….. කදුලත් සැනසුමක්……..20

20. වන කොටස.

මං කිහිප වතාවක්ම උත්සහ කලා. ඒත් පෝන් එක වැඩකරන්නෙ නෑ.

අනේ වැඩ කරන්නෙ නෑ බං..

තව එකපාරක් බලපං
මං ආයෙත් උත්සහ කලා. ඒ පාර රිග්ස් යනවා.

හරි හරී වැඩ..
විමු සතුටින් උඩ පැන්නා. මං කතා කරලා පනිවිඩය කිව්වා. හම්බෙන තැන එයාලා හිතලා බලන්නම් කියලා . අපි දෙන්නට කොහොම හරී එයාලා එනකන් ඉන්න කිව්වා. විමුයී මායී එහෙට මෙහෙට ඇවිදිමින් කාලය ගෙවලා දැම්මා. පැය භාගයක් යද්දී ශානූ අයියලා බයික් එකේ ආවා. බයික් එක කඩයකට දාලා අපි ඉන්න තැනට ආවා. මං නම් දැන් හොදටම බයවෙලා. එවෙලෙම අපේ ටවුන් එකට නෙමෙයී අනිත් පැත්තේ ටවුන් එකට යන බස් එකක් ආවා.

නගින්න නගින්න…
බස් එකෙ සෙනග කිටි කිටියට. ඊ ළග බස් එකේ යන්න හිටියොත් වෙලාවට ගෙදර එන්න වෙන්නෙ නෑ. මොකද බසෙක ටවුන් එකට යන්න පැය දෙකක් වත් යනවා. ආපහු එන්නත් පැය දෙකක් ඕනිනේ. සෙනග අතරින් රිංලා ගියේ අන්තිම සිට් එක පැත්තට. හතර දෙනාටම ඉද ගන්න පුලුවන්නෙ. ටික දුරක් යද්දී බස් එකේ සෙනග අඩු වුනා. විමුයී දුලාන් අයියයී නම් ඉදගෙන. කොහොම හරි ගමනින් කාලක් විතර යද්දී අපි හතර දෙනාටම එක සීට් එකේ ඉද ගන්න ලැබුනා.
ඒ බස් එකේ යන්න බයක් දැනුනේ නැ. ඒ පැත්තට අපි වැඩිය යන්නෙත් නෑ ,කවුරුත් අපිව අදුරන්නෙ නැහැ. අපි අගිය තොරතුරු කතා කරමින් ටවුන් එකටම ගියා. දූලාන් අයියයී විමුයි එකට තුරුල් වෙලා බරටම කතාව. සේරම සෙනග බැස්සා අපි බැස්සෙ නෑ, අපි ඒ බස් එකේම ආපහු එන්නයී හැදුවේ.
ශානූ අයියා කඩයට ගිහින් කට්ටියටම කන්න දේවල් අරන් ආවා. අපි දෙන්නා දැන් අන්තිම සීට් එකේ එක කෙලවරක , විමූලා අනිත් කෙලවරේ. විමූට නම් මං ඉන්නවද කියලත් අමතකයී.
බස් එකේ තාම සෙනගත් නෑ. මං විමූලා දිහා බලනවා දැකලා ශානූ අයියා මට විහිලූ කලා.

මොනවද බලන්නේ සුදු මැනික.

නිකන් බැලුවේ….
මං ජනෙල් කවුලුවෙන් පිටත බලා ගන්න ගමන් කිව්වා.

ඔයත් ආසයිද එයාලා වගේ යන්න.

නෑ.

ඇයී තරහින්ද? සුදු මැනික.

අනේ නෑ ශානූ අයියේ..

මං කැමතී නැ කාටවත් පේන්න එහෙම ළං වෙලා ඉන්න. ඒක ඔයාට හොද නැ. ඔයාට තේරෙනවනෙ.

මට එහෙම ඉන්න ඕනී නෑ ශානූ අයියේ . ඔයා එක්ක කතා කරන්න තිබුනම මට ඇතී.

හ්ම්ම්ම් මගෙ සුදු මැනිකට හොදටම පිස්සු.

ඇයී..
මං හිනා වෙමින් එයා දිහා බැලුවා. දිලිසෙන ඇස් දෙක මං දිහාම බලන් ඉන්නවා.

මං කැමතී සුදු මනික තුරුලු කරන් ඉන්න. ඔයා අකමැති කිසිම දෙයක් මං කරන්නෙ නෑ. අතින් අල්ල ගන්නද?
පුදුම කෙනෙක් තමා අතින් අල්ලන්නත් මගෙන් අහනවා. මං මොකුත් නොකියා බිම බලා ගත්තේ ,තවත් ඒ නෙත් දිහා බලන් ඉන්න බැරුව.

අකමැති නෑ නේද ,සුදු මැනික.
ශානු අයියගෙ අතගිලි මගෙ අතගිලි අතරට ගියා. එයාහෙ අත හුගක් උනුසුම්. ජීවිතේ මුල්ම වතාවට ප්‍රේම වන්තයෙක් අතින් ඇල්ලුව අවස්තාව. විදිල්ලක් කෙටුව වගෙ මගෙ ඇගම හිරී වැටිලා ගියා. ශානූ අයියා එයාගෙ අත්ලෙන් මගෙ අත මිරිකලා අල්ල ගත්තා.

මොකද සුදු මැනික සද්ද නැත්තේ..

ම්ම්ම්ම්ම්ම්..

ඕන් මං අහලා අල්ල ගත්තේ. හරිද.
ශානූ අයියා තවත් මගෙ හිතේ ලැජ්ජව වැඩි කරනවා. ඊට පස්සෙ ශානූ අයියා එයාගෙ අතක් මගෙ කරවටේ දාලා එයා මාව ළගට කර ගත්තා. පුදුම උනුසුමක් ශානු අයියා ලග තිබුනේ. මං ඇස් පියාගෙන එයාගේ උරහිසට ඔලුව තියාගෙන උනුසුම හිතින් විද ගත්තා. සියලූ දේ සුලු මොහොතයී. බස් එකට සෙනග එන්න පටන් ගත්තා. ශානූ අයියා ටක් ගලා එයාගෙ තුරුල්ලෙන් මාව මිදෙව්වා.
බස් එක ආපහු එන්න පිටත් වුනා. මං ජනෙල් කවුලුවෙන් ඉවත බලාගෙන් ඒ සිදුවීම් සේරම එකින් එක හිතින් විද ගත්තා.

මොනවද සුදු මැනික ඔය තරම් හිතන්නෙ. පාර දෙපැත්තේ සෙනග බලන්නද මාත් එක්ක ආවේ.

ම්ම්ම්ම්ම්ම්

කට නැතිද දැන්
මගෙ උකුල උඩ තිබුන අත අරන් ශානූ අයියා මිරිකලා අල්ල ගත්තා. කාටවත් පේන්නට හොද නෑ කියලා මගෙ පොත් බෑග් එකෙන් අත දෙක වැහුවා.මට හිනත් ගියා පිස්සු වැඩ දැකලා. බහින තැනට එනකන් ම අත් අල්ලගෙන ආවේ ඒ විදිහට..” ඇත්තටම ශානූ අයියට පිස්සූ” මං තනියෙන් කල්පනා කලා. එයා මං ගැන හුගාක් හිතනවා .
මං දවස් කීපයක්ම යනකන් ගෙදර හිටියෙ බයෙන් කොහෙන් හරී ආරංචී වෙලා ඇද්ද කියලා. ඒත් කොහෙදෝ තිබුන පිනකට ඒක ගෙදරට ආරංචි වුනේ නෑ.
**************************************
අහන්බෙන් දවසක මට ගෙදර ඉන්න සිද්ද වුනා. නිදා ගන්න එකත් අවුලක්නෙ මං පොත් ටික දිගෑරගෙන අතපසු වුන නෝට් එකක් ලියන්න ගත්තා. හෙට ක්ලාස් දවසක් නිසා ශානූ අයියා දකින්න හරි ඒවිනේ කියලා ,එතකොට දෙන්න ලිව්මක් ලියන්න හිතුවා. පොත් අස්සේ හංග ගෙන වට පිට විනසිල්ලෙන් මං ලිව්ම ලිව්වා. ලියලා කොලේ කඩලා පොඩි වෙන්න නැමුවා.

පොඩ්ඩක් මේ දොර අරිනවා සුද්දී…. තෝ හොදට නිදී බැල්ලී හොර ලිව්ම් ලියනවා……

එ සද්දේ ඇහෙත්ම මගෙ ඇග පිච්චිලා ගියා. මට කර ගන්න දෙයක් මතක් වුනෙත් නැ. මගෙ හදවත ඩිහ් ඩිග් ගාන සද්දය මටම ඇහෙනවා. මං ටක් ගාලා ලිවුම කටේ දා ගත්තා. ඉරන්නත් වෙලාවක් නෑ නේ. හැපුවට හැපෙන්නෙත් නැහැ. අම්මා ඇදෙන් බැහැලා ඇවිත් බලෙන්ම උදුරලා ලිව්ම ගත්තා. මං ඉවරයී. අම්මා එක්ක පොර කන්නත් බෑ, ඒ වෙනකොටත් මට කම්බුල් පාරවල් කීපයක් ලැබිලා තිබුනේ. එහෙන්මම පුටුවට වාරූ වුනා. බයටම මගෙ ඇග පණ නෑ වගේ ගැහෙනවා.

සුද්දී ඇරපන් දොර..
අම්මා දොර අරිනවත් එක්කම සේන බාප්පා කාමරයට ඇවිදින් ලිව්ම අම්මගෙ අතින් උදුර ගත්තා. ඒකත් අරන් කෙලින්ම පැන්නෙ මට ගහන්න. කොහෙන් ආව හයියක්ද්ද මංදා කවදාවත් නැතුව එදා මං ගුටි කාගෙන හිටියේ නැ. මට ගහද්දී මාත් ගහගෙන ගහගෙන ගියා. ලග තිබුනූ බෝතල් ,මල් පෝච්චී ,ඒවයිනුත් මං ඌට දමලා ගැහුවා.

තොට අයිතියක් නෑ බල්ලො. මට ගහන්න. තෝ මගෙ කවුද. මගෙ අම්මා මාව මැරුවත් කමක් නෑ. තවත් තොගෙන් නම් මං ගුටි කයී කියලා හිතන්න එපා.

බනිමින් මං පහර දුන්නා. අම්මා මැද්දට පැනලා දෙන්නගෙ පොරේ නවත් වන්න උත්සහ කලා. අම්මගෙනුත් ගුටි හම්බුනේ මට.

නවත්තපං කෙල්ලෙ තොට පුලුවන්ද මිනිස්සු එක්ක ගහ ගන්න.
අන්තිමට සේන බාප්පා අම්මව ඇදලා තල්ලු කලා. අම්මා විසික් වෙලා ගිහින් බිත්තියෙ ඔලුව වැදුනා. අම්මට එතනම සිහි නැති වුනා. අහල පහළ කට්ටියත් ඇවිත් හිටියේ සද්දෙ නිසා. මං කෑගහගෙන අම්මා ළගට පැන්නා. සේන බාප්පා මට බැන බැන අල්මාරියේ වීදුරුවට මොකකින්ද දමලා ගැහුවා. වීදුරුව සල සලාන් ගාලා බිම වැටුනා. ටීවී ,රේඩියෝ, කුස්සියෙ බඩු සේරම පොලවේ ගහලා චප්ප කරලා දැම්මා. පස්සෙ කට්ටිය අමාරුවෙන් සෙන බාප්පව අල්ල ගත්තා. මනීෂ නංගිලාගේ අම්මා එහෙම අම්මට වතුර ඉහලා සිහිය ගත්තා. ලේ ටික හෝදලා බේත් ටිකක් දැම්මා . දැං හැමෝම දන්නවා මේ රංඩුව ඇති වුනේ මං නිසා කියලා. හැමෝම මං දිහා බැලුවේ අමුතුම තාලෙකට. සේරටම සේන බාප්පා හොද වුනා. හැමෝම හිතුවේ දරූ සෙනෙහසින් මේම වියරූ වැටුනා කියලා.
සේන බාප්පා බොරුවට අඩ අඩා මට බැනලා අනිත් අයගෙ අනුකම්පාව දිනා ගත්තා. මං බල්ලා කියලා කතා කරන්නෙ කියලත් හැමෝටම කිව්වා. කවුරුත්ම ඉතුරු වුනේ නැ මගෙ පැත්තට කතා කරන්න. හැමෝම මට දොස් කිව්වා.
මං ඇදට යන්න හදන කොට මගෙ කකුලේ අල්මාරියෙන් වැටුනු කණ්ණාඩී කෑල්ලකට කකුල කැපුනා. මං එහෙන්මම ඇදේ ඉද ගෙන අමාරුවෙන් වීදුරූ කටුව ගලවලා දැම්මා. කකුලෙන් ලේ ගලනවා. අතෙත් ලේ. මගෙ ඇදුමක් එතන තිබුනා. ඒකෙන් අත පිහදාගෙන කකුලේ ලේ එන තැන වැහෙන්න ගැට ගැහුවා. මං ඇදේ මුල්ලට වෙලා ඉදගෙන ඉකි ගගහා ඇඩුවා. සේන බාප්පා එක්ක පොර කාලා මගෙ ඇගම රිදෙනවා. අම්මගෙන් ගුටිකාලා මූනත් ඉදිමිලා. එහෙන් කකුල රිදෙනවා. හැමදේටම වඩා හිත රිදෙනවා .හැමදාම වගේ අදත් මට ඉතුරු මං විතරයී.
එදා රැ කවුරුත්ම නිදා ගත්තේ නෑ. පාන්දර අම්මයී, සේන බාප්පයී මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. මට ඒවට උත්තර නොදී ඉන්න බැරී වුනා. සේන බාප්පා ශානූ අයියව මරනවා කියලා දිවුර දිවුර කිව්වා. මගෙ මුලු ආත්මයම ඒ වචනයත් එක්ක අලුවෙලා ගියා.
සේන බාප්පා හැසිරුනේ තමන්ගේ අඹුව තව මිනිහෙක් එක්ක ඉදලා අහු වෙලා වගේ. පහුවදා උදේම නියනක් ඉනේ ගහගෙන.” අද ඕකව මරන්නෙ මේකෙන් ඇනලා” කියලා පිට වෙලා ගියා.
බයෙනුත් වේදනාවෙනුත් සිය දහස් වාරයක් පිච්චෙමින් ඇදටම වෙලා දවල් රෑ නොබලා ඇඩුවා.
මට තියෙන එකම බය ශානු අයියට මොනවා කරයිද කියලා.

ඊ ළග කොටසින් හමු වෙමූ😢😢😭😭

යාලුවනේ හෙට මට ලියන්න වෙන්නෙ නෑ. ඒකයී දවස් දෙකට කොටස් පහක් දැම්මේ හොදේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *