ඔබ මගේම නම්………………………..30

මැට්ටියෙ ආයෙ බයික් එකෙ එහෙම යන්නෙ නෑ හරිද

ම්ම්

ම්ම් නෙමියි ගියොත් බලාගමු

එතකොට මන් ජොබ් එකට යන්නෙ කෝමද

මන් ගෙනියන්නම්

එද්දි..

මන් එන්නම්

ඔයා නෑනි

ඇයි මන් ඉන්නෙ

හැමදාම ඔයා යන්නෙ නතාශා එක්ක

ආයෙ එහෙම වෙන්නෙ නෑ..ඔයා එක්කමයි ඉන්නෙ

ඒ ඇයි..

මට ඕනි හින්දා

අනෙ නපුරො හිතෙ තියෙන එක මට කීවා කියලා ඔයාගෙ අගෙ අඩුවෙන්නෙ නෑදෙයියනේ..කියන්නකො කියන්නකො කියන්නකෝ

මොකො ඒ පාර

කතාවක් මතක් උනා

ඒ මොකක්ද

මීවදයක් තිබ්බලු

ම්ම්

ඒ මීවදේ උන්නෙ එකම එක මීමැස්සියයිලූ

ම්ම්

වලහෙක් උන්නලු..ටිකක් නපුරූ

ම්ම්ම්

අර මීමැස්සිව අදුරනවත් එක්කලූ

ම්ම්..ඉතින්

මීපැනි කන්නත් ඕනීලූ..ඒ උනාට මීමැස්සිගෙන් ඉල්ලගන්නත් කැමති නෑලු..ලොකුකම හින්දා..මී මැස්සිත් දන්නවලු වලහට මීපැනි ඕනේ කියලා දෙන්නත් කැමතිලූ..හැබැයි මී මැස්සියෙක් නේ..හොදින් මිසක් නරකින් නම් දෙන්න කැමති නෑලු..වලහගෙ ලොකුකම හින්දා වලහට මීමැස්සියි මීවදෙයි දෙකම නැති වෙන්නත් පුලුවන්ලූ..

අනෙ එහෙම වෙයිද

ඔව්..

ඒ ඇයි

මීවදේ එක්ක මීමැස්සිට ඒ ගහෙ ඉන්න පුලුවන් තවපොඩි කාලයයිලූ..

ම්ම් ඒකත් එහෙමයි නේද..එතකොට වලහා ඉන්න කීවොත් මීමැස්සි ඉදියිද

ම්ම්ම්..ඔව්

ඉතින් මී මැස්සියෙ ඉන්නවකො..ම්

ඒක මට කියලා හරි යන්නෙ නෑනේ මීමැස්සිට කියන්න

ඒක තමයි වලහා දැන් කලේ

ම්ම්

ගොනීට කතා කියන්න නම් දන්නවා..ඒ උනාට කටින්ම අල්ල ගන්න ඕනි නේද

නැතුව ව්ලහගෙ ලොකු ඔලුවනේ..

වලහගෙ වෙන වෙන..

වෙන වෙන මොනාද

පොලගි..පොලගියක්ම තමයි..

නපුරො නපුරුම තමයි

මන් නපුරුද

ඔව්

කොච්ච්රක්

මේන් මෙච්චරක්..

මන් නපුරව ඔඩොක්කුවෙන් තල්ලු කරලා නැගිට්ටා..කවදාවත් නැතුව මට එයත් එක්ක හුරතල් වෙන්න හිතෙනවා…

මගෙ නපුරො මට ආදරෙයි කියන්නකෝ..

ඔහොම ඉන්නවා පොලගි වැට්ටුවා නේද මාව

ආදි මගෙ පස්සෙන් එලවන් ආවා…

රූම් එක ගාවටම දුවන ඇවිත් අල්ල ගත්තා මාව

පොල්ගි ඇයි වැට්ටුවෙ මාව

මගෙ කකුල හිරි වැටිලා

කොහෙද

මෙ මෙතන

කෝ පෙන්නවා..

මට බෑ

ඉන්නවකො මන් බලන්නම්

බෑ බෑ බෑ

ආදි මාව හිරකරන් ඉද්දි තමයි එතනට අම්මි ආවෙ

වස ලැජ්ජාව

මොකො මොකො මේ ආ

නෑ අම්මි මේ විහගිගෙ කකුල තුවාල වෙලා

කොහෙද

ඇගිලි

අහ් කො බලමු

දැන් ඉතින් පෙන්නමුකො තුවාල..නපුරටත් හොද වැඩෙ..ඉන්නවකො ඔය කටින් මට ආදරෙයි කියනකම් මන් අතාරින්නෙම නෑ සටන…

……

අද ලස්සනට හද පායපු දවසක්..රන් තැටියක් වගේ..මන් බැල්කනි එකට වෙලා අහස දිහා බලන් උන්නා..

ආදි ඔයත් අර හද වගෙ..හද දැක්කම හිත පිරෙනවා වගෙ ඔයාව දැක්කමත් හිත පිරෙනවා…

ඔයා මේ වල් බැල්ලිට ආදරෙයිද ආදි..මට ඒක කියන්නකො දෙයියනේ..මන් කොච්ච්‍ර නම් ආසද ඔයාගෙ වචන වලින් මට ආදරෙයි කියනවා අහන්න..ම්ම්..කියන්නෙ නැද්ද මැට්ටො මට ඒක…

ආදි ගෙදර නෑ..අදත් ගිහින් වගේ..හුම් මන් රැවටෙනවද කියලා වෙලාවකට හිතෙනවා..ඒත් එයා නතාශා එක්ක කීවා මට ආදරෙයි කියලා..ඉතින් එයා ඒක මට නොකියන්නෙ ඇයි…මාව විහිලුවකටවත් අරන්ද..එහෙමත් නැත්තම් දෙන්නත් එක්ක එකතු වෙලා මාව අන්දන්න කරපු දෙයක්ද..අටා මාරයි දැන්..

ආදි කොහිද දන්නෙ නෑ..කෝල් එක්ක් වත් අරන් බලන්න ඕනි
.

මන් පෝන් එක ගන්න හිතන් රූම් එකට ගියා..අයියො කරන්ට් ගිහිල්ලනි..දැන් කොයින්ද පෝන් එක හොයන්නෙ..කොහෙද මන් ඒක තියන්න ඇත්තේ..

ලාච්චුවෙ ඉටිපන්දමක් තිබ්බා වගෙ මතකයි මට..

මන් කලුවරේම ලාච්චුව හොයන් ගියා..අහ් මේ අහු උනෙ..මෙකේ ඇති

ම්ම් මේ තියන්නෙ..මේක පත්තු කරන් පෝන් එක හොයා ගන්න ඕනී…

ඉටිපන්දම පත්තු කරලා මන් අනිත් පැත්ත හැරුනා…

අහ්..මේ…

මන් බය උනු තරමක් හොල්මනක් වගෙ මාව බය කරපු හැටි

මැට්ටා

මොකො මෙ ඉටිපන්දම් පත්තු කරන්

කරන්ට් ගිහින්

නෑ…

නපුරා කටින් පිබලා ඉටිපන්දම නිව්වා

අයියො මොකක්ද ආ ඒ කලේ

තුන් පාරක්ම ඉටිපන්දම මන් පත්තු කලා..ඒ තුන් පාරම මැට්ටා ඉටිපන්දම නිව්වා

මොනාද අනේ …ඇයි කලුවරේද ඉන්න ඕනි

කලුවරක් කොයින්ද..මට නම් හොදට පේනවා

මොනාද

ලස්සන තරු දෙකක්..දිලිසෙන

කෝ

ම්ම්ම්..

කෝ ඉතින්

දැන්මෙහෙමයි

කොහොමැයි

දැන් කලුවරයි නෙ

ඔව්

මන් ලයිට් අරන් දුන්නොත් ඔයා මොනාද මට දෙන්නෙ

ඔයා විදුලි බ්ල මන්ඩලේද වැඩ කරන්නෙ

ඔව්..

හා

හා නෙමියි මොනාද දෙන්නෙ

මොනාද ඕනි

ඔයා මන් ඉල්ලන ඕනිම දෙයක් දෙනවද

දෙන්න පුලුවන් නම් ඕනීම දෙයක් දෙනවා

විස්වාසයිද මන් ඒවා දෙන්න සුදුසුයි කියලා

ඒවා කීවෙ මොනාද

ඒවා ඒවා

නපුරා මොනාහරි ඕන් නැති කට කැඩිච්චි වාචල කතාවක් වගෙ කියන්නයන්නෙ..මහ හොද නෑ..ඇත්තටම මොනාද මේ වෙන්න යන්නෙ

හිතට මහා අමුතු හැගීම් ගොඩක් එනවා..

පොලගියෙ

ම්ම්

දෙනවද ඒවා

දෙන්නම්..

මොකො මෙ සීතල වෙලා

මුකුත් නෑ

හරි පොමිස් වෙන්න දෙනවා කියලා

මොකද කියන්නෙ කැමති වෙනවද..දන්නවා මොකක් හරි ලොකු දෙයක් ඉල්ලන්න යන්නෙ කියලා..සමහර විට..මේ හීනයක් වෙන්නත් පුලුවන් ..ඒත් ඔයා මගේම වෙනවනම්..ඒ දේවල් මට මහා ලොකු දේවල් නෙමී…

කියනවකො

හරි පොමිස්

ඔන්න පොරොන්දු කඩන්න බෑ

හරි..

ඔන්න එහෙනම් ඇස් පියාගන්න

පියා ගන්න දෙයක් නෑනි කලුවරයි නේ…

පන්ඩිතයා නොවී පියා ගන්නවකො

ම්ම් හරි

ඕන් නමො නමො..කරන්ට් රාජයානනි මගෙ ආදර කැදැල්ලට කරන්ට් එක යලි ලබා දෙනු මැනවි..ඒස්වා පුහ්….

මට හිනාත් යනවා..මෙච්චර දගකාරකම් කොහේද නපුරා මෙච්චර කල් හන්ගන් උන්නෙ..

දැන් හරි අරින්න ඇස්

මන් හිමින් ඇස් ඇරියා…අහ් කිව්වත් වගෙ කරන්ට් ඇවිත්..මෙයාගෙ වැඩක් වගෙ මට පේන විදියට ..

ඒත් ඉතින් කෝ මෙයා…

ආදී මට ඔයාගේ ආදරේ දෙනවද

මොකක්ද මට ඒ ඇහුනේ

ආදී

ආදී

මෙයා මෙතන දනගහන්..මමත් එයා ගාවට පාත් උනා

ඒ ඇස් වල නෑ කිසිම රැවටීමක්..එයා ඉල්ලනවා මගෙන් ..ඉතින් මන් දෙනවද..

ආදි කියන්නකො දෙනවද මට ඔයාගෙ ආදරේ

මෙච්චර කල් පෙරුම් පිරුවෙ මේ දේ අහන්න නෙමීද…දෙනවා දෙයියනෙ දෙනවා..ඔයා ඉල්ලන්නත් කලින් මන් මේ ආදරෙ දුන්නෙ රත්තරන්..ආදරෙයි මන් ගොඩක්

මටත් නොදැනිම මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා…

අනෙ ආදි ඇයි අඩන්නෙ..මන් මන් වැරදි දෙයක් කීව්වද..ඔයාගෙන් මෙහෙම ඉල්ලන්න අයිතියක් නෑ තමයි…මන් මන් ඔයාට ගොඩක් නපුරු කම් කලා..ගොඩක්..ඔයාගෙන් අහන්නෙ නැතුව ගොඩක් දේවල් තීරනය කලා..ඔයාගෙ ජීවිතෙ වෙනස් කලා…සමාවෙන්න ඒ හැමදේටම..අනේ ඒත් මට ඔයා ඕන ආදි..මන් ආදරෙයි..ගොඩක් ආදරෙයි…මට ඔයා ඕනි රත්තරන්..කියන්න මට ආදරෙ දෙනවද…

එයාට උත්තරයක් දෙනවා වෙනුවට මන් කලෙ තවත් හයියෙන් අඩපු එක…

අනෙ ආදි මේක් විහිලුවක් නෙමි..මීට වැඩිය මන් දන්නෙ නෑ ආදරෙයි කියන විදිය..අඩන්න එපා ඔයා අකමැති නම් මන් තරහා නෑ..මෙච්චර කල් උන්නා වගෙ ඉතුරු ටිකත් ඉන්න..සමා වෙන්න ගොඩක්..හුම්..අඩන්න එපා..මන් වැරදියි..ඔහොම කතා නොකර ඉන්න එපා..බනින්න මට ගහන්න මට …මන් වැරදියි..ගොඩක් වැරදියි…

ඔව් ඔව් ඔයා වැරදියි ගොඩක් වැරදියි..මෙච්චර කල් ගත්තට වැරදියි…මාව ඇඩෙව්වට..ගොඩක් ගොඩක් ගොඩක් වැරදියි

අනෙ ආදි..ඔයා මට ආදරෙ නැතිවට කමක් නෑ..හිත රිදෙනවා ඒත් අඩන්න එපා..ඔයා අඩනවා මට බලන්න බෑ..

අයියො මැට්ටො අඩන්නෙ දුකට නෙමි

එහෙනම්

සතුටට දෙයියනෙ සතුටට

ඒ කීවෙ

ආදරෙයි මහත්තයො ආදරෙයි..ගොඩක් ආදරෙයි…දෙනවා ඔයාට මන්..මගෙ ආදරෙ

ඒ ඇස් දිලිසුනා..ඒ මූනෙ ආව හිනාව..හදවල් සීයක් පෑයුවත් ගන්න බැරි ආලෝකයක්

ඇත්තමද

ඔව්

මැට්ටියා මට ආදරෙයිද

ඔව්

අනෙ මගෙ මැට්ටියේ..

නපුරා මාව වඩාගෙන එහෙම්ම කැරකුනා ..

මගෙ මැට්ටියා මට ආදරෙයි..ආදරෙයි..

ඒ හිතෙ සතුට මට දැනෙනවා..

කැරකිලා වැඩිකමට මැට්ටයි මමයි දෙන්නම ඇදේ

මැට්ටි

ම්ම්ම්

ආදරෙයි ගොඩාක්

මමත්…

මට ඔයා ඕනි

මන් ඔයාගෙ තමයි

ඇත්තමද

ඔව්..

එහෙනම්..

එහෙනම්..

මැට්ටා කියන්න යන දේ තේරෙනවා..ඒ ඇස් ආදරෙත් එක්ක තවත් මොන මොනාදෝ මගෙන් ඉල්ලනවා…

මැට්ටියෙ..මගෙ වෙන්නකො

ඔයාගෙ තමයි

එහෙම නෙමි..මේ..

හී හී මන් ඔයාට ආදරෙයි..ඔයාගෙ තමයි..ඔයාගෙම වෙන්නත් කැමතියි..ඒත්

ඒත්

ඒත්..අද බෑ…

ඇයි

බැරි නිසා මෝඩයො තේරුම් ගන්නවකො..අනික ඔයා අදනෙ ආදරෙයි කිවෙ..තව දවස් තුන හතරක් ආදරෙ විතරක්ම කරමු

මැට්ටා චුට්ටක් වෙලා කල්පනා කර කර උන්නා..

ඔහ් මැට්ටි..අයියෝ…ඒකත් ඒමද

ඔව්

ඔහ්..හී කමක් නෑ..කෝ එන්න මගෙ පපුවට

ම්ම්

එනවා ඉතින් පොඩ්ඩක් හුරතල් කරන්න..

මන් ඒ පපුවෙ මගෙ ඔලුව තියාගත්තා..පිරිමි පපුවක උනුසුම ඒ සුවද ඒ ආරක්ශාව,සෙනෙහස අද මේ මොහොතෙ මන් වින්දා..

ආදරෙයි මගෙ පොලගියෙ…

මගෙ හිසකෙ අතර මුදුවට අත් යවලා එයා මගෙ නල්ලට ඒ උනුසුම් ආදරනීය සටහන තිබ්බා…

මියැදෙමි..මා..
නුඹේ පපුතුරමත
හුස්ම නුඹ මගෙයි සදා
ඉදින්
ඔබ මගේම නම්..

–මතු සම්බන්දයි—

ඔන්න දැන්වත් ඉන්න දෙන්න හොදේ..

ආදලෙයිනේ

ආදිනේ…

මගේනේ

අත සිදෙනේ

වැඩත් තියෙනේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *