ඔබ මගේම නම්………………………..14

ඉතින් අද ඉදලා අලුත් ජීවීතයක්..තාවකාලික ..අවුරුද්දකට සීමා වුනු බැදීමක්

හොදට හෝ නරකට මම් දැන් නපුරාගෙ..අපි දෙන්නෙක් උනත් ලෝකෙට අපි අඹුසැමියෝ..කැමත්තෙන් හෝ අකමැත්තෙන් මන් ඒ ජීවීතේ පිලිගන්නවා…

ඊයෙ රෑ ලොකූ කොට්ට බැරැක්කයක් තියලා නිදා ගත්තා ..නපුරාට නම් කිරි පණු ගාය උදේ බලද්දි එකම එක කොට්ටයක් වත් නැහැ..ඒ මදිවට මගේ ඇගට අතකුත් දාගෙන..හපෝ මහා..අද ඉදන් වත් නිදාගන්න වෙන පිලිවෙලක් හදා ගන්න ඕනී ..

මායි නපුරයි එයාගේ රූම් එකේ..උඩ තට්ටුවෙ..අප්පච්චිට පහලින් රූම් එකක් ඇරේන්ජ් කරලා තිබුනා..කොහොමටත් එයාගෙ අසනීපෙත් එක්ක උඩ තට්ටුවෙ ඉන්න අමාරුයි..හිතට දැනෙන එකම සැනසීම අප්පච්චි මන් එක්ක ඉන්න එකයි..

වෙනදා පුරුද්දට කුස්සියට යන්න හිතුනත් මෙහෙ වැඩ පිලිවෙල හරියට දන්නෙ නැති නිසා කම්මැලි කම යන්නත් එක්ක සීතලේම නා ගත්තා ..

නාලා ඇදුමකුත් දාන් කොන්ඩෙ පිහිදා පිහිදා ඉද්දි තමයි රූම් එකේ දොර ඇරම් නන්ගී ආවෙ..අපි අතර මුකුත් නෑ තමයි ඒත් බැදපු දෙන්නෙක් ඉන්න රූම් එහෙකට මෙහෙම කඩන් බිදන් එන එකනම් හොද දෙයක් නෙමී..

ඒයි මැට්ටො ගුඩ් මෝනින් ..මගේ කොන්ඩෙ ගොතනවකෝ..

එතකොට නපුරා කොන්ඩෙ ගොතන්නත් දන්නවද …පුහ්

එයා නිදි නෙ නන්ගි මන් ගොතන්නම් එන්න..

මේ මගෙයි අයියගෙයි වැඩ වලට ඔයා ඇගිලි ගහන් එන්න එපා හරිද

හ්ම්..ඒකත් එහෙමද ..

සොරි නන්ගී

නපුරා වගේම තමයි ඉතින්..සහෝදර කමටයි ඇහුවෙ..ඒත් එයාගෙත් ලොකු කම..මට හම්බෙන්නෙම මේ වගේ අයමනී..

ඕනි දෙයක් ඕනි කෙනෙක් කරගත්තු දෙන්..මන් එයාලට ඕනී දෙයක් කරගන්න කියලා කිචන් එකට ගියා

හරියට තරු පහේ හොටෙල් එකක් වගේ කිචන් එක අපේ ගෙවල් වල නම් කිචන් එක තියෙනන්නෙ පිටිපස්සෙ ඒත් මෙහේ කිචන් එකේ ඉදන්ම ටීවීත් බැලූවෑකි..බිම බත් දාන් උනත් කන්න පුලුවන් මන් හිතන්නෙ ඒ තරමට ලස්සනයි පිරිසුදුයි..

ගුඩ් මෝනින්

මගේ කටහඩට කුස්සියෙ උන්නු දෙන්නම පුදුමෙන් හැරිලා බැලුවා..එක් කෙනෙක් අපේ නැන්දගෙ වයස ගෑනු කෙනෙක්..අනිත් කෙනා අවුරුදු තිහක විතර පෙනුමක් තියෙන පිරිමි කෙනෙක්..මන් ඉතින් මෙයාලව දන්නෙ නෑනි

ගුඩ් මෝනින්..අලුත් නෝනා කිචන් එකට ආවෙ ඇයි..මන් මේ ටී හදලා සමන් අතේ එවනවනි

අහ් මෙයාගෙ නම සමන් ද

ඔව් අලුත් නෝනා

හී මගේ නම අලුත් නෝනා නෙමී..ආදී…

එහෙම බෑනි අලුත් නෝනා..අනික අපේ පුන්චි මහත්තයට කියන්නෙත් ආදී බේබි කියලනි

ඒ මනුස්සයා ඔලුව කස කසා කීවා..

බේබි..අපෝ ඒ නම නම් හොදට ගැලපෙනවා..හරී එයා ආදී බේබී..මන් ආදී නෝනා හරි නේ

අනේ මන්දා..අලුත් නෝනා

හරි හරි මෙයා සමන් එතකොට ඔයා..

මන් කුසුම්..ලොකු නෝනා නම් කුසුමේ කියනවා..බේබිලා දෙන්නත් එහෙම තමයි ..

අනේ මන් කොහොමද මට වඩා වැඩිමල් කෙනෙක්ට කුසුමේ කියලා කියන්නෙ..මන් කියන්නම් කුසුමේ නැන්දා කියලා..එතකොට මේ සමන් අයියා..හරිනේ..

අනේ ලොකු නෝනා දැන ගත්තොත් අපිට බැනුම් තමයි

එයා වසද

අම්මෝ..න්..නෑහ් නෑහ්

හරි ලොකු නෝනා දැනගන්නෙ නෑනි..මන් ඔයාලට එහෙම කතා කරන්නම්..ඉතින් කියන්නකො දැන් මොනාද කරන්න තියෙන්නේ

නෝනි ඔහොම ඉන්න මන් ඉක්මනට තේ හදන්නම්..

ඔයා හැමදාම හදනවනි..කෝ දෙන්නකො මන් හදන්නම්..

අනේ ලොකු නෝනා බනීයී නෝනා

නෑ නෑ මන් ලේලි නෙ..බනින් නෑ..දෙන්නකො කියන්නකො ටී හදන විදියක් තියෙනවද

අපේ ලොකු නෝනා ටී බොන්නෙ නෑ..ෆෘට් ජූස් තමයි..ලොකු මහත්තයට හෝර්ලික්ස් හරි නෙස්ටමෝල්ට් හරි දාලා ටී,ආදී බේබී ආස කහට ගොඩයි කිරි ටිකයි දාලා,චූටි බේබි නිකම් සුදු කිරි..එතකොට නෝනි කොහොමද බොන්නෙ

මමත් ආදී බොන විදිහට බොන්නෙ..ඉන්නකො ඔයා ෆූට් ජූස් හදන්න..මන් ටී ටික හදන්නම්..

හැමෝටම කියපූ විදිහට හදලා කුසුම් නැන්දටයි සමන් අයියටයිත් තේ දෙකක් හැදුවා..

ආ මෙන්න

අපිටද නෝනා

ඔව් ගන්න

අනේ නෝනා කෙනෙක් හදපූ තේ එකක් මේ ගෙදරදි ලැබුනමයි..ලොකු නෝනාවත් හදිස්සියකට ඇරෙන්න කිචන් එකට එන්නෙ නෑ..නෝනට පින්

හරි..පින් පස්සෙ දැන් ඕක බොන්නකො..අනිත් අයගෙ තේ මන් ගිහින් දෙන්නද

අපෝ අපෝ සමන් ගිහින් දෙයි..

හරි හරි මන් යන්නෙ නෑ..

මේ ගෙදර මිනිස්සු ටිකක් අමුතුයි වගේ..අනේ මන්දා මට මෙයාලව හරි යයිද

නෝනි බොන්නෙ නැද්ද

මන් හොදටම නිවුනාම බොන්නි

අපේ ආදී බේබි වගේ

එයත් එහෙමද

ඔව් නෝනි..

හරි මට කියන්න අපි උදේට මොනාද කන්නෙ

මහ ලොකු දෙයක් නෑ නෝනා..ලොකූ නෝනාට ෆූට් ජූස් එකයි සැන්විචර්සුයි,චූටි බේබි කෝන්ෆ්ලෙක්ස් කන්නෙ කිරි එක්ක,ආදි බේබිට ඕනි ඉතින් කටට සැරට මොනා හරි. ලොකු මහත්තයට ඕනි එකක්

ඒකත් එහෙමද ඉතින් ඔය සේරම කරද්දි අමාරු නැද්ද

පුරුදු වෙලා නෝනි දැන්

අපි කිරිබත් උයමූ අද..මන් උයන්නම්

ඒත් නෝනා..

ඒත් මේත් ඕනි නෑ ඔයා පොල් ටිකක් ගාන්නකො..උයමු අපී

ඉතින් මායි කුසුමේ නැන්දයි එකතු වෙලා කිරිබත් ඉව්වා..කටට සැර ලුනු මිරිසකුත් එක්කම

නන්ගි නැතුව අනිත් හැමෝම කෑම මේසෙට එද්දි නවය විතර උනා..මාත් අප්පච්චිගෙ කැම එකත් අප්පච්චිට දීලා කෑම මේසේට ඉදගත්තා..

මුලින්ම ආවෙ අම්මා..මන් මුලින් හිතුවෙ නන්ගිදෝ කියලත් ඒත් නන්ගි මහත නෑ..එක්සයිස් කරන ඇදුමකුත් ඇදන් එයා ටේබල් එකට වාඩි වුනා..

ගුඩ් මෝනින් අම්මෙ

මාව නිකම් යකෙක් දිහා බලන්නා වගේ එයා මට රැව්වා

අම්මා වට් නොන්සන්..චිකෙ මගේ ෆ්‍රෙන්ඩ්ස් ලට ඇහුනොත් මට හෙන පල් එක..මමී කියනවා එහෙමත් නැත්තම් අම්මී

මමී..හ්ම්ම් ඊජීප්තු පිරමීඩෙක මමියක් වගේ තමයි..මමී කියන්න බෑ අම්මි කියනවා

හරි අම්මි

හුම්

එයා කෑම මේසෙ දිහා හොදට බලම් උන්නා

කුසුමා ..

ඒ කෑගහපු කෑගැහිල්ලට මාවත් විසික් උනා

නෝනා..

මොනාද මේ හදලා තියෙන ජරාව දන්නෙ නැද්ද මන් කන්නෙ නෑ කියලා

ලොකු නෝනට වෙනම අතන තියෙනවා නෝනා

අයින් කරනවා මේ ජරාව..මේවා කෑවම නිදිමත එනවා..තෙල් වැඩියි..ක්ලොස්ට්‍රෝල්..

මෙච්චර රස කෑමක් අයින් කරන්න කියන්න ..හ්ම්ම්

හෝව් හෝව් සුදූ මැනිකෙ මොකො තරහින් පුප්පන්නෙ උදේම..මොනාද අයින් කරන්න කීවෙ

මේ කිරිබත් අනෙ..බලන්න කුසුමට පිස්සු

කිරිබත් ශා නියමයි නේ..කෝ කමූ කමූ

ලොකු සර් නම් හරිම ආසවෙන් කෑලි දෙකක්ම දාගත්තා ..මට තාම කන්න මොකක්ද වගේ තවම නපුරා ආවෙ නෑනි..

රෑට අදින පිජාමා ඇදුමෙ ශර්ට් එක නැතුව එයා පහලට ආවා..මූණ හෝදලත් නැද්ද කොයිද මැට්ටා

ගුඩ් මෝනින් මමි..ගුඩ් මෝනින් ඩැඩී

මන් හිතුවෙ මටත් ගුඩ් මෝනින් කියයි කියලා..නපුරා අඩු තරමේ මන් දිහා බැලුවෙ වත් නෑ..මටත් මොකො

වාව් කිරිබත් නියමයි

බේබි කන්න එපා ඩාලින් ඕවා ක්ලොස්ට්‍රෝල් වැඩී..මේ කුසුමට නම් පිස්සු අපිව මරන්න හදන්නෙ

ඒත් මමී

මන් කන ඒවා කන්න ලමයෝ..බලන්න මේ බ්‍රෙඩ් කොච්චර සොෆ්ට් ද..අර බේකනුත් තියෙන්නේ ..මන් අද කුසුමාව අල්ල ගන්නම්කො අපිව ලෙඩ කරන්න හදනවට..මොන ජරා කෑමක්ද මිල්ක් රයිස්

අම්මි කුසුමට බනින්න එපා මමයි හැදුවෙ

මොකක්

ඔව්

මේ ඔයා ඔයාගෙ ගෙදර කොහොම උන්නද මන් දන්නෙ නෑ..ඒත් මෙහෙ ඉන්නවනම් වැඩ කාරයන්ට වැඩ කාරයන්ගෙ වැඩ කරන්න දෙන්න..අන්ඩස් ටෑන්ඩ්

අපෝ පොලගිද හැදුවෙ..අයියො මට එපා..මමී මටත් බ්‍රෙඩ් ස්ල්‍යිස් එකක් දෙන්න..

සුදු මැනිකේ නොකෑවට මන් කනවා..අපේ අම්මා හදලා වගේමයි ..දුව හදන්න..

අනෙ මයෙ මොකො..ඇස් යුව විශ්..බට් මට බෑ ගොඩෙ කෑම කන්න..අනික මගෙ කෑම කුසුමා මිසක් වෙන වෙන එවුන් හදන්න ඕනි නෑ..හිගන හැත්ත..කූඩැල්ලන්ව මෙට්ට්‍රස් උඩ තියන්න බෑනි

සුදු මැනිකෙ දැන් ඇති

හ්ම්ම්..නපුරගෙ අම්මත් ඒ වගේමයි ..ඒත් දුකයි නපුරා ආසාවට වත් කිරිබත් කෑල්ලක් කෑවෙ නෑනී..
හිතට දුකයි..කමක් නෑ ලොකු සර් හරි කෑවනී..

කෑම මේසේ අස් කරන්න කියලා හදද්දිමයි කිනාල් ආවෙත්..

අහ් නියම ටයිම් එකට ආවෙ..

කිනාල් පුතා එන්න කිරිබත් කමූ

කිරිබත් නියමයි නේ

කිනාල් ලොකු සර් එක්ක ඉදගෙන කිරි බත් කෑවා..නපුරා පාන් පෙති දෙකක් කාලා නැගිටලා ගියා..හ්ම්ම්

නියමයි රසයි අන්කල්

එකනී..අපේ විහගි ගෙ වැඩ තමයි

ශා..දැන් නම් මටත් බදින්න හිතෙනවා ..මෙහෙම රස කෑම හදන වයිෆ් කෙනෙක්

කිනාල් එහෙම කියලා මන් දිහා බැලුවා..ඔයා නම් කනවා කිනාල් ඒත් ආදි නිකම් වත් අතක් වත් තිබ්බෙ නෑ

අම්මො මට නම් ඇති පුතා..දැන් නම් නිදිත් මතයි..ඔෆිස් යන්නම ඕනි හින්දයි යන්නෙ

ලොකු සර් මාත් එන්නද

පිස්සුද දුව ඔයා ගෙදර ඉන්න

අනෙ මගෙ ජොබ් එකනී

හරි හරි තව ටික දවසක් ඉන්නකෝ..ලබන සතියෙ ඉදලා යමූ..අද මන් යන්නම්..එහෙනම් කිනාල් ලමයා කන්නකො..මන් යනවා..

හොදයි අන්කල්

මේ විහගි

ම්ම්

ඔයාගෙ නමත් ආදිලු නේද

ඔව්

මාත් ආදි කියන්නද

කමක්නෑ..

හරි

මේ ආදි ..මට තව ලුනු මිරිස් ටිකක් ඕනි

හරි ඉන්න..

මේසෙ තිබ්බ ලුනු මිරිස් ලොකු සර්ම කාලා ඉවර කරලා..ඉතින් ආයෙම ගේන්න මන් කිචන් එකට ගියා…

යනකොට ඇහුනු වචන වගයක් නිසා මන් එතැනම නැවතුනා

අනෙ කුසුමා තව කෑල්ලක් දාන්නකො රසයි අනේ

අහ් මෙයා කිචන් එකේ රින්ගන් කිරිබත් කනවා..අම්මා ඉස්සරහා බොරු රෙස්පට් දාලා මෙතන හොරෙන් ගිලිනවා.

මන් මුකුත් නෑහුනු ගානට ලුනු මිරිස් ටිකක් දීසියට දාගත්තා ..

ශී මේවත් කෑමද කුසුමා..මට එපා ජරාව

නපුරා මාව දැකලා ප්ලේට් එක තියලා යන්න ගියා..

මොනා නැතත් ලොකු කම නම් තියෙනවා …

ඉතින් අලුතින්ම මේ ගෙදර අය ගැන වෙන වෙනම මට හිතන්න වෙනවා…

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *