…..කදුලත් සැනසුමක්…01 – Sanduni Kanchana
01. කොටස.
අද නම් හරී පුදුම දවසක්. දවසම වැස්ස ඒමදිවට. පීරියඩ් සේරම හිස්. ඒකත් හොදයී. වැස්සට ඉස්කෝලේ එන්නෙ පීරියඩ් හිස් නිසානේ. ඒත් ඒකත් වෙලාවකට වදයක්. උදේ ඉදන් යාලුවෝ එක්ක සතුටින් හිටියට. මගෙ හිත ඇතුලේ දුක් කන්දරාවයී.
විමූ මගෙ ඔලුව ටිකක් රිදෙනවා . මං චුට්ටක් ඔලුව තියා ගන්නවා.
මොකද ශදී ඊයෙත් මොනා හරී උනාද ගෙදර. අනේ මංදා බන් මේවා කවදා ඉවර වෙයිද .මං පැනඩෝල් දෙකක් ගේන්නද.
විමූ මගෙන් එහෙම ඇහුවෙ මගෙ ඔලුව අතගාන ගමන් .මං හිටියේ ඩෙක්ස් එකේ ඔලුව ගහන් එයා දිහා බලා ගෙන. විමූ කියන්නෙ විමංශා එයා තාමා මගෙ හොදම යාලුවා. ඇත්තම කිව්වොත් මං ගැන හොදටම දන්න කෙනා.
ඒපා බං පැනඩෝල් බිලා වැඩක් නෑ ටිකක් ඉන්න දිපංකෝ.
පිස්සි නැතුව මෙහෙ වරෙන් ශදී. උබ මෙහෙත් මූඩ් ගහන් ඉන්නද ට්‍රයී එක ඒවා බෑ මේ විමූ එක්ක . කියපං මොකෝ උනේ.
එයා ඒම කිව්වේ මගෙ අතින් අදින ගමන් . මං ගැන හිතන්නෙ මගේ යාලුවෝ විතරද.
ඊයේ සිද්ද උන දේ මට ආයෙත් මැවිලා පේන්න ගත්තා. ඇස්දෙකත් බොද වීගෙන වගේ ආවා. ඇයී දෙවියනේ මගෙ තාත්තට අපිත් එක්ක හැමදාමත් ඉන්න බැරි වුනේ. මගෙ තාත්තා අපිව අත් ඇරලා ගිහින් තිබුනේ අපි හුගාක් පොඩි කාලේ. මං එයාව දැකලා වත් නෑ .චූටී කාලේ ඉදන් මාව හදාගත්තේ මගෙ ආච්චී සීයයී . මං එයාලට තමා අම්මේ තාත්තේ කියන්නෙ. එයාලා තරම් මට මේ ලෝකෙ වෙන කවුරුත් වටින්නෙ නෑ . දැං මං එයාලගෙනුත් ඈත් වෙලා ඉන්නෙ. මං එයාලත් එක්ක හුගාක් සතුටින් හිටියෙ නිදහසේ .දැං මංඅපායක ඉන්නෙ. මේ තමා මොහිපිට අපාය. අම්මයී බාප්පයී මල්ලි එක්ක ඉන්නෙ . මේ ගෙදර සැනසීම මල්ලි විතරයී. එයත් තාම හුගක් පොඩී.
මං කැමතිම නෑ මේ ගෙදර ඉන්න. හැමදාම රංඩු. බාප්පා කටගොන්නක් බීගෙන ඇවිත් කෑගහනවා මහ රෑ වෙනකන්. පොතක් අල්ලන්න තියා ඇස් දෙක පොඩ්ඩක් නිදහසේ පියා ගන්න වත් නෑ.
ශාදී වරෙන්…..වරෙන්….මොනවද කල්පනා කරන්නෙ කියපංකෝ
විමූ ආයෙත් අතිං අදින්න ගත්තා.
අනේ මංදා බං . පොඩ්ඩක් ඉන්න දීපං
ඒ විමූ මොකෝ ශදී කියන්නෙ වරෙල්ලකෝ සිංදුවක් කියන්න.
දයාන් පංතියේ අන්තිම පේලියෙ ඉදන් කෑ ගැහුවා. මං එක පාරටම ඒ පැත්ත බැලුවා. මොකද සිංදු කියන එක මං ආසම දේ. පංතියෙ කොල්ලන්ට මං නැතුවම බෑ සිංදු කියන්න මොකද මං පාසලේ ගායිකාව. හැම උත්සවයකටම මං අනිවාරෙන් සිංදු කිව්වා . ලමයිනුත් මට හරී කැමතී. එකක් ඉවර වෙද්දී තව සිංදු ඉල්ලනවා.
වරෙන්කො බං මෙකක්ද.. වැස්ස නිසා පිනාට ඇහෙන්නෙත් නෑ..
කවීෂත් කෑගහන්න ගත්තා.
යං යං ඔලුවේ කැක්කුමත් අඩු වෙයී.
විමූ ඒම කිව්වේ මං දිහා බලලා ලස්සන හිනාවක් දාන ගමන්. මට පව් කියලත් හිතුනා මං ගැන කොච්චර හිතනවද. මං පුටුවෙන් නැගිට්ටා.
හුරේ….. වරෙල්ලා වරෙල්ලා කෙල්ලනේ අපි ගීතෙන් ගීතෙ දාමු
දයාන් ආයෙත් කෑගැහුවා. අපි සේරම දයාන්ලා හිටපු තැනට රොක් උනා. හොද වෙලාවට අපේ පංතිය තිබුනේ ඔෆීස් එකෙන් හුගක් ඈත. අපි නිතරම වගෙ පංතියෙ පිස්සු නටනවා ඉතිං . ප්‍රින්සිපල්ගෙන් ගුටිත් කනවා. ඒත් හරිම විනෝදයී. ඉස්කෝලේ කියන්නෙ මගෙ එකම සැනසුම . මගෙ යාලුවොත් මට හරිම ආදරෙයී. හරිම එකමුතුයී.
ශදී ඔබම පටං ගනිං
විමූ මැද්දට පැන්නා. මල ඝෝසාවයී පිරිමි ලමයි ඩෙක්ස් වලට ගහනවා. කෑ ගහනවා. උන්ට හපං කෙල්ලො.
ඈත දිලිසෙන හිරු සදු රං තරූ…..
රහසෙ කිව්වා මට ඔබ ගැන තොරතුරු….
ආහ්හ් මොනාද කිව්වේ තොරතුරු. හු හූ
කොල්ලෝ මැද්දට පැනලා කෑ ගහනවා කෙල්ලො ටික මාත් එක්ක අත්පොඩි ගගහා සිංදුව කියනවා.
ඉතිං හරිම විනෝදයී . සතුටින් පැයක් විතර ගෙවිලා ගියා. විද්‍යා ටීචර් පංතියට එනකං අපි දන්නෙත් නෑ. ළමයී හරි ශෝක් මේ අවුරුද්දේ විභාගෙ ලියන නේද ඉන්නේ .නරකද පොතක් බලා ගත්තා නම්.
දැං මීයට පිම්බා වගේ. සද්දයක් නෑ ඉන්න තැන් වලම ගල් වෙලා. අපි මේ අවුරුද්දේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නෙ තව මාව 10යී තියෙන්නෙ.
ටීචර් අද වැස්සනෙ.. පොත් බලන්න බෑ .. පොත් වලට පිනි බානවා….
දයාන් එක පාරටම කිව්වා. ලමයී සේරටම එක පාරටම බකස් ගාලා හිනා. ටීචර්ටත් හිනා. දයාන්තමා පංතියෙ ඉන්න කටකාරම කොල්ලා. විද්‍යාව මිස් හරිම හොදයි… ලමයි මිස්ට වැඩිය බය නෑ ඉතිං.
ඒකට කමක් නෑ සේරම වාඩී වෙන්න. විද්‍යා පීරියඩ් එක හිස් නෑ. මොකද විද්‍යාගාරයට ආවේ නැත්තේ බලන්න ආවේ.
….ඊලග කොටසින් හමුවෙමු….
අවුද යාලුවනේ….. කියන්නකෝ හොද නරක…