකයක් වත් ස්ස්තුටක් වත් ඇති වෙන කිසිම දෙයක් එයාට දැනෙන්න දෙන්න එපා.
තේරුනාද මන් කියපු දේ
ඔව් ඩොක්ට් ඔව් මන් බලා ගන්නම්
හොදයි ඉන්ජෝයි යුවර් ඩේ..මන් ඔයාගෙ කසින්ට දෙනවා පෝන් එක
තෑන්ක්ස් ඩොක්ට
අක්කො
අනෙ මල්ලි මොකො අප්පච්චිට උනෙ
අක්කො එයා ගොඩාක් සතුටෙන් උන්නෙ..රෑ අම්මා එයත් එක්ක කියෝ ගත්තා
.ඊට පස්සෙ එයා නොකාම නිදා ගත්තා..දහයට විතර කෑ ගැහුවා..මන් මොකො බලන්න යද්දි දැක්කෙ මාමා වැටිලා ඉන්නවා..
අනෙ දැන් දැන් එයාට මොකො මල්ලි
දැන් අවුලක් නෑ..මන් බලාගන්නම්..අක්කා රිලැක්ස් එකෙ ඉන්න
අනෙ පොඩ්ඩො
බය වෙන්න එපා මෝඩි ඉන්ජෝයි කරන්නො..මම් තියෙනවා
මේ මොකක්ද සිද්ද උනෙ..ඩොක්ට කියපු විදියට්ස්..අනෙ දෙයියනෙ මන් ඩිවෝස් වෙනවා කීවොත් බැදපු ගමන්ම අප්පච්චි ඒක කොහොම දරා ගනීද..හ්ම්ම් මෙ වෙලේ මන් ගැනම හිතන්න බෑ..මට ඉන්නෙ මගෙ අප්පච්චි විතරයි..එයාව රැකගන්නවා මන්.
එයා වෙනුවෙන් මෙ ජරා ජීවිතේ බාරගන්නවා මන්..
නපුරා එලියෙ බැල්කනි එකට වෙලා බියර් එකක් බොනවා..හුම් මන් එයාට කියනවා එයාගෙ ගිවිසුමට කැමති කියලා..ඒත් හුම් අනෙ මන්දා
ගොඩාක් රෑ වෙලා නපුරා ඇදට ආවා..
මොකො මේ
ඇයි
මේ කොට්ට
මායිම
මායිම.මොනා වෙන් කරන්නද
ඇද
ඇයි
ඇයි කියන්නෙ මේ පැත්ත මගෙ මෙ පැත්ත ඔයාගෙ
අහ් දැනුයි තේරුනෙ..මන් එයි කියලා බැරැක්ක දාලා..බය වෙන්න එපා හලො..ඇස් වහන් වත් මන් තමුසෙව අල්ලන්නෙ නෑ..
අහ්..මගෙ හිත නොරිදුනා නෙමි..ඒත් ඉස්සරහට මීට වැඩිය හිත් රිදවීම් වෙයි..ඒ නිසා අද මේ මොහොතෙම මන් ඒ දුකින් වැලපෙන මෝඩ ආදිව වලලා දානවා..ආයෙ දුක නොහිතෙන්නම..
හරි කමක් නෑ..මට නින්ද යන්නෙ නැති නිසා එහෙම කලෙ..අනික මටත් ඕනි නෑ කොහිවත් ඉන්න් මිනිහෙක්ගෙ ඇගෙ ගෑවි ගෑවි ඉන්න
හපො වැඩේමයි රත්තරන් වෙන්න ඇති
ඔව් රත්තරන් තමයි
අහ් කෝ බලමු
නපුරා මන් මැදින් තියලා තිබුනු කොට්ට සේරම බිමට දැම්මා.
අහ් කො බලමු රත්තරන් ටික
මෙ මගෙන් මුකුත් නොඅහා ඉන්නවා හරිද..මගෙ හැටි දන්නෙ නෑ ආදි ඔයා තාම
ඇත්තටම ..අනෙ පොලගියෙක්ට මන් බය වුනා..ඇයි මන් ඇල්ලුවොත් මට මොනා කරන්නද
කපනවා අත..බොනවා ලේ..උගුර දන්ඩ හපලා
අම්මො මෙන්න යකින්නක්..මාව ලේ බොන්න හදනො..වෙඩින් එක දා රෑම මනමාලි මනමාලයව මරන්න හදනෝ.
මේ නපුරා මොන්ගලයෙක්ද මන්දා..
ඔව් මන් යකින්නක් තමයි
අහ්..කෝ බලමු..මම යකින්නක්ව කිස් කරලම නෑ..කෝ කෝ
හ්ම්ම් ආදි හොද සිහියෙන් නෙමී..ඒ වගේම ගිවිසුමකට මගෙ ආත්මෙ පාව දෙන්න කොහොමටත් බැ..
ආදි මගේ ඇග උඩට ආවා..මන් දැන් මොනා හරි නොකලොත් ජීවිත කාලෙම මට පසු තැවෙන්න වෙයි..මන් පුලුවන් උපරිම ශක්තිය දාලා ආදිව තල්ලු කලා..
ආදි ඩොග්..බිම
ත..මු..සෙ..තවුසෙ.
මාව බි..ම්.
එක පාරම සද්දෙ නැතුව ගියා..මන් ඇද උඩ ඉදන්ම බිමට නැමුලා බැලුවා..අහ් නපුරට නින්ද ගිහින්..ඒකත් මගෙ වෙලාව..මට මොකො ඔන්න ඔහේ බිම හිටපු දෙන්..දැන් ඇද මගෙ විතරය
ි දුකත් තරහත් මිශ්‍ර වෙලා හීන ගොඩක් දැක්කා..එක හීනෙක අප්පච්චි දුකින් බලන් ඉන්නවා දැක්කා..තවත් හීනෙක ආදි මාව කිස් කරනවා දැක්කා..තව හීනෙක මන් බිම පෙරලන් ආදිට ගහනවා දැක්කා..මොනා උනත් අන්තිමට දැක්ක හීනෙ හොදයි..
මන් ඇහරෙද්දි අටත් පහු වෙලා..එක පාරටම හිතා ගන්න බැරි උනත් කොහිද ඉන්නෙ කියලා ආයෙම පස්සෙ මතක් වුනා..
කෝ මේ කොල ආදි..
අහ් මේ ඉන්නෙ..දැන් මෝඩයා ඇද යට..නිදියන් ඉන්න හැටි..බබෙක් වගේ..මූණෙ ලස්සන හදවතේ තිබේ නම් කියලා වීල් එකක පිටි පස්සෙ ගහලා තිබුනා..මට ඒක මතක් වුනා..ඇත්ත කොල ආදි සම්බන්දව නම් ඒක සහතික ඇත්ත ..ඔන්න ඔහෙ තවත් ටිකක් නිදා ගත්ත දෙන්..ඇරත් මට මොකො එයා කොහි නිදා ගත්තත්..
මන් වොශ් එකක් දාන් අලුත් ඇදුමක් ඇද ගත්තා..මහා ලොකු බලාපොරොත්තු තියන් නොවුන්නත් මේ ලස්සන ඇදුම් මන් අර ගත්තෙ හීන ගොඩක් පොදි බැදන්..හුම්..
බඩගිනි..රූම් සර්විස් එකට එන්න කියලා කෑම ගෙන්න ගන්න විදියක් නෑ..මේ නපුරා තාම ඇද යට බිමනි..
මන් නපුරට කතා කලා..අපො මෙ මෝඩයව ඇහරවන්න ගිහින් මගෙ පණ යාවි..අතින් ඇද්දා ඒත් නෑ..කෙනිත්තුවා ..ඉන්නවකො කරන්නම් මන්..තාමත් කොන්ඩෙ තෙතයි තෙත කොන්ඩෙ මන් ඒ මූනේ ඇතිල්ලුවා..
අහ් ඕන් නැගිට්ටා
ගුඩ් මෝනින් අම්මි..කෝ මගෙ කුක්කු එක
අහ් මේන් බබෙක් කුක්කු ඉල්ලනවා..තව බියර් එකක් සූප්පුවක ගහලා කටට හැලුවනම් හරි
ආදි..පොලගි..මොකො කරන්නෙ මගෙ රූම් එකෙ ආ
මේ අහනවා මමත් ආසාවෙන් මේ රූම් එකෙ ඉන්නෙ නෑ..අපි දැන් ඉන්නෙ නුවරඑළියේ ..මේ මතක් කර ගන්නවා
අප්පට සිරි හුටා..

මොකො ඒ පාර..කඩියෙක් කෑවද
කඩියෙක් නෙමි පොලගියෙ..දැන් වෙලාව කීයද
දහයට ඇති
අයියො..මෝඩි ඇහරුවෙ නැත්තෙ ඇයි මමියි..නැන්දයි එනවා කීවා දහයාමාර වෙද්දි
ඉතින්
ඉතින් කියන්නෙ දන්නෙ නැද්ද මොකටද එන්නෙ කියලා
මන් කොහොමද දන්නෙ
මෝඩි ඊයෙ දවස මොකක්ද
බදාදා ඇයි
මගුලක් කියනවා..ඊයෙ අපෙ හනිමූන් එක
ඉතිම්
ඉතිම් කියන්නෙ මමි එන්නෙ අරක බලන්න
කොරකද
අහ් දැනුයි මීටර් වුනේ..ඒත් ඉතින් අපි අතර එහෙම දෙයක් උන් නෑනි..කොහොමද ඒක පෙන්නනි
කියනවා කෝ බෑග් එක
අර තියෙන්නේ
ඔයා මොකක්ද කරන්න යන්නෙ..අනික ඊයෙ එහෙම දෙයක්..
කටවහන් මට හෙල්ප් කරනවා මේක එලන්න..
එයා බෑග් එකෙන් සුදු රෙද්දක් එලියට අරන් ඇදට විසික් කලා .මොනා කරන්න හදනවද මන්දා මට නම් තේරෙන්නෙම නෑ..අනික එහෙම දෙයක් නොවි කොහොමද
මගෙන් උදව් නැති තැන එයාම ඒ රෙද්ද ඇදෙ එලුවා
මෙහේ එනවා..
ආදි මාව ඇදලා ගත්තා..මන් දිහා හොදට බලන් උන්නා..දෙයියනෙ මට ඔබේම පිහිටයි
–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *