ඔබ මගේම නම්………… ……………..39

ඒ කටහඩ මට හොදටම පුරුදුයි..

විහගි

කටහඩ හරි..ඒත් රූපේ…ස්කාෆ් එකකින් මූණේ පැත්තක් වහන් ඉන්න ඒ රූපේ මට හරියටම අදුරගන්න අමාරු බවක් හැගෙනවා..ඒත් කටහඩ නම් හරි..

කවදාවත් හිනාවක් ලෙන්ගතු කමක් නොදුන්නු ඒ මූව අද කට පුරා හිනා වෙනවා…

න..නතාශා..මේ ඔයාද

මට දැනුනෙ මන් ආදීව දැක්කා හා සමාන හැගීමක්..මන් නතාශා ලගට ගිහින් එයාව බදා ගත්තා…

නතාශත් මාව ගොඩක් ලෙන්ගතුකමින් බදා ගත්තා..ඉස්සර නොතිබුනු ඒ ලෙන්ගතුකම මට දැනෙන්න ඇත්තෙ අවුරුදු තුනකින් මන් මගේම කියන දන්න අදුනන හැමෝගෙන්ම වෙන් වෙලා උන්නු හින්දා වෙන්න ඇති..

නතාශගෙ හැසිරීම වගේම රූපෙත් වෙනස් වෙලා…ඒත් නතාශා එක්කම මන් මෙතුවක් කල් ඈදලා තිබ්බ රූපේ හිමිකාරයා නෙමියි මේ ඉන්නෙ…එතකොට කෝ ආදී..

මගෙ මූනෙ මතුවුනු කුකුස නතාශට තේරෙන්න ඇති…නතාශා ආයෙම මගෙ අතින් අල්ල ගත්තා..

මේ මගේ හස්බන්ඩ් විහගි..ශෙහාර.

මන් ශෙහාර දිහාවට හිනාවක් දුන්නා

ශෙහාර මන් ඔයාට කීවෙ මේ විහගි..අපෙ හරිත අයියගෙ වයිෆ්

ඔයාට වැරදුනා විහගි වයිෆ් නෙමි..කලින් වයිෆ්..

ආහ් දෙවියනෙ මේ ඔයාද..නයිස් ටු මීට් යූ

හ්ම්ම්…ඒත් නතාශා මේ දේවල්…මට..කෝ එතකොට..

හ්ම්ම්..

නතාශා ලොකු සුසුමක් හෙලුවා..ඒ සුසුම් වල ලොකූ කතාවක් හිර වෙලා තියෙනවා කියලා මට දැනුනා..ඒත් මට අයිතියක් තියෙනවා මගේ ආදී ගැන හැම දේම දැනගන්න…

ලොකු කතාවකට මුල පුරන්න අපට සිද්ද වෙනවා වගේ…

ඔයාලා කොලබ ඉදන්ද ආවෙ නතාශා

අපි කොලබ නෙමි විහගි ඉන්නෙ..ශෙහාර යක්කල..අපි යක්කල…ඉන්නෙ..අරලියාරාමේට ශෙහාරලා දානෙ දෙනවා..අපෙ පර්ශ්නෙ කීවම එහෙ හිටපු මෑනියො ලොකු මෑනියන්ට කතා කරලා අපිව මෙහෙට එව්වෙ…

හ්ම්ම්..මල්ලිකා මෑනීයො

ඔහොම ඉන්නකො ..ඔයාලට මහන්සිත් ඇති…මොනා හරි බීලා ඉමු…

මන් තමාරා නැන්දට කීවා දවල්ට නතාශ්ලටත් එක්ක කෑම හදන්න කියලා..

ශෙහාර්ට ලමයි එක්කලා චුට්ටක් ඉන්න කියලා මමත් නතාශත් අපේ මල් වවලා තියෙන පැත්තට ආවා..

ඉදගන්න නතාශා..

හ්ම්ම්

ඉතින්

මන් නතාශගෙ අතකින් අල්ල ගත්තා

හුම්ම්..හැම දෙයක්ම හීනයක් විහගි..මට මේ පල දුන්නෙ ඔයාට කරපු දේවල්

හ්ම්ම්..මන් ඒ දේවල් අමතක කරලා ගොඩක් කල් නතාශා..ඉතින් මට කියන්න..මේ දේවල් කොහොමද කොයි විදියටද උනෙ කියලා…කෝ හරිත…එයාට මොකො උනේ

කියන්නම් විහගි කියන්නම්..අකුරක් නෑර කියන්නම්

හ්ම්ම්ම්

…..

මන් මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලයි කල්පන කරෙ..මන් මුල ඉදන්ම පටන් ගන්නම්කො

ඔයාට මතකද මන් මුලින්ම ඔයාව දැක්ක දවස..ඒ මන් ලන්කාවට ආව පලවෙනි දවස…හරිත අයියා ඔයා එයාගෙ ග්‍ර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වම මට තනියෙන් හිනා ගියා…කොච්චර කැත කෙල්ලෙක්ද තෝරන් ඉන්නෙ කියලා..මන් මගෙ රූපෙ ගැන ගොඩක් ආඩම්බරෙන් උන්නෙ …මන් හිතන් හිටියෙ කොල්ලො කැමති කෙල්ලගෙ රූපේට කියලා…ඒත් ඔයා ඒ හැම දේම බොරුවක් කියලා ඔප්පු කලා..ඔයාව හරිත අයියා මැරි කරන්න තෝර ගත්තා..ඒකට කමක් නෑ කියමු..

මන් එදා ඉදලා මගෙ ප්ලෑන් එක පටන් ගත්ට්ගා..පුලුවන් තරම් හැම මොහොතකම ඔයා ගාවින් හරිත අයියව ඈත් කලා…එයාට බොන්න දීලා මන් ලග තියා ගත්තා…

එදා ඔයා ආව බයික් එකෙ බ්‍රේක් අයින් කෙරෙව්වා..ඒත් ඒ වෙනුවට වෙන කොල්ලෙක් අහු උනේ
.එදා මන් දැන ගත්තෙ හරිත අයියා ඔයාට ආදරෙ කරනවා කියලා…මන් දන්නෙ නෑ මට මගෙ කේන්තිය පාලනෙ කරගන්න බැරිව උන්නෙ

හරිත අයියා ටිකෙන් ටික මාව අයින් කරලා ඔයාව ලගට ගන්නවා..

ඒ නිසා තමයි මන් මගෙ යාලුවො හතර දෙනෙක්ව සෙට් කරන් අන්තිම ගේම් එක දුන්නෙ..ඔයයි කිනාල් අයියයි ගැන අපි සෝදිසියෙන් උන්නෙ..ඒ අස්සෙ අර අලුත් කන්ට්‍රැක් එක..ඒක අපිට ලොකු උදව්වක් උනා..කොහොම හරි කිනාල් අයියා එවන විදියට ඔයාට මැසෙජ් කරලා හොටෙල් එකට ගෙන්න ගත්තා…අර තුන් දෙනා මගෙ යාලුඑඔ..උන්ට කීවෙ ඔයාට හානි නොකර ඔයාගෙ ඇදුම් අයින් කරන්න කියලා බාගෙට..කිනාල් අයියව ඔයා ගෙන්න ගන්න බව දැනන් උන්නා..කොහොම හරි

හැමදෙයක්ම් මට ඕන විදියට සිද්ද උනා …මන් හරියට ටයිම් බලලා හරිත අයියා අරන් ආවා…වැඩෙ ගොඩ…නඩුවෙදි ඉදිරිපත් උනෙ අපි එඩිට් කරපු වීඩියො එක…ඔර්ජිනල් එකත් මන් ලග තියා ගත්තා..

ඔයාලා දෙන්නා ඩිවොස් උනා..ඒත් මට ඕන දේ උන්නෑ..හරිත අයියා ඔයාව අයින් කලාට එයාගෙ හිතෙන් එයාට ඔයාව අයින් කරගන්න බැරි උනා..එයා හැබයි මන් එක්ක හැමදාම ක්ල්බ් ගියා

ඩ්‍රින්ක්ස් ගත්තා..කරටි කැඩෙන්නම..දවසක් එයා හොදටම බීලා උන්නු දාක එයාව මන් අපෙ ගෙදර එක්කන් ගියා..මමි ඩැඩි උන්නෙ නෑ එදා..මට ඕන උනෙ මගෙ රූපෙන් එයාව මගෙ කරගන්න…

අයියා බීලා උන්නෙ..මන් අයියට ඩීවීඩි එක දාගන්න කියලා වොශ් දාගන්න ගියා..මන් පැය බාගයක් විතර ඉන්න ඇති…හරිත අයියා වොශ් රූම් එකට තඩි බානවා..මන් හිතුවෙ මත් වෙලා ඉන්න නිසා දැන් වැඩෙ කෙරෙන්නයි යන්නෙ කියලා…මන් ගොඩාක් ආසාවෙන් දොර ඇරියේ..ඒත්

ඒත් උනෙ හරිත අයියා මගෙ කොන්ඩෙන් ඇදලා මාව වොශ් රූම් එකෙ වීදුරුවට තල්ලු කරපු එක…

ආයෙ මන් සිහිය එද්දි උන්නෙ හොස්පිට්ල් එකෙ..වීදුරු කැලි මගෙ ඇස් වලත්..ඒවා ගන්න බැලු..මූනෙ එක පැත්තක් සම්පූර්නයෙන් ඉවරයි..ඇහ නිසා මට ප්ලාස්ටික් සර්ජරි කරන්න බෑ කීවා…

මන් එක්ක මමි ඩැඩි ඇරෙන්න හැමෝම තරහ වෙලා…අර ඩීවීඩි එක හරිත අයියා දැකලා…ගෙදර ආව දා එයා කෑ ගගහා ඇඩුවා…

හැමෝම ඉස්සරහා මන් හැමදේම කීවා..ඔයාව ඕනිමයි කියලා හරිත අයියා කෑ ගැහුවා…ගොඩාක්..ඊලගට කිනාල් අයියා ,,හරිත අයියා ඔයාව හැම තැනම හෙව්වා..ඒත් කිසි හෝඩුවාවක් නෑ…

මන් මගෙ ලස්සනට ආඩම්බර උනා..ඔයාට කරන්න ප්ලුවන් හොදම හතුරුකම කලා..ඒකට හරියන්න දෙවියො මට දඩුවම් කලා..මාව වීරූපි කලා..හැම කෙනෙක්ම මාව් ප්තික්ශේප කලා…

කවුරුත් මාව බදින්න බෑ කීවා…ශෙහාර කලින් කසාද බැදපු කෙනෙක්..මට වඩා අවුරුදු දොලහක් වැඩිමල්..

අන්තිමට එයා විතරයි …මට කැමති උනෙ..අපි මැරි කලා..බබෙක් බලාපොරොත්තුවෙන් උන්නෙ..ඒත් චෙක් කරාම මට ඒකත් නෑ කියලා දෙවියො තීරනෙ කරලා..මේ සේරම ලස්සන කුරුලු කූඩුවක් විනාස කරපු පවට…

නතාශා ඔඩොක්කුවෙ මූන හන්ගන් අඩන්න ගත්තා

හ්ම්ම්..මට මොන වැරැද්ද කලත් ඇත්තටම මට ගොඩාක් දුකයි..නතාශා ගැන..කියන්න ඕන මොනාද කියලා තේරෙන්නෙ නැති නිසා මන් නතාශගෙ ඔලුව අතගෑවා

හරි නතාශා දැන් අඩන්න එපා..මෙහෙ ඉන්නවා ලස්සන බබාලා..

හ්ම්ම් හරි දැන් අඩන්න එපා

ඔයා වගෙ කෙනෙක් තමයි හරිත අයියට ලැබෙන්න ඕනි..මෙච්චර නපුරුකම් කරපු මට ඔයා අනුකම්පා කරනවා..මට ඒක වාව ගන්න බෑ…

හ්ම්ම්ම්…

ඒත් විහගි හරිත අයියා දැන්

නතාශා ඒක එහෙම කීවෙ

ඇයි ආදිට මොකද..කෝ එයා

එයා

..මතු සම්බන්දයි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *