….. කදුලත් සැනසුමක්…..02
02. කොටස
විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක.
ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ. මගෙ හිත පෙරලී කරනවා. අනේ මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. ඒ තරමට මට ගෙදර කියන්නෙ අපායක්.
ශාදි ගෙදර යන්නැද්ද බං . බෙල් කලා ඇහුන්නැද්ද. උබ මේ ලෝකේ නෙමේද. දා ගනිංකො පොත් ටික. මට බස් එක මිස් වෙයී . යමං.
විමූගේ කතාවෙන් තමා මං පියවී සිහියට ආවේ. එයා මගෙ පොත් ටිකත් එකතු කරලා බෑග් එකට දාන ගමන් හිටියේ. හරි මනමාල හිනාවකුත් මූනේ මවාන. මටත් ඒක දැක්කම හිනාවක් ආවා. මොකද විමූට බෝයී ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා හම්බෙන හොදම අවස්තාව තමා මේක. බස් එක එනකන් පාරේ ඉන්න වෙලාව. ඇත්තට අපි දෙන්නගෙ ගෙවල් වලට ස්කූල් එකේ ඉදන් තිබුනේ පයින් යන දුර. ඒත් එයා බෝයී ෆ්‍රෙන්ඩ් නිසා බස් එකේ ගියා. මං යන්නෙ පයින් ඉතිං .ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක.
ආව් ආව් මෙයාගේ පැනී හිනාව. දුලාන් අයියා ඇතී මග බලන් නේද.
අනේ පලයං ශදී යන්න.
කෙල්ලගෙ මූන බලං ඉද්දී රතු වුනා. ගාතාව ඉවර උනාම අපි බෑග් එල්ලන් පාර පැත්තට එන්න ආවා. පොඩි දුරක් තිබ්බා පාරට ඉස්කූල් එකේ ඉදන්.
මේ උබත් වරෙන්කෝ ශදී මාත් එක්ක බස් එකේ යන්න. වරෙන්කෝ.
බෑ බං උබලට ඉතිං කොල්ලො ඉන්නවනේ අපිව අමතකයී.
කවද්ද ශදී මං උබට ඒම කලේ.
විමූගෙ මූනත් අදුරු වුනේ බලං ඉද්දී. මං ඒක ඇත්තටම කිව්වේ විහිලුවට. මං දන්නවා විමූ මං ගැන හුගක් හිතන බව.
අනේ ඉතිං විහිලූ කලේ දුක හිතුනද. මං ලග සල්ලී නෑ බං ඒකයී. ඉල්ලුවේත් නෑ අම්මාගෙන් වෙනදට පයින්නෙ යන්නෙ.
හරි බං මං දෙන්නම් යමං
හ්ම්ම්…. යමංකෝ ඒනම් .
අපි දෙන්න හිනා වෙවී ලග තිබුන කඩයකට ගොඩ වුනා. ඇතුලේ ළමයී පිරිලා. මං එලියට වෙලා හිටියා. විමූ කඩෙන් අයිස් පලම් දෙකකුත් අරන් එලියට ආවා.
යමං එහා පැත්ත.
කියාගෙන. එතකොටම එතනට දුලාන් අයියයී, එයාගෙ හොදම යාලුවා ශානුක අයියයී ආවා . ශානුක අයියා එක පාරටම ඇහුවා.
කෝ නංගී අපිට අයිස්…
එදා අපි අතේ සල්ලි නෑ විමූට මටත් එක්ක බස් එකටත් සල්ලි දෙන්න වෙලානේ.
ආ…. ශානූ අයියේ ගන්න.
කියලා විමූ අයිස් පලම් දෙක දික් කලා . මාත් හිනාවකින් මූන වහගෙන ශානූ අයියා දිහා බැලුවා. මං හිතන්නෙ එයාට තේරුනා අපි අතේ සල්ලි නෑ කියලා.
මං විහිලුවල කිව්වේ අපිට එපා ඔයාලා දෙන්න කන්න. මොකෝ අද යාලුවත් බස් එකේ.
ශානූ අයියා ඒම කිව්වේ මං දිහා බලන්. ශානූ අයියා කියන්නෙ හොද කෙනෙක් කියලා හැමෝම කිව්වා. එයා අපේ ස්කූල් එකට අලුත්. උසස් පෙළ කරන්න ගිය අවුරුද්දේ අපේ එකට ආවේ. ඒත් ඉක්මනම හැමෝම එක්ක පිට් වුනා. එයා දැනටමත් ශිෂ්‍ය නායකයෙක්. එහෙම වුනේ එයා අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් නිසා වෙන්නැතී.
ඔව් ශානූ අයියා මං එයාව තියා ගත්තා තනියට.
විමූ එහෙම කිව්වමයී මට මතක් වුනේ මං තාමත් ශානූ අයියාගෙ දිහා බලන් කල්පනාවක කියලා. මං ටක් ගාලා බිම් බලා ගත්තා. මට ඇත්තම හිතට පුදුම ලැජ්ජාවක් වගේ හැගීමක් ආවා. මට හිතා ගන්න බෑ ඇයී කියලා ඒක හරී අමුතු හැගීමක් මං ආයී එයා දිහාවත් දුලාන් අයියා දිහාවත් බැලුවේ නෑ.
ආ එහෙමද . ඇයී දුලාන් මදිද තනි මකන්න.
ශානූ අයියා විමූගෙන් ඇහුවා. විමු ලැජ්ජාවෙන් ඇබරෙනවා . එයාලගෙ සම්බන්දෙ පටන් අරන් වැඩි කල් නෑ. ඒක නිසාද කොහෙද විමූ තාම දුලාන් අයියා ලගදි මූන රතු කර ගන්නවා.
යන්න ශානූ අයියේ යන්න. අපි යං ශදී අරහෙට .
විමූ මගෙ අතින් ඇදන් පාර එහා පැත්තට ආවා. *************************************
මුලූ පාලාතම කරුවල වෙමින් තිබුනා.දවසේ මං අකමැතිම කාලය තමා රාත්‍රිය. මොකද බාප්පා කට ගොන්නක් බීගෙන එන වෙලාව නිසා. මොනා කරන්නද. ඇදට වැටුනා. මගෙ හිතට නිදහස් නෑ වගේ. මං ඔහේ ඇදේ වැතිරිලා වලලය දිහා බලාන හිටියා.
මං ඉබේටම වගේ ශානූ අයියව මතක් උනා. එයා හරිම හොද කෙනෙක් වගේ වෙන කොල්ලෙක් නම් දෙකක් නෑ අයිස් දෙක ගන්නවා. අනිත් කොල්ලො කෙල්ලනව සුද්ද කරනවනේ ඉතිං.
ගෙදර ඉන්නවද යකෝ මොක්කූ හරී වරෙල්ලා එලියට. මේ සේනයා ආවා ගෑනීයෙ කො ඔබ. වර කෝ තොගෙ පැටව් . අල්ලපු ගෙදර එකාගෙ පැටව් කෝ.
මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා ඒ සද්දෙට. නැගිටින්නත් බයයී අද හුගක් බීලා වගේ. නිදා ගෙන ඉන්නත් බයයී අම්මට ගහයී කියලා. මං කෝකටත් නිදි වගේම හිටියා.
ආ සුද්දියෝ. කෝ අපේ සුදු කෙල්ල , සුදු මැණික. ඈ. කෝ බං කෙල්ල. අදත් යැව්වද අරකිගෙ තනියට.
පාරෙ කෑ ගහන් ආවට අම්මා ලගට ආවම හුරතල් වෙනවා. මං ඇදට වෙලා බයට වඩා දැං කේන්තියෙ පුපුරනවා . මොකද ඔය සේනක බාප්පා. මහ ජරා මිනිහෙක් . මට ඔය හුරතල් නම් කිව්වට මට ඇති ආදරයක් නෑ.
කෝ බං කෙල්ල.
ඒ පාර කාමරේට එන අඩි සද්දෙ මට ඇහුනා. මට දැන් තවත් බයයී , කේන්තී දුකයී. මං ඒත් නිදි වගේම හිටියා මොකද වෙන්නෙ බලන්න.
මොන කරුමයක්ද සේන මේක කෙල්ලට මේ පාරනේ විභාගේ. මේ ටිකේවත් නිදහසෙ පොතක් බලා ගන්න නොබී එනවකෝ.
අම්මා කුස්සියෙ එදන් අදෝනාව කියනවා මට ඇහුනා. අපේ ගේ තාම අට්ටාලයක් වගේ බාගෙට බිත්තී නග්ගලා . ටකරං ටිකක් හෙවිල්ලලා. දොර ජනෙල් වත් නෑ හරියට. කුස්සියයි මගෙ ඇදක් දාන්න විතරක් ඉඩ තිබුන පුංචි කාමරෙයී හදලා තිබුනේ ලෑලී වලින්. ඒකත් මං රන්ඩු වෙලා මටම කියලා වෙනම කාමරයක් හදා ගත්තා මගෙ ආරක්ෂාවට.
ඉතිං මං අල්ලං හිටියෑ . පාඩම් කරන්න බැරියෑ…. මේ හොදට පෙරලිලා ඉන්නෙ.
සේනේ බාප්පා ඒක කිව්වේ හුගක් හයියෙන් . මං නිදිද කියලා දැන ගන්න බව මං දන්නවා. මොකද මට ඒවා හොදට පුරුදුයී. නිතර වෙන දේවල්නේ . මාත් සද්ද නැතුවම හිටියා.
ඇද ලගට එන අඩි සද්දෙ මං ඇහුං කං දීගෙන හිටියා මට ඕනී . මූ ජරා මිනිහෙක් බව අම්මගෙ අතටම අල්ලලා දෙන්න. ටික ටික ඇදට නැවෙනවා. මට හොදට දැනෙනවා . දැං නම් මට තව ඉන්න බයයී. මං එක පාරටම අම්මට කෑ ගහගෙන ඇදේ ඉද ගත්තා.
අම්මේ……. මේ එන්නකෝ මේකට මගෙ කාබරේට එන්න එපා කියන්න. අනේ බලන්නකෝ. මොකටද මගෙ කාමරේට ආවේ බල්ලෝ. තෝ මගෙ ඔලුව වත් අල්ලන්න එපා. …. කාලකණ්ණියා…..
මෙකෝ සුදු දූ මං ඔලුව අත ගාන්න හැදුවේ. බලන්නකෝ , සුද්දී මට මේකී කතා කරන හැටි. මං නේද උබලට කන්න දෙන්නෙ .උගන් වන්නෙ.
හැමදාම කියන බයිලාව පටන් ගත්තා ඒ පාර. අම්මාත් එතනට දුවන් ආවා.
මොකද කෙල්ලේ කෑ ගහන්නෙ. මොකක්ද්ද ඔය කතා කරන විදිහ .උබ මොකටද කෙල්ලගෙ ඇගිලි ගහන්න යන්නෙ මිනිහෝ.
මං …… මේ . ඔලුව අත ගන්න හැදුවේ. මේකි මගෙ ඇගට පැන්නනේ හැපින්න වගෙ.
අදත් සුපුරුදු විදිහම තමා. මං අම්මට හැමදාම කියනවා. වැඩක් නෑ එයා පිලි ගන්නෑ. බාප්පා මට බැන බැන එලියට ගියා අම්මත් ඒ එක්කම ගියා . මන් පුංචි කාමරේ දොර වහගෙන යකඩයත් දොරට හේත්තු කලා. අදත් නිංදක් නෑ ඉතිං. මුලු රෑම මූන ඉදි මෙනකන් මං ඇඩුවා. හැමදාමත් මෙහෙම තමා. ඇයී තාත්තේ මාව මේවගේ ලෝකෙක තනී කලේ. මාවත් අරං යන්න. මං හැමදාමත් මෙහෙම හිත හිත ඇඩුවා. ඒත් මගෙ දුක වේදනාව කාටවත් පෙනුනේනෑ.
ඊළග කොටසින් හමුවෙමූ…..