ඔබ මගේම නම්…………………………24

කිනාල් මාවත් ඇදගෙන ගියෙ කවදාවත් ගෙදර උන්නට මන් නොගිය කාමරේකට..නන්ගි..මේ නන්ගිගෙ රූම් එක.

කිනාල් මේ..

ඔව් අපි හරි තැනට ඇවිත් තියෙන්නේ ..ඉන්නකො

විහන්සා දොර අරිනවා

ෆොර් වට්

ෆොර් වට් නෙමි අරිනවා දොර..

ඉන්නවා ඉන්නවා…

විහන්සා කියන්නෙ එතකොට නන්ගිද..මන් ගේ ඇතුලෙ උන්නට නන්ගිගෙ නමවත් දැනන් උන්නෙ නෑ මෙච්චර කාලයක්..

නන්ගි ඇවිත් දොර ඇරියා..කිනාල් එක්කම මාත් ඉන්නවා දැකලා එයා ගොඩක් පුදුම වුනා..

ලොකු අයියා ඇයි මෙයා

ඇයි මෙයා ගාන්නෙ..මේත් මේ ගෙදර කෙනෙක්..තමුසෙගෙ අක්කා

හුම්ම්..

හුම් නෙමි

මොකො සැර..අනික මෙයා ඉස්සරහා

සැර නොදාන්න ගන්නවා අපිව ඇතුලට

මන් එලියෙ ඉන්නම් කිනාල්

නෑ ආදි ඔයායි මේ පර්ශනෙන් අමාරුවෙ වැටුනෙ..ඔයා ඉන්න ඕනි අනිවාර්යයෙන්ම

ඒත්

කට වහන් එන්න ඇතුලට ආදි

ටෙඩි බෙයන්ගෙ පිරුනු පුන්චි කුමාරිකාවකගෙ ලස්සන රූම් එකක්..මන් දැන් ආවෙ සිරි නරඹන්නද..අයියො මටත් නම් හොදටම පිස්සු

කිනාල් ඇදෙන් ඉදගත්තා ..නන්ගි මට ඉදගන්න කියන කම් කොහොමද මන් ඉදගන්නෙ…

අයියා මෙයාට යන්න කියන්න ප්ලීස්

ඇයි ඒ ඔයාගෙ නෑනා..

හහ් නෑනා..අනෙ මේ අයියා මමි ,සමන් ,කුසුමා ඇරෙන්න අනිත් ඕනි කෙනෙක් දන්නවා මෙයා කවුද කියලා …අපේ අයියා වගෙ කොල්ලෙක් මෙයාට හීනෙන් වත් ලැබෙනවද..මෙයා අයියව මැරි කලෙ අපෙ ප්‍රොපොටි වලට.
හිගන මිනිස්සු

විහන්සා වහගන්නවා..ඒ කෙල්ල දුප්පත් බව ඇත්ත ..හැබැයි තමුසෙලා වගෙ පීචන් වැඩ කරන්නෙ නෑ මතක තියාගන්නවා ඒක..

අපේ දුප්පත්කම මෙච්චර හෑල්ලු වෙනවද දෙයියනේ …මන් ආදිව බැන්දෙ මගෙ උවමනාවට නෙවෙයි දෙයියනෙ ..එයාගෙම උවමනාවට …මන් නොදන්නවා උනාට මම හැම තැනම හෑල්ලු වෙලා…හරිත ඔයා මේ දේවල් නන්ගි එක්කත් කිව්වද හරිත ..ඇයි මාව මෙච්චර හෑල්ලු කරන්නෙ ..ව්‍යිෆ් කියලා පිලිනොගත්තත් කමක් නෑ..මමත් මනුස්සයෙක් හරිත ..

විහන්සා කියනවා මේ රිපෝට් එකේ ඇත්ත

කිනාල් එයාගෙ අතෙ තිබ්බ පේපර් එක නන්ගිට දික් කලා..

නන්ගිගෙ මූණ බලන් ඉද්දි අදුරු උනා…

ඔයාට ඔයාට කොහින්ද ලොකු අයියා මේක

ලොකු ඔයාට මේක මේක කොයින්ද

ඩොක්ට අන්කල්ගෙන්

මොකක්

ඔව්..දැන්වත් ඇත්ත කියන්න විහන්සා..මෙතන ලොකු ප්‍ර්ශ්නයක් ඇති වෙලා තියෙන්නේ ..ඔයාට හැමදේම තේරුම් කරන්න ඕනි නෑනි..ඔයා දන්නවනම් චූටිගෙයි ආදිගෙයි සම්බන්දෙ ගැන..මේ කෙල්ලව මේ අපවාදෙන් ගලවන්න ඕනි..ඒක කරන්න පුලුවන් ඔයාට විතරයි ..මට කියන්න මේ රිපෝට් එකෙ ඇත්ත

නන්ගි පේපර් එකෙන්ම මූණ වහගෙන අඩන්න ගත්තා..අනෙ ඇයි එයා අඩන්නෙ…

අඩන්න නෙමි සුද්දි ඇත්ත කියන්න මට මොකක්ද මේ රිපෝට් එකේ තේරුම

අනෙ ලොකු අයියෙ මේවා මමිට වත් ඩැඩීටවත් චූටි අයියටවත් කියන්න එපා

මොනවද

මන් කියන්නම් අයියෙ හැම දෙයක්ම කියන්නම්..ඒත් ප්‍රොමිස් වෙන්න..මේ වහන්තරාවටත් කියන්න

සුද්දි මේ කට තිබ්බ පලියට ඔහොම කතා කරන්න එපා ඒ ඔයාගෙ අක්කා..

අක්කා..තව මාස අටකටද

මොකක්..ඔයා කොහොමද දන්නෙ ඒක..හරිතයා කීවද

චූටි අයියා කීව දෙයක් නෑ..

එහෙනම්

නතාශා අක්කි

නතාශද කිව්වෙ

ඔව්..මට මේ වගෙ තර්ඩ් ක්ලාස් මිනිස්සු අප්පිරියා උනා ඒක ඇහුවම..

හුම්..ඒක ගැන පස්සෙ කතා කරමු..මට දැන් කියනවා මේ රිපෝට් එක ගැන..හැමදේම ..මේක ඇත්තද ආ

ඉහි ඉහි..බනින්න එපා අයියෙ..මන් පව්

පව් කියන්න මොනාද වෙලා තියෙන්නේ කියනවා

කියන්නම් ලොකු අයියෙ කියන්නම්

නන්ගි ලොකු හුස්මක් ඉහලට ඇදලා නහයෙන් හොටු ඇද ඇද කතාව පටන් ගත්තා …

මෙච්චර කාලෙකට මන් නන්ගිගෙ කටහඩ වත් හරි හමන් විදියට අහලා නෑ..ඒත් මට එයා පේන්නෙ පුන්චි කුමාරිකාවක් වගෙ..අඩනකොට මගෙ හිතත් රිදෙනවා ..මට කොච්චර කොහොම සැලකුවත් එයාත් මන් වගේම කෙල්ලෙක්..මට මගෙ දේවල් කියන්න කවුරුත් නෑ..එයා හැමෝම ඉදලත් තනිවෙල..අනික ටික ටික මටත් තේරිලා තියෙන්නේ ..දෙයියනෙ ඒ රිපෝට් එක නන්ගගෙ නම් ..අනෙ එයා තාම චූටි කෙල්ලෙක්නෙ..ඕනිනම් අවුරුදු දාහතක් ඇති..කොහොමද දෙයියනේ එයාට මෙහෙම උනේ..

තනුශ් මට හම්බ උනෙ ක්ලබ් එකට ගියාම..එයා හරි හොදයි..අනික එයා තමයි නතාශා අක්කිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගෙ මල්ලි..ඉතින් අපි කතා කලා..හැමදාම ක්ලබ් ගියාම අපි ඩාන්ස් කලා..දවසක් තනුශ් මට අමුතු දෙයක් දුන්නා..ඒක අයියා කියන්න තේරෙන්නෙ නෑ..උරන්න තියෙන්නේ මාර ෆීලින් එකක් දැනෙන්නේ ..ඒක බීවම මට මොනා වෙනාද දන්නෙ නෑ..එයායි මමයි ඒවා යූස් කරලා සෙක්ස් කලා..

මොකක්

යෙස් අයියා

තමුසෙ තාම ස්කූල් යනව නේද ආ

ඕවා මොනාද අයියා..ඔයා නිකම් වන්නියෙ ඉදන් ආවා වගෙනෙ කතාව..දැන් ඕවා ගානක්ක් නෙමි අයියා

තමුසෙ නම් ගොන් අම්මන්ඩියෙක්..යකො ගෑනු ලමෙක්ගෙ ගව්‍රවෙ තරම් වෙන වටින කිසිම දෙයක් තියෙනවද ආ..ශි මට තරහා අරු ගැන..මහ ලොකු අයියා..ඌටත් මොකද නතාශගෙ ඇගෙ එලිගෙන ඌත් යනවනි .ඔහොම..ඌත් ඔහොමද දන්නෙ නෑ

අපෙ අයියා එහෙම නෑ ලොකු අයියා එයාට මුකුත් කියන්න එපා

තමුසෙ කොහොමද එහෙම කියන්නෙ

මට නතාශා අක්කි කියනවා හැමදේම ..

හුම්..දැන් තමුසෙගෙ තනුශ්ද මොකාද කියන එකා මොනාද කියන්නෙ

මොනා ගැනද අයියා

මෙ ලමයා ගැන

අයියො මමත් දැනගත්තෙ දැන්..ඕක සිම්පල්නෙ අයියා ඇබෝශන් කලාම හරි

චටාස්…

කිනාල් නන්ගිට දුන්නු පාරට මමත් බය වුනා..අනෙ දෙයියනේ මේ පොඩි කෙල්ල ජීවිතේ ගැන කතා කරන හැටි..හරිම ලස්සනට කිසිම පිලිකුලක් ලැජ්ජාවක් නැතුව තමන්ගෙ අයියා ඉස්සරහා කොල්ලෙක් එක්ක සෙක්ස් කලා කීවා..එයා කියන විදිහට එයා ඩ්‍ර්ග්ස් මොනාහරිත් පාවිච්චි කරනවා වගෙ..දෙයියනේ සල්ලි තියෙන මිනිස්සු මේ නටන නාඩගම් මොනාද දෙයියනේ ..මට නම් තවත් බෑ අහන් ඉන්න..අනිත් එක්ක කටක් ඇරලා කොහොමද මේ දේවල් හරිත එක්ක කියන්නෙ ..මේ පොඩි කෙල්ල කොච්චර ලේසියෙන් කීවද ඇබෝශන් කරනවා කියලා..මට නම් හිතද්දිත් ඇග මොනාද වෙනවා

අනෙ කිනාල් මන් යනවා

ඔහොම ඉන්න ආදි..

ඔහ් ලොකු අයියා මොකටද ඔයා එචචර එයා ගැන වොරි වෙන්නෙ..එයා යන එකමයි..හොද..අනික එයාට කියන්න ..එයා මේ දේවල් අම්මිගෙ හරි අයියගෙ හරි කනෙ තියලා තිබ්බොත් බලගමු කියලා

හ්ම්ම්..මට කාටවත් කියන්න ඕනි නෑ..මන් නිදොස් කියලා මන් දන්නවනි..ඒත් නන්ගියෙ මට ඔයා ගැන ගොඩාක් දුකයි..ඔයා මාව පිට විදියට සැලකුවට කමක් නෑ..ඔයාව ඔය දේවල් වලින් මුදව ගන්න මේ ගෙදර අයට උවමනාවකුත් නෑ..ඒත් නන්ගියෙ දුකයි..ඔයා යන්නෙ වැරදි පාරක

මන් යනවා කිනාල් ..ඔයාලා ප්‍ර්ශ්න විසද ගන්න…

මට තේරෙන්නෙ නෑ..සල්ලි මිනිස්සුන්ව මෙච්චර නරක් කරන්නෙ කොහොමද කියලා ..ඒත් අපි දුප්පත් උනත් ඔය වගෙ නෑ නන්ගියෙ..ඔයා ආදි ඔයා

දොර ලග හිටගෙන උන්නෙ ආදි

ඔයා

මට සමාවෙන්න ආදි සමාවෙන්න..ශි මන් හොයලා බලන් නැතුව ඔයාට කෑගැහුවා..මොන මොනවා කියලා කෑගැහුවද මන්..

ඔයා අහන්ද උන්නෙ

ඔව් හැමදේම ..

ඒ කියන්නෙ

මන් මගෙ ගැන විතරක් හිත හිතා ලෝකෙ කැරකෙද්ඩ්ජි..මගෙ නන්ගි එයාගෙ ජීවිතෙ වරද්දන්..

හුම්

ඔයා මට සමාව දෙනව නේද

හ්ම්ම්

සමාවෙන්න ආදි ප්ලීස්..

හරි

හරිත මාවත් අතින් අල්ලන් ආයෙම නන්ගිගෙ රූම් එකට ගියා

අහ් ඒ ටිකට මෙයා අයියව එක්කන් ආවද

කටවහනවා සුද්දි ..ආදි නෙමි මෙතනට මාව එක්කන් ආවෙ..මමයි ආවෙ..

හරිත මාව අතඈරලා නන්ගිව අල්ලගත්තා

කියනවා කවුද ඌ

මන් ..මේ

හරිත මේ අහපන් උඹ හැමදේටම කලබල වෙනවා..මේක කෑගහලා විසදගන්න බෑ..අනික අන්කලුයි ඇන්ටියි දැනගත්තොත් දරාගන්න බැරි වෙයි..

ඒ උනාට බම්..

හරි සුද්දිට ඔහොම වෙන්න හේතුව උඹ..උඹ සුද්දිගෙ අයියා විදියට කවදාවත් සුද්දි ගැන හෙව්වද..එක අතකට බැලුවොත් හොයන්න කොහිද උඹට වෙලාවක් තියෙන්නෙ නේද..උඹත් ක්ලබ් ගානෙ යනවනි..දැන්වත් ඇස් ඇරලා උඹෙ වටෙ පිටෙ ගැන හොයපන්

මන් දැන් මොකක්ද කරන්නෙ කිනාල්..මට තේරෙන්නෙ නෑ කියපන්

ඔක්කොටම කලින් උඹ මේ කෙල්ලගෙන් සමාව ගනින්..උඹ ඕන දේවල් හොයන්නෙ නෑ..ඕනි නැති දේවල් නම් හොයනව..උඹත් උඹේ නන්ගිව වත් හදාගනින්..

මට උදව් කරපන් කිනාල්

උදව් තමයි බම් මේ කරන්නෙ ..උබ තේරුම් ගනින්..ජීවිතෙ කියන්නෙ සල්ලිම නෙමි..උඹ හැදියන්..මේ අහින්සක කෙල්ල එක්ක ජීවත් වෙයන්..ලස්සනට ..ඒකි උඹට ආදරෙයි..තේරුම් ගනින් ඒක

අනෙ කිනාල් මොකටද ඒකක් කියන්න ගියෙ..මන් ආදරෙ කරන එක මෙතනට කොහොමටත් අදාල නෑනී…

…මතු සම්බන්දයි—
බැනපු,රවපු හැමෝටම සතුටුයි නේද දැන්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *