….කදුලත් සැනසුමක්……06

06. වන කොටස.
ගෙදර ඉන්න එක අමාරු වැඩක් නිසා මං නැන්දලාගෙ ගෙදර ගියා. නැන්දලාගෙ ගේ තිබුනේ ගෙදර ඉදන් පයින් යන දුරක. මං මෙච්චර කාලයක් ආරක්ෂාව ලබා ගත්තෙ නැන්දලගෙ ගෙදරින්. මොකද මං ජීවිතයෙන් වැඩිම කාලයක් හිටියෙ නැන්දලාගෙ ගෙදර. නැන්දලාගේ ගෙදර හිටියෙ නැන්දයී, නැන්දගෙ දුව සිතාරා අක්කයී,චූටි බාප්පයී, ආච්චි අම්මයී. මිහිපිට දෙවිවරු තමා එයාලා .මං කියන දේ විශ්වාස කලේ,මාව ආරක්ෂා කලේ එයාලා.
මං එහෙ යන එක නැවැත්තුවේ බාප්පා බීලා ගිහින් නැන්දලට රංඩු කරන නිසා. නැන්දයී සිතාරා අක්කයී නිතරම කිව්වා මට එහෙ එන්න කියලා. ඒත් සේන බාප්පා මහ රෑට රංඩුකරලා මාව ගෙදර එක්ක එනවා. අම්මාට ගහයි කියලා බයට මං ගෙදර ගිහින් රෑ එළි වෙනකන් අඩනවා. ඇස් රතුවෙනකන් ,මූන ඉදිමෙනකන්, කදුලු හිදෙනකන්.මගෙ කදුලු ගැන දන්න එකම කෙනා මගෙ කොට්ටෙ ,එයා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ මගෙ කදුලු ගැන.
මේ කරදරවලට මං මූන දෙන්නේ අවුරුදු 10 ඉදන්, ඒ මං මගෙ ආච්චිගෙනුයී සීයගෙනුයි වෙන් වුන දා ඉදන්. මගෙ අකමැත්තෙන් අම්මයි බාප්පයී මාව මේ ගෙදරට ගෙනා දා ඉදන්. අම්මගෙ අනිත් සහොදර සහොදරියොත් කිව්වේ ළමයා ඉන්න ඕනී අම්මා ළග කියලා. දැන් කවුරුත්ම පිලිගන්නෙවත් නෑ මං විදින වේදන්නව.

අනේ ශදී නංගියෝ.. ඔයා ආවද… අම්මා බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා.
මං නැන්දලාගෙ දරකඩට යනකොටම සිතාරා අක්කා සතුටින් කෑ ගැහුවා. මේ මිනිස්සු මට මොන තරම් ආදරේද. ආච්චි අම්මත් ගේ ඇතුලේ ඉදන් ඉස්තෝප්පුවට ආවා . මේ ඉන්නෙ බාප්පගෙ අම්මයි, නැන්දයී (බාප්පගෙ නංගී), මේ මිනිස්සු මට හරිම ආදරෙයි අනුකම්පාවයී. සේන බාප්පා වසවර්තියෙක් බව හැමෝම දන්නවා. අම්මත් දන්නවා ඇති, ඒත් එයා පිලිගන්නෙ නැහැ.

ඕන් ශදියෝ අද නම් මෙහෙ ඉන්න ඕනී.. ඕන් ඈ…
සිතාරා අක්කා එහෙම කිව්වේ මගෙ අතේ එල්ල්ව්මින්.

අනේ මංදා අක්කේ. සේන බාප්පා බීගෙන එයි රෑට..

අනේ ළමයො ඔය මෙහෙ ඉන්න . ඔහෙ ආපුදෙන් .අපි කවදාවත් ඔයාට වචනයක් කිව්වද. නෑනේ. ඒකගෙ හැටි අපි දන්නවා.
නැන්දා එහෙම කිව්වේ හරිම අනුකම්පාවෙන්. ආච්චි අම්මත් හීල්ලුවා. තමන්ගෙ පුතාගෙ මේ නරක හැසිරීම කොහොම උහුලන්නද. සේන බාප්පා ආච්චි අම්මටත් බනිනෙ හු… භාෂාවෙන් තමයී. ආච්චි අම්මා හූල්ල හූල්ල ඉන්නවා. තමං කුසින් වදපු එකාද මෙහෙම කියන්නෙ කියලා.

ඒත් නැන්දේ අම්මට ගහයී කියලා බයයි.
මං කිව්වේ සුසුම් හෙලමින්. මන් හරියට “ගිරයට අහූවුනු පුවක් ගෙඩිය වගේ” .අම්මා බේර ගන්නත් ඕනී මං බේරෙන්නත් ඕනී.

සුද්දි අක්කා පව් දෙයියනේ. මේ මිනිහට නම් හොදක් වෙන්න හොද නෑ මේ කරන පව්කාර වැඩේට.
කම්බුලේ අතක් ගහගෙන නැන්දා හීල්ලුවා…

අනේ අද ඉම්මු හොදේ. එන්නකෝ .බඩුවක් දෙන්න.
සිතාරා අක්කා මාව කාමරයට ඇදන් ගියා. සිතරා අක්කා පාසල් අධ්‍යාපනය ඉවර කරලා, බාහිර උපාදියක් කරනවා . මට වඩා යතරයී එයා වැඩිමහල් වුනේ.
************************************

දවස් ගනනවාක් ගෙවිලා ගියා. සේන බාප්පා මං නැංදලාගේ ගෙදර යන එක නවත්වන්න එක එක දේවල් කලා. බීලා ගිහින් රංඩු කලා. රෑ වෙනකන් එයත් නැන්දලාගෙ ගෙදර ඉන්න පටන් ගත්තා.
මගෙ ඇගේ ලේ ටික පිච්චෙනවා මෙ මනුස්සයා දකින දකින පාරට. ඒ මදිවට පුදුම අප්‍රසන්න බවක් දැනෙන්නෙ කට හඩ ඇහුනත්.
හවස නැන්දලා ගෙදර යනවා, පාන්දර ගෙදර එනවා සේන බාප්පා වැඩට යනකන් බලන් ඉදලා සුදු ගවුම දාන් ඉස්කෝලෙට දුවනවා. මං ගොඩක් දාට ඉස්කෝලෙට ගියෙ පරක්කු වෙලා. කලාතුරකින් දවසක තමා කලින් ගියේ. මගෙ ජීවිතේ ගැන නම් කියලා වැඩක් නෑ මට ළමා කාලයක් නෑ. බාප්පා කියන අසහනකාරයා මගෙ ලස්සන ළමා කාලය මගෙන් උදුර ගත්තා .

මොනාද යකෝ උබ කල්පනා කරන්නෙ..
මොනතරම් කල්පනා ලෝකෙක කිමිදිලා හිටියද කිව්වොත්, මං ස්කෝලේ ඉන්නෙ කියලත් මතක් වුනෙත් විමූගෙ කට හඩ ඇසුනම.

ඒ බලපන් ශදි අර ජෝඩුව.
විමූ මට ඇහෙන් පෙන්නුවෙ ශානු අයියයී, දුලාන් අයයි එයාලගේ පංතියෙ ඉදන් එබි එබි බලනවා. අපේ ඩෙක්ස් පේලිය හරහට දැම්මට පසේ ශානූ අයියලා හොදරම පේනවා. විමූ නිතරම දුලාන් අයියා දිහා බැලුවා, දුලාන් අයියත් එහෙමයී. ඒත් ශානූ අයියා බැලුවෙ නෑ. මගෙ හිතත් වියවුල් වෙලා තිබුනේ, එයා මං ගැන හිතනවද නැද්ද කියන දෙගිඩියාවෙන්. මගෙ හිත නිතරම දුක් වුනා එයාගෙ හිතේ විශේෂයක් නෑ කියලා, ඒත් මං හිතින් ආදරය කරවා කවදාවත්ම ළං වෙන්න ඕනීනෑ මට. එහෙම හිතලා හිත සනස ගන්නවා.

බලපංකෝ ගයේෂා දූලාන් අයියලාගෙ පංතියෙ මයී.
විමූ කිව්වේ මට වැලමිටින් අනිමින්.

හ්ම්ම්ම්ම්ම්ම්…. එයාගේ අයියගෙ පංතියනේ ඉතිං.

අනේ පලයං උබ දන්න මගුල…
විමූ එහෙම කිව්වේ අමුතු හිනාවක් දාගෙන..

ඇයි උබ හිනා වෙන්නෙ..

උබ දන්නෙ නැද්ද සීන් එක

මොකක්ද්ද?

ගයේෂා ශානු අයියගෙ පස්සේ යනවා.
විමූ කනට කරලා රහසින් එහෙම කියන කොට මගෙ මුලු ඇගම පිච්චිලා අලූ වෙලා ගියා. විමූට හිනා.එයා දන්නේ නෑනේ මං ශානු අයියා ගැන හිතන බව. මට කර කියාගන්න දෙයක් නැතුව ගියා.

ඉ..ඉතිං…. හො..හොදයිනේ..
මගෙ කටින් වචන පිට වුනෙත් නෑ. මං හිමින් ශානු අයියා ඉන්න පැත්ත බැලුවා. ගයේෂා ශානු අයියා එක්ක හොදටම කතාව දෙන්නාම සතුටින් හිනා වෙනවා. මගෙ ආත්මයම පිච්චෙනවා.

හ්ම්ම්ම්ම්ම්… දෙන්නා ගැලපෙනවා නේද බං..
මගෙ හිතෙ හිටපු, මෙච්චර දවස් මං හිතිං ආදරය කරපූ, හිත සනස ගත්තු, මගෙ ශානු අයියා තව කෙල්ලෙක්ට ගැලපෙනවද අහනවා.

ශානූ අයියා …කැමති නම් අපිට… මොකො බං…
මං අමාරුවෙන් කියලා දැම්මා. මට දැන් අඩන්න ඕනී. ඒක පාර්ශික ප්‍රේමයක් වුනා එහෙනම් මගෙ ආදරෙත්. අඩන්නෙත් කොහොමද විමූ දන්නෙ නෑ මගෙ හිතේ ඉන්න කෙනාව.

ශානු අයියත් කැමතී වගෙ බං .බලන්න ඕනී බස් එකේදී ජෝඩුව.
අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම රිද්දන්නෙ. මට තිබුනු එකම සැනසූමත් උදුර ගත්තා. දෙවියෝ මොනවා කරන්නද. මං ආදරෙ කලාට ශානු අයියා මට ආදරේ කරන්න නැතුව ඇති. ඒකනී මාව මගහැරියෙත්. මං දැන් මොනවා වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ.

මොනවද ශදී කල්පනා කරන්නෙ.. ශානූ අයියට ඕකවත් හරි ගියොත් හොදයී.

ඇයී…

කලිං ඉස්කෝලේ ශානූ අයියට කෙල්ලෙක් ඉදලා. ඒකී බූට් තියලා. දුලාන් අයියා කිව්වා ශානු අයියා පිස්සු නටනවලූ.

එහෙමද. ඒහෙනම් හොදයී..
විමූ කියනකන් මේ කතාව මං දන්නෙ නෑ. කමක් නෑ ශානූ අයියේ ඔයාට හොදක් වෙනවානම්, මගෙ හිත රිදුනත්,මං හිත සනස ගන්න උත්සහ කලා.

මහ බලූ කෙල්ලක් බං ශානු අයියා පව්. ශානිකා කියලා කෙල්ලෙක්..

ශානූ අයියා පව්
මට ඉබේටම කිය වුනා.
ඔව් බං හොද කොල්ලන්ට මයී ඕවා වෙන්නෙ.

දවසසින් දවස වෙන සිද්දිත් එක්ක මගෙ හිත එන්න එන්නම කඩා වැටුනා. ගෙදරත් රංඩු වලත් ඉවරයක් නෑ. නිතර ගයේෂා ශානු අයියා එක්ක කතා කරනවා,හීනා වෙනවා දැක දැක මං මැරි මැරි ඉපදෙනවා. අන්තිමට මං ඉගනීම ගැන විතරක්ම හිතන්න හිතුවා, ඒත් හැමදාම ශානූ අයියා දකින වාරයක් ගානේ මගේ දුක අලුත් වෙනවා.

ඊ ළග කොටසින් හමුවෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *