ඔබ මගේම නම්………………………..31

හීනේන් මෙන් ලයාන්විතව ඇහෙන මේ සද්දෙ මොකක්ද..රිද්මයකට ගැහෙනවා..උඩ යනවා පහල යනවා….

ම්ම්ම්..මන් මේ ඉන්නෙ නපුරගෙ පපුව උඩ නේද…නපුරෙක් උනත් ඒ නපුරගෙ පපුවෙන් එන ඒ සුවද මට දැනෙනවා..කෙල්ලෙක් මේ ලෝකෙ ආසම කරන තැන එයාට වැඩියෙන්ම ආදරෙ කරන කෙනාගෙ පපුව…ඒ ඉඩම තමයි ඒ කෙල්ලගෙ එකම දේපල..උරුමය..ඒ පිරිමි පපුවෙ සින්නකර අයිතිකාරිය උනු ආඩම්බරෙ මගෙ හිතට දැනෙනවා..ඒ ආත්මීය සුවද මන් ආයෙම ඉව කරා….

සුවදයි

මන් මටම කියාගත්තා..නපුරා නිදි නිසා මට උරුම ඒ ඉඩම මන් දෙතුන් පාරක් හිබ ගත්තා…

උදෙ වෙලා..දෙවියනේ අද ඉදන් එලඹෙන හැම දවසක්ම ආදරනීය දවසක්ම වේවා…

තොලකට හිදිලා..තිබහයි..මොනා හරි බොන්න ඕනි..මන් ඒ පපුවෙන් නැගිට්ටා…

මැට්ටා නිදියන් ඉන්න හැටි නපුරෙක් නපුරෙක් නපුරෙක්…කොච්ච්‍ර මාව ඇඩෙව්වද…හිතෙනවා හපාගෙන හපාගෙන හපාගෙන යන්න

ඉතින් කරනවකො…කොහිද යන්නේ

අහ් මෙයා බොරු නින්දක ඉදන් තියෙන්නෙ…පුදුම හොරෙක් තමයි..

ආයෙම කිස් කරන්නකො මාව

මට බෑ..හොරෙක් ඔයා

ම්ම්ම්ම්..දැන් මන් මොනාද හොරකම් කලේ ආ…

හැමදේම…මගේ හැමදේම…මගේ ජීවිතේම

මැට්ටි…කෝ ටී

හරි මාත් මේ ඒකට තමයි යන්න ගියෙ..යන්න දෙන්නෙ නෑනි ඉතින්….

හුම් හුම් යනවා ඉතින්..ඔන්න අතෑරියා…

නපුරෙක් කියන්නෙ නිකන් යැයි ඉතින්..

මන් කිචන් එකට ගිහින් අපි දෙන්නටම තේ හදන් ආයෙම රූම් එකට ආවා…

ම්ම්ම් කෝ මේ මැට්ටා..

කොහේ ගිහින්ද මෙයා තේ ඉල්ලලා..ම්ම්ම්

අහ් වොශ් රූම් එකේ…

මන් නපුරා එලියට එනකම් ඇද සේරම ගසලා දාලා අස් කලා…ම්ම් මේ කොට්ට..ආයෙම මැදින් තියෙන එකක් නෑ..මන් ඔයාලව උඩින් තියෙනවා හොදද…

ම්ම්ම් ඒ ගමන් පෝන් එකෙත් රින්ග්ස් යනවා

අහ් කිනාල්

ගුඩ් මෝනින් කිනාල්

ගුඩ් මෝනින්…මේ මැඩම් කෝ අපි හරිත

එයා වොශ් රූම් එකේ වගෙ කිනාල්..හදිස්සියක්ද

මන් මේ කන්චුකයා බලන්න ආවා..

අනෙ මමත් එන්නම් දවල්ට..දැන් මොකො එයාට

කතා කරනවා..ටිකක් හොදයි..ඒත් කොල්ලව දැක්කම මට මතක් වෙන්නෙම ඔයාව..ඌ නොහිටියා නම් අද ඔයයි ඇදේ…

හ්ම්ම්…කිනාල්

ම්ම්ම්

ඔයාට කොහොමද මේක කියන්නෙ මන්

මොකක්ද

මේ

මැට්ටියා හැපි එකෙ ඉන්නවා වගෙ දැනෙනවා මොකො උනෙ ම්ම්

කිනාල් අනෙ එයා මට ආදරෙයි කීවා

වාව් නෑහ්..නියමයි..ඉතින් ඉතින්

අනෙ හරිත මට ආදරෙයි කීවා කිනාල්..මට ගොඩක් සතුටුයි..ගොඩක් ගොඩක් ගොඩක් සතුටුයි..

මටත් සතුටුයි මැට්ටියෙ නියමයි..අන්තිමෙ ඔයා දින්නා..ඔයාගෙ ඉවසීම දින්නා

ඔව් කිනාල් ඔව්..

සතුටුයි කිනාල්..ඒත්

ඇයි ඒත්

නතාශා

ඇයි නතාශා මොකෝ

එයා කරදරයක් වේවිද කිනාල්

එයා මොකටද කරදරයක් වෙන්නෙ..හරිතයා ඔයාගෙ හස්බන්ඩ් නේ..දැන් අවුලකුත් නෑනි..ඌ ඔයාට ආදරෙයි නම්

හ්ම්ම්..ඒත් ඔයා දන්නවද

මොකක්ද

ඒක කියන්න හදනකොටමයි ආදි වොශ් රූම් එකෙන් එලියට ආවෙ

මන් ඔයාට පස්සෙ කියන්නම්කො කිනාල්..හරිත ආවා දෙන්නද පෝන් එක

නෑ එපා දැන් මන් කා එකට නැග්ගා…වෙන වෙලෙක කතා කරන්නම් ඌට..එහෙනම් තියනවා

හොදයි බුදුසරනයි කිනාල්

ආදි ඔලුව පිහිද පිහිදා ඇදෙන් ඉද ගත්තා…

කවුද කතා කලෙ

කිනාල්

කිනාල්..ඇයි

කන්චුක බලන්න ගිහින්

එහෙමද

ඔව්..

මොකො කීවෙ

අඩුයිලු දැන්

හ්ම්ම්..ඒකනෙමි ඇයි මන් ආව ගමන් පෝන් එක තිබ්බෙ

එයා කා එකට නැග්ගා කීවා..පස්සෙ කතා කරන්නම් කීවා

ඔයාලා හැමදාම කතා කරනවද ම්ම්…

ම්ම් ඔව්..කිනාල් කියන්නෙ හොද යාලුවෙක්

ඌ හොදයි..එතකොට මන්..ආ

ඔයා

ඔව් මන්..මන් කවුද

ඔයාද

ම්ම්ම්

නපුරෙක්

මොකක්

නපුරෙක්

ආයෙ කියනවා

නපුරා

ඌයී ඌයි රිදෙනවා..

ආදි මාව හයියෙන් කෙනිත්තුවා…

මේ අහනවා ඕනිවට වැඩිය කොල්ලො එක්ක කතා කලොත් බලාගමු හරිද

ආහ් මැට්ටට ඉරිසියා හිතිලා..

ඉරිසියා මන්…අනෙ වැඩේමයි

නැත්තෙ මොකො ඒකනි ඔහොම කිවෙ

ඔව් ඉරිසියා තමයි..මගෙ ගෑනි වෙන කොල්ලො එක්ක කතා කරද්දි

හ්ම්ම්..ඒ ඉරිසියාව මගෙ හිතෙත් තියෙනවා ආදී..මගෙත් තියෙනවා..ඔයාට ඒක දැනුනෙ අද උනාට මට ඒක දැනිලා ගොඩක් කල්..
මේ හිතත් ඔය විදියටම පිච්චුනා ආදි..පිච්චුනා…

මැට්ටි..මනො ගහලා..අහනවා..රෑට පාටි එකක් තියෙ..

කොහෙද

මගෙ යාලුවෙක්ගෙ..යාලුවෙක් කීවට කසින් කෙනෙක්ගෙ

ඉතින් ඔයා යනවද..ම්ම්

යනවා ඒත් මන් විතරක් නෙමි

එහෙනම්

මෙන්න මේ පොලගියත් යනවා…ලෑස්ති වෙලා ඉන්න හරිද

මන්

නැතුව..මන් යැයි

එයා මාව පාටි එකකට එක්කන් යන්න අඩගහපු පලවෙනි වතාව..සතුටුයි..සතුටුයි ගොඩක් සතුටුයි..

..මතු සම්බන්දයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *