……කදුලත් සැනසුමක්……..13

13. වන කොටස.

එදා හවස මං ඉක්මනින්ම කාමරයට වැදිලා දොර වහ ගත්තා. ඇදේ වැතිරිලා නිදහසේ සිහින ලෝකයක කිමිදුනා. ඇස් දෙක පියා ගෙන ශානූ අයියගෙ රූපය හිතේ මවා ගත්තා. අද හවස මගෙ දිහා බලන් හිටපු බැල්ලම මගෙ හිතේ ගැබුරෙම තැන්පත් වෙලා තිබුනා. මං ආයේ ආයේ ඒ රුව මවාගෙන කල්පනා කලා.
සේන බාප්පා බීලා කෑ ගහගෙන ගෙදර එන සද්දය ඇහිලා මගෙ සිහින සේරම බිදිලා ගියා.

කෝ අපේ ගෑනී … මං බිව්වා තමයී. මුං සේරම මාව බල්ලා කරන්න .. යන්නෙ.. කෝ තොපී… ඇරපිය දොර.
සේන බාප්පා දොරට පයින් ගහන්න ගත්තා.

තෝ මොකද කාමරේට රිංගගෙන. වර එලියට.
මං සද්දයක් නොකර අහගෙන හිටියා.

සුදු දූ….. වරෙන්කෝ එලොයට. මට ඔහොම කරන්න එපා කෙල්ලේ මට හරී හිත් වේදනයී. වරෙං… වරෙං
සේන බාප්පා ඒක කිව්වෙ දොරට හේත්තු වෙලා රහසින් වගෙ. මං ඒත් සද්ද නොකරම හිටියා. බාප්පා දොර ළගට වෙලා නොයෙක් දේවල් කිව්වා. කොල්ලන්ගෙ නම් පාවලා දීලා බැන්නා.

මොකද සේන ඔය කරන්නෙ..
අම්මාගෙ කට ඇහුනා කුස්සිය පැත්තෙන්. දොර හේත්තු වෙලා හිටිය සේන බාප්පා කලබලෙන් කුස්සියට දුවනවා මට ඇහුනා. අම්මා ගෙදර ඉදලා නෑ මනීෂා නංගිලාගෙ දිහාට ගිය චුට්ටට තමා සේන බාප්පා විකාරය කරලා තියෙන්නෙ. මං හිතන් හිටියේ අම්ම කුස්සියෙ ඉන්නවා කියලා. දෙන්න එක්ක ටිකක් වෙලා බැන ගත්තා. සේන බාප්පා බැන බැන එළියට බැහැලා යන්න ගියා. මොන එක කරත්, අතටම අහු උනත් සේන බාප්පා නෑමයී කියලා දිව්රලා කියනවා.ඒක තමා මට උහුලන්න බැරිම දේ.
කවදාවත් නැතුව මගෙ හිතට ලොකු ශක්ත්තියක් දැනුනා. මගෙ ඇහැට කදුලු බිංදුවක් වත් ආවේ නෑ. මං හිතා ගත්තා වෙනදෙයක් වෙන්න ශානූ අයියට කැමැත්ත දෙනවා කියලා.
මට දැන් එළී වෙනකන් ඉන්න බෑ. හෙට සෙනසුරාදා ක්ලාස් දවසනේ.. විමූට තීරනය කියලා ශානූ අයියට කෝල් කරලා තීරනය කියනවා කියලා හිතා ගත්තා. මට එළි වෙනකන් නින්ද ගියේ නෑ හිතේ තිබුන සතුට නිසාද කොහෙද. සැරින් සැරේට වෙලාව බලමින් කාලය ගෙව්වා.” ලෝකේ එකම තැන නැවතිලා වගේ” මට දැනුනේ ,එළිවෙන්නෙත් නෑ.
පාන්දර වෙනකොට නින්ද ගිහින් තිබුනා. පාන්දර 5ට විතර මට ඇහැරුනේ අම්මා විලාප තියලා අඩනවා ඇහිලා. මං දොර ඇරගෙන අම්මා ළගට ගියා අම්මා බිම ඉදගෙන අඩනවා.

ඇයී… අම්මේ..

අනේ පුතේ… ගියා…. එයා …. ගියා…

කවුද අම්මේ…

තා…..ත්……තා…..

අනේ මගෙ තාත්තා….
මං එච්චරමයී කිය වුනේ .සදහටම සීයා අපිව දාලා ගිහින් කියලා මට තේරුනා. මම එහෙන්මම ගල්වෙලා වගේ පැය භාගයක් විතර හිටියා. ඇස් දෙකෙන් කදුලූ කඩා හැලෙනවා . ඒත් හ්ම්ම්ම් කියලවත් සද්දයක් පිට වුනේ නෑ. කට්ටියම එවෙලේ ලැස්ති වෙලා ත්‍රීවීල් එකකින් ගමේ මහ ගෙදරට යන්න සූදානම.
යන්න හදද්දි මට ශානූ අයියව මතක් වුනා. මගෙ තාත්තාව අන්තිම වතාවට වත් පෙන්නන්න ඕනී කියලා මගෙ හිත කිව්වා. අම්මගෙ ඇඩීමත් ටිකක් තුරන් වෙලා තිබුන නිසා.

අම්මේ…

ම්ම්ම්ම්ම්ම්

නැන්දලටයී. මනීෂා නංගිලටයි කියලා යමූ නේද?. ඉස්කෝලට කියයිනේ මනිෂා නංගී.

හා. දූ එහෙනම් ටග් ගාලා මනීෂට කියලා එන්න මං නැන්දට කියලා එන්නම් . ත්‍රීවිල් එකත් ඇවිත් තියෙන්නෙ පරක්කු වෙන්න එපා.

හා අම්මේ…

මං මනීෂා නංගිලාගෙ ගෙදරට දුවන් ගියා. දොර තට්ටු නොකර පිටි පස්ස පැත්තෙන් ගෙට ගියා දොර ඇරලා තිබුන නිසා. මගෙ සුදු ඇදුමයී මූනයී දැක්කම වෙලා තියෙන දේ එයාලට තේරුනා. නැන්දේ මනීෂා නංගිට කියන්න විමූට පනිවිඩේ කියන්න කියලා. අන්තිමට එහෙම කියලා මං ආපහු ගෙදර ආවා. මං දන්නවනේ විමූට පනිවිඩය යනවා කියන්නෙ ශානූ අයියට කියනවා කියන එක.
අපි ගමේ මහ ගෙදරට ලං වෙද්දි සෙනග පිරිලා. ආච්චිත් කාමරේ මුල්ලකට වෙලා විලාප තියනවා. ආච්චී මාව දැක්ක ගමන් බදාගෙන අඩන්න ගත්තා. ඊට පස්සෙ ආච්චි කලාන්ත් වෙලා වැටෙන්න ගියා. කට්ටිය වට වෙලා ඇදක හාන්සි කලා.
දවල් දෙක විතර වෙනකොට සියා ගෙ මිනිය ගෙදරට ගෙනාවා. සීයාගෙ සේරම ළමයී ලතොනී දීලා ඇඩුවා. ආච්චි අම්මා මිනි පෙට්ටිය ඇරිනකොට ආයෙත් ක්ලාන්ත් වෙලා ඇද වැටුනා.
මළගේ කටයුතු සීයගේ පුතාලා දෙන්න මැදිහත් වෙලා හොදට කරගෙන ගියා. තවත් නැදැ නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා එන අයට තේ, බීම දෙන්න තිබුන නිසා අඩන්නවත් ,කල්පනා කරන්නවත්, නිදහසක් තිබුනේ නැහැ.
මිනිය දවස් තුනක් ගෙදර තියා ගත්තා. මං හැමදාම උදේට සුදු මල් මල අමුනලා සීයගෙ වටේට දැම්මා ඇත් දල දෙකේ එකක් ඇමිනුවා. ඒ වෙලාවට තමයී මට දුක හිතෙන්නෙ අයී මගෙ තාත්තා කවදාවත් මං ලගට එන්නෙ නැනේ කියලා.
මිනිය භූමී දානය කරපු දවසේ හැමෝම ගම දෙවනක් වෙන්න ඇඩුවා. ආච්චි අම්මාට කීප වතාවක්ම කලන්තේ හැදුනා. අන්තිමට මිනී පෙට්ටිය වලේ නිදන් කරලා., පළවෙනී පස් අහුර දානකොට තමයී,මට උහුල ගන්න බැරුව ගියේ. මං පස්සෙ ගොඩේ ඉදගෙන කෑ ගහ ගහ ඇඩුවා. කට්ටිය මාව එතනින් අයින් කරලා. පස්වලින් සීයව සදහටම හංගලා දැම්මා.
හත් දවසේ පිංකමත් හරිම ඉහලින් කලා. හිතා ගන්නවත් බැරී සෙනගක් මලගෙදරටයී, දානේ ගෙදරටයී සහභාගී වුනේ. සියා ගමේ කාටත් හොදින් සැලකුවා. උදව් උපකාර කලා ඒක නිසා යාලූ මිත්‍රයොත් ඕනී තරම් හිටියා. සීයගෙ අකාලේ සමු ගැනීම මුලු ගමටම ලොකු දුකක් වුනා.

************************************
අපි ආපහූ ගෙදර එන දවස උදා වුනා. කදුලූ පිස දමමින් මං ආච්චි අම්මටයී .ලොකු අම්මටයී වැන්දා.

අනේ… සුදු දූ… ඔයා මෙහෙ ඉන්න.
ආච්චි මාව තුරුල් කරන් ඇඩුවා. ලොකු අම්මා හිටියෙත් ඒ ගෙදර මයී. මහප්පා රට ලොකු අම්මගෙ එක පුතා එයාත් විවාහා වෙලා වෙනම ගෙදරක හිටියේ. ලොකු අම්මා තනියෙන් ඉන්න බැරී නිසා ආච්චි අම්මා එක්ක හිටියේ.
සියල්ලන්ට ම සමුදීලා අපි ගෙදර ආවා. ගම ටිකක් දුර නිසා ඉස්කෝලේ කවුරුත්ම මළ ගෙදර ආවේ නැහැ. ශානූ අයියලා ආවෙත් නැහැ. ශානූ අයියට මගෙ තාත්තව දකින්න තිබුන එකම අවස්ථාවත් නැති වුන එක ගැන මට දුක් වුනා.

ඊ ළග කොටසින් හමූ වෙමු.😥😥😥😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *