…. කදුලත් සැනසුමක්…..28

28. වන කොටස.

ඔය ළමයී මොකද විභාගේ ඉවර වෙලා ගෙදර නොගියේ. එකොළහා වසරේ සේරම ගෙදර ගිහින්නේ.

ඒක තමා සර්.. මේ ගොල්ලෝ ඉස්කොලේ හිටියෙත් නෑ. අර කොල්ලෝ දෙන්නා එක්ක කොහෙ හරි යන්න ඇති.
අපිට උත්තර දෙන්න ඉඩ නොදී ලොකු සරුයි ටීචර්ලයී දොස් කියන්න ගත්තා.

ඇයි සද්ද නැත්තේ ඔය ළමයී කොහෙද හිටියෙ.

සර් අපි නිශාන්ත සර් එක්කනේ හිටියේ. බොරුනම් සර්ගෙන් අහන්නකෝ.
මං උත්තර දුන්නෙ නිශාන්ත සර් දිහා බලමින්.

මේ ඔය ළමයා තවත් බොරු කියන්න ලැහැත්ති වෙන්න එපා. ලැජ්ජාවක් නෑ ඉස්කෝලේ නමත් කනවා.
අපේ පංති භාර ටීචර් මට ඇගිල්ල දික් කරලම කිව්වා. නිශාන්ත සර් සද්ද නෑ ,මොකුත් නොදන්න ගානට ඉන්නවා. ලොකු සර් එක්ක කටගහන් යන්න බැරි නිසා නිහඩව හිටියා. ටීචර්ලා සර්ලා අපිට දොස් කියලා ආයී ඉස්කෝලේ ඒම තහනම් කලා. වට පිටාවේ ළමයිනුයී ,කඩවල් වල ඉන්න සෙනගයි මැජික් වගේ බලන් ඉන්නවා.
තව විභාගයට සතිය නිසා අපි ආයී ඉස්කෝලේ ගියෙ නෑ. ගෙදරට කිව්වා ඉස්කෝලේ එනවා නම් එන්න නැත්තම් ගෙදරට වෙලා පාඩම් කරන්න කිව්වා කියලා. ඒත් පස්සෙ ගෙදරට සිද්දිය ආරංචි වෙලා තිබුනා. අම්මා මට හොදටම බැන්නා”රෙද්දක් ඇදන් ආයී ඉස්කෝලේ යන්න පුලුවන්ද “කියලා . මං කිව්වා ” මට කරන්න දෙයක් නෑ අපි කොහොවත් ගියේ නැ නිශාන්ත සර් එක්ක හිටියේ “කියලා.
නිශාන්ත සර් එහෙම කලේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ. එයා ටිකක් අමුතු විදියක් උගන්වන්නෙත් නැ, ඕපදූප හොයනවා විතරයී.
ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ අපි දෙන්නම ඉස්කෝලේ ගියා. අපි හිතුවේ ටීචර්ලා අපිට බනිවී කියලා, කට්ටිය මොකුත් නොවුනූ තාලෙට හිටියා. ශානූ අයියා කොහොම හරී මාව හම්බෙන්න අවස්තාවක් හදා ගත්තා.

සුදු මැනික .

ශානූ අයියේ.
අපි අරලිය ගස් පේලිය ළග ඉන්නකොට ශානූ අයියා අපි ළගට ආවා. නිවාඩු දෙන දවස නිසා ළමයි සේරම නිදැල්ලෙ හිටියේ. සමහර පංති වල සාද පැවැතුනා. අපේ පංතියෙත් හවස සාදයක් ලැහැත්ති කරලා තිබුනා.

අදින් පස්සෙ අපි ආයී හම්බෙන එකක් නෑ නේද සුදු මැනික.

ඔව් මාව ගෙයින් එළියට වත් එවන එකක් නෑ.

ඔයා ගමේ යන්න.

අනේ මංදා යන්න දෙන එකක් නෑ. යන්න තමා හිතාන ඉන්නේ.

මං ඔයාට තෑග්ගක් ගෙනාවා. බර්ද්ඩේ එකත් ලගයිනේ. අපිට එදාට හම්බෙන්න වෙන්නෙත් නෑනේ.

මොනාද?

පැක් කරලා ගෙනාවෙ නෑ . ඔයාට තියා ගන්නත් අමාරුයිනේ.

ඒකට කමක් නෑ.

අද බස් එකේ යන්න ඉන්න. බස් එකේදී දෙන්නම් සුදු මැනික.
ශානු අයියා ටිකක් වෙලා මං ළගට වෙලා ඉදලා පිට වෙලා ගියා. හවස ළමයි සේරම කැදවලා ලොකු සර් රැස්වීමක් තිබ්බා. රැස්වීම වෙලාවේ කිප වතාවක්ම මං ශානූ අයියා දිහා බැලුවා. එයාගෙ මුහුනේ සිනහව තිබුනත්, ඇස් වල දුක ගැබ් වෙලා තිබුනා. අපි දෙන්නම දන්නෙ නෑ ,අපිට ආයී කවද හම්බෙන්න ලැබෙයිද කියලා.
ශානූ අයියා බස් එකේදී සෙනග අතරින් තෙරපොලා ඇවිත් ලේන්සුවක ඔතපු පොඩි තෑග්ග මගෙ අතේ තිබ්බා. “හුගක් පරිස්සමින් තියා ගන්න අපිට වෙන ක්‍රමයක් නෑ ” ශානූ අයියා හුගක් දුකින් එහෙම කියලා සෙනග අතරින් ඉස්සරහට ගියා.
මං ගෙදර එනකොට කවුරුත්ම හිටියේ නෑ. මං හිමින් සැරේ ලෙන්සුව දිගහැරලා බැලුවා. දෙවියනේ පෝන් එකක්. සතුටට වඩා දැනුනේ බයක් දැන් කොහොමද මේක තියා ගන්නෙ කියලා. මං ඉක්මනටම පෝන් එක බැලුවා. ඒ වෙනකොටත් මැසේජ් එකක් ඇවිත් තිබුනා

” සුදු මැනික .. හුගක් පරිස්සමින් තියා ගන්න. ඔයා යන තැනක අරන් යන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයී සුදු මැනික. ඔයත් හුගක් පරිස්සම් වෙන්න. කවුරුත්ම නැති වෙලාවක් බලලා මැසේජ් එකක් දාන්න. මං බලන් ඉන්නවා.”
මට ශානූ අයියා ගැන හුගක් දුක හිතුනා. මං ඉක්මනටම පෝන් එක මේස ලාච්චුවෙ හැංගුවා.
සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුනා. විභාගය දවස් ටික නම් සාමදානව ගෙවිලා ගියා. සේන බාප්පා බීලා ඇවිත් පොඩි සද්දයක් දැම්මා. අම්මා බැන්න නිසා සද්ද නැතුව හිටියා.
**************************************
සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දවස මං ගෙදර ආවේ හුගක් දුකින්. දැං ඉතිං ගෙටම කොටු වෙලා ඉන්න වෙයිනේ කියලා. ඒත් ශානූ අයියා මට පෝන් එකක් දුන්න නිසා මගෙ හිතට පොඩි සැනසීමක් තිබුනා.
විභාගෙත් ඉවර නිසා අම්මයී චූටී මල්ලි එක්ක නැන්දලාගේ ගෙදර ගියා. අද සේරමලා ගෙදර ,චූටී බාප්පත් ගෙදර හිටියා. සිතාරා අක්කා හොරෙන්ම මගෙ පෝන් එක ඉල්ලගෙන කාමරේට ගියා. මං සාලේ සැටියේ ඉදගෙන ටීවී බලමින් හිටියා. හැමෝම මගෙන් විභාගය ගැන ඇහුවා.
සේන බාප්පා එතකොටම නැන්දලාගේ ගෙදරට ආවා. ටිකක් වෙලා කැරකී කැරකි ඉදලා එයාගේ පෝන් එකත් අරන් මගෙ ළග තිබුන පුටුවෙන් ඉද ගත්තා. කෝල් එකක් අරන් ස්පීකර දැන්මා.

කට්ටියම අහගන්න දෝනීඇන්දගේ වැඩ.
සේන බාප්පා එහෙම කියද්දී මගෙ ඇගම පොච්චිලා ගියේ මේ කොල් කරන්නෙ ශානු අයියටද කියලා. සිතාරා අක්කත් එළියට ආවා , චූටී බාප්පත් සෙටියෙ ඉදගෙන හිටියේ.

හෙලෝව්..

හෙලෝව්..

කවුද මේ..

අදුරන්න බැයිද බං මං ශානු අයියා.
සේන බාප්පා ශානූ අයියා වගෙ මගෙ යාලුවෙක්ට කොල් කරන්නෙ . ආපු කේන්තියට මට බෙල්ල මිරිකන්න හිතුනා. මං අමාරුවෙන් කේන්තිය ඉවසන් හිටියා.

අනේ ශානු අයියා කොහෙන්ද ඔයාට අපේ ගෙදර නම්බරේ.

ශදීගෙන් ඉල්ල ගත්තේ. මේ ඒක නෙමේ උදව්වක් කරන්න බැයිද? .

මොකක්ද්ද ? ඔනී උදව්වක් දෙන්නම් කියන්නකෝ.

උබ දන්නවනේ දැන් අපිට හම්බෙන්න විදිහක් නෑ කියලා. දවසක ශදී මායි ඔයාලා ගේ ගෙදර එන්නද. ඔයාලගෙ ගෙදර දවල්ට කවුරුත් නෑනේ.

හානේ .. එන්න ඉතිං.

හරි තෑන්ක්ස් ඈ උදව්වට. බුදු සරණයී .පස්සේ කතා කරන්නම්කෝ.

හරී බුදු සරනයී ශදී මතක් කලා කියන්න..
සේන බාප්පා පෝන් එක සාක්කුවෙ දාගෙන මං දිහා බැලුවා.

දැං උබ මොකද කියන්නේ…..

ඊ ළග කොටසින් හමු වෙමූ. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *