….. කදුලත් සැනසුමක්…….17
17. වන කොටස.
මං ගෙට ගොඩ වුනේ හරිම බයෙන් ,ගෙදරට එන්නත් කලින් සේරම අම්මලට ආරංචි වෙලා ඇතී කියලා. අම්මගෙ හැසිරීමෙන් නම් දැනුනේ මුකුත් වෙලා නැති බවක්. ඒත් මං ඉක්මනට නැන්දලාගේ ගෙදර ගියා.
ඒදා දවස මං ගෙවා ගත්තේ හරිම බයෙන්, කොයි වෙලාවේ රංඩුවක් ඇති වෙයිද කියලා. ඒත් ඒ හමුවීම කාටවත්ම ආරංචි වෙලා තිබුනේ නෑ.ඒක නිසා හිතට ලොකු සැනසීමක් දැනුනා. ආයෙ නම් එහෙම හමුවෙන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. මට බය මං ගැන නෙමේ ශානූ අයියා ගැනයී, සේන බාප්පා කරදරයක් කරයී කියලා.
*************************************
ශානූ අයියව දකින්න ඕනී ,නිසා මං උදේම ඉස්කෝලේ යන්න පුරුදු වුනා. හැමදාම වගේ මං බුදුමැදුර ළගට වෙලා පෙරමග බලන් හිටියා. දැං ඉස්කෝලේ ගොඩක් අය අපේ ආදර කතාව දන්නවා. දැං ඒක ඉස්කෝලේ ප්රසිද්ධ රහසක් වෙලා. ගයේෂාටත් ආරංචි වෙලා තිබුනා. එයානම් හිටියේ ටිකක් ඊර්ෂියාවෙන් ,මට ඒක හොදටම තේරුනා. ශානූ අයියා එක්ක පැනලා කතා කලත් ,මගෙත් එක්ක කතා කරන එක එයා අත් ඇරියා. මොකද ගයේෂාගෙ හිතේ ශානූ අයියා හිටියා. වෙලාවකට ගයේෂා මට පේන්නම ශානූ අයියා ළග ඉදගෙන කතා කරනවා. මට ටිකක් කේන්ති යනවා ඒවා දැක්කම නම් ,ඒත් මං විශ්වාස කරනවා ශානූ අයියා මාව රවට්ටන්නෙ නැති බව.
මං සුපුරුදු විදිහටම බුදු මැදුර ළග මග බලාගෙන හිටියා. බස් එක ආවත් ශානූ අයියලා ආවේ නෑ. විමූ විතරක් ඈතින් එනවා මං දැක්කා.
තෙරුවන් සරණයී යාලුවනේ..
විමූ එහෙම කිව්වේ මාත් එක්ක හිටිය අනිත් යාලූවන්ටත් එක්කම. යාලුවොත් පෙරලා තෙරුවන් සරණයි කිව්වා.
තෙරුවන් සරණයී. කෝ බං දුලාන් අයියලා..
අනේ මංදා බස් එකේ ආවේ නෑ.
අසනීපයක්ද්ද දන්නෙ නෑ.
දෙන්නටම එකපාර.
විමුගෙ මූනත් මැලවිලා ගිහින්. අපි තවත් ටිකක් වෙලා එතන බලං ඉදලා කාලාස් එකට ආවා.
ඒ බං උබලා කොහෙද හිටියේ මං හැම තැනම හෙව්වා.
දයාන් අපි ළගට එමින් කිව්වා. පංතියේ කටකාරම කොල්ලා මතකනේ. කටකාර වුනාට හරිම හිත හොද යාලුවා.
ඇයී බං ..
උබලට පණිවිඩයක් අරන් ආවා ම… ම්ම්ම්ම්.. ඒ..ක. හැපී.. නිව්ස් එකක්ක්..
මොකක්ද්ද කියහංකෝ අගේ නොකර..
හරී මට මොනවද දෙන්නෙ කියපල්ලා.
දයාන් කතාව අගේ කරනවා. විමූට නං දැං ඉවසීමක් නෑ.
කියහංකෝ.
බෑ . මොනාද දෙන්නෙ කියහල්ලා.
උබට ඕනී දෙයක් දෙන්නම් කියහංකෝ.
මට නම් මොකූ…ත් එපා. ආන් දෙන්නට එන්න කිව්වා. අයියලා..
කොහෙටද?
අපි දෙන්නගෙ මූනු වලට හිනාවක් මැවුනා ඒක ඇහෙනකොටම.
ආ…ව් ආ…ව් දෙන්නගෙ හිනාව. පොඩි පංති පැත්තට. ආන් දෙන්නා මග බලං ඉන්නවා.
අපි දෙන්නා හනිකට පොඩි පංතී තියෙන පැත්තට ගියා. දෙන්න එකේ පංතියෙ පොඩී ඩෙක්ස් වල ඉදගෙන ඉන්නවා. අපි දෙන්නත් පංතිය ඇතුලට ගියා.
ශානූ අයියේ මේ අපේ මල්ලිගෙ පංතියනේ.
ඉතිං මොකො මගෙ මස්සිනා පොඩ්ඩනේ.
ඔයාට නම් ජෝක්. ගෙදර ගිහින් කියාවී.
එයා පිට්ටනියෙ සෙල්ලම් කරනවනේ. අනික එයාට තේරෙන එකක් නෑ මේවා.
අනේ ඒත් බයයී.
හරී හරී දවසම තියා ගන්න අඩගැහුවේ නෑ. ටක් ගාලා යවන්නම්.
මූනට හිනාවක් ආවත් මගෙ හිතට නං බයයී. ශානූ අයියා දන්නෙ නෑනේ සේන බාප්පගෙ හැටී.
මං නිකමට දුලාන් අයියලා ඉන්න පැත්ත බැලුවා. දෙන්නම ඩෙක්ස් එකක වාඩී වෙලා, අතින් අල්ලගෙන, බර කතාවක.
හා හා.. එහෙ බලන්න එපා.
ශානූ අයියා එහෙම කියද්දි මං ගැස්සිලා ගියා. ශානූ අයියා හිටියේ ඩෙක්ස් එකේ ඉදගෙන මං හිටියේ ටිකක් ඈති හිටගෙන.
මේ මේ ඔබලා මගෙ කෙල්ලව නරක් කරන්න එපා . ඈ…
ශානූ අයියා කෑ ගහද්දී මගෙ මූන තවත් රතු වුනා. දූලාන් අයියට හිනා. එයා විමූගෙ කරට අතක් දාලා තුරුල් කර ගන්න ගමන්.
අපි දිහාවත් බලලා හැදියල්ලා.
හා හා ඔබලා පාඩුවේ ඉදහල්ලකෝ..
ශානූ අයියා එහෙම කියලා මං දිහා බැලුවා. මං අහක බලා ගත්තා . ශානූ අයියා මගෙන් සේන බාප්පා ගැන ඇහුවා. එයාට මොකක් හැරී දැනිලද මන්දා ඒ ගැන හාර හාර ඇහුවා. මං කිව්වෙ මගෙ තාත්තා නෙමෙයී, බීලා ඇවිත් හැමදාම රංඩු කරනවා කියලා විතරයී.
අක්කේ……
එවෙලෙම අපේ චූටී මල්ලි පංති කාමරයට ඇවිත් දොර ළග නතර වුනා. මං ඇස් ලොකු කරගෙන මල්ලී දිහා බැලුවා. හොද වෙලාවට මං ශානු අයියගෙ කිට්ටුවෙ නොහිටියේ.
අනේ චූටී මල්ලී ..ඔයාලගෙ අක්කා ඔයාව බලන්න ඇවිත්.
ශානූ අයියා ඇගට නොදැනී කිව්වා.
ඇයී අක්කේ. ..
නිකන් එන්න හිතුනා මල්ලියො.
මල්ලි ආපූ නිසා විමුත් මං ලගට ඇවිත් හිටියේ. අපි දෙන්නා මල්ලිට යන්නම් කියලා, අපේ පංතියට ආවා.
චූටී මල්ලී දොළහට ගෙදර යනවනේ, අම්මා එක්ක මොනවා කියාවිද දන්නෙ නෑ. දවසම මගෙ හිතේ වැඩ කලේ ඒක. මං ඉස්කොලේ ඇරිලා ගෙදර ගියේ මොනවා වෙයිද කියලා කල්පනා කරමින්. චූටි මල්ලී මං දැක්ක ගමන් මං ලගට දුවන් ආවා.
අක්කේ අක්කේ….
මොකද පොඩ්ඩෝ..
අර අයියා…
ස්………
මං මල්ලිගෙ කට වහමින් වට පිට බැලුවේ, අම්මා කෝ කියලා.
අම්මා නෑ .. අක්කේ..
ඇයී කොහෙ ගිහින්ද .
මනීෂා අක්කලාගේ දිහා ගිහින්… මේ අර අයියා..
ඉතිං ..
මර ටොපි කන්න කියලා සල්ලී දුන්නා..
ම්ම්ම් කෑවද ඉතිං..
ඕ… යාලුවෝ එක්ක කෑවා.
දැන් ඕක අම්මටත් කිව්වද.
පිස්සුද හලෝ.. එහෙම කියන්නෙ නෑ.
ඇයී..?
මං දන්නවනේ..
මොනාද?
හැබැයී ඕන්. මට පාට් දැම්මොත් අම්මට කියනවා….
අනේ අනේ පංඩිතයා….
මං හිනා වෙමින් මල්ලිගේ ඔලුව අත ගාලා ගෙට ගියා. විශ්වාස කරන්නත් බෑ . චුටී මල්ලි හොදටම පැහිලා. දැන් තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ. මල්ලි කොහොමත් සේන බාප්පට, එයාගේ තාත්තට ආස නෑ, නිතරම රංඩු කරන නිසා. සේන බාප්පා මට ගහන නිසා එයා තවත් තාත්තා එක්ක තරහයී…
ඊ ළග කොටසින් හමූ වෙමූ. —