…. කදුලත් සැනසුමක්……21
21. වන කොටස.
පැත්තකට වි ඇඩීම හැර කල හැකි දෙයක් තිබුනේ නෑ. ශානු අයියාගේ ජීවිතයට මොකුත් අනතුර ඇති කරන්න එපා කියලා සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලපු එක විතරයී කලේ.
දහවල් එකළහ විතර වන විට මට ටිකක් නින්ද ගිහින් තිබුනා. තුන් වේලක් නිරාහාර මගෙ ඇගත් අප්රානික වෙලා. ඒත් මං එලියටවත් ආවේ නෑ. අම්මා උදේ කීප වතාවක්ම දොස් පැවරුවා . මං හැමදේම අහගෙන අඩන එකයී ,හූල්ලන එකයී විතරයී කලේ . සේන බාප්පා කාත් එක්කද කතා කරන සද්දයක් ඇහිලා මං ගැස්සිලා ඇහැරුනා.
නැගිටපන් නැගිටලා වරෙන් එළියට. ආන් උබේ මාමණ්ඩී ඇවිත්.
සේන බාප්පා ඒක කිව්වේ මගෙ ඉහ ඉද්දරට ඇවිත් ,රහසින් වගේ. මං ඒත් නිහඩවම හිටියා. ශානූ අයියලාගේ තාත්තා නම් මට මොකුත් කිව්වෙ නෑහැ. සේන බාප්පා මට එලියට එන්න කියලා කෑගහද්දී ශානූ අයියලාගේ තාත්තා කිව්වේ.” ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න. දුවේ ඔය දේවල් අමතක කරලා හොදට ඉගෙන ගන්න, පස්සෙ මේවා කරන්න පුලුවන්නෙ” කියලා.
එයාලගෙ කතා බහෙන් තේරුනා සේන බාප්පා ශානු අයියගේ තාත්තව අදුරනවා කියලා. දෙන්න කලින් එක තැන රස්සාව කරලා තියේ, දෙන්නා යාලුවෝ.
සේන බාප්පා මට ආයෙත් බනින්න පටන් ගත්තේ, ඒ මාමා ගියාට පස්සෙ. ” උන් හෙන දුප්පත් මොකුත්ම නැ .” මං දන්නෙ නෑ ශානූ අයියාලා දුප්පත්ද , පොහොසත්ද කියන්න. අනික ඉතිං අපිත් පෝසත් අය නෙමේනේ. සේන බාප්පා මව ආයී ඉස්කෝලේවත් , ක්ලාස් වත් යන්න දෙන්නෙත් නැ කියලා බැන්නා. මට කොහොමත් එදා ක්ලාස් එකට යන්න දුන්නෙත් නෑ,
එදා ඉදන් ප්රශ්නතවත් වැඩි වුනා. සේන බාප්පා ඒක ප්රයෝජනයට අරන් මාව බය කර ගන්න හැදනවා. ඒත් මං බුරුලක් දුන්නෙම නෑ.
සුද්දී අද උබේ බෑනා එනවා කිව්වා.
මොන බෑනෙක්ද..
ඇයී උබේ ලොකු කෙල්ලගෙ මිනිහා.
පිස්සු නොකියා ඉන්නවා ඕයී .
මං තවම ඇදෙන් බැස්සෙත් නෑ. දවල්ට කන්න කිව්වෙත් කෑවේත් නෑ. ඉස්කූලෙයී, ක්ලාසුයී යන්න දෙන්නේ නෑ කියන්නේ ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. ඒත් ඉතිං මොනවා කරන්නද ඉවසනවා ඇරෙන්න.
නෑ බලපන්කෝ ..මං ඒකට කතා කලා .එනවා කිව්වේ මෙහේ. ආවම බලමුකෝ මොකද කියන්නෙ කියලා.
සේන බාප්පා කේන්තියෙන් කිව්වා. හවස් වෙද්දී ශානූ අයියා එන බව චූටී මල්ලී මට කිව්වා. මට දැන් බයෙ බෑ , මොනවා වෙයිද කියලා.මං කියන සේරටම කන් දීගෙන හිටියා.
ඇයී එන්න කිව්වේ.
මේක නවත්තන්න කියන්න. මොකක් ද දැන් මේකට කරන්නේ.
මොනා කරන්නද .
මේ සම්බන්දය නවත්තන්න වෙනවා.
බෑ.. ඔයාට පුලුවන් දෙයක් කරන්න . මං නවත්වන්නෙ නැ මේක.
හා කරං ගිහින් බලහන්කෝ උබට වෙන දේ
හා බලමුකෝ.
ශානූ අයියා ටිකකින් යන්න ගියා . සේන බාප්පා මොනවා කිව්වත්, ශානූ අයියා නවත්වන්නෙ නෑම කිව්වා. බාප්ප්ට තවත් කේන්තී. අපි දෙන්නා යාලු වෙලා මාස තුනයී. ඒ වුනාට ශානූ අයියා හුගක් ආදරෙ කලා, විශ්වාස කලා ඒ බව මට හොදට තේරුම් ගියා.
හවස අම්මා බයින නිසාම කෑම ටිකක් කන්න සිද්ද වුනා. කාලා බලා ගත්තූ අත බලන් කල්පනා කරනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. අදිර වැටීගෙන එනවා, සේන බාප්පා ආයෙත් මගෙන් ප්රශ්න කරන්න පටන් ගත්තා
සුදු දූ.. දැන් තීරනයක් ගත්තද.
නෑ….
සම්බන්දෙ නවත්වනව නේද?
නැ..
ඇයී.
බැරී නිසා.
ඇයී නවත්වන්න බැරි සේරම කරන් ඉවරද? ඈ
අනේ මේ බල්ලෝ. උබ වගේ නෙමේ මං
මට අරංචී වුනා. කවුද උබව බිත්තියට හේත්තු කරන් හිටියා කියලා.
ඔව් ඉතින් ඔබට මොකද ?සේරම කරා තමා .උබට මොකද?
මං කේන්තියට කිව්වා.
ආ එහෙමද? තොට ඕනී මිනිහෙක්නේ . ඉගෙන ගන්න ඕනී නෑනේ, බන්දලා දෙන්න තමා වෙන්නෙ.
මට උබට වගේ හදිස්සියක්න්නෑ .. යකෝ..
දෙන්න එක්ක වාද වුනා . කිව්ව වුදිහටම මාව ක්ලාස් ඇරියේ නැ. අගොස්තූ නිවඩුවත් ඉවර විගෙන එනවා. මට තියෙන බය ආයී මට ඉසකෝලේ යන්න දෙන එකකුත් නෑ කියලා.
අගොස්තූ අග අපි ගමේ ආවා . සීයත් නැති වෙලා මාස තුනයී. අපි තුන මාසේ දානේ කටයුතු හොදින් කරගෙන ගියා .සේන බාප්පා සිද්ද වුන දේ සියලු නෑදෑයනට කියලා එයා අනුකම්පාව දිනා ගත්තා . දැන් ඔක්කොමලා හිතන්නෙ මගෙ වැරද්ද කියලා විතරයී .
ඊ ලග කොටසින් හමු වෙමූ…