…….කදුලත් සැනසුමක්……. 03
03. වන කොටස.
මැදියමට ලං වුනත් මට නින්දක් ආවේ නෑ. බඩගින්නත්, හිත් වේදනාවත් මට හුගක් වද දුන්නා. ඒත් මට කාමරෙන් එළියට එන්න හිතුනේ නෑ. ඇස් දෙක රතුවෙලා විඩා බර වෙලා තිබුනත්, මගෙ ඇස් දෙක පිය වුනේ නෑ. මොකද මගෙ හිතට ඕනී කෑ ගහලා අඩන්න. මේ අසාධාරණය වෙනුවෙන් කෑ ගහන්න.
අම්මා මට කන්න කතා කලත් මං කන්න ගියෙ නෑ. මං දවසටම කන්නෙ එක වේලයී. ඒ ඉස්කූල් එකේදී යාලුවෝ එක්ක වට වෙලා කන බත් එක තමයී. කලතුරකින් දවසක තමා ගෙදර ආපූ ගමන් මොනවා හරී කෑවෙ. උදේ වේල නම් මට කොහොමත් කන්න ලැබෙන්නේ නෑ.
මට සේනේ බාප්පව මතක් වෙද්දිත් ලොකු අප්පිරියාවක් දැනෙන්නෙ. ඇත්තම කිව්වොත් එයා මානසික අසහන කාරයෙක් , මහා ජරා මිනිහෙක්. එයා මගෙන් බලා පොරොත්තු වෙන්නෙ දුවෙක්ගෙන් ලැබෙන්න ඕනී ආදරේ නෙමෙයී. එයා මං දිහා බලන්නෙත් මහ ජරා තාලෙට. ඒ ආශාවෙන් මත් වුන ඇස් දැක්කම. මගෙ මුලු ඇගම පිච්චෙනවා. ඒ වෙලාවට තමා මට සේරම මරාන මැරෙන්න හිතෙන්නෙ. ඒක නිසාමයී මං දික් කලිසම් අදින්න පුරුදු වුනේ. ගවුමක් ඇන්දත් ගෙදරදී දික් කලිසමක් අදින එක පුරුද්ද්ක් වෙලා තිබුනේ. මගෙ මුලූ සිරුරම වැහෙන්න ඇන්දත් ඒ ඇස් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ… නිදා ඉන්නකොට ලෑලී කාමරෙ ලෑලී අතර හිල්වලින් බලන් ඉන්නවා . ඇදුමක් මාරු කරන්නත් මට නිදහසක් නෑ.
මට කාමරයක් නොතිබ්බ කාලේ . හැමදාමත් මං ඇහැරෙද්දී බාප්පා අපේ කාමරේ ඉදන් දුවනවා. මොනවා බලන්න ඇවිද්ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒකයී බාප්පා ඔලූව අත ගානවට වත් මං අකමැතී. මං අම්මට ඔය දේවල් නොකියනවා නෙමෙයී. කිව්වට එයා විශ්වාස කරන්නෑ. එයා කියන්නෙ බලං හිටියට ගෙවෙනවද. නිකන් එන්න ඇති …කියන එක තමා.
**************************************
විශාල කහට ගස් අතරින් හිරු එළිය ගලා එමින් තිබුනා. තවමත් මීදුම හරියට මැකිලා ගිහින් නෑ. හිරූ එළිය ගලා ආවත් තවම හිමිදිරී සිසිලසේ අඩුවක් නැති තරම්
තෙරුවන් සරණයී ශදී….
මං පංතියට ගොඩ වෙද්දිම නදීරා කිව්වා. ඇය පංතිය අතුගාමිනුයී හිටියේ
තෙරුවන් සරණයී නදී. තාම වීමූලා ආවේ නෑ නේද.
නෑ . තව් බස් එක ආවේ නැ මගෙ හිතේ.. මේ කෙල්ලේ ඔය ඩෙක්ස් ටික පොඩ්ඩක් හදහන්කෝ. මාත් එන්නම් ඔයා එක්ක විමූලා එනවද බලන්න යන්න. ..
ම්ම්ම්ම්ම්ම් .. හරී
මං ටක් ගාලා බැග් එක ඩෙක්ස් එකෙන් තියලා. ඩෙස්ක් පේලියට හරි ගස්වන්න ගත්තා.
හරී යමූ …..ශාදී යමූ…
නදී ඒහෙම කිව්වේ කුනු ටික ඩක්ස්බීන් එකට දාන ගමන් . අපි ගියා පඩිපෙල ගාවට. ඉස්කූල් එක තිබුනේ පොඩි කන්දක වගේ. පිට්ටනියෙ ඉදන් දිග පඩිපෙලක් තිබුනා . ඒ පඩිපෙළ දෙපැත්තෙම පංතී කාමර තිබුනා. අපේ පංතිය තිබුනේ උඩම. පඩි පෙල මුදුනෙම තිබුනේ බුදු මැදුර. පාර ඉදන් බලද්දී අපේ ඉස්කූල් එක හරිම ලස්සනයී. මායී නදී බුදු මැදුර ලගට වෙලා පාර දෙහා බලාන ඉන්නවා.
ළමයී දෙතුන් දෙනා බෑග් කරේ එල්ලන් පඩි පෙල නගිනවා. තැන් තැන් වලට වෙලා සමහරු බර කයිය, තවත් කට්ටියක් මිදුල් අතුගානවා., තවත් කට්ටියක් උදේම සෙල්ලම.
ආ…න් බස් එක ආවා.
මං පාර දිහා ඕනී කමින් බැලුවා. විමූ එනවා ළමයී කට්ටියත් එක්ක බර කයියක් දාගෙන. විමූ පඩිපෙල පාමුලදිම මාව දැකලා හොද හිනාවකින් මූන සරසන් තමා අපි ලගට ආවේ. ඒත් මං බැලුවේ වෙන කෙනෙක් දිහා . ඒ දුලාන් අයියයී ශානූ අයියයී එනවද කියලා. ඒ දෙන්නත් හිනා වෙවී ඈත එනවා. මං දන්නේ නෑ මගේ මූනට ඉබේ හිනාවක් ආවෙ ඇයි කියලා..
තෙරුවන් සරණයී කෙල්ලෙ…
විමූ මට ඒම කිව්වේ මගෙ අත්දේකේ එල්ලෙමින්.
අද කෙල්ල සතුටින් වගේ. මොකද අමුත්ත.. ආ.. මේ දූලාන් අයියාලා එනකන් ඉදලා යමුද.
මගෙ හිතට ආවේ මාරම සතුටක් . මං දන්නෙ නෑ ඒ ඇයී කියලා. මට විමූව මිරිකලා බදා ගන්න හිතුනා.
හ්ම්ම්ම්ම්ම්…..
මං ඕනවට එපාවට වගෙ කිව්වා. මට අමුතක් පෙන්නන්න බය හිතුනා. ඒ වෙනකොට දුලාන් අයියලා අපි ඉන්න තැනට ලගා වෙලා හිටියා.
තෙරුවන් සරණයී දෙන්නටම..
විමූ එහෙම කියද්දී මං ශානූ අයියා දිහා බැලුවා. එයා වෙන කල්පනාවක.
තෙරුවන් සරණයී නංගිලා.
දුලාන් අයියලා ඒම කියලා අපිව පහු කරන් ගියා. මට දැනුනේ පුදුමාකාර දුකක්. ශානූ අයියා තෙරුවන් සරණයී කිව්වෙ වත් මං දිහා බැලුවෙ වත් නෑ.
මට දුක හිතෙන්නෙ ඇයී. මං ඇයී ශාන් අයියගෙන් ඒම දෙයක් බලා පොරොත්තූ වෙන්නෙ. මං වැරදී එයා මගේ යාලුවෙක් වත් නෙමෙයී . දෙතුම් පාරකට වඩා කතා කරලත් නෑ. හ්ම්ම්ම් මං මේම දුක් වෙන එක වැරදී. ඒත් මට පැත්තකට වෙලා අඩන්නමයි හිතෙන්නේ. මගෙ ලොකූ හීනයක් කඩන් වැටුනා වගේ මට දැනෙන්නේ.
අපි උදේ රැස්වීමට වෙලා තිබුන නිසා අරලිය ගස් තියෙන පැත්තට ගියා. එතන මාරම සුන්දර තැනක්. සුදු වැලී පොලව, පාතට නැමුනූ අරලිය ගස් වල අතු, අරලිය මල් පිරුනූ මල් පොකුරූ. හරිම සුවදයී පලාතම, හරිම ලස්සනයී. අරලිය ගස් පේලියක්ම තිබුනා එක දිගට.
ශදී උබ කාලා නේ…ද.
ඔව් බං .. ඔබ කෑවද..
මං එහෙම කිව්වට මං කලින්දා රෑටවත් කාලා නෑ.
බොරු නෙමෙයිනේ..
නෑ බං.. කෑවා…
විමූට සැකයී මං කෑවා කිව්වට. මං කතාව වෙන පැත්තකට හැරෙව්වා ඒක නිසා.
අද දූලාන් අයියා එක්ක කතා කරන්න යන්නැද්ද.
නෑ බං හැම දාම යන්න බෑ. ඉස්කූල් එකට මාට්ටු වුනොත් ඉවරයී…. ඉතිං කොහොමද කියහන්කෝ අලුත් තත්වේ.
විමූ මගෙ මූනට එබුනේ මං දුකින්ද බලන්න වගේ.
මං උබට කිව්වද එදා මනීෂා නංගිගේ පාටී එකට ගිය වෙලේ එයාලගේ නෑදෑ අයියා කෙනෙක් මං දිහාම බලං හිටියනේ.
ඉතිං… ඉතිං…
පස්සෙ එයා යනකොට මට නම්බර් එක දීලා ගියා.
මනීෂා කියන්නෙ අපේ අල්ලපු ගෙදර නංගී. එයා එක්ක තමා මං ඉස්කූල් ඇරිලා ගෙදර යන්නේ.
ආ එහෙමද… මේ ශදී ඕවා හරි යන්නෑ බං . අපි දන්නවද මොකෙක්ද කියලා. ඊර්ෂියාවට කියනවා නෙමේ…
හරි බං හරී…….
ඊළග කොටසින් හමු වෙමූ…