…. කදුලත් සැනසුමක්….26

26. වන කොටස.

**************************************
මම පරන පුරුදූ විදිහටම දැන් ආයී විමූ එක්ක ක්ලාස් යනවා. සේන බාප්පා නම් නිතරම අම්මට බැන්නා මාව තනියෙන් යවන්න එපා කියලා. මම දැන් නිමේෂා එක්ක එකතු නිසා අම්මා බය නැතුව මාව තනියෙන් ක්ලාස් ඇරියා. නිමේෂාලගේ අම්මා අපෙ අම්මගෙ හොද යාලුවෙක්, ඒක නිසා අම්මා ආවේ නිමේෂලගෙ ගෙදරට වෙනකන් විතරයී.

ශදී..

ඇයී විමූ.

අද දුලාන් අයියා එනවා කිව්වා.

ඊයෙද කිව්වේ.

නෑ අද . මේ….
විමූ පුංචී පෝන් එකක් මට පෙන්වමින් කිව්වා. දුලාන් අයියා විමූට පෝන් එකක් අරන් දීලා. දුලාන් අයියත් පෝන් එකක් අරන්ලූ. මටත් පෝන් අරන් දෙන්න අහලා තිබුනේ ,ඒත් සේන බාප්පා එක්ක බැරි නිසා මං එපා කිව්ව්වා.

මේ ශානූ අයියත් එනවා. උබ එනවා නේද යන්න.

මං එන්නෙ නෑ බං . අපිට මේ තියෙන නිදහසත් නැති කර ගන්න බෑ මට.

අහු වෙන්නෙ නෑ බං. අර කැඩුනු බස් හදන්න දාලා තියෙන තැනට එන්න කිව්වේ. ශානූ අයියලා ඒකේ අයිතී අයියවත් හොදට දන්නවලූ.

මං නම් එන්නෙ නෑ .නිමේෂා ගෙදර ගිහින් මං ගැන මොනවද අපෙ අම්මට කියන්නේ.
ක්ලාස් ඇරුන වෙලේ ඉදන් වීමූ මට යමුම කියලා බලකලා. මගෙ හිතට බයයී. ඒක නිසා යන්න හිතුනේ නෑ. බැරි තැන විමූ ශානූ අයියට කෝල් එකක් අරන් දුන්නා. ශානූ අයියා බල කරන නිසා මං යන්න කැමතී වුනා. නිමේෂයී අනිත් යාලූවෙයි අපි වෙනුවෙන් ටිකක් වෙලා ඉන්න කැමති වුනා.
අපි දෙන්නා හීන්සැරේ බස් තියෙන තැනට කිට්ටු වුනා. දෙන්නාම ඉන්නවා බස් එකක් ඇතුලේ. වටපිටාවට පේන්නෙත් නැති නිසා අපිත් බස් එක ඇතුලට ගියා . ඒක නිසා මගෙ හිතේ බය ටිකක් අඩු වුනා. උස සීට් නිසා කාටවත් පේන්නෙත් නෑ , එතන වැඩිය සෙනග ගැවසෙන තැනකුත් නෙමෙයී.

සුදු මැනික මොනවද කල්පනා කරන්නෙ. ඇයී එන්න බෑ කිව්වේ.

ගෙදරට ආරංචී වුනොත් ආයී නම් මාව ඉස්කෝලේවත් එවන එකක් නෑ. ඒකයී.

බය වෙන්න එපා මෙතන කාටවත්ම සැක හිතෙන්නේ නෑ.
ශානූ අයියා අවසරයක් නැතුවම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා. එයාගේ පපුවට තියා ගත්තා.

සුදු මැනික පොඩ්ඩක් මං දිහාම බලන් ඉන්න පුලුවන්ද? මගෙ ඇස් දෙක දිහාම . කෝ බලන්න .
මං මූන උස්සලා ශානූ අයියගෙ ඇස් දිහා බැලුවා. ඉස්කෝලේ හෝල් එකේ ,එහේ කෙල්වරේ ඉදන් මං දිහා බලන ඇස් , මං ළගටම ඇවිත්. මං අමාරුවෙන් ඒ බැල්ම දරාගෙන හිටියා. මගෙ හදවතට දරා ගන්න බැරී සිවුම් වේදනාවක් දැනුනා. ශානූ අයියා මගෙ අත්දෙක මුහුනට ළං කරද්දී මම අහක බලා ගත්තා. මගෙ දෑතටම එයාගේ සුසුම්වල උනුසුම දැනුනා. කිහිප වතාවක්ම ශානූ අයියා මගෙ දෑත් සිප ගත්තා .
ශානූ අයියා මගෙ කරවටා අතක් යවලා මං එයාගේ ඇගට ළන් කර ගත්‍තා. එදා මුල්ම දවසේ එයාගේ උනුසුම දැනුනටත් වඩා උනුසුමක් මට අද එයා ළගින් දැනෙන්නේ. සමු ගන්න මොහොත වෙනකන්ම ශානූ අයියා මාව එයාගේ තුරුලෙන් වත්, ඈතින් වත් මුදෙව්වේ නැහැ.

ශානූ අයියේ අපි යන්නම් දැං. නිමේෂලගෙ ගෙදරට වෙලා අම්මා මග බලාගෙන ඇතී. නිමේෂලත් අපි නිසා රස්තියාදූ වෙනවනේ.

හා එහෙනම්. හුගක් පරිස්සමින් ඉන්න සුදු මැනික.

ඔයත් පරිස්සමින් ඉන්න ශානූ අයියේ.

හරී මට ඉතිං කාගෙන් වත් කරදරයක් නෑනේ.

යමු නේද විමූ.
මං එහෙම කියමින් පස්ස බැලිවා. විමුයී දුලාන් අයියයි හිටියේ අපිට පිටි පස්සේ සීට් එකේ නිසා. එක පාරටම ශානූ අයියගේ තොල මගෙ කම්බුලේ ස්පර්ශ වෙද්දී මං එහෙමම ගල් ගැහුනා. මගෙ හිතේ මේවගේ ලස්සන හීන නොතිබුනා නෙමෙයී,ඒත් එක පාරට වුන දේ හැබෑවක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.

සුදු මැනික ඇයී බය වෙලා වගේ. මං වැරදී දෙයක් කරානම් සොරී . අනේ ඔහොම ඉන්න නම් එපා.

ම්ම්ම්ම්ම්ම්ම්ම්….

මොකද ළමොයෝ. බය වෙලාද.?

නෑ..නෑ

තරහා නෑ නේද..

නැ..

එහෙනම්
ශානූ අයියා මගෙ මුහුන කීප පොලක්ම සිප ගත්තා.මගෙ ඇගපුරාම විදිල්ලක් දිව්වා,හරිම අමුතු හැගීමක්. මගෙ ආච්චි අම්මාගෙන් පස්සෙ මාව ආදරෙන් සිප ගත්තේ මගෙ ශානූ අයියා. මට අම්මා එක්ක ඒතරම් ළං වුන සම්බන්ධතාවක් තිබුනේ නැහැ. පොඩි කාලේ ඉදන්ම මට දැනුනේ අම්මා හරිම නපුරු කෙනෙක් කියලා. ඒත් මං එයාට රිද්දන්න හිතුවේ නෑ.

අපි.. ය…න්නද?

හා යමූ..

ඉතිං යන්න දෙන්නකෝ.
ශානූ අයියා සීට් එකෙන් නැගිටිනකන් මට එතනින් එන්න බෑ. ශානූ අයියා නැගිටින්නෙත් නෑ.

ඉතිං යන්න නැගිටලා.

ඕන් මං යනවා එහෙනම්.
මං නැගිටලා එන්න සූදානම් වුනා. ශානූ අයියා මගෙ අතින් ඇද්දා, මං ආයෙත් සීට් එකේ ඉන්ද වුනා.

මොකද හදිස්සි .මට දීලා යන්නෙ නැද්ද.

මොනාද?

මං දීපුවා..

බෑ….
මං මුහුනට ලැජ්ජාව නිසාම සිනහවක් මැවුනා.
දෙන්නකෝ…
ශානූ අයියා මට මූන පෑවා. මං එයාගේ දකුනු කම්බුල සිප ගෙන සීට් එකෙන් එලියට පැන ගත්තා.

පරිස්සමින් යන්න දෙන්නම.
ශානූ අයියලා එතන ඉද්දී අපි දෙන්නා මුලින්ම පිට වෙලා ආවා. මං එන ගමන් විමූ අතිං අල්ලලා මිරිකුවා. ” මං දැක්කා වුන දේ” විමූගේ කතාවට මගේ මූන තවත් රතු වුනා.
ඒ මොහොත මොන තරම් සුන්දර වුනත් මං ගෙදර ආවේ හුගක් බයෙන්. ඒ වෙනකන් නම් ගෙදරට මොකුත් ආරංචී වෙලා තිබුනේ නැහැ.
*************************************

සේන බාප්පා ගෙදර එන්නෙ නෑ කියලා පනිවිඩයක් එවලා තිබුනා. ඒක නිසා අම්මා මට ගෙදර ඉන්න කිව්වා. මාත් නිදහසේ ගෙදරට වෙලා පොත්වල වැඩ කර ගත්තා. වීමූත් දැන් ටිකක් ඈත් වෙලා නිසා මට එයාට ලිව්මක් ලියන්න හිතුනා.
මං කොළයක් අරන් නිදහසේ ලියන්න පටන් ගත්තා. ඊට කලින් දවසේ ශානූ අයියව අහන්බෙන් මට හම්බුන බව මං ඒකේ ලිව්ව්වා. තව නොයෙක් තොරතුරූ ලියලා පොතක් අස්සට දාලා ,බෑග් එකට දාලා ,මං නිදා ගන්න සූදානම් වුනා.

සුද්දී…
සේන බාප්පගේ කට හඩ ඇහිලා මං උඩ විසික් වුනා. මට කර ගන්න දෙයක් නෑ. බෑග් ඇද්දොත් සැක හිතෙන නිසා මං මොකුත් නොවුනු ගානට හිටියා. අම්මා ගිහින් දොර ඇරියා.

අද එන්නෙ නෑ කිව්වා නේද.

ඕ..ව් එන්..නේ නෑ.. කි..ව්වා.. තමා…..
හොදටෝම බීලා. කතා කර ගන්නවත් බෑ.

හා හා කැවද එහෙනම් ඔහොම නිදා ගන්නවා.
අම්මා සේන බාප්පව වාරු කරන් ඇවිත් ඉස්සරහා ඇදට දැම්මා.

කෝ මගේ පොඩී එකා.
සේන බාප්පා නැගිටලා කාමරයට ආවා. ඇවිත් කෙලින්ම මගෙ බෑග් එක අදින්න ගත්තා.

මොකද ඔය කරන්නේ….

සුද්දී….. ඔබ කට වහන් ඉදපං

මොනවද හොයන්නෙ.

ඉදහංකෝ අරං පෙන්නන කන්.
සේන බාප්පා බොරු වෙරියක් පෙන්නලා තියෙන්නෙ දැන් වෙරි නෑ.

මේ තියෙන්නේ බඩූ. තෝ නිදියපිය කට ඇරන්.
ඒ එක්කම අම්මගෙන් පිට පිට ගුටි කීපයක් ලැබුනා. සේන බාප්පා කලින් ඇවිත් හොරෙන් බලං ඉදලා තියෙනවා. ලිව්ම දිගෑරගෙන මහ හයියෙන් කියවනවා. අපේ ගෙදර නිතර රන්ඩූ නිසා අහල පහල කවුරුතම සද්දේ ඇහුනට එන්නෙ නෑ.

ආ ඔය තියෙන්නේ නවත්තපුවා. ඊයේ හවසත් හම්බ වෙලා තියෙනවා අරූව. මං සද්ද නැතුව හිටියට ආරංචී වෙන්නෙ නෑ කියලා හිතන්න එපා ඈ.

මේ බැල්ලුව නම් තබේකට විශ්වාස කරන්න බෑනේ.
අම්මත් මට බැන්නා.

ලෑස්ති වෙයන් ඇදුම් ටිකක් දාගෙන එහෙට ගිහින් දාන්න .තෝව ආයී මෙහෙ තියා ගන්නෙ නෑ. තොට ඉගෙන ගන්න නෙමේ මිනිහෙක්නේ ඕනී.
මං ඇඩුවෙ වත් වචනයක් කිව්වේ වත් නෑ, කියන දේ නෑහුනා වගේ හිටියා. බේරුමක් නෑ කෑගහනවා. ඇදුම් දාගන්නලූ ශානූ අයියලාගේ ගෙදර ගිහින් දාන්න. ඒ මදිවට ත්‍රීවීල් එකකුත් ගෙන්නලා. ඉවසලා ඉවසලා බැරි තැන අල්මාරිය ඇරියා ඇදුම් ටික දා ගන්න. අම්මා බැන්නා “පිස්සුද තොට “කියලා.

ඇදුම් එපා නම් නැගපයවි ගිහින් වාහනයට.
අම්මා “තවත් කේන්තී අවුස්සන්නැතුව යමං” කිව්ව නිසා මම ත්‍රීවීල් එකට ගොඩ වුනා. ත්‍රීවීල් එක වේගයෙන් ශානූ අයියලාගේ ගෙවල් තියෙන පැත්තට ඇදීලා ආවා.

ඊ ළග කොටසින් හමුවෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *