ඔබ මගේම නම්…………………………26

තමුසෙට මන් මේ දෙන ලාස්ට් වෝනින් එක තේරුනාද ..හරිත අයියගෙන් ඈත් වෙලා ඉන්නවා..

මේ මොන මගුලක්ද මේ..ඔක්කොමල්ලා එන්නෙ මටම රෙස්පට් දාන්න නේ…

මේ නතාශා මන් ලන් වෙන්න හැදුවෙ නෑ හරිද..දෙයක් ලැබෙන්න තියෙනවා නම් කොහෙ වත් ඉන්න බල්ලො බිරුවා කියලා එක නොලැබි තියෙන්නේත් නෑ..හරිතට කාව ඕනිද කියලා එයා තීරනෙ කරයි

අහ් තමුසෙගෙ කට වැඩි..තමුසෙ හිතන්නෙ හරිත අයියා තමුසෙ වෙනුවෙන් කතා කරන්නෙ ආදරේට කියලද..ආ…නෑ එයාගෙ තියෙන අනුකම්පාවට..අනික තමුසෙත් ඉන්නෙ හරිත අයියගෙ දේපළ ගන්නනි…අයින් වෙනවා හරිත අයියගෙන්

මේ නතාශා ඔක්කොටම කලින් කතා කරන්න ඉගෙන ගන්න..මේක ඇතුලෙ ගොඩක් අය ඉන්න නිසයි මන් ගොඩක් සන්වරව කතා කරන්නෙ ..නැත්තම් ඔයාට උත්තර දෙන්න මන් හොදට දන්නවා..ආදි මට ආදරෙ නම් මන් එයාව අතාරින්නෙ නෑ..ඒකත් මතක තියාගන්න …දැන් කරුනාකරලා මෙතනින් යන්න..

මන් තමුසෙගෙ ගැන පස්සෙ බලාගන්නම් එකක් මතක තියාගන්නවා තමුසෙගෙ අහින්සක කමට කිනාල් අයියව රවට්ට ගත්තට හරිත අයියවත් රවට්ට ගන්න මන් දෙන්නෙ නෑ…තේරුනාද ..

ඒ මොනා හරුපයක්ද්ස්..මන් කවදාද කිනාල්ව රවට්ට ගත්තෙ …අනික හරිත මට ආදරේද නැද්ද කියලවත් මන් දන්නෙ නෑ…හරිතව මට බලෙන් ඕනිත් නෑ…හරිත මට දශමයක් හරි ආදරේ නම් මන් එයාව අතාරින්නෙත් නෑ…කොහොමටවත්….

ගෙදර එනකම්ම නතාශා මට පේන්න ආදිගෙ ඇගේ එල්ලිගෙන ආවෙ…එයාටත් ඕනි නතාශා වගේ නැට්ටිච්චියෙක් නේ…මාව නෙමීනී…ගියාටත් වඩා හිතේ ගින්දරකින් මන් ගෙදර ආවෙ..

ආදි හින්දා මට නතාශා එක්ක රන්ඩු කරන්න වේවීද…එයා මට ආදරේද නැද්ද කියලාවත් නොදැන…කොහොමද මන් රන්ඩුවකට පැටලෙන්නෙ දෙයියනේ …

…….

ආදි මට මේ මේ දේ එයා වෙනුවෙන් කරන්න නොකීවට එයාගෙ ගොඩාක් දේවල් මගේ අතින් සිද්ද වෙන්නෙ…

එයා ඔෆිස් අදින ඇදුම තෝරලා ඒක අයන් කරන්නෙ මන්..එයා මන් තෝරලා දෙන දේ ඇදගෙන යද්දී ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ…මගේ අතින් ඉවුනු කෑමක් එයා ආසාවෙන් කද්දි පොඩි දරුවෙක්ට කවන අම්මා කෙනෙක්ට වගේ මට සතුටක් දැනෙනවා …

එයා කීවත් නොකීවත් මන් රෑ කීයට හරි එයා එනකම් බලන් උන්නා…සමහර දාට එයා එද්දි මන් සෙටියෙම නිදි…එතකොට එයා කරන්නෙ හිමින් සැරෙ මාව උස්සන් ගිහින් ඇදෙන් තියන එක…
වෙලාවකට මන් දිහා බලන් ඉන්නවා කන්න වගේ…තවත්වෙලාවකට මන් දිහා නොබලම යනවා…

මට මේ නපුරව තේරුම් ගන්න බෑ..ඒත් ඒ නපුරුකම් වලට මන් ගොඩාක් ආසයි ආදරෙයි…

ඔයාට මන් ගොඩාක් ආදරෙයි නපුරෝ ගොඩාක් ආදරෙයි …දවසක මට ඔයාව නැති වෙයි….ඒත් මට ඔයාට ආදරෙ කරන එක නම් නතර කරන්න බැරි වෙයි…
කාලය හරිම ඉක්මනට ගෙවිලා යන්නෙ..අනේ තව මාස පහකින් මන් ආදිගෙන් ඈත් වෙන්න ඕනී…එයා මට ලන්වෙන තරමටම නතාශටත් ලන් වෙන්නෙ..ඇත්තටම එයා ආදරෙ කාටද මන් දන්නෙ නෑ…

ඔෆිස් එකේ අවුරුදු දහයෙ සන්වස්තරෙ ලගදිම එනවා..ඉතින් මට හිතුනා ආදිට එදාට අදින්න ශර්ට් එකක් අරන් දෙන්න…

ඔෆිස් ඇරිලා ආදිට මැසේජ් එකක් දාලම ඔඩෙල් එකට ගියා..මැසේජ් එකක් දැම්මෙ නැත්තම් නපුරා මට බනින නිසයි මන් එහෙම කලේ..

නපුරට කියලා මන් ඉස් ඉස්සෙල්ලාම අරන් දෙන තෑග්ග…එයා ගොඩක්ම අදින්නෙ කලු හරි නිල් පාට හරි ශර්ට්..ඒ දෙකින් තමයි තෝරන්න ඕනී..

අද උදෙ ඇදුම් අයන් කරද්දි මන් එයාගෙ ශර්ට් කොලර් සයිස් එක බලාගත්තා..පහලවාමාර..නපුරා ටීශර්ට් ඇන්දම දග කොල්ලෙක් වගේ ඒත් ශර්ට් එකක් ඇන්දම මාර ස්මාර්ට්…

ඔඩෙල් එකෙ මෙන්ස් ඇදුම් තියෙන කොටසෙ මන් ඇදුම් තෝර තෝර ඉද්දියි සුපුරුදු කටහඩක් ඇහුනේ

ආහ් මැඩම්..ශර්ට් තෝරනවා වගෙ..හස්බන්ඩ්ටද නැත්තම් …

මන් කාට තේරූවත් ඔයාට ප්‍ර්ශනයක් නෑනි..

හිතින් කීවා මිසක් මට මෙතන ප්‍ර්ශන ඇද ගන්න ඕනි නෑ

ඒයි උබලා දන්නවද..මේ ඉන්නෙ අපෙ හරිත අයියගෙ අවුරුද්දෙ වයිෆ්..ඊලගට කිනාල් අයියගෙ..ඊලගට…උඹලාගෙත් අයියලා ඉන්නවා නම් කියපන් ආ

ශිට් මොන ජරා කතාවක්ද ඒ..මන් කේන්තියට එතන තිබ්බ ඇදුමක් මිරිකුවා

මේ මේ මෙයාට කේන්ති ගිහින්..

නතාශා ඔයා මේ කරන්නෙ හොද දෙයක් නෙමි..ඇයි මේ මට ලැජ්ජ කරන්නෙ

ඔහොම තමයි බම්..හිගන මිනිස්සු..අවස්තාව ලැබුනු ගමන් එල්ලෙනවා

ඒකනි බම් අපෙ නැන්දලාටත් තේරෙන්නෙ නෑනී

මන් එයාලගෙ කතා ගනන් නොගෙන ශර්ට් දෙකක් තේරුවා..ටිකක් ගනන්..ඒත් ආදි වෙනුවෙන් දෙන පලවෙනි තෑග්ගනි

කලු පාට ශර්ට් එකට නිල් පාටින් හීනි ඉරක් වැටුනු චාම් ශර්ට් එකක්..මේක ඇන්දම එයා ගොඩක් ලස්සනට ඉදිවි..මන් ශර්ට් එක හිතින් එයාට අන්දලා බැලුවා..

ඒයි අර බලපන් තනියෙන් හිනා වෙනවා..

ඔහ්..බලපන්කො තෝරන් තියෙන ශර්ට් එකෙ හැටි..අපෙ හරිත අයියා ඕක ගෙදර බල්ලට වත් අන්දන එකක් නෑ

ඒකනි බම්..ඒක ගාන අඩු ඇති..උඹත් ගනින් එකක්..ගාන සැර..ඕකිගෙ එක විසික් කරලා දාන්නම..
මන් දෙදාස් පන්සීයක ශර්ට් එකක් ගද්දි නතාශා ඊට දෙගුනයක් දීලා ශර්ට් එකක් ගත්තා..

හුම්ම් විසික් කරන්න සල්ලි නෑ මට..කොහොමටත් සල්ලි වලින් රන්ඩු කරගන්න තරම් හයියකුත් නෑ මට..කමක් නෑ .ආදි මගේ තේරිමට කැමති නම් ඒක තෝර ගනිවි..

මන් ආදි වෙනුවෙන් ශර්ට් එක ගත්තු දාම ආදි නතාශා දුන්නු ශර්ට් එකත් ගෙදර ගෙනත් තිබුනා..මන් ශර්ට් දෙකම අල්මාරියෙ දැම්මා..

නපුරු කමට මේ නතාශා දුන්නු දේ විසික් කරන්න ඕනි තරම් පුලුවන් කම තිබුනත් මන් එහෙම නොකලෙ මොනා උනත් ඒ ආදිට ලැබුනු දෙයක් හින්දා..

ඔෆිස් එකෙ උත්සවෙ දවසෙ මට ගොඩක් වැඩ වැටුනු නිසා කලින්ම ඔෆිස් එකට ආවා..

එනකොට මන් ආදිට මන් අරන් දුන්නු ශර්ට් එකයි නතාශා අරන් දුන්නු ශර්ට් එකයි දෙකම අයන් කරලා ආවෙ..

අද මන් පුන්චි කාසියෙ වාසියක් උරගා බලන්න තීරනේ කලා..

මගේ ශර්ට් එක ආදි ඇදන් ආවොත් ආදි දවසක මගේම වෙයි..එහෙම නැත්තම්..නෑ ඒක ඕනි නෑ..

උත්සවයෙ පොල්තෙල් පහන පත්තු කරන්න තියෙන්නෙ දහයාමාරට..

සේරම වැඩ ටික ඉවර කරලා අටයි හතලිස් පහ වෙද්දි මන් අම්මි කියපු සැලුන් එකට ගියා..

මන් සාරියක් අදින්න හිතන් උන්නත් අම්මි ලස්සන ෆ්‍රොක් එකක් තෝරලා දුන්නා..හැමදාමත් අදින්නෙ සාරි හින්දා..අනික ආදිට කෙසෙ වෙතත් ලෝකයා හමුවෙ මන් මේ ඔෆිස් එකෙ බොස්ගෙ වයිෆ්..ඉතින් ලස්සනට ඉන්නත් ඕනිනේ..

සැලුන් එකෙ අක්කි මාව ලෑස්ති කරද්දි වයින් බෝනික්කි වගෙ එහෙට මෙහෙට කියන කියන කියන දේ කලා මිසක් මගේ හිතේ තිබුනෙම ආදි ගැන..

එයා කාගෙ ඇදුම තෝරගෙන ඇද්ද..සුබ දෙයක්ම වෙන්න..මගෙ හිත රිදෙන්නෙ නැතුව..

එහෙන් මෙහෙන් කොන්ඩෙටත් මොන මොනාදෝ කරලා සිම්පල් මේකප් එකක් මන් වෙනුවෙන් දාලා තිබුනා

මිස් බලන්න ලස්සනයිද කියලා

කැඩපතින් පේන මගේ රූපෙ දැකලා මට මාවම අදහා ගන්න බැරි උනා..මීට මාස හතකට කලින් ආදිගෙ මනමාලි උනු කැහැටු සුදුමැලි මන්මද මේ…

අම්මිට පින්සිද්ද වෙන්න..මේ හැම දේම

ශා ..මගෙ අතින් හැඩවුනු ලස්සන කස්ටම කෙනෙක්..ගමුද පොටෝ එකක්..මගෙ ඇල්බම් එකට දාන්න

සැලූන් එකෙ අක්කිගෙ පෙරැත්තට මන් පොටෝ කීපයකටම උන්නා..ඇත්තටම මටත් හිතා ගන්න බෑ..මේ ඉන්නෙ මන් මද කියලා…

ආදි ඔයාට මාව දැකලා මොනා හිතේවිද..දන්නවා ඔයාව රූපෙන් වශී කරගන්න බෑ කියලා..ඒත් ඔය ඇස්වල මන් වෙනුවෙන් පුන්චි හරි ආසාවක් ඇති වෙනවා නම්..

මන් ඔෆිස් එකට එද්දි ආදි ඇරෙන්න අනිත් ඔක්කොම හෝල් එකට ඇවිත්..කෝ මේ නපුරා..එයා කාගෙ ශර්ට් එකද ඇදන් ඇත්තේ

මගෙ ඇස් මටත් නොදැනිම නපුරව හොයනවා

වාව්….

අහ් කිනාල් ඔයා..කෝ ආදි

එයා ආවා..තවම එලියෙ..අද නම් ලස්සනම ලස්සන සුරන්ගනාවියක් වගෙ..ඇත්තමයි අපෙ හරිතයගෙ නෙමි නම්..අදම ටෝක් කරලා කසාද බදිනවා

අනෙ යන්න කිනාල් ඔයා විහිලු කරනවා

නෑ නෑ මැට්ටියෙ ලස්සනයි කියන්නෙ පට්ට ල්ස්සනයි..බලනවා වටෙ ඉන්න එවුන් ඔක්කොගෙම ඇස් තියෙන්නෙ ඔයාගෙ දිහාවට

එයාලා අත්බූත් සතෙක් දිහා බලනවා ඇති

පිස්සුද මෝඩි ඔයාගෙ ලස්සන බලන්නෙ

ඇත්තමද

නැතුව මන් බොරු කියනවද..ලස්සනයි ලසසනයි ලස්සනයි

අහ් කිනාල් අයියා..

අපි දෙන්නගෙ කතාව මැද්දට නතාශා පැන්නා

හුම් නොට් බෑඩ්..සෑහෙන්න මේකප් එකක් දීලා සැලූන් එකෙන්..මේ අහනවා තමුන් කොයි කොයි විදියට හැඩ උනත් මේ නතාශට කිට්ටු කරන්න හීනෙකින් වත් බෑ තේරුනාද

මොකො ආ නතාශා

කිනාල් අයියා ඔයා මෙයාට වශි වුනාට බලන්නකො හරිත අයියා බලන්නෙ මන් දිහා..අනික එයා කැමති මගෙ චොයිස් එකට..සමහර දුප්පත් එවුන් හිතන් උන්නට එයාලගෙ චොයිසස් වලට කැමති වෙයි කියලා..රත්තරන් වලට පෑහෙන්නෙ මැනික් ගල් මිසක් බොරලු නෙමි..බලන්නකො කිනාල් අයියා අද හරිත අයියා ඇදගෙන එන්නෙ මන් අරන් දුන්නු ශර්ට් එකක්..හිගන්නුන්ගෙ ඒවා නෙමි

මන් හිතපු විදියටම මෙයත් හිතලා..

මේ මැට්ටියෙ අන්කල් කතා කරනවා මේ අහින්සකි එක්ක රන්ඩු කරන්නෙ එහෙම නෑ

කිනාල් යන්න ගියාට පස්සෙ නතාශා මට කිට්ටු කරා

හිගන්නි..බලන් ඉන්නවා..හරිත අයියා මගෙ එයා කැමතිත් මගෙ චොයිසස් වලටමයි..අද බලනවා…මගෙ ඇදුම තමයි ඇදන් එන්නෙ..ඒ හින්දා අවුරුද්ද ඉවර උනු ගමන් අකුලන් යන්න ලෑස්ති වෙලා ඉන්නවා..හරි

අනේ ආදි ඔයා එය

… මතු සම්බන්දයී 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *