ඔබ මගේම නම්………………………..18

කිනාල් මොනා කීවත් කොහොම පොරොන්දු උනත් මට වෙනස් වෙන්න පුලුවන් වෙයිද..

අනික කියන විදියට ආදිගෙ හිතෙ මන් ගැන කැමැත්තක් තියෙනවද

එයා මට කැමති වෙයිද

මට ඕනිද එයාව

එයාගෙ ආදරේ

එහෙමත් නැතිනම් අවුරුද්දෙන් මේ හැමදේම අකුලන් ආයෙමත් පරණ කන්නාඩි පොලගි…

හුම්ම්..මන් දන්නෙ නෑ බුදු හාමුදුරුවනේ .මගේ ජීවීතේ කොයි විදියට වෙනස් වෙයිද කියලා..මම ආදිට

ආදරේද ?මට එයාව ඇත්තටම ඕනිද කියලවත් මන් දන්නෙ නෑ….

මන් දන්නවා එක දවසකින් මේ හැම දෙයක්ම වෙනස් වෙන්නෙත් නෑ කියලා ..පුන්චි කාලේ කියෝපු සින්ඩරෙල්ලා කතාව වගේ මන් වෙනුවෙන් ඉන්න ගෝඩ් මදර් කෙනෙක් මහ රෑ ඇවිත් මාව කුමාරිකාවක් වගේ ලස්සන කරන්නෙ නෑ කියලා මන් දන්නවා..සමහර විට කොච්චර උත්සාහ කලත් ආදිගෙ හිතේ ඉන්න රූපේ වෙන්නත් බැරි වෙයි..ඒත් මන් දන්නෙ නෑ..

මගේ හිත කියන්නෙම වෙනස් වෙමු කියලා…ඒත් කිසිම දාක මට බෑ කොන්ඩෙ ටින්ට් කරන්න..ඌරු ලේ බීලා වගේ තොල් රතු කරගන්න ..අරහෙන් මේන් පේන ඇදුම් අදින්න..මටත් වඩා උස කකුල් පැටලෙන හිල්ස් දාන්න…තේරෙන්නෙ නෑ…කිසිම විදියකින්….

ඒත් හිතට පුන්චිම පුන්චි බලාපොරොත්තුවක් තියෙනවා මේ අහම්බෙන් ,බලෙන් ඇතිවුන බැදීම මියෙන තුරාම ලගින් තියාගන්න ..සදාකාලික බැදීමක් කරගන්න….

මොකක්ද මැඩම් ..මන් මෙතන තනියෙන් කියෝනවා..මැඩම් ඔහේ යනවා…

අයියො මට අමතක උනානේ..මන් කිනාල්ගෙ කා එකේ ඉන්නෙ කියලා …එයා ඇත්තටම මොනා කීවද මට ඇහුන් නෑ..මොකද මන් මගේ හිතත් එක්ක කල්පනා කර කර උන්නු නිසා..කිනාල්මනි ඉතින් මට එහෙම කල්පනා කරන්න සැලැස්සුවේ…

සොරි කිනාල්..මන් වෙන කල්පනාවක උන්නෙ…

හුම්ම්ම්…..මට තේරුනා…මැඩම් අපි ගේ ලගට ඇවිත් දැන් විනාඩි දහයක්..දැන්වත් බහිනවද..

ඔහ්…ඇත්ත නේන්නම්..සොරි කිනාල්..කල්පනා කර කර ආවා මිසක් පාර ගැන හැගීමක් තිබුන්නෑ…තෑන්ක්ස් හැම දේකටම…

ශා හිනාවෙද්දි කම්මුල් වල ගැහෙනවා …නියමයි ඔය හිනාව හැමදාම ඔයා ලග රැදේවා…යන්නම්..බුදු සරණයි…එහෙනම් මැඩම් මතකයිනේ…හෙට ඉදන් වැඩ පටන් ගමූ…..

මන් දන්නෙ නෑ මොනා වෙයිද කියලා ඒත් අලුත් බලාපොරොත්තුවක් එක්ක හෙට දවසට මන් පෙරුම් පුරනවා..ආදි ඒ ඔයා වෙනුවෙන් …ඔයාව මගේම කරගන්න…මියෙන තුරාවටම…

දෙවියනි මට උදව් කරන්න …

වොශ් එකක් දාගෙන අප්පච්චි එක්ක චුට්ටක් කතා කර කර ඉදලා කුසුම් නැන්දටත් හෙල්ප් එකක් දිලා ආයේම රූම් එකට ආවා..

උදේ ගිය ගමන තාමත් නෑ..අනේ මන්දා උඩැක්කියක් එක්ක මෙච්චර මොනා කරනවද කියලා…

නතාශා එයාගෙ කසින් තමයි ඒත් එයාට තේරෙන්නෙ නැද්ද ආදි දැන් බැදලා කියලා..

හ්ම්ම් සමහර විට ආදි එයා එක්කත් අපේ බැදීම ගැන කියලාවත්ද…එහෙමද ..ඒකද නතාශා මාව ගනන් ගන්නෙ නැත්තේ..ඒත් එදා නතාශා කීවෙ එයා ආදරෙ කිනාල්ට කියලනි..ඔක්කොමල්ලා ඉස්සරහා කීවෙ…එහෙනම් ඇයි මගේ ආදි පස්සෙන් පන්නන්නෙ..

හික්ස් මටත් පිස්සු කවදාවත් නැතුව මගේ ආදීලූ…පිස්සු පිස්සු හොදටම

අද රෑට කුසුම් අම්මයි මමයි ඉදිආප්ප තම්බලා,චිකන් කරි ,කහ පොල් මැල්ලුනුයි ,පරිප්පුයි හැදුවෙ..හැමදාමත් වගේ අම්මිට කෝසස්..නන්ගි නම් ගෙදර ඉන්නවද කියලාවත් ඇත්තටම ලොකු සර්වත් දන්නවද මන් දන්නෙ නෑ…

ඔක්කොමල්ලා කනකම් මේසේට වෙලා ඉදන් උන්නත් කන්න ආසාවක් නැ..හිත වද දෙන්නෙ ආදි ගැන..උදේ ගිය කෙනා තාමත් නෑ..

කුසුම් නැන්දා එක්ක මේසේ අස් කරලා කෝපි එකකුත් හදාගෙන මන් මිදුලේ බෙන්ච් එකට ආවා..

හැමදාමත් ආදි එනකම් බලන් ඉන්න එක දැන් පුරුද්දක් වෙලා..වෙනදට නම් හිතන්න දේවල් නැතුව ඔහේ පාර බලන් උන්නා..ඒත් අද හිතන්න දේවල් ගොඩයි…

හවස අපි ඒ කියන්නෙ කිනාලුයි මමයි ගියා ක්ලාස් එකකට..ස්කූල් යන කාලේවත් ඔච්චර උනන්දුවකින් ක්ලාස් එකක් හොයන් ගියෙ නැද්ද කොයිද..

අපි ගියේ සුම්බා ඩාන්ස් වලින් ෆිට්නස් කරන ගෑනු අය විතරක් ඉන්න ක්ලාස් එකකට..ඒ ක්ලාස් එක තියෙන්නේ හවස් වරුවේ..ඇත්තටම ඒකෙන් කෙරෙන්නෙ කෙල්ලෙක්ගෙ ඇග හැඩ කරන වැඩක්…මන් ඉතින් ආයෙ නෑ කෙලින් ගහපු ඉරක් වගේනේ…බලමුකො..මන් ඩාන්සින් කරලම නෑ..

ඊලඟට කිනාල් මාව එක්කන් ගියෙ ඇදුම් මහන තැනකට..කිනාල් කියන විදියට මන් අදින ඇදුම් අවුට් ඔෆ් ෆැශන්ලූ..මුලින්ම ඒ ලේඩීට කියලා සාරි ජැකට්ස් ටිකක් මහගන්න ඕඩර් දුන්නා..සැලරි ලැබුනම සාරියි ඒවලට මැච් වෙන රෙදියි අරන් යන්න ඕනී…

මට බෑ ඇග පේන දේවල් අදින්න වෙනස් වෙනවා කියලා…කෙල්ලෙක්ගෙ ලස්සන තියෙන්නේ ඇග වැඩි වැඩියෙන් එලියට පේන තරමට නෙමී..ඇග පුලුවන් තරම් වැහිච්චි සන්වර උනු විදියට..චාම් විදියට ඒකයි මගෙ මතය..මගෙ වෙලාවට මහන කෙනාත් මගෙ අදහසට එකග උනා..

ඇගත් හරි ඇදුනුත් හරි ඒත් මගේ පාට…හුම්..ආදිට ඕනි සුද..ඒත් මට නන් බෑ කීම් උලාගෙන ඉන්න..කන්න තියෙන කෑම මගෙ මූනේ ගාගන්න..රටෙ නැති අරවා මේවා ගාන්න..

කිනාල් කියන විදිහට ම චූටි නෝනි නෝනියෝ අනේ ඉක්මනට එන්න

ගේ ඇතුලේ කලබලයක් ..මම් ඉක්මනට ගේ ඇතුලට දිව්වා

ඇයි කුසුම් නැන්දෙ මොකොද

අනේ මේ ලොකු නෝනා

මෙච්චර දවසකට මන් අම්මිගෙ රූම්.එකට ගියේ නෑ..ඒත් අද කුසුම් නැන්දා කෑගහපු නිසා මන් ඇතුලට ගියා

ඇයි නැන්දේ

අම්මි සිහියක් පතක් නැතුව බාත් රූම් එකේ වැටිලා…

අනේ නැන්දෙ අම්මට මොකෝ

මාත් දන්නෙ නෑ නෝනි..අනේ ලොකු මහත්තයත් නිදි පෙති බීලයි නිදා ගන්නෙ..උදේ වෙනකම් ඇහරෙන්නෙ නෑ…

අනෙ නැන්දෙ අම්මිට හොදටම උණනේ…

ගිනි කබලට උණ..මොකො දැන් කරන්නෙ..ලොකු සරුත් නිදි..ආදිත් නෑ..කා එක තිබ්බත් ඩ්‍රිව් කරන්න කෙනෙකුත් නෑ..අනේ ආදි ඔයා කොහිද

ආදිට කෝල් කලත් එයා පෝන් ඕෆ් කරන්..මගුලක් නටනවද මන්දා..අර උඩැක්කියක් එක්ක..

කිනාල්ගෙ පෝන් එකට ගත්තත් එයත් ආන්සර් කරන්නෙ නෑ

සමන් අයියෙ ඔයා දන්නවද ඩ්‍රිව් කරන්න

අනේ නෝනියෙ නෑ..

එතකොට ඩ්‍ර්වර් අන්කල්..එයාගෙ නම්බ එක තියේද

ඒ මනුස්සයා ඊයේයි නිවාඩු අරන් ගමේ ගියේ නෝනා

අයියො ඒකත් එහෙමද අම්මිව මෙහෙම තියන් ඉන්න බෑ..හොදටම උණ දෙයියනෙ ..ඒ මදිවට හොදටම බීලාත් එක්ක..හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා

බයික් එකට ලයිසන් තිබ්බට වාහන ඩ්‍රිව් කරන්න…හුම්..කමක් නෑ අවදානමක් ගන්නම වෙනවා..කරන්න දෙයක් නෑ

කුසුම් නැන්දා ඉක්මනට ඇදුමක් දාන් එන්න..සමන් අයියත් යන්..

හොදයි නෝනා

තුන් දෙනාම එකතුවෙලා අම්මිව කාර් එකට දාගත්තා..දෙවියන් සිහි කරගෙන කා එක ඩ්‍ර්‍යිව් කරන්න පටන් ගත්තා …නුහුරුයි .ඒත් මේ ජීවිතයක් වෙනුවෙන්..

අපි ඉක්මනට අම්මිව ප්‍ර්යිවට් හොස්පිට්ල් එකකට ගෙනිච්චා…

මගේ අතේ සල්ලිත් නෑ…ගෙදර සල්ලි තියෙන්නේ කොහිද දන්නෙත් නෑ…මේ රෑ සල්ලි හොයාගන්න විදියකුත් නෑ…මන් කිනාල්ටයි ආදිටයි දෙන්නටම මැසේජ් දැම්මා..

ඩොක්ටර්ස්ලා කියපු විදියට අම්මිට ඩෙන්ගුලු..එයා උණ තියෙද්දී ඩ්‍රින්ක්ස් අරන් නිසා ටිකක් බරපතලයිලූ…

අම්මිට බටගහලා සේලයින් දීලා ට්‍රීට්මන්ට් කලා..ඒ මුලු රෑම අම්මි වෙනුවෙන් මන් හොස්පිට්ල් එකේ උන්නා

සමන් අයියටයි කුසුම් නැන්දවයි උදෙන්ම ගෙදර යැව්වෙ ආදිව එක්කන් එන්න…

පැයකට විතර පස්සෙ ආදිත් ලොකු සරුත් කිනාලුත් තුන් දෙනාම ආවා…ආදි එක්කම නතාශත්..එතකොට ඊයෙ රෑ ආදි එක්කද නතාශා උන්නෙ..

–මතුසම්බන්දයි- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *