ඔබ මගේම නම්…………………………23

මොකක්ද දෙවියනි මේ සිද්ද උනේ කොහොමද එහෙම වෙන්නෙ…

බබෙක් හදනවා තියා ආදිගෙ රස්නෙ වත් මට වැදිලා නැතිකොට…

යන්තම් ආදිගෙ හිත මගෙ පැත්තට හැරෙන්න පටන් ගත්තා විතරයි ..මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද ..දෙයියනේ මට බබෙක්..නෑ නෑ එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ

බබෙක් හම්බෙනවා තියා මන් තාම ..කෙල්ලෙක්..ඉතින් දෙයියනෙ

ඩොක්ටට වැරදිලා..ඔව්

අම්මිගෙ මූණ සතුටින් පිරිලා..අනේ හීනෙකින් වත් ඒ සතුට මට ලබාගන්න වරම් නැ..වරම් ලැබිලත් නෑ..දෙවියොත් මන් එක්කම සෙල්ලම් කරන්න පටන් අරන් තියෙන්නේ ඇයිද කියන්න මන් කොහොමටත් දන්නෙ නෑ…

අම්මි

ඔව් දරුවො කියන්න

අනේ අම්මි රිපෝට් එක

අම්මි මගෙ මූණ දිහා චුට්ටක් බලන් උන්නා..

මොකො දරුවො සුදුමැලි වෙලා..ඇයි මේ බය වෙලා..කොච්චර සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් ද…අනේ දෙයියනෙ මන් ආච්චියක් වෙන්න යනවා…මගෙ පුතාගෙ ලේ තියෙන කිරිකැටියෙක් තව ටික කාලෙකින් මගෙ අතට ලැබෙනවා දෙයියනේ ඒක කොච්චර දෙයක්ද

අම්මි ගොඩක් සතුටින් ..ඒත් මේ ඇත්තක් නෙමි..අනෙ ඇයි මෙච්චර ලොකු ප්‍රශ්නෙක මාව හිරකලෙ දෙයියනේ..

අනෙ අම්මි ඩොක්ටට වැරදිලා වෙන්න ඇති..අපි වෙන තැනකින් චෙක් කරමු ප්ලීස්

අයියො දරුවො..ඒ අපේ ෆැමිලි ඩොක්ට එයාට වරදින්න විදියක් නෑ..ඉස් ඉස්සෙල්ලාම පුතා ලැබෙන්න ඉද්දි මටත් ඔහොම හිතුනා තමයි ..හිතට බය දැනුනා ..

අනේ අම්මි එහෙම දෙයක් නෙමි

මන් කොහොමද අම්මිට අපේ ඇත්ත කියන්නෙ ..අපි අතර එහෙම දෙයක් උන්නෑ කියලා කියන්නෙ ..මන් තාමත් කෙල්ලෙක් කියලා කියන්නෙ ..අනෙ දෙයියනෙ මගේ ඔලුව විකාරයි..තේරෙන්නෙ නෑ..මන් මොනාද කරන්න ඕනි කියලා …

අම්මි ගෙදර ගිය ගමන් හැමෝටම සුබ ආරන්චිය කීවා..හැමෝගෙම මූණූ සතුටින් ..ඒත් දෙයියනෙ මේ හැම දෙයක්ම …

….

ආදිගෙ කා එක ගේ ඉස්සරහා හයියෙන් බ්‍රේක් ගහලා නැවැත්තුවා..එයා හයියෙන් හයියෙන් පඩි නැගන් එනවා තව ටිකකින් රූම් එකට ඒවි…

මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා ..

දොරෙ අගුල කැරකෙන සද්දෙයි ආදි ගෙ සින්හ නාදෙයි එක පාරම මගෙ හිතට බයක් තිගැස්මක් ගෙනාඅවා..

ආදි …ඊඊඉ

නපුරා පොලොව හෙල්ලිලා ගේ බිමට සමතලා වෙන්න තරම් හයියෙන් කෑ ගැහුවා ..

ආදී…

අනේ…ඒ මූණ දිහා බලන්න වත් බයයි..තරහටම මුලු මූණම රතු වෙලා..

ආදි මගෙ ලගටම ආවා..මන් ජනේලේන් පාර දිහා බලනවා

ආදි හැරෙනවා මගෙ පැත්ත

කොහොමද දෙයියනේ මූණ දෙන්නෙ මන් එයාට..මන් වැරැද්දක් කරලා නෑ ඒත්..

මන් හැරුන් නැති හින්දා එයා මාව එයාගෙ පැත්තට හරෝ ගත්තා..රකුසෙක් වගෙ..මට බයයි ඒ මූණ බලන්න

එයා මගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා ..මන් ඩැහි අඩුවට අහු වෙලා වගෙ

හරිත මට රිදෙනවා

රිදෙනවා තමුසෙට රිදෙන්නෙ ඇග..ඒ උනාට මට රිදෙන්නෙ මගෙ හිත..තමුසෙ දන්නවද ඒක ආ

කියනවා කවදාද එහෙම උනෙ..ආ..මන් හොද සිහියෙන් ඉද්දි අඩු තරමෙ තමුසෙගෙ අතින් වත් අල්ලලා නෑ..මන් දන්නවා මට මාව විස්වාසයි .මන් බීලා ආවා කියලා වත් තමුසෙට එහෙම කරලා

අනෙ ආදි මන් දන්නෙ නෑ

දන්නෙ නෑ තමුසෙ තොත්ත බබා..මුලු ලෝකෙටම අහින්සක මූණක් පෙන්නලා හැමෝම රවට්ටන්..දැන් එනවද මාවත් මෙතන රවට්ටන්න ආ..තමුසෙ මහා කපටි ගෑනියෙක් ඕයි..තමුසෙගෙ මෙ මූණට මිනිස්සු රැවටෙනවා ..ශි තව පොඩ්ඩෙන් මාත් රැවෙටෙනවා..අනෙ මන් ගැන හොයනවනි කියලා පොඩ්ඩක් ලන් වෙන්න හැදුවා විතරයි..තමුසෙ තමුසෙ හැදුවෙ වෙන එකෙක්ගෙ පව් මගෙ පිටින් යවලා මේ සේරම අයිති කරගන්න නේද..ආයෙ නම් තමුසෙගෙ මේ අහින්සක මූණට රැවටෙන්නෙ නෑ..නොදකින්..මන් තමුසෙ ගැන හිතන් උන්නෙ කොහොමද ..තමුසෙලා වගෙ දුප්පත් එවුන්ව ගේ අස්සෙ දාගද්දි හිතන්න තිබ්බා..ශික්..

මට නතාශා හැම තිස්සෙම කියනවා..ඒත් මන් විස්වාස කලෙ නෑ..තමුසෙ මහා බැල්ලියෙක් ඕයි කන්න දීපු අත හපා කන බැල්ලියෙක්..

මන් අවුරුද්දකින් නෙමි..තමුසෙව හෙටම ඩිවොස් කරනවා..සත පහක් දෙන්නෙ නෑ..කපටි ගෑනි..තමුසෙගෙ ඔය කිඹුල් කදුලු වලට ආයෙ මන් රැවටෙන්නෙ නෑ..රවට්ටපන් තව..රවට්ටපන්..මට හිතුනා..ඊයෙ රෑ වෙලා එද්දිම..තමුසෙට කලින් දෙයියො ඉස්සර උනා..නැත්තම් මන් තමුසෙට තව ලන් උනානම් හොයන්නත් බැරි වෙනවා..දුප්පත් එවුන් ඔහොම්මයි..අවස්තාව ලැබුනු ගමන් එනවා

අනෙ හරිත..මගෙ අතෙ වරදක් නැස්..මන් මේ මුකුත් දන්නෙ නෑ හරිත..ප්ලීස් මාව විස්වාස කරන්න ..මන් කිසි වරදක් කරලා නෑ හරිත..අනෙ මන් දන්නෙ නැ කොහොමද උනෙ කියලා අනෙ හරිත

ඔව් බබානි තමුසෙ ඇස් වහන් වෙන්න ඇති උන්නෙ හැම දෙයක්ම සිද්ද වෙද්දි..කවුද දන්නෙ නෑ තමුසෙට මෙහෙම කරපු එකා..බලෙන් වෙන්න ඇති නෙ කරන්න ඇත්තෙ..එහෙමත් නැත්තම් දෙවියො වෙන්න ඇති තෑග්ගකට දෙන්න ඇත්තෙ

තමුසෙ මේ ගෙදර ඉන්න අන්තිම දවස අද..මන් හෙට ඔක්කොමල්ලා ඉස්සරහම කියනවා..මතක් තියාගන්නවා ..අද තමුසෙ මෙහෙ ඉන්න අන්තිම දවස..

මට අවස්තාවක් නොදීම හරිත කියෝගෙන කියෝගෙන ගියා..අනෙ මෙහෙම උනෙ කොහොමද ..හරිත එක්ක තියා කිසිම පිරිමියෙක් එක්ක මන් එහෙම .අනෙ..

මම් දැන් කාටද මේවා කියන්නෙ ..

අහ් මොකො තමුසෙ හෙට කියන්න ඕනි ඒවා මොනාද කියලා ප්ලෑන් ගහනවද..ආ..

හරිත මගෙ කොන්ඩෙන් ඇදලා මාව එයාගෙ ලගට ගත්තා

තවත් මන් තමුසෙට රැවටෙන්නෙ නෑ දුප්පත් හැත්ත ..සර්පයො වගෙ..තමුසෙලා..ශික්..අද විතරක් මතක තියා ගන්නවා..තමුසෙගෙ හොර මිනිහට කියනවා ඇවිත් අරන් යන්න කියලා..ඊයෙත් ඉදලනි ආවෙ නවය වෙනකම්ම..ම්ම්…මට තමුසෙගෙ මූණ දැක්කත් අප්පිරියයි ඕයි අප්පිරියයි..හෙට උදෙන්ම පලයන්..අරන් ආව මල ඉලව් සේරම එක්ක

හරිත මාව තල්ලු කලා…බිමට වැටෙන්නම..

අනෙ හරිත ප්ලීස් මන් වැරැද්දක් කලෙ නෑ..මට අවස්තාවක් දෙන්න

හහ්..අවස්තාවක් ඔව් දෙන්නම්..කියනවා ඊයෙ නමය වෙනකම් කා එක්කද උන්නෙ..තමුසෙ මෙහෙට ගෙනත් දාපු එකා කවුද කියනවා..

අනෙ දෙයියනෙ මන් කොහෙන්ද මේවාට උත්තර හොයන්නෙ..

ප්ලීස් හරිත මාව විස්වාස කරන්න

මන් හරිතට අත් එකතු කරලා වැන්දා ..කිසි වරදක් නොකර මට මෙච්චර දඩුවම් ඇයි දෙයියනෙ ..

පලයන් මෙහෙන් මගෙ දෑහට නොපෙනි..පලයන්…

හරිත …

හරිත මොකො මෙ ආ පාරට ඇහෙනවා

උඹ උඹ දන්නෙ නෑ කිනාල් මේකි මේකි …මේකිගෙ බඩෙ ලමෙක්..උඹ දන්නවනි ..මන් උඹට හැමදේම කියලා තියෙනවා ..එහෙම කොහොමද ..මගෙ නියක් වත් වැදෙන්නෙ නැතුව මේකිට බබෙක් හම්බෙන්න කොහොමද ..උඹම කියපන්..මේකි මරියතුමීද..නෑනි..හොද මූණ පෙන්නන් තවත් ඉන්න හැටි

කිනාල් මන් දිහා අනුකම්පාවෙන් බැලුවා..අනෙ කිනාල් ඔයාවත් මන් කියන දේ විස්වාස කරන්න

ඔහොම කෑගහලා කොහොමද හරිත පර්ශන විසදන්නෙ..අපි හොයලා බලමු

මොනා හොයන්නද බම්..උඹ දන්නවද ඊයෙ මේකි ගෙදර එද්දි කීයද කියලා..නමයයි..කියපන් එචචර වෙලා මොනා කරන්න ඇද්ද..හැමදාම සතියකට සැරයක් පැයක් දෙකක් මේකි අතුරුදහන් ..දුප්පත් හැත්ත ..අවස්තාවක් ලැබිච්ච ගමන් අපිව රවට්ටන්න බලන් ඉන්නෙ..පෙනේද දැනුත් හාවෙක් වගෙ ඉන්නෙ..අම්මපා මට ඔය මූණ තැලිලා යන්න දෙන්න හිතෙනවා ..

හරිත මට ගහන්න අත උලුක් කලා.කිනාල් මැද්දට පැන්නෙ නැත්තම් ඇත්තටම මගෙ මූණ චප්ප වෙයි තමා

මන් යනවා බම්..කරටි කැඩෙන්න බොනවා මන්..ඊයෙ මන් මේකි හින්දා ගෙදර උන්නා..ශික්..මන් යනවා…

හරිත යන්න ගියා..මන් ඇදට හේත්තු වෙලා ඇඩුවා..

ඇයි දෙයියනෙ වරදක් නැතුව මේ හැම දෙයක්ම..

ආදි

ආදි ඔලුව උස්සන්න

අනෙ කිනාල් මන් මේ මුකුත් දන්නෙ නෑ කිනාල් මගෙ අතෙ වරදක් නෑ..කිනාල්

මෙ අහන්න ආදි ඔහොම අඩන්න එපා..හරිතයා වැරදි නෑ..උගෙ කේන්තිය සාදාරනයයි

එතකොට ඔයත් එයාගෙ පැත්තෙද කිනාල් මන් වැරදියි කියලද කියන්නෙ

එහෙම නෑ ලමයො..මේ අහන්න ..ඔයා ඉන්න තත්වෙ උඩ ඔහොම අඩන්න හොද නෑ

මොන තත්වෙද කිනාල් ඔයාට පිස්සුද

අහන්නකො..ඔයා ඊයෙ මන් එක්ක කතා කර කර උන්නෙ කියලා මන් දන්නවා..ඔයා ඔෆිස් ඇරිලා මාව මිසක් වෙන කෙනෙක් හම්බුන්නෙ නෑ කියලත් මන් දන්නවා

එහෙම නම්

මේ අහන්නකො..ඔයා ඔහොම අඩනවා මට බලන් ඉන්න බෑ..මට කියන්න හරිතයා බීලා ආව වෙලේකද එහෙම උනෙ

අනෙ කිනාල් එයා කිසිම දාක මගෙ අතකින් වත් එහෙමයි කියලා අල්ලලා නෑ..එයා බීල උන්නට මන් බීලා උන්නෙ නෑනි කිනාල්…

ඒත්

මටත් හිතා ගන්න බැරි ඇයි කියලා තමයි කිනාල්..එයාව තේරෙනවා මට..එයාගෙ කේන්තියත් තේරෙනවා ඒත් මන් වැරදි නෑ කිනාල් …වැරදි නෑ..මන් දන්නෙ නෑ දෙයියො මන් එක්ක මොන විදියෙ සෙල්ලමක් කරන්න උත්සාහ කරනවද කියලා ඒත් මම නිර්දෝශයි කිනාල්

හුම්..කොහෙන්ද චෙක් කලෙ

ඩොක්ට සපරමාදුගෙන්..හරිතලගෙ ෆැමිලි ඩොක්ට..

ඒකත් එහෙමද

හ්ම්ම්

ලෑස්ති වෙන්න අපි යන් ආයෙම චෙක් කරමු..මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා …

මෙච්චර වෙලා අඩ අඩා උන්න මිසක් මටත් ඒක හිතුන් නැති හැටි..

හරි යන්

ඔහොම

ඇයි

වොශ් එකක් දාලා එන්න..මන් එතකම් ආන්ටි එක්ක කතා කරලා එන්නම්..

හ්ම්ම්

හැම දෙයක්ම හොද විදියට වෙන්න ඕනි දෙයියනේ..හොදම විදියට

අම්මිගෙන් අවසර අරන් ආයෙම කිනාල් එක්ක හරිතලාගෙ ෆැමිලි ඩොක්ට ගාවට ආවා

ඇයි

එතන රිශිප්ශන් හිටිය ග්‍ර්ල් අපෙන් ඇහුවා

ඩොක්ට අන්කල්ව හම්බෙන්න ඕනි..කිනාල් ඇවිත් ඉන්නවා කියන්න

හොදයි වේට්

අපි දෙන්නා බලන් උන්නා..ඇත්තටම ආදියි මමයි හොදින් උන්නනම් මේ තරම් සුබ ආරන්චියක් මට තවත් නැති වෙයි..ඒත් මන් කෙල්ලෙක් තවම..මන් ඒක දන්නවා..ආදි මට මොන මොනවා කියලා නම් බැන්නද..එයා මගෙ දුප්පත් කමට ගැරහුවා..නෑ ආදි මට ඔයාගෙ සල්ලි එපා..මට ඔයාගෙ ආදරෙයි ඕනි..මේ මිල මුදල් කිසි දෙයක් එපා..මටත් ඇත්ත දැනගන්න ඕනි..

ආදි එන්න යන්

මමත් කිනාලුත් ඩොක්ට ගාවට ගියා

අහ් කිනාල් පුතා හුග කාලෙකින්

කොහොමද ඩොක්ට අන්කල්

මොකො පුතා හදිස්සියෙන්..අහ් මේ හරිත පුතාගෙ වයිෆ් නේද

ඔව් අන්කල්

දවලුත් ආවා නේද දරුවො

ඔව් ඩොක්‍ට

දැන් අඩුද ඔයාට

අඩුයි ඩොක්ට

ආයෙ වොමිට් උන් නෑනි

නෑ ඩොක්ට

අන්කල්

ඔව් කියන්න කිනාල් පුතා

අන්කල් දවල්

ඔව් දවල්..

අනෙ මට මොකක්ද වගෙ අන්කල්..මේකයි මට කියන්න ඇත්තටම විහගිගෙ යූරින් රිපෝට් එකෙ මොනාද තිබ්බෙ

ම්ම් ශී ඉස් නෝමල්

එතකොට අර රිපෝට් එක

මොන රිපෝට් එකද

දවල් කීවෙ..ඩොක්ට මට කියන්න මට වොමිට් උනෙ ඇයි කියලා

දරුවො ඔයා අප්පිරියාවෙන් යමක් ආහරෙට අරන් තියෙනවා..එක ඔයාට ජීරණය වෙලා නැති නිසයි වොමිට් වෙලා තියෙන්නේ ..වෙන කිසි අවුලක් නෑ..

එහෙමනම්..එහෙම නම්..අර විදියට

කොයි විදියටද

ඩොක්ට අන්කල් අපි කෝකටත් ආයෙම චෙක් කරමුද

හ්ම්ම්..ඕකෙ..කියනව නම්.කරලා බට් අයි නෝ ශී ඉස් ෆයින්

ආයෙමත් ඩොක්ට යූරින් එකක් චෙක් කලා..මටත් කිනාල්ටත් ඉවසුමක් නෑ..

දෙවියනි මාව මේ අපවාද වලින් බේරලා දෙන්න දෙවියනි

ම්ම්..ඩොක්ට

ශී ඉස් නෝමල්..නතින් එනි තින්..සී..දෙයා රා ඔන්ලි වන් ලයින්..ඉට්ස් නෙගටිව්

අනෙ..කිනාල්

ඩො ඩොක්ට ආයෙම චෙක් කලාද වැරදිලාද

ඔච්ච්‍රම ඇයි ඔය ගැන අහන්නෙ..කෝ මේ දුවගෙ අත දෙන්න

ඩොක්ට මගෙ නාඩි චෙක් කලා

ශී ඉස් නෝමල්..නතින් එල්ස්..

ඒත් ඩොක්ට දවල් රිපෝට් එක

මොන රිපෝට් එකද

ඉන්න මන් ඒක ගෙනාවා

මන් බෑග් එක ඇරලා ඩොක්ටට ඒ පේපර් එක දුන්නා

මේක …මේ….මේක ..මේකේ තියෙන විදියට නම් පොසිටිව් තමයි ඒත්..දරුවෝ එහෙම වෙන්න විදියක් නෑ..පොඩ්ඩක් ඉන්න

ඩොක්ට ඇතුලෙ උන්නු නර්ස් කෙනෙක්ව කැදෙව්වා

සමාරා ඔයාද මෙ රිපෝට්ස් දුන්නෙ

ඔව් ඩොක්ට

ගේන්න අපෙ හිස්ට්‍රි බුක් එක

ඕකෙ ඩොක්ට

ඩොක්ට ඒ පොත ගෙනත් මන් දුන්නු පේපර් එක චෙක් කලා

හැමදේම නම් හරි දරුවො..නම …ඒත් පොඩි වෙනස් කම් දෙකක් තියෙනවා

මොකක්ද ඩොක්ට

මේකෙ ට්‍යිම් එකයි..වයසයි

කෝ දෙන්න ඩොක්ට

කිනාල් ඩොක්ටගෙන් කොලෙ උදුරන් බැලුවා…

ටිකක් වෙලා කල්පනා කර කර උන්නා

හ්ම්ම්..ඩොක්ට දැන් චෙක් කරපු එකයි..ඩොක්ටගෙන් ලියුමකුයි මට ගන්න පුලුවන් වෙයිද

ඕක මොකක්ද පුතා

ආ මෙන්න

අපි යන් ආදි

ඒත් කිනාල්

යන්කො..මන් දන්නවා කරන්න ඕනි දේ

ඒත් කිනාල්

බය වෙන්න එපා ආදි ..ඔයා නිදොස්..මන් ඒක දැනන් උන්නා..එන්න යන්..අපිට අපතෙ යවන්න ටයිම් නෑ…

කිනාල් විනාඩි දහයක් යන්න කලින් ගෙදරට ගියා ..කිනාල්ගෙ පස්සෙන්ම යනවා ඇරෙන්න මට වෙන කරන්න දේකුත් නෑ…

කිනාල් ගිහින් නතර උනේ …මන් නොහිතපු තැනක

….මතු සම්බන්දයි—

Leave a Reply

Your email address will not be published. Required fields are marked *