ඔබ මගේම නම්………………………..29

නතාශා ආදීට මොනා කියාවිද ආදී මන් කියන දේවල් අහයිද

කොච්චර දුස්ටියක්ද නතාශා..එයා කැමති කිනාල්ටනේ ඇයි මේ ආදි පස්සෙන් එන්නෙ..අනික මාව මරවන්න තරම් තරහක්..

ආදී මට ලන්වෙන්න හදන හැම මොහොතකම නතාශා ඒ මැද්දට කොහෙන් හරි ඉදන් කඩා පාත් වෙනවා..

අනික නතාශා කොච්ච්‍ර නරක විදියටද මට බැන්නේ..මන් වල් බැල්ලියෙක් ලූ..එතකොට එයා බූල් බැල්ලියක් වෙන්න ඇති..

චූටි නෝනේ…චූටි නෝනේ

අහ් කුසුම් නැන්දේ

මන් ගිහින් දෙන්නද මේක

කුසුම් නැන්දා ආදිට දෙන්න අල්ගැටපේර හදලා..මගෙත් ආසම බීමක්..

කෝ දෙන්න නැන්දේ මන් ගිහින් දෙන්නම්..

නෝනිගෙ එකත් මේකෙන්ම තියන්නද

ආදි විතරක් උන්නනම් මන් ආදී ලග ඉදන් බොනවා මේක..ඒත් අර නැට්ටිච්චිත් ඉන්නවනේ..

මන් ආයෙ එන්නම් නැන්දේ මේක දීලා

මන් දෙන්නගෙ ඩ්‍රින්ක්ස් දෙක අරන් ඉස්සරහට ගියා..

ටිකක් ලන්වෙද්දි මගේ නම කියැවෙනවා ඇහුනු නිසා මන් එතනම නතර උනා..
ඔයා හරි වෙනස් හරිත අයියා මොකො වෙලා තියෙන්නෙ මේ

ඇයි

මන් තුවාල වෙලා ඉන්නවා..ඔයා නිකමට වත් බලන්නෙ නෑ..

ඕක නම් මොකක්ද සුවිටි..අර කන්චුකයට වෙලා තියෙන දේ දැක්කම

අයියො කොහිවත් යන එකෙක් ගැන මොකටද ඔච්චරටම වොරි වෙන්නෙ

කොහිවත් යන එකෙක් ගැන නෙමි මන් කල්පනා කලේ සුවිටි

එහෙනම්

ඔයා දන්නවද අද මට ගොඩක් බය හිතුනා

ඒ මොකෝ

කන්චුකය ගියෙ විහගිගෙ බයික් එකෙ අනේ කන්චුකය වෙනුවට විහගි එහෙම ගියා නම්

ඒකනෙ අපරාදෙ ගියෙ නෑ

මොකක්..

හ්ම්ම්

එයාට මොනා හරි උනොත් මට ඒක දරාගන්න බැරි වෙයි සුවිටි

කාටද

විහගිට

මොනවා

ඔව්..අද මන් ඒක තේරුන් ගත්තා..මන් මන් විහගිට ආදරෙයි සුවිටි

(අනේ දෙවියනේ මට ඒ ඇහුනේ..

මොකක් හරිත අයියා ආ යූ ක්‍රේසි වට් නොන්සන්..හව් යූ ලව් හ්‍ර්…ඔයා කොහොමද එහෙම කියන්නෙවත්..නෑ නෑ ඔයා කැමති මට..එයාට නෙමි..අනික විහගි ඔයාට මැච් වෙන්නෙ නෑ අයියා..එයා ලස්සන නෑ..

සුවිටි..කෙල්ලෙක්ගෙ ලස්සන තියෙන්නෙ එයාගේ රූපේ නෙමී..කෙල්ලෙක් ලස්සන වෙන්නෙ චාම් උනු තරමට බලන්න ආදිගෙ ඒ ලස්සන චාම් බව..අනික ඔයා දැක්කද අද එයාගෙ ලස්සන..

ඔයාට පිස්සු හිගන්නි

එහෙම කියන්න එපා නතාශා..එයා දුප්පත් තමයි..ඒත් අපි කාටවත් නැති හොද ගතිගුන අතින් එයා කොච්චර පෝසත්ද..අපේ අම්මි ,නන්ගි මේ හැමෝම හොද වෙලා ඒ එයා හින්දා..මෙච්චර කල් පවුලක් විදියට නොතිබුනු අපේ පවුල එකමුතු වෙලා..අපි එකට කතා කරනවා..කෑම කනවා..

ඔයාලා ඔක්කොමල්ලා රැවටිලා එකීට..ඔය සේරම එකීගෙ මායම් දේපල ගන්න..ඔයාට වැඩිය හොද සල්ලිකාරයෙක් ලැබුනු ගමන් ඕකි යයි..දැන් ඔයාලව අල්ලන් ඉන්නෙ මෙකේ බින්න බහින්න..අයි නො දැට්..කපටි අම්මන්ඩි..අහින්සක බබා පාට් එකට ඉදන් රවට්ටගන්නවා ඔයාලව..

නෑ මගෙ ආදි එහෙම නෑ මන් දන්නවා..

ම්ගෙ ආදී??

ඔව් එයා මගෙ මන් ආදරෙයි එයාට

(අනේ දෙවියනේ මට බයයි මගේ හුස්ම දැන් දැන් නතර වෙයි කියලා..මේ දුප්පත් පපුවට උහුලගන්න බෑ දෙවියනේ…එයා මට ආදරෙයි…දෙයියනේ එයා මට ආදරෙයි..මෙච්චර දවසක් මන් බලන් උන්නෙ අහන්න ආසාවෙන් උන්නෙ මේක නේවේද …මාව දැන් පපුව හිර වෙලා මැරෙයි කියලා හිතෙනවා මට

ඔයාට බෑ හරිත අයියා ඒකිට ආදරෙ කරන්න බෑ..ඔයා මගෙ

නෑ සුවිටි මන් ආදරෙයි..මට ඒ ආදරෙ දැනෙනවා..ඔයා ගැන මගෙ හිතේ තිබුනෙ ආසවක් විතරයි..ඒත් අද මන් තේරුම් ගත්තා…මන් කවුරුවත් ගැන ඔච්චරටම හිතලා නෑ බය වෙලා නෑ..ඒ තමයි ආදරෙ…මන් එයාට ආදරෙයි..

විකාර..ඔයාට එහෙම කරන්න බෑ

මන් මේ මාස පහ ඉවර උනාම ඇග්‍රිමන්ට් එක කෑන්සල් කරනවා..

(විහන්සා නන්ගි පහලට එනවා..දැන් මන් මෙතන හිටන් අහන් ඉන්නවා දැක්කොත් මොන හරි හිතයි.

මන් ඉක්මනට බීම දෙක අරන් ආදී ලගට ගියා..
ආදි ආ..

මන් ඉස්සෙල්ලම ආදිට බීම එක දික් කලා..ආදී හොරෙක් වගෙ මන් දිහා බලලා ඒක ගත්තා..ඇත්තමයි නතාශා උන්නෙ නැත්තම් මන් පනිනවා ආදිගෙ උරහිසට..ආදරෙයි මගෙ හොරෝ

ආ නතාශ

මට ඕනි නෑ..හරිත අයියා මන් යනවා..අර වල් බැල්ලි ගැන නම් දැන් හිතන්නම වෙනවා..පාරක් පාරක් ගානෙ යන හොරිකඩ බැල්ලි..මන් ඕකීව මරනවා..වල් බැල්ලි ඒකිට කිසි දෙයක් ලැබෙන්න මන් ඉඩ තියන්නෙ නෑ

නතාශා අඩියට දෙකට වාහනේට නැගලා ඉගිල්ලිලා ගියා..

මන් වල් බැල්ලියෙක් වෙන්න ඇති නතාශා..ඒත් ඔයා දන්නවද සැප ගෙවල් වල සැපට හැදෙන බූල් බැල්ලියො දන්නෙ බොරුවට බුරන්නයි හුරතල් වෙන්නයි විතරයි..ඒත් වල් බල්ලො බුරන්නත් දන්නවා,ඕන තැනකට ඔට්ටුයි..හුරතල් වෙන්නත් දන්නවා..එයා තමන්ට ආදරෙ කරන කෙනෙක්ව කවදාවත් අතාරින්නෙ න්..මැරෙනකම්ම ඉන්නවා..දැන් මන් දන්නවා ආදි මට ආදරෙයි කියලා..මෙච්චර දවස් මට තීරනයක් ගන්න බැරිව උන්නෙ..ඒත් මන් දැන් දන්නව..ඔයා දන්නවද ආදි මගෙ නතාශා..ඔයාට එයාගෙ මයිල් ගහකට වත් ලන්වෙන්න මන් ඉඩ දෙන්නෙ නෑ..මාත් මරාගෙන මැරෙනවා..ඇත්තමයි..

මේ මෝඩි

මෝඩීයේ…

ආදි මගෙ කන ගාවට ඇවිත් කෑගැහුවා..වෙනදට නම් මට ගොඩක් තරහ යාවි..ඒත් දෙයියනෙ මේ මූන බලන් මන් කොහොමද තරහා ගන්නෙ

මෝඩීයෙ

අහ්..

අහ් නෙමි..මෙහෙ එනවා

මන් ඔයාගෙ වයින් බෝනික්කි ආදි..එන්නම්.ඔයා මගේ නම් හැමදාම ලගින් ඉන්න එන්නම්..

ම්ම්ම්

ම්ම් නෙමියි..ආයෙම ඔලුව අතගානවකො..හරි සනීපයි..

මන් ආයෙමත් ඒ ඔලුව මගේ ඔඩොක්කුවෙන් තියාගත්තා..මුදුවට ඒ හිසකේ අතර ඇගිලි යැව්වා..අනෙ ඔයා මගේනේ ඉතින්

ආදිට නින්ද ගිහින්.මට ලෝබයි නැගිටින්න..දැන් මගෙ කකුලුත් හිරි වැටිලා..ඒත් ඔයා ඇහරෙයි මන් අයින් උනොත්..නිදියන් ඉන්න ලස්සන..

මන් පාත් උනෙ ඒ නල්ල හිබින්නයි..ඒත් ඊට කලින් ආදි ඉස්සර උනා..එයා මාව පහතට කරලා නල්ලට හාදු තැවරුව..

මැට්ටි..අද මන් ගොඩක් බය වුනා..ආයෙම බයික් එකේ යන්න එපා..

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *