….කදුලත් සැනසුමක්…….11
11.වන කොටස.
*************************************
පෝයදාට පහුවදා ඉස්කෝලේ නිවාඩු දීලයී තිබුනේ. මං හිටියෙ පොත් මේසෙ ලග ඉදන් ක්ලාස් එකේ වැඩ වගයක් කරමින්. එදා සේන බාප්පත් වැඩට ගියේ නැහැ. සීයා තවම නිදි ඊයේ රෑ මහිංසියටද කොහෙද.
මේ ලතෝ. මෙහෙට එනවකො පොඩ්ඩක්
සීයාගෙ කට හඩ ඇහිලා ආච්චි අම්මා සීයා නිදන් ඉන්න ඇද ලගට ආවා.
ඇයි . ?
උබ මගෙ බෑග් එක ඇද්දද.
නෑ.
මගෙ බෑග් එකේ තිබ්බ සල්ලි කෝ එහෙනම්.
ඇයී තාත්තෙ සල්ලි වලට මක් වෙලාද? මං දැක්කා අපේ කෙල්ල බෑග් එක අදිවා. බිම වැටිලා ඇති බලන්න.
සේන බාප්පත් එහෙම කියාගෙන එතනට දුවගෙන ආවා. මාත් එතනට ගියෙ කෑගහගෙන.
මං . මං මොකටද තාත්තගෙ සල්ලි ගන්නෙ. ඕනි නම් හොරකන් කරන්න ඕනී නෑ . ඉල්ලනවා මිසක්. ඒ පාර මං හොරෙකුත් කරන්නද යන්නෙ.
සුදු දූ ගත්තා නම් කමක් නෑ. මං දන්නවා ගත්තු එකා කව්ද කියන්ඩත්. යදින්නත් බෑ මගෙ කෙල්ලටත් ඒවා බලපාන හිංදා. ලතෝ ලැහැත්ති වෙයන් යන්ඩ.
තාත්තේ ඇයී මොකද?
අම්මත් එතනට දුවගෙන ආවා. අම්මයි සේන බාප්පයී සීයයි තුන්දෙනා එක්ක කියව ගත්තා. අන්තිමට සීයා අමාරුවෙන් නොන්ඩි ගගහ පයින්ම පාර පැත්තට යන්න ගියා. ආච්චිත් කේන්තියෙන් ඒ පැත්තට ගියා. අම්මා හැමදාම වගේ එයාටම දෙස් තියාගනිමින් අඩනවා. සේන බාප්පත් බැන බැන පහළට යන්න ගියා. චුටි මල්ලිට තේරුමක් නෑ එයා බය වෙල බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා.
චූටි මල්ලි තාම එක වසරේ. ඒ ළමයා රංඩු වෙනවට බයයි .එක්කෝ බිරන්ත වෙලා බලන් ඉන්නවා නැත්තම් අඩනවා.
මං සේරම අත් හැරලා දාලා පාර පැත්තට ආවා. සීයයි ආච්චී තාම බස් එකක් එනකන් ඉන්නවා. මං ගිහින් වුන දේ ඇහුවා. සේන බාප්පා තමා සීයගෙ සල්ලි අරන් තියෙන්නෙ. සීයා දැකලා තියෙනවා හොරෙන් බෑග් අදින හැටී.
සේන බාප්පට ඕනී සල්ලියක් නෑ. එයාට ඕනී සීයව එහෙම පන්න ගන්න. එයාගෙ ජරා වැඩ වලට ඉඩක් නෑනේ එයාලා ඉද්දී. බස් එකක් ආවා සීයලා ඒකේ නැගලා යන්නගියා.
අම්මා එදා දවසම ඇඩූ කදුලින් ගෙවලා දැම්මා. එයාගෙ තාත්තට බැරි වෙලේවත් සළක ගන්න බැරි වුන එකට.
***********************************
අද සෙනසුරාදා දවසක්. අපිට අද දවසම ක්ලාස් . විමුයී මායී එක බස් එකෙන්ම ගිහින් ක්ලාස් තියෙන තැනින් බැස්සා. මං හිතේ අමාරුවෙන් හිටියෙ සීයලත් ගෙදරින් තරහ වෙලා ගිය එකට.
ශදියෝ දුලාන් අයියට කෝල් එකක් දෙන්න ඕනී.
මගෙ මූනට හිනාවක් ආවේ ශානූ අයියගෙ කටහඩ අහන්න ලැබෙන නිසා. දුලාන් අයියා ලග පෝන් එකක් තිබුනේ නෑ. ශානූ අයියගෙ එකට කතා කරලා තමා දුලාන් අයියට පණිවිඩ දුන්නෙ. ඒක නිසා ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් අරන් ශානු අයියට හැමදාම පණිවිඩය කියන්නෙ මං . ඒකත් ඉතිං විමූගෙ අදහස් තමා.
නියමයී.. මොකක්ද්ද කියන්න ඕනී.
ඊයේ දුලාන් අයියා අසනීපෙන්නෙ හිටියෙ දැන් මොකද අහපන්කො. එයා එහෙ යන්න ඇතිනෙ බලන්න.
ශානු අයියයී දුලාන් අයියයි එකම ගමේ. විමුයී මායිත් එකම ගමේ. මං බොක්ස් එකට ගිහින් මාරු සල්ලි කීපයක් දාලා කෝල් එකක් ගත්තා. එහෙන් සිංදුවක් ඇහෙනවා.
හෙලෝව්…
හෙලෝව්. ශානූ අයියේ මං
හරි හරි දන්නවා.
ශානු අයියා දැන් මගෙ කටහඩත් අදුරනවා.
දුලාන් අයියට කොහොමද අහන්න ගත්තේ.
දූලාන්ට මොකක්ද්ද කියන්න තියෙලූ ඔයාට
මට . .. ඉන්න විමූට දෙන්නම්.
දූලාන් අයියගෙ කතාව මට ඇල්ලුවෙ නෑ. මොකක් හරි අමුත්තක් තියෙයී. මං විමූට අඩ ගහලා දූලාන් අයියා කතා කරනවා කියලා දුන්නා. මං එතනින් ඈත් වුනේ දෙන්නට නිදහසේ කතා කරන්නට ඉඩ දීලා. ටිකකින් විමූ අමුතුම හිනාවක් මවාගෙන මං ළගට ආවා.
මේ වැඩේ හරි..
මෙන වැඩේද.
ඔබේ වැඩේ .
මොකක්ද්ද?
ශානූ අයියා උබෙන් අහන්න කිව්වා.
මොනාද?
මොනාද අහන්නෙ .ආදරේද කියලා..
ම්ම්ම්ම්ම්ම්ම්ම්
මගෙ හිතට කියන්න තරම් ලොකු සතුටක් ආවේ නෑ. මට දුලාන් අයියට කැමති වෙන්න බෑ සේන බාප්පා එයාටත් කරදර කරයී.
ඇයී ඔබ ම්ම්ම් ගාන්නෙ සතුටු නැද්ද.
නෑ..
ඇයී. මෙච්චර කල් පෙරුම් පිරුවනේ.
ආදරෙයී තමා. ඒත් මට ශානූ අයියට කරදරයක් වුනොත් දරා ගන්න බෑ . ඒකයී. බෑ කිව්වා කියහන්. දන්නවනේ සේන බාප්පගෙ හැටී.
මං කිසිම හැගීමක් නැතුව කියලා දැම්මා. වීමූත් ලොකු සුසුමක් හෙලුවා විතරයී මොකුත්ම කිව්වේ නෑ.
එදා ඉදන් ශානු අයියා එක්ක හිනා වුනේ වත් නෑ මම. ශානූ අයියාත් හිටියෙ හරිම අවුලෙන්. මගෙත් එක්ක කතා කරන්න අවස්ථාව හදා ගත්තත් මං මග හැරියා. නිර්මානී අක්කත් මගෙන් ඇහුවා ඇයී කියලා. මං කිව්වෙ සේන බාප්පා නිසා බයයි . ඒ කතාව ශානු අයියට නම් කියන්න එපා කියලා.
ඒ සතියේ බදාදා අපිට ගමේ එන්න සිද්ද වුනා. සීයට හොදටම අමාරුයී කියලා ආච්චි කෝල් කරපු නිසා. අපි එද්දි සෙනග පිරිලා ගෙදර. අම්මගෙ සහෝදර සහෝදරියොත් සේරම හිටියා. සීයට හොදටම අමාරුයී. කන්නේ බොන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඔහේ නිදාගෙන ඉන්නවා.
හැමෝම කිව්වා මටවත් කතා කරලා බලන්න කියලා. කවුරුත් කතා කලාට සීයා කතා කරන්නෙ නැති නිසා. ඉස්පිරිතාලෙන් කිව්වලූ දැන් ගොඩ ගන්න බෑ. එයා ඉල්ලන දෙයක් කන්න දීලා නිදහසේ ගෙදර ඉන්න දෙන්න කියලා.
තාත්තේ …….තාත්තේ ….. තා…ත්තේ.. කතා කරන්නකෝ මං සුදු දූ…
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….
හැමෝම හිතුවා වගේ සීයා මගෙ ත් එක්ක කතා කලා. වචනයක් වත් කතා නොකරපු සීයා මාත් එක්ක කතා කලා .එයා මට කොච්චර ආදරේද..
අනේ මගේ.. තාත්තේ අමාරුයිද?
හ්ම්ම්ම්ම්. හ්ම්ම්ම්ම්
මොනවද මගෙ තාත්තට ඕනී.
ඇ.හ්
මොනවද ඕනී
ව..ව..තු..ර…
ආච්චි මගෙ අත්ට වතුර එකකුයී හැන්දයී දුන්නා. මං හැන්දෙන් වතුර ටිකක් සීයට පෙව්වා.
තව දෙන්නද…
හ්..ම්
මං තව වතුර පෙව්වා.
තාත්තේ අපි ඉස්පිරිතාලේ යංද?
ඇ… හ්හ්
ඉස්පිරිතාලේ යමූ.
හාඅ… ය..ං..
හරි යමු තාත්තේ .මොකුත් වෙන්නෙ නෑ මගෙ තාත්තට. හොද වෙනවමයී.
මං සීයාගේ ඉහ ඉද්දර ඉදගෙන ඔලුව අත ගෑවා. මගෙ ඇස් වලින් කදුලූ බේරෙනවා අනේ දෙවියනේ මට ඉන්නෙ මගෙ තාත්තා විතරයී. එයත් මගෙන් ඈත් කරන්න එපා.
හැමෝම කලබල වෙලා වාහනයක් හොයන්න ගියා. මං සීයා ලගින් හෙල්ලුනේ වත් නෑ. හැන්දකින් කැද ටිකක් පෙව්වා. හැමෝම අඩනවා.
සීයා ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා. මැලවිලා ගිය මුහුනට අමාරුවෙන් හිනා වක් මැව්වෙ මං දිහා බලා ගෙන. ඒ හිනාවේ තිබුනෙ මට ඔයාව දාල යන්න බෑ දුවේ කියන හැගීම. මට ඒක හොදටම දැනුනා.
අපි යමු තාත්තෙ… මගෙ තාත්තට මොකුත් වෙන්නෙ නෑ.
මං සීයගෙ පපුවට ඔලුව තියා ගෙන ඇඩුවා.
වෑන් එකක් හොයාගෙන මාමලා ආවා. කට්ටිය සීයව ඉස්පිරිතාලෙට එක්ක ගියා.
ඊ ළග කොටසින් හමු වෙමූ.