…..කදුලත් සැනසුමක්…..08

08.වන කොටස.
පැය භාගයකින් විතර අම්මා ගෙදර ආවා. එනවා ඇහෙනකොටම මං මගෙ කාමරයට ගිහින් දොර වහ ගත්තා. අම්මා මට සෑහෙන වතාවක් කතා කලා මං හ්ම්ම් වත් කිව්වේ නෑ. තොරතෝංචියක් නැතුව ඇඩුවා විතරයී. නැදලාගේ ගෙදර වත් යන්න තිබුනා නම් හොදයි ඒත් නැන්දලත් ගෙදර නැහැනේ. ගෙදර මොන රංඩුව වුනත් ආයී නම් ගෙදර ඉන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. රෑවෙනකොට බීගෙන සේන බාප්පත් ගෙදර ආවා. ඇවිත් කිසිදෙයක් නොවුන ගානට මං ගැන අහනවා. මේ ජරා ගති කාට කියන්නද. කිසි ලැජ්ජාවක් නැති මිනිහෙක්.
අඩලා අඩලා බැරිම තැන මං අම්මට ලිව්මක් ලියන්න පටන් ගත්තා. වුන දේවල් ලියන්නේ කොහොමද. මට මේ ගෙදර ඉන්න බෑ ආයෙත් ආච්චිලා ලගට යවන්න කියලයී ලිව්වේ. අම්මට කියන එකේ තේරුමක් නෑ කියලයී මට හිතුනේ.
මගෙ සීයා අම්මගෙ තාත්තා එයා හරිම ආදරෙයී මට. හැම මාසෙකටම වතාවක් මාව බලන්න ආවා. මං අම්මලාගේ ගෙදර ඉන්නවට සීයා කැමතී වුනේ නෑ. ඒත් ඉතිං ඉස්කෝලේ ගමන නිසා මොකුත් කරන්න බැනේ. විභාගෙ ඉවර වෙනකන් බලන් ඉන්නෙ ගමේ එක්ක යන්න. ගමනම් මට දිව්‍ය ලෝකයක් වගේ .ලස්සන පරිසරය, ඇල, වටෙම විහිදුන කදු පංති. උදේට මිදුලට බහින්න බැරී මීදුම. ආච්චිගේ සීයගෙයී ආදරේ ඒ හැමදේම නිසා ගම මං ආසම තැන වුනා.
පහුවදා මං පාසල් යනකොට අම්මට පේන තැනක ලිව්ම තියලා ගියා. මගෙ මූනත් තඩිස්සි වෙලා නිසා විමූ මාව දැක්ක ගමන් මොකක් හරි දෙයක් වෙලා බව තේරුම් අරන් මගෙන් ඇහුවා. මං සිද්ධිය කෙටියෙන් කිව්වා. විමූ නම් කිව්වෙ සීයට කියලා ගමේ යන්න කියලා. ඒත් මට ඉගෙන ගන්න ඕනී කාත් කවුරුත් නෑ මට. සීයලටත් මං වෙනුවෙන් හැමදේම කරන්න බෑ. මං මගේ ජීවිතේ හදා ගන්න ඕනේ.

************************************
කාලය ගෙවිලා ගියා. මං දිගටම නැන්දලාගෙ ගෙදර හිටියා. සේන බාප්ප නිතරම අම්මට රංඩු කලා ඒත් අම්මා මට ගෙදර ඉන්න කිව්වේ නෑ. දවසක් අම්මා මට කතා කලා.

සුදු දූ මෙහෙට එන්න.

ඇයි අම්මේ..

ඔයා කියන දේ මං ගනන් ගන්නෙ නෑ කියලා හිතන්න එපා. ඔයත් ටිකක් තේරුම් ගන්නකො මං ඉන්න තත්වේ. පලවෙනි කසාදෙ කඩාගෙන ළමෙකුත් අරං මං ගෙදර ආවා. දෙවෙනී කසාදයත් කඩාන ළමයී දෙන්නෙක් අරන් මට ගමට යන්න බෑ මට.
අම්මාගේ හිතේ තිබුන වේදන්නාව නෙත් දෙකෙන් කදුලූ වෙලා එලියට එන්න පටන් ගත්තා.

මට තේරෙනවා අම්මේ. ඔයා අඩන්න එපා.

මං ඔයා දුන්න ලිව්ම බැලුවා සුදු දූ. ඔයා ගෙදර ඉන්න එපා .නැන්දලාගෙ ගෙදරම ඉන්න. ඔයා හිතන්න එපා මං ආසාවට මේ මිනිහා එක්ක පවුල් කනවා කියලා. මං දැං වෙන කන්න දෙයක් නැති නිසා මේ පව්ල කන්නෙ
අම්මා හුගක් වෙලා මාත් එක්ක දුක කියලා ඇඩුවා. අම්මත් පව් ඉපදුනදා ඉදන් දුක් විදිනවා. අම්මා මට නිතරම කිව්වේ එයා වගේ අඩු වයසින් කවදාවත් කසාද බදින්න එපා කියලා. අවුරුදු 17න් තමා අම්මා කසාද බැන්දලා තියෙන්නෙ. අවුරුදූ 19ක් වෙන්නත් කලින් දුවෙකුත් එක්ක ආපහු ගෙදර ආවා. ඊට පස්සෙ අම්මා ගාර්මෙන්ට් පැට්‍රියක වැඩට ගියා, මට අවුරුදු 10ක් වෙනකන්. ඊට පස්සෙ හැමෝම බදින්න කියන නිසා තමා සේන බාප්පා එක්ක විවාහා වුනේ.
**************************************
පළවෙනී වාර විභාගයත් ඉවර වුනා. ඉස්කෝලේ අවුරුදු නීවාඩුවත් ලං වුනා. දැං ඉතිං පංති වල වැඩි වැඩක් කෙරෙන්නෙ නෑ . ටීචර්ලා ප්‍රශ්න පත්‍ර බලනවනේ. මායී විමුයි වැඩියෙන් හිටියෙ ගෘහ විද්‍යාගාරයෙ තමා. ගෘහ විද්‍යා ටීචර් මට හරිම ආදරෙයී. ටීචර්ගෙ වැඩ අකුරටම කරන්නෙ මං විතරයී කියලා ටීචර් හැමෝටම කියනවා. ගෘහ විද්‍යාගාරෙ වැඩි පුරා තිබුනේ මගෙ ගෙත්තම්, නිර්මාන තමා .

ශදියෝ..

හ්ම්ම්ම්ම්ම්ම්

දැං ඉතිං නිවාඩු කාලෙ මොකද කරන්නේ.
වීමූ කතාව පටන් ගත්තා.

ගමේ යනවා මං.

ඇයී අවුරුද්දට ගෙදර ඉන්නෙ නැද්ද බං

නෑ ….සීයා එනවා කිව්වා මාව එක්ක යන්න. මුලු නිවාඩුවම ගෙදර ඉන්න බෑ බං .අර මලපෙරේතයා දැක දැක. ඔබ දන්නවනෙ මට ඒකව දකිද්දිත් අප්පිරියයි. ඒකගෙ අතිං මට බත් කන්න වෙනවා හිටියොත්. ඒක නිසා මං යනවා.

හ්ම්ම් ඒක හොදයී බං…….. මෙයාට නම් අවුරුදු ජය වෙයී. සීයා ආදරෙයිනේ.

නැතුව නැතුව.

ආ… නංගිලා..
එහෙම කියාගෙන අපි ලගට ආවෙ ශානූ අයියා. අපි දෙන්න හිටියේ ගෘහ විද්‍යා ගාරෙ ඇතුලෙ ඉදගෙන.

ආ ශානූ අයියා කෝ ගයේෂා… එහෙම
විමූ එක පාරටම එහෙම අහනකොට මට කේන්තිත් ආවා. ඉදලා ඉදලා කතා කරන්න අවස්ථාක් ආවම එතනටත් ගයේෂා ඇදලා ගන්නවා.

ඔය කොහෙ හරි ඇත් විමූ නංගියෝ.. ඉතිං කොහොමද ඔයාලට…
ශානූ අයියා ගයේෂා ගැන කිව්වෙ ඕනෙවට එපාවට වගේ..මං කිසි කතාවක් බහක් නැතුව ශානූ අයියා දිහාම බලන් ඉන්න්වා.

ඇයී දැං ලව් එක ඉවරද?
විමූ ආයිත් ප්‍රශ්න කලා.

අප්පෝ විමූ නංගී. ඒක ඉතිං අහන්න ඕනී දුලාන් ගෙන් තමා.

ඇයී..?

ඔයාලටත් ආරංචි වුනාද ඒක.

මොකක්ද?

මං ගයේෂා නංගිගෙන් යාලූ වෙන්න ඇහුවා කියලා.

ඔව් ගයේෂා කිව්වා.
මං දෙන්නගෙ සංවාදෙ මැද්දට පැන්නෙ, ඒ කතාව මට ශානු අයියගෙ කටින්ම අහගන්න් ඕනී නිසා.

එහෙමද. ඒක මේ .. දුලාන්ගෙ පිස්සූ වැඩක්නේ..
ශානූ අයියා එහෙම කිව්වේ හිනා වෙමින්. මගෙ හිතට ආව සතුට කිව්වොත් ශානූ අයියව තුරුලු කරන් අඩන්න හිතුනා.

එහෙමද? අපි හිතුවෙ ඇත්තක් කියලා
විමූ එහෙම කියද්දි ශානු අයියා හිනා වුනා.

ගයේෂාගෙ හිතේ නම් තියේ වගේ. මං ඉතිං එයා එක්ක කතා කරන්නෙ ආසිරිගෙ නංගි නිසා. බොරුවට හිතට ගත්තට මට කරන්න දෙයක් නෑ.
මට දැනුනේ ඒක මට කිව්වා වගේ. කොහොම වුනත්. මගෙ හිත හුගක් සැහැල්ලු වුනා. ඒ වගේම නිවාඩුව ලග බව මතක් වෙලා දුක හිතුනා. සති දෙක තුනක් ශානූ අයියව නොදැක ඉන්න ඕනිනේ. දැං මට එහෙම ඉන්න බෑ කියලා හිත කියනවා.

*************************************
අවුරුදු නිවාඩුවත් ගෙවිලා ගියා. හිතපු විදිහටම් මං ගමේ ගිහින් සීයයි ආච්චී එක්ක සතුටින් කාලය ගත කලා .එයාලා එක්ක නෑගම් ගියා, අවුරුදු උත්සව වලට ගියා, පංසල් ගියා, හරිම සතුටින් නිදහසේ කාලේ ගෙව්වා .මට නිතරමවගෙ ශානූ අයියවත් මතක් වුනා. මං හිතුවා මගෙ හැගීම විමූ එක්ක කියන්න ඕනී කියලා.

ඊ ළග කොටසින් හමුවෙමු..
යාලුවනේ කතාව හිමින් යනවා වැඩීද? ඔයාලගෙ අදහස් කියන්න මට. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *