ඔබ මගේම නම්………………………..27

මන් මේ දකින්නේ හීනයක්ද කියලා මටම හිතා ගන්න බෑ..ඇදුමකින් ජීවීතේ මනින්න බෑ තමයි..ඒත් මේ පුන්චී බලාපොරොත්තුවක්..වාසනාව උරගා බැලීමක්..

මගෙ හිත සතුටට පත් කරලා නතාශගෙ ඇස් ගෙඩි දෙක එලියට පැනලා දාපු ඒ අසිරිමත් දේ තමයි..ආදි …එයා ඇදන් උන්නෙ මන් අරන් දීපු ශර්ට් එක..අහඹුවක් උනත්..එයා මගේ දේ තෝරන්..මට දැනෙන්නෙ එයා මාව තෝරගත්තා වගේ..

අයියො හරිත අයියා මොකක්ද අනේ ඇදන් ඇවිත් තියෙන්නෙ..

මන් හිත හිතා ඉද්දි නතාශා ඉස්සරහට ගිහිල්ලත් ඉවරයි..එයා ගිහින් ආදිගෙ ඇගෙ එල්ලුනා..රිදෙනවා තමයි..පැලෙනවා තමයි ඒත් මොනා කරන්නද

හරිත නතාශා එක්ක කතා කර කරම මන් ලගට ආවා…ඔහොම නැට්ටිච්චියක්ව එල්ලන් ඉන්න එපා මහත්තයෝ…මේ හිත පිච්චෙනවා ඔයා දන්නෙ නැති වුනාට

වාව්…කූල්..ඕසම්..කවුද මේ බොලිවුඩ් නිලිය

ආදි මාව විහිලුවකට අරන්ද

මොකො මැට්ටි කතා නැත්තේ..එනවා යන්…

හරිත නතාශගෙ අත අයින් කරලා මට අත පෑවා…

හැමෝම බලන් ඉන්නෙ මෝඩි මගෙ වයිෆ් දිහා..උගුඩි වගෙ මන් දිහා බලන් නැතුව එනවා යන්න…

අහ් ඒකයි මේ..කම්පැනි එකේ අයිතිකාරයගෙ පුතාගෙ වයිෆ් විදියටයි මාව ගෙනියන්නෙ..ඒත් සතුටුයි…නතාශගෙ මූණ ඇබුල් වුනු විදිය දැකලා…

පොල්තෙල් පහන දල්වලා ලොකු සර් පුන්චි කතාවකුත් තිබ්බා..මුලු උත්සවෙ පුරාවටම ආදි මගේ අතින් අල්ලන් උන්නේ..මන් අත ගලෝගන්න උත්සහා කලත් එයා මගේ අත හයියෙන් අල්ලන් උන්නා…

වසරෙ නලුවට හිමි සම්මානේ දෙනවනම් ආයෙ නෑ නපුරට තමයි දෙන්න ඕනී..

නපුරා මට කිරබත් කැව්වා කේක් කැව්වා..

බොරුවට හරි මට දෙන ආදරේට මන් සතුටුයි..

දැන් නම් ඉන්න බෑ වොශ් රූම් යන්න ඕනි

ආදි

මොකො

මගේ අත අතාරින්නකො

බෑ

ඇයි

පැනලා යයි කියලා

ඇයි මන් පැනලා යන්නෙ..

වටේ ඉන්න කොල්ලො බලන් ඉන්න හින්දා

ඒ කීවේ

මුකුත් නෑ

අනේ මන්දා මොනාදෝ කියන්න ගිහින් ගිලිනවා..අනේ අතාරින්නකො

ඇයි කොල්ලොන්ට පේන්න වන වන යන්නද…ඕනී නෑ මන් ලගින් ඉන්නවා..පොලගියෙක්නේ…මගේ වයිෆ් නේ..

මට වොශ් රූම් යන්න ඕනි

ඕනි නෑ මන් ලගින් ඉන්නවා

අයියො තවත් නම් ඉන්න බෑ..

හපෝ යනවා යනවා..

හුම්ම්…

මන් වොශ් රූම් එකට ගියා…ආදී මොන මොනාදෝ කීවා..කියෙව්වා..මොනාද ඒ..

ඔහොම නවතිනවා…
ඔහොම නවතිනවා

ඇයි මොකො

දිනුවා කියලද හිතන්නෙ

මොනා දිනන්නද

මේ අහනවා හරිත අයියා තමුන් අරන් දුන්නු කසිකබල් ඇදුම ඇදන් ආවා තමයි..එහෙම කියලා තමුසෙ දිනුවා කියලා හිතන්න එපා..මේකප් ටිකක් උලලා නිලිය කියලා හිතන් ඇති..හරිත අයියගෙ ඇගෙ එල්ලෙන්න ආව කූඩෑල්ලි…මතක තියාගන්නවා ඕවා සේරම තව ටික කාලයයි

හරි මන් මතක තියා ගන්නම්..දැන් යන්න දෙනවද

මේ අහනවා වැඩිය උඩ පැනන් ආවොත් දුවන්න දෙන්නෙ

හා මන් බය උනා හරි නෙ යන්න දෙනවා මට

මොකො ආ කට..මේ සේරම නාටක තව මාස පහයි..ඊට පස්සෙ හරිත අයියා මගෙ..තමුසෙ බඩු අකුලන් ඉන්නවා යන්න ලෑස්ති වෙලා

හා හා..

ඇයි හදිස්සිය තවම ඉවර නෑ ..හරිත අයියව කුලප්පු කරන්නද යන්නෙ…

නතාශා මගේ කොන්ඩෙන් ඇද්දා..කොන්ඩෙට ගහලා තිබුනු කටු බුරුල් වෙලා කොන්ඩෙ කඩා හැලුනා

මේ නතාශා කරුනාකරලා අයින් වෙනවා…නැත්තම් මගෙ ඉවසීමෙ සීමාව පනියි ආ

ඇත්තට මටත් ඕනි ඒක ඕන තමයි..තමුසෙ මට මොනවා කරන්නද…

අතින් පයින් එන්න එපා නතාශා

ඇයි මන් අතින් පයින් හැම එකෙන්ම එනවා ඇයි ඇයි මොකො

නතාශා මට ඇන ඇන ඉස්සරහට එනවා..

නතාශා…ප්ලීස් මට ඔයත් එක්ක රන්ඩු කරගන්න ඕනි නැ..මට යන්න දෙන්න්ස්

අප්පට සිරි..දෙකයි පනහෙ එවුන්ගෙ කට..තමුසෙට මම

නතාශගෙ අත මට ඉස්සෙන්න කලින් මන් නතාශව තල්ලු කලා..මගේ හිතකවත් තිබ්බෙ නෑ මෙහෙම රන්ඩු වෙන්න..ඒත් ඔයාමයි ඉල්ලන් කෑවෙ නතාශා..

නතාශා මන් තල්ලු කරපු පාරට වොශ් රූම් එකෙ බිමට වැටුනා. එයාගෙ ඇදුම් ඉවරයි

තමුසෙ..තමුසෙ මාව මේ ජරා ගොඩට තල්ලු කලා..හරි බලා ගන්නවා මන් තමුසෙට කරන දේ..

සොරි නතාශා හිතලා කලේ නෑ

තමුසෙ වගෙ එකියෙක්ගෙ හොරියක් මට ඕන් නෑ..බලාගන්නවා තමුසෙට මේකට වන්දි ගෙවන්න වෙයි..

අනේ මන්දා මට රන්ඩු වෙන්න උවමනාවක් නෑ…එහෙම රන්ඩු කරලා මන් කාව දිනාගන්නද..මන් ආදරෙ උනාට ආදි මට කැමතිද කියලාවත් මන් දන්නෙ නෑනී…

කොන්ඩෙත් අවුල් වෙලා..දැන් ඉතින් මේක හදන්න බෑ ඔන්න ඔහෙ කඩාගෙනම ඉන්නවා…

මන් ආයිමත් ආදි හොයන් ගියා..
ආදි නෑ..ඒ වෙනුවට කිනාල් නම් උන්නා

විහගි මොකො මේ

මුකුත් නෑ

කොන්ඩෙත් කඩන්..දාඩියත් දාලා..ඇයි මේ

මුකුත් නෑ මන් පස්සෙ කියන්නම්..කෝ හරිත

එයා නැතුව බෑ නේද

එහෙම එකක් නෑ..

හරි හරි මන් දන්නවා අර ඉන්නෙ..ඔය එන්නෙ කියනකොටත්…

ආදි අපි ඉන්න තැනට ආවා

මොකො මේ..

මුකුත් නෑ මට මහන්සියි මේවා ඇදන් ඉන්න බෑ ..මන් ගෙදර යනවා

මොකේද

මන් ආවෙ බයික් එකෙන් නෙ..ඒකේ යනවා

හොදට තියෙයි ඕකේ ගියාම..ඔක්කොම පෙන්න පෙන්න

ජැකට් එක දාගත්තම හරි

පිස්සියෙක් මහා..යන් මාත් එක්ක..මටත් ගෙදර යන්න ඕනි

බෑ මන් බයික් එකෙ යන්නම්

කෝ යතුර

තියෙනවා ලග

කෝ පෙන්නනවා

මන් අතේ තිබුනු චූටි ප්‍ර්ස් එකෙන් යතුර අරන් පෙන්නුවා..ආදි ඒක මගෙන් උදුරන් කිනාල්ට දුන්නා

මචන් මේක කාට හරි දීලා ගෙදරට එවපන්..අපි යනවා

ඒත්..අනේ කිනාල් දෙන්න ඕක

නෑ නෑ මෙහෙ එනවා

ආදි මාවත් ඇදගෙන කා එකට නැග්ගා

වෙලාවකට මේ නපුරගෙ නපුරුකම් ඇතුලේත් ලස්සනක් තියෙනවා..

නතාශා එක්ක උනු දේ මතක් වෙලා ඒසී තිබ්බත් මට දාඩිය දාලා..මන් කඩා හැලුනු කොන්ඩෙ එක මිටට අරන් ගෙඩියකට බැන්දා

මොකක්ද ඒ කරපු අපරාදේ

ඇයි ..මන් මොකක්ද කලේ

නතාශයි මමයි එයා නිසා රන්ඩු වුනු එක දැනගෙන වත්ද…

ඔය කොන්ඩෙ..මෝඩි..කඩන් ඉද්දි ලස්සනයි

ම්ම්ම්

ම්ම් නෙමි ..අද ලස්සනයි ගොඩක්…මගේ වයිෆ් කියලා කියන්න පුලුවන්

මෙච්ච්‍ර ද්වස් කියන්න බැරිවද උන්නෙ

නැතුව උනුහපුලි

හ්ම්ම්

ගෙට ගහන්න එපා..කෝ ඉන්නවා

මන් ගෙට ගහපු කොන්ඩෙ ආදි ආයෙම ලෙහුවා..ඔහොම බලන්න එපා මැට්ටෝ මට මොනාද වෙනවා

ම්කො

මුකුත් න්ආ

මන් මේ කල්පනා කලේ

මොකක්ද

පොලගියො උනත් ලස්සනයි නේද කියලා…

හුම්..මන් පොලගි එතකොට නතාශා මොකෙක්ද දන්නෙ නෑ…

හප්පා ගෙදරට එන පාර මෙච්චර ලග උනෙ මොකොද මන්දා

එයාම කියනවා..එයාම උත්තර දෙනවා මට නම් මුකුත්ම තේරෙන්නෙ නෑ…

ඔතන ඔලුව කස කසා ඉන්නෙ නැතුව බහිනවා..ගරාජ් එකට දාන්න බෑ..මන් ආයෙ යනවා

ආදි කා එක වත්ත ඇතුලට දාන්නෙ නැතිව පාරෙන් නවත්තලා

කා එකෙන් බැහැලා අඩියයි තියන්න ලැබුනේ..

අඩිය තියන්න අමාරුයි…අලුත් සපත්තු දෙකට කකුලේ චූටි ඇගිලි හිරවෙලා ඉදිමිලා..පොක්කලම් දාලා…මන් නැවිලා සපත්තුව ගැලෙව්වා

හපො ඔහොමත් නැවෙනවද..බලන එකත් රූම් එකට ගිහින් බලා ගන්නවා

මගෙ ඇගිලි ඉදිමිලා ආදි..අඩිය තියන්න බෑ..පොක්කලම් දාලා…

ඇවිදින්න බැරිද

රිදෙනවා

කෝ එනවා

ආදි හරිම හෑල්ලුවට මාව වඩා ගත්තා

මට පයින් යන්න පුලුවන්

කට වහන් එනවා..

ආදි මාව ඇද උඩින්ම ගිහින් තිබ්බා..

පුදුම මැට්ටෙක් තමා..මට හොදට ඇවිදින්න පුලුවන් කම තියෙද්දි බොරුවට උස්සන් ආවා

මොකො

ඔයාට පිස්සු කොල්ලා

ඔව් ටිකක් විතර..එක් කෙනෙක් දැකලා

එක් කෙනෙක් කීවෙ

එක්කෙනෙක්..මන් හිතන් උන්නෙ එයාට පුලුවන් පිඹින්න දස්ට කරන්න විතරයි කියලා..ඒත් එයාට ලස්සනකුත් තියෙනවා

මට තේරෙන්නෙ නෑ

හ්ම්ම් මටත් තේරෙන්නෙ නෑ..මාත් පිස්සු වැටිලා

ඔයා මොකො කරන්නෙ ඔය

ආදි මගෙ සපත්තු දෙක ගැලෙව්වා..එහෙම්ම මගේ චූටි ඇගිලි දෙක අත ගෑවා

එපා

ඇයි

කකුල්..එපා ජරාව

දෙයක් අහන්නද

හ්ම්ම්

හැමදාම රෑට

ඔව් ඉතින්

මගෙ සපත්තු අයින් කරලා මේස් ගලෝලා..ශර්ට් ගලෝලා…මන් වමනෙ දාලා තිබ්බොත් ඒවා අස් කරද්දි ගද නැද්ද

නෑ

එහෙනම් මටත් මේ කකුල් ජරාව නෙමි..ඒ හින්දා කට පියන් ඉන්නවා

ආදි මගෙ කකුල් දෙකෙ ඇගිලි වලට කීම් ගෑවා..

දැන් දැන් කදුලු ඒවි කියලා මට බයයි..

එයා නැගිටිද්දි ඒ ඇස් වලට ලස්සනට මාව අහු උනා..

අපි දෙන්නා කොච්චර වෙලාවක් ආදරෙන් බලා ඉන්න ඇද්ද…ඒ ඇස් මට මොනාටද …ආරාදනා කරනවා..ඒත්

මැට්ටි

ම්ම්ම්

ඇත්තම කියන්නද

හ්ම්ම්

අද

ම්ම්ම්

මන්

ම්ම්ම්

එනකොට

ම්ම්ම්

හෝල් එකට

ම්ම්ම්

දැක්කා

මොනාද

ලස්සන සුරන්ගනාවියෙක්ව..කවදාවත් මන් ඒ සුරන්ගනාවිව එච්චර ලස්සනට දැකලා තිබුන්නෑ..පලවෙනි පාරට ආඩම්බරයක් ආවා..අමුතු හැගීමක් දැනුනා..ඒ ලස්සන සුරන්ගනාවිගෙ අයිතිය මට නේද කියලා

දැන් නම් මගෙ කෙලත් ගිල්ලෙන්නෑ වගේ..

ආදිගෙ සුසුම් මගේ කන්පෙති වල දැවටෙනවා..මගෙ පපුව ගැහෙනවා..

ලස්සන කියන්නෙ හමේ සුද නෙමී

හ්ම්ම්

ඇදුනුත් නෙමී

හ්ම්ම්

මේකපුත් නෙමි

හ්ම්ම්

කෙල්ලෙක්ගෙ ලස්සන වැඩි වෙන්නෙ ඒ කෙල්ල චාම් උනු තරමට

ම්ම්ම්

ඒක මන් අද දැක්කා

හීනියට ගිය චූටි මේකප් එක..ඒ චාම් ලස්සන ඇදුම සුරන්ගනාවිගෙ ලස්සන වැඩි කරලා…මට මතක් කරා ඒ සුරන්ගනාවි මගේනේ කියලා

ආදි

ම්ම්ම්

මට

ම්ම්

දැන් ඕනි..ඒ ලස්සන …

අපෝ මේ පෝන් එක

ඉතුරු ටික අහගන්න මන් පින් කරලා නෑ..ආදි මට සුරන්ගනාවි කීවා..ලස්සනයි කීවා..අනේ

ආදි කෝල් එකට ආන්සර් කර කර කලබලෙන් මන් දිහා බැලුවා..

දෙයියනේ නතාශාද ඒ කෝල් කලේ..ආදිට මොනා හරි කීවද…

ආදි මුකුත් නොකියා රූම් එකෙන් එලියට ගියා..

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *