….. කදුලත් සැනසුමක්…..19
19. වන කොටස.
එදා මං මග බලාගෙන හිටියෙත් නෑ. ශානූ අයියව පුලුවන් තරම් මගහරින්න හිතාගෙන පංතියට වෙලා හිටියා. මට හිතා ගන්න අමාරුයී ශානූ අයියා මොන විදිහට මේ දේ තේරුම් ගනීවිද කියලා. පංතියෙ මට පුරුදු හුදකලා ස්ථානය, පහල වෙල්යාය පේන තැනට වෙලා මං කල්පනා කලා.
තෙරුවන් සරණයී සුදු මැණික…..
ඒ කට ඇහුනේ ඇත්තටමද කියලා මං ඇස් ලොකු කරලා බැලුවා. මං පුදුමයෙන් බලන් හිටියා.
කෝ ඇයී බය වෙලා වගේ.
තෙරුවන් සරනයී ශානූ අයියේ. …
ඔයා හිතුවද මේ වගෙ දේකදී මං ඔයාව තනි කරයී කියලා. ඔයාව අවිශ්වාස කරයී කියලා. ඔයා හිතනවා වැඩී සුදු මැනික.
එයා ආයෙත් සුදු මැනික කියද්දී මං පුදුමයෙන් බැලුවා. මේ තරම් ආදරයක්. “මේ තරම් දුක් විදින කෙල්ලෙකුට ඔය ආදරේ දරා ගන්න බැ අයියේ “මං හිතිං මොහෙහී කලා.
ඒත් ශානූ අයියේ..
හෝව් හෝව්.. දැං ඒවා මතක් කරන්නවත් ඕනී නෑ. හැමදාම නැන්දලාගේ ගෙදර ඉන්න. ගෙදර ඉන්න්ම එපා. අනේ සුදු මැනික ඔයා හුගක් පරිස්සම් වෙන්න.
මං නැන්දලෑ දිහා තමා ඉන්නෙ වැඩියෙම.
හුගක් පරිස්සම් වෙන්න. මගෙ සුදු මැනික. හ්ම්ම් මේක ගන්න.
ශානූ අයියා මට අත මිටමොලවලා දික් කලා.
මොකක්ද්ද.?
ගන්නකෝ. අරන්ම බලන්න .
මං අත පෑවා එයා මගෙ අල්ල උඩින් ලිව්ම තියලා අත ගත්තා මං ඉක්මනටම ගවුම් සාක්කුවට දා ගත්තා.
වැඩි වෙලාවක් යන්න කලින් ශානූ අයියගෙ යාලුවෝ ටික එතනට ඇව්ත් ,විහිලූ කරන්න පටන් ගත්තා. අපිට කතා කරන්න දුන්නෙම නෑ.
මං හිස් පීරියක් එකක් එනකන් බළන් හිටියේ ලිව්ම කියවන්න. මට ලිව්ම ගෙදර ගෙනියන්න බය හිතුන නිසා ඉස්කෝලෙදිම කියවන්නයී මං උත්සහ කරන්නෙ. දවල් කෑම විවේකෙන් පස්සෙ මට අවස්ථාක් ලැබුනා. විමූට වට පිටාව ගැන හෝදිසියෙන් ඉන්න කියලා මං ලිව්ම කියෙව්වා. පළවෙනී පෙම් හසුන කියවලත් අඩන්නයී සිද්ධ වුනේ. මගෙ කතාව, මං ඉන්න තැන දැන ගෙන ශානු අයියා හුගක් බයෙන් දුකෙන් ඉන්න බව මට ඒකෙන් තේරුනා. වැඩිපුරම ලියාලා තිබුනේ.” මගෙ සුදු මැනික පරිස්සම් වෙන්න “
කියන එක විතරයී.ශානූ අයියා අම්මා ගැනත් කේන්තියෙන් ලියලා තිබුනා.
කාලය හරී ඉක්මනින් ඉගිල්ලිලා ගියා. දෙවෙනී වාර විභාගයත් පැවැත්තුනා. වාර විභාගෙ නම් ඒ හැටි අමාරුවක් තිබුනේ නැ. අපි 11 වසරේ නිසා සර්ලා ටීචර්ලා, අපේ ප්‍රශ්න පත්‍ර ඉක්මනින් බලල ලකුනු කිව්වා . ශානූ අයියලට අපේ පංතියේ බහුවරන ප්‍රශ්න පත්‍ර බලන්න දීලා. සමහර පේපර් වල ලකුනූ අඩුයී කියලා මට හොදටම දොස් කිව්වා. එයා නිසා ඉගෙන ගන්න තියෙන උනන්දුව අඩු වෙලාලූ.
අපිට නිතර කතා කරන්න නොලැබෙන නිසා, හැමදාම වගේ ලිව්මක් ලියන්න පුරුදු වෙලා හිටියේ. ආයී ලිවුම් ලියන්නත් එපා කියලා ශානූ අයියා මට දොස් කිව්වා. පාඩම් කරන වෙලාවට වෙන දේවල් කල්පනා කරන්න එපාලූ . මං මේ තරම් වත් හිත සැහැල්ලු කරන් ඉන්නෙ කා නිසාද කියලා එයා දන්නෙ නෑ. මං හිතිං දොස් කිව්වත් වචනයක් වත් නොකියා ,කියපු දේවල් පිලි ගත්තා.
නිවාඩුවට කලින් ගුරුදෙගුරු රැස්වීමක් තිබ්බා. ඒකෙදී අපේ ඉගනීම් තත්වය ගැන දෙමාපියෝ එක්ක කතා කලා. මගෙ ලකුනූ තත්වය ගිය වාරයටත් වඩා හොද වෙලා තිබුනා. සමස්ථ ලකුනූ වලින් මං පංතියේ 3 වෙනියා වෙලා තිබුනා. හැම ටීචර්ම ,සර්ම මං ගැන හොද කිව්වා. ඉස්කෝලේ අමතර වැඩ වලට සහභාගී වීම ගැන එයාලා සතුටු වුනා. එදා නම් අම්මටත් හුගක් සතුටුයී, මං දැක්කා අම්මා කීපවතාවක්ම ලේන්සුවෙන් කදුලූ හංග ගන්නවා. අම්මා මට එන ගමන් කිව්වෙ, ” කොහොම හරී හොදට ඉගෙන ගන්න සුදු දු” කියලා
************************************
අගෝස්තූ පාසල් නිවාඩුව, මං ගෙදර හිටියේ හරිම පාලුවෙන්.. හොද වෙලාවට නිවාඩු කාලෙ නිසා ක්ලාස් සතියෙ දවස් වලත් දාලා තිබුනා. නිතරම වගේ නැන්දලාගේ ගෙදරත් ගියා. ඒත් වැඩක් නෑ සිතාරා අක්කට හැමදාම වගේ ක්ලාස්.එයා නැතුවම මට නැන්දලාගේ ගෙදර ඉන්නත් කම්මැලී.
මනීෂා නංගිලාගේ මල්ලී සරුංගල් අරින්න අපේ ගෙදරට ආවා. අපේ චූටී මල්ලි අඩනවනේ එන්න කියලා. ඉතිං මාත් එයාලා එක්ක සරුංගල් යැව්වා. අපේ ගේ වටේ ගස් තිබුනේ නෑ. රබර් තිබිලා ගේ හදන්න කලින් ගලවලා දැම්මා. ඒක නිසා සරුංගල් අරින්න නියම තැන. නිවාඩු කාලේ හුගක් වෙලාවට කලේ සරුගල් අරින එක. හැමදාම වගේ සරුංගල් කඩන් යනවා අපි එතකොට අකුල් අස්සෙ රිංගගෙන කටු ඇනගෙන සරුංගලේ හොයන්න යනවා. ඇයී ගස්වල පැටලිලා තියෙන හුල් එකතු කරගන්නත් පුලුවන්නෙ. පහල වෙලේ ඉදන් යවන සරුංගල් කඩන් ගියාම අපි ඉන්න හරියට වැටෙනවා. අපි කරන්නෙ කට්ටිය එන්න කලින් සරුංගලේ හංගලා නොදන්න ගානට ඉන්න එක. හවසට වෙන පාටකින් අලවලා අපි ඒ සරුංගල් උඩ අරිනවා.
ඉස්සර අහල පහල ලමයී එක්ක එකතුවෙලා දවසම වගේ සෙල්ලම් කරනවා. ඒත් දැන් සේන බාප්පගෙ වැඩ නිසා ඒ ළමයී අපේ ගෙදර එනවට එයාලගේ අම්මලා තාත්තලා කැමතී නෑ.
දවසක් අපිට උදේම ක්ලාස් තිබුනා. එදා විෂයන් දෙකකට ක්ලාස්, පැය හතරක් . මං විෂයන් තුනකට විතරයී ක්ලාස් ගියේ. විමුයී මමයී ක්ලාස් එක ලගට යනකොට ක්ලාස් එක තියෙන ගෙදර කවුරුත්ම නෑ. මං ගිහින් බෙල් එක ගැහුවම ගෙදර වැඩට ඉන්න කෙනා එලියට ආවා. අද ක්ලාස් තියන්න වෙන්නෙ නෑ කිව්වලූ ,එයාලගේ නැදෑකෙනෙක් ගෙ මල ගෙයක් වෙලාලූ. අපි දෙන්නා ඒ ආරංචියත් එක්ක ක්ලාස් එකෙන් එලියට ආවේ හරි සතුටින්.
ශදියෝ… අපි අද පොඩී වැඩක් කරමුද?
මොකක්ද්ද.
ශානූ අයියලා ගෙන්න ගමූ
මට නං බයයී බං ගෙදෙට්ට ආරංචී වෙයී.
අනේ ඉස්කෝලේ නිවාඩු දුන්නට පස්සෙම ,තාම දැක්කෙත් නෑ.
අපි කියලා බල්මුකෝ එහෙනම් එයාලට.
හිතේ කැමැත්තටත් වඩා බය වැඩී නිසා මං තීරනයක් ගන්න බැරිව ලත වුනා.” උණූ හිංදා බොන්නත් බෑ, කිරි හිංදා අහක දාන්නත් බෑ” දෙන්නා පුරුදු විදිහට ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් එකක් ගත්තා.
අනේ විමූ පෝන් එක වැඩ නෑ.
ආයී අරං බලහන්කෝ….
ඊ ළග කොටසින් හමු වෙමූ…