….. කදුලත් සැනසුමක්…..22

22. වන කොටස.

හවස් වාරුවක මං මල්ලිගේ ඔංචිල්ලාවේ වාඩී වෙලා ඈතක ඇස් රදවාගෙන හිටියා. කීපදෙනෙක් කතා බහ කරමින් එන සද්දයක් ඇහිලා මං පාර දිහා බැලුවා. ශානූ අයියගෙ අම්මයී, තාත්තයී, නංගී ඈතින් එනවා. මං එයාලා එනවා දැක්ක ගමන් ගේ ඇතුලට ගිහින් හැංගුනා. ඇදේ මුල්ලට වෙන්න ඉදගෙන එයාලා කියන දේ අහන් හිටියා.
හෙට ඉස්කෝලේ පටන් ගන්න නිසයී එයාලා ඇවිත් තිබුනේ. අපේ සම්බන්දය ගෙදරට අහු වුනාට ඉස්කොලේ අය දන්නෙ නැහැනේ. මේ කතාව ඉස්කෝලේ කාටවත්ම දැන ගන්න තියන්න එපා කියන්නයි එයාලා ඇවිත් තිබුනේ. ඒකෙන් දෙන්නගෙම ඉගනීමට ප්‍රශ්නයක් වේවී කියලා. අනිත් එක ශානූ අයියා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා නිසා මේ ප්‍රශ්නය ඉස්කෝලෙට ගියොත් ලොකු අවුලක් වෙනවා. ටිකක් වෙලා කතා කරලා එයාලා යන්න ගියා.
අම්මා බයින්න ගත්තා. මං සද්ද නැතුව හිටියේ තවත් කේන්තිය වැඩි කරන්න බැරී නිසා. සේන බාප්පට විස්‍තරය කිව්වා. එයා පරල වෙලා කෑ ගැහුවා. කොහොම හරී කාලය ගෙවිලා ගියා පලවෙනී සතියම මාව ඉස්කෝලේ යැව්වේ නෑ. මං දවාලක් රැයක් නැතුව ඇඩුවා. ඒ දේවල් අතරෙත් බාප්පගේ නරක හැසරීම් වල නම් අඩුවක් තිබුනේ නෑ. එයා හිතුවේ මේ හේතුව නිසා මාව බය කර ගන්න පුලුවන් වෙයී කියලා. ඉස්කෝලේ දවස් පහක් පාඩු වුනා ,සිකුරාදා රෑ සේන බාප්පා මගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න ගත්තා.

මොකක්ද්ද දැන් තීරනය .හැමදාම ගේ අස්සටම වෙලා ඉන්නවද.

ඔයාලගෙ කැමැත්තක්..

ඇයී දැං ඉස්කෝලේ ගියා ඇතිද? කසාදයක් කර ගන්නනේ ඕනේ.

මට නම් එහෙම උවමනාවක් නෑ.

ඕක නවත්වන්න බැයි නම්, ඉස්කෝලේවත් පංති වත් යවන්නෙ නෑ.

ලෝකෙන්ම ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාලූ වුන කෙල්ල මං වගේනේ ඔයාලගෙ කතාව.

කටවහපන් එකට එක නොකියා .
අම්මා කතාව මැද්දට පැන්නා.

අම්මා කියන්නෙ මෙයා කියන කරන සේරම වැඩ හරී කියලද. සදහටම මං ගේක හිර කරන් හිටියත්. ඔය සමහරුන්ට ඕනී ඒවා නම් සිද්ධ වෙන්නෙ නෑ.

ඉස්සරලා ඉගෙන ගෙන හිටහන් ඔය කොල්ලව මරවන්නෙ නැතුව.
අම්මා එහෙම කිව්වම මට ශානූ අයිය ගැන බයක් දැනුනා. අන්තිමට මං ශානූ අයියගෙන් ඈත් වෙන්න කැමති වුනා. ගොඩක් නීතී රීතී ගොඩකුත් එක්ක ඉස්කෝලේ යන්න ලැබුනා. ඒත් ශානූ අයියා එක්ක මොකක් හරී සම්බන්දයක් අහු වුනොත් ශානූ අයියට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයී කිව්වා. ක්ලාස් යන්න දුන්නෙත් අම්මා එක්ක එක්ක , තනියෙන් ගෙදරින් පිටට යන්නවත් දුන්නෙ නෑ. රෑට පාඩම් කරන එකත් තහනම් කලා, මං පාඩම් කරනවා නම් අම්මත් ඇහැරලා ඉන්න ඕනී කියලා කිව්වා.
ඉස්කෝල් යන්න පටන් ගත්ත දවසේ හැමෝම ඇහුවා මං ඉස්කෝලේ ආවේ නැත්තේ ඇයී කියලා. මං බොරූ හේතුවක් කිව්වා. මං උදෙන්ම විමූ එක්ක නිදහ්සේ කතා කරන්න ක්‍රමයක් හෙව්වා. අපු දෙන්නා උදේ රැස්වීමට කලින් අරලිය ගස් පේලිය තියෙන පැත්තට ගියා. මට වුන හැමදේම මං වීමූට කිව්වෙ අඩමින්.

හරී ශදී අඩන්න එපා. අපි දැන් මොකද කරන්නෙ.

අනේ මංදා

ඔබ ශානූ අයියගෙන් ඈත් වෙනවද.

වෙන කරන්න දෙයක් නෑ.

ඔබට පුලුවන්ද එහෙම කරන්න. ශානූ අයිය කොච්චර අවුලෙන්ද ඉන්නෙ කියලා උබ දන්නවද.

මට හිතා ගන්න පුලුවන්. මං කොච්චර අ..වු..ලින්ද කියලා.. ඔබට තේරෙන්නෙ නැද්ද..

හරී බං ඒත් ඕකට විසදුම ශානූ අයියා අත් අරින එක නෙමෙයී. ඔය කෑගැහුවට ඔබලගේ බාප්පට කරන්න පුලුවන් දෙයක් නෑ.

ඒ..ත්.. මට.. බ.යයී.. බං.. මං .. නිසා. ශානූ අයියට.. කරදරයක් වුනොත්… ඒක.. මට ඉව..සන්න.. බෑ.

අඩන්න එපා බං. බය වෙන්න එපා ආයී හුගක් පරිස්සමින් ඉමූ.

එහෙම කරන්න බෑ බං. සේන බාප්පා බොන එකෙක් නිසා මොනා කරයිද කියලා විශ්වාස කරන්න බෑ. අර පහල ගෙදර කොල්ලෙක් ඉන්නවා දහයේ .වුගෙන් තමා ශානූ අයියා ගැන සේරම විස්තර අහන් තියෙන්නෙ . උන් සේරම කේලම් කියාවී..

අනේ බං උබ ශානූ අයියව අත් අරින්න එපා. දුලාන් අයියා කිව්වා. ශානූ අයියා දැනටත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ කියලා..

මටත් ශානූ අයියා අත් අරින්න බෑ. මං එයාට හැමදාමත් ආදරෙයී. ඒකයී මං ඈත් වෙන්නෙ. මට ලං වෙන අයට දුකම විතරයී.
අපී දෙන්න වාද කර කර හිටිය නිසා ශානූ අයියා අපි ළගට එන එක දැක්කෙ නෑ. මං ඉක්මනින් දෑගිලී වලින් කදුලු පිස ගත්තා

ශදී නංගියෝ. ඔයා හොදින් නේද .ඇයී අඩන්නෙ.. ඔයාට හුගක් වද දෙන්න ඇති අර බාප්පා .

නෑ ශානූ අයියේ… මං හොදින්..

ඇයී අඩන්නේ..

අඩන්නෙ නෑ ශානූ අයියේ. ඒත් ඔයා මගෙ ජීවිතෙන් ඇත් වෙන්න. මගෙ එක්ක කතා කරන්න වත්, බලන්නවත් එපා. මට ඔයාගෙන් ඈත් වෙන්න වෙනවා මෙහෙ උත්තූකාරයෝ ඉන්නවා.
එහෙම කියලා මං එතනින් පිට වුනේ හී සැරයක් වගේ. පංතියට ඇවිත් මං ආපහූ බැලුවා. ශානූ අයියා දුකින් බිම බලාගෙන විමූ කියන දේ අහගෙන ඉන්නවා. විමූ මොනවාදෝ කියවලා පංතියට ආවා. මං ඔලුව ඩෙක්ස් එකේ ඔබාගෙන අඩනවා. උදේ රැස්වීමටවත් නොයා මං පංතියට වෙලා, හිත හදා ගන්න උත්සහා කලා.
පළවෙනී පීරියඩ් එක පංතී භාර ටීචර්ට තිබුනේ. එයා පංතියට ඇවිත් සේරම ළමයින්ට තෙරුවන් සරනයී කියලා ගුරු පුටුවේ ඉදගෙන රෙජිස්ටර් එක ලකුනූ කරන්න ගත්තා. පුදුමේ කියන්නෙ මං සතියක්ම ඉස්කෝලේ ආවේ නැති වුනත් ,මගෙ නොපැනීමට හේතූ ඇහුවෙ නැ.

විමංශා ඔයා ගයේෂලගේ කන්ඩායමට යන්න. නිමේෂා ඉස්සරහට එන්න.
ටීචර් එහෙම කියද්දී හැමෝම පුදුම වුනා. විමූයී මායී පොඩී කාලේ ඉදන් යාලුවෝ. එයාව මගෙ ළගින් යවන්නෙ ඇයී කියලා ,කටවත්ම හිතා ගන්න බෑ.

ඒත් ඇයී ටීචර්..

විමංශා ප්‍රශ්න කරන්න එපා. කිව්ව දේ කරන්න.
විමූ එයාගෙ ඩෙක්ස් එකත් අරන් ගයේෂා ලගට ගියා. මට මොනා කරන්නද හිතා ගන්නවත් වෙලාවක් නෑ.

ශදීෂා. ඔයා කල්පනාවෙන් ඉගෙන ගන්න. අමතර දේවල් ගැන හිතන් නැතුව. ළගදී ඉදන් ඔයාගේ ඉගෙන ගැනීමේ උනන්දුව අඩු වෙලා. තේරුනාද.
ගිය වාර විභාගේ ලකුනූ කවදටත් වඩා හොද වෙලත් ටීචර් මෙහෙම කියන්නෙ ඇයී කියලා මං කල්පනා කලා.
ටික දවසක් ගෙවෙන කොට මට දැන ගන්න ලැබුනා. සේන බාප්පා පංතී භාර ටීචර්ට සේරම කියලා බව. තව ගයේෂත් අපි ගැන ටීචර්ට කියලා තිබුනා. ටිකෙන් ටික ටීචර්ලා අතර ආරංච්චිය පැතිර ගියා.

ඊ ලග කොටසින් හමු වෙමූ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *