…..කදුලත් සැනසුමක්…..07

07.වන කොටස.
ගයේෂායී ශානු අයියගෙයී අතරේ ආදරසම්බන්දක් තියෙද නැද්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. ඒත් ඒ දෙන්නා නිතරම කතා බහ කරනවා මම දකිනවා. කොහොම හරි මං ඒ වේදනාවටත් පුරුදු වුනා. මට ආදරේ නෑ කියලා දන්නවා වුනත් මගෙ හිත එයාව අතහැරියෙම නැහැ. නිතරම එයා ගැන හොයලා බැලුවා. අන්තිමට මට ආරංචි වුනා ශානු අයියා ගයේෂිගෙන් කැමැත්ත අහපු බව. ශානූ අයියා සතුටින්නේ ,කියලා හිතා හදා ගන්න මං නිතරම වෙහෙසුනා.
මං එයාලට උදව් කරන්නත් පසුබට වුනේ නෑ. අපි ඉන්න තැනකට ශානූ අයියා ආවොත් එයාලට නිදහස දීලා මං අයින් වුනා.

**************************************
පාසල් ඇරිලා මං ගෙදර එනකොට කවුරුත්ම හිටියෙ නෑ ගෙදර. මං බයෙන් බයෙන් ගෙට ගිහින් මුලු ගේම පරික්ෂාවෙන් බලලා ඇදුමක් මාරු කර ගත්තා. හරිම කම්මැලී, කන්නවත් හිතේ පිරියක් තිබුනේ නැහැ. මනිෂා නංගිටත් දැන් අපේ ගෙදර එන්න තහනම් නේ, දැං මං තනිවෙලා. සේන බාප්පට කවදත් ඕනී වුනේ ඒකමයී. ඒක නිසාමයී බීලා බීලා ගිහින් මනීෂා නංගිලෑ තාත්තා එක්ක රංඩු වෙන්නෙ.
රෑ වෙන්න කලින් ඉස්කෝලේ වැඩ වගයක් තියේ කර ගන්න . ඒක කරන්න හිතන් පොත් ටික දිගැර ගත්තා. වට පිටාවේ කිසිම සද්දයක් නෑ, මම හිත නිදහසේ රචනාවක් ලියන්න කියලා පටන් ගත්තා. ටික වෙලාවකින් ලාවට වගේ අඩි සද්දයක් ඇහුනා .
මං හිතුවා අම්මා කියලා, සේන බාප්පා මේ වෙලාවට ගෙදර එන්නෙ නෑනේ. කාමරේ දොර ළගින් චායාවක් වගෙ දැක්ක නිසා මං නිකමට ඒ පැත්ත බැලුවා. සේන බාප්පා…

කෝ අම්මා.. සුදු දූ…..
සේන බාප්පා ඒක ඇහුවේ හරිම සංසුන්ව. ඒත් මම බයෙන් වෙව්ලන තරම්. වෙනදට මං බාප්පා ගෙදර ඉද්දි මගෑරලා නැන්දලා ගෙදරට යනවා . මං දන්නවනේ සතාගේ හැටි .ඒක නිසා කවදාවත් තනියම ගෙදර හිටියෙ නැහැ.

ඔ….ඔය වත්තේ.. . හිටියා සේන…. බාප්පේ.
මං අමාරුවෙන් ඒ බොරුව කිව්වේ, අම්මා ඉන්නවා කියලා අගවන්න. ඒත් අම්මා කොහෙ ගිහින්ද කියලා මං දන්නෙ නෑ.එහෙම කියලා කාමරෙන් එළියට එන්න උත්සහකලා. සේන බාප්පා උලුවහු කනු දෙකට අත්දෙක තියලා මුලු දොරම අවහිර කරගෙන.

වත්ත පහල .අම්මා පොළට ගියා… කෙල්ලේ…
සේන බාප්පා ඒම කිව්වේ මහ අමන පෙනුමක් මූනට අරන් කට කොනකින් හිනා වෙමින්. මගෙ හිත තවත් කරබල වුනා. මේක නම් සේන බාප්පගෙ කපටි වැඩක් බව මට තේරුනා. මට කට උත්තර නැහැ.

මං දන්නෙ නෑ. මං . ය..යනවා ….
කියලා මං බලෙන්ම එළියට පැන ගන්න උත්සහ කලා.

කොහෙ යන්නද මෙහෙ එන්න සුදු දූ…..
සේනේ බාප්පා මගෙ උරහිස් දෙකට පහළ අත්දෙකෙන් මිරිකලා අල්ල ගත්තා. දැන් මට බයටත් වඩා කේන්තී.
මොන මගුලක්ද මේ … අල්ලන්න එපා මාව..
මං අත් ගසලා දාලා පස්සට වුනා. සේන් බාප්පා ඉස්සරහට එනවා, මං පස්සට පස්සට ගිහින් පොත් මේසෙට වාරූ වුනා. අද නම් මං ඉවරයී, බයටම මගෙ උගුරයි පපුවයි සේරම රිදෙනවා. ඒත් මං බයයි කියලා සේන බාප්පට පෙන්නුවේ නැ. මං රවාගෙන බලන් හිටියා.
සුදු දූ.. මොකද කේන්ති ගිහින්… මෙහෙට එන්න ළමයෝ. බය වෙන්න එපා.
සේනේ බාප්පා මාව අල්ල ගන්න හදනවා. මං එහාට මෙහෙට පැනලා බේරෙන්න උත්සහ කරමින් බයින්න පටන් ගත්තා

ජරා මිනිහා.. තෝනං මහ බල්ලෙක්. එන්න එපා මං ලගට. තෝ නම් මහ කුපාඩියෙක් මට දූව කියන්න තොට ලැජ්ජ නැද්ද

අනේ සුදු දූ එන්නකෝ … අනේ එන්නකෝ….

අල්ලන්න එපා මාව. පලයං යන්න කවුරුත් නැද්දෝ…. අම්මේ ..

මං සේන බාප්පවත් තල්ලු කරන් , කෑගහගෙන එලියට එන්න උත්සහා කලා. සේන බාප්පා පැනලා මාව අල්ලගෙන එක අතකින් මගෙ කට වහලා අල්ල ගත්තා.

අද තෝ බේර ගන්න කවුරුත් නෑ. බැල්ලියෙ… හැමදාම මට රෙස්පට් දැම්මනේ අද රෙස්පට් ඉවරයී.
මට ග්‍රහනයෙන් අයින් වෙන්න අමාරුයී ඒත් මං දැගලුවා අත්දෙකෙන්ම සේන බාප්පට පහර දුනනා, තල්ලු කරා. ජරා මිනිහෙක්ගෙ සිරුරට මගෙ සිරුර තෙරපිලා. මට ඕනී දැන් මෙතනම මැරෙන්න. ඇගේ ගැවෙනවට වත් අකමැති මිනිහෙක්ගෙ ඇගට මං තෙරපිලා.
දගලලා බේරෙන්නේ කොහෙද මාත් එක්ක. කෝ තොගෙ කට ඈ. රෙස්පට් නැද්ද.
මාව ඇදගෙන ගිහින් ඇදට තල්ලු කලා. ග්‍රහනයෙන් මිදුනූ චුට්ටට මං මං ආයෙත් ඇදෙන් බැහැගන්න උත්සහකලා කෑගැහුවා. අද නම් මගෙ අවසානය තමා. සේන බාප්පගෙ සිරුරට මං යට වෙලා, කෑ ගහන්නත් බෑ මගෙ කට මිරිකගෙන. එයා අනිත් අතින් මගෙ සිරුර ස්පර්ෂ කරන්නත් , බලහත්කාරයෙන් ඉබින්නත් උත්සහ කලා. මගෙ මුලු භිතම කඩා වැටිලා, දැන් මන් මට ශක්තියක් නෑ බේරෙන්න “ඇයී තාත්තේ ඔයා මට මේ දුක් දෙන්නට මාව මේ ලොකේ ගෙනාවේ”. මගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න පටන් අරං. මං අඩනවා. දුකටයී , බයටයී, අප්පිරියාවටයී, සේරටම.

ශදී අක්කේ ඔයා කොහෙද?.
දෙවියනී මනීෂා නංගිගෙ කට හඩ. සේන බාප්පා ඒ කට හඩ ඇහුනා විතරයී “විදිල්ල වගේ”, මගෙ ඇගෙන් බැහැලා පිටි පස්සෙ දොරෙන් පැනලා දිව්වා. මං එහෙන්මම ඇදේ ඉදගෙන ඉකිගමින් අඩන්න ගත්තා.

මොකද වුනේ ශදී අක්කේ.. .. මං ඔයා කෑගහනවා ඇහිලා ආවේ.

හො…හො..ද.. වෙලා..වට.. ඔ..ඔ..යා ආවේ.. නැ..ත්තම්.. මං ඉ..වරයී..
මං මනීෂා නංගිව බදාගෙන හොදටම අඩනවා දැන් මට ඕනී උගේ ඇගේ ගෑවුන සේරම තැන් පිහියක් අරන් කපලා දාන්න. ඒ තරමට මට මාවම අප්පිරියයී.

අනේ.. නංගී … අම්මා … එනකන්.මාත් එක්ක ඉන්න.

ඇයි අක්කි නැන්දලා දිහා නොගියේ.

එහෙ …කවුරුත් නෑ…. අද… ඒකයී.. අනේ .. මට .. බයයී. අනේ .. ඉන්නවා. නේද නංගී.
මං මල්ෂා නංගිව බදාගෙන ඇඩුවා.

අඩන්න එපා අක්කේ දැං මොකුත් කරදරයක් වුනේ නැනේ.. මං ඉන්නවනේ දැන්.

ඔ.ඔ..යා නා… වා නම්. ඉවරයී.. මාව.

ඊ ළග කොටසින් හමු වෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *