….. කදුලත් සැනසුමක්…30

30. වන කොටස.

කාලය තප්පර, විනාඩි, පැය, සති වෙලා ගෙවිලා ගියා. ශානූ අයියගෙ හඩවත් අහන්න නැති මං හිත යටින් හඩා වැටුනා. ආච්චි අම්මා නිතරම ශානූ අයියා ගැන ඇහුවා .ඒත් එයත් කැමැත්තක් නෑ. චූටි මාමාත් නිතර මාව බලලා යන්න ආවා. ඇවිත් අවවාද කරලා ගියා.
චූටි මාමා මගෙ තනියට එයාගෙ පුතාව නිතර අපේ මහ ගෙදර එව්වා. මාව ගෙදරින් පිටට නොයැව්වට මං ගැන නිතරම හොයලා බැලුවා. මදූ මල්ලි ඉගෙන ගත්තෙ දහය වසරේ. මං එයා එක්ක ශානු ගැන සේරම විස්තර කිව්වා. මදූ මල්ලි මට උදව් කරන්නම් කිව්වා.

**************************************

කාලය ගෙවා ගන්නත් ඕනී නිසා මදූ මල්ලි මායී වගාවක් පටන් ගත්තා. අපේ ගම හරිම ලස්සන තැනක් පොඩි කාලේ ඉදන්ම මං මගෙ ගමට හුගාක් ඇලුම් කලා. මොකද මං අවුරුදු දහයක් වෙනකන් ජීවත් වුනේ එහෙ. ඒ මගෙ ජීවිතේ ලස්සනම ලස්සනම කාලය. ආච්චි අම්මයී, සීයයි එක්ක හුරතලේට ගෙවුන ඒ ජීවිතේට මං හුගක් ආදරය කලා.
අපේ මහ ගේ ගාව වත්ත මායිමේ දොල පාරක් තිබුනා. මං යංතම් ඇවිදින වයසෙ ඉදන් ඒ දොළේ කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියේ. නිවාඩුවට ගමේ ආවත් මගෙ වැඩේ දොලට යන එක තමා. මදූ මල්ලි මායී දොළ අයිනේ පාත්තී කීපයක් හැදුවා. ඒ පාත්ති වල මෑ දබල වගෙ දේවල් පැල කලා. උදෙන්ම ගිහින් වැඩ පටන් ගත්තම , දවල්ට දොලේ පැනලා සෙල්ලම් කලා. අවුරුදු දාසයක් වුනත්, ගමට ආදා ඉදන් මං ජීවත් වුනේ පුංචි කිරිල්ලියක් වගේ හරිම සැහැල්ලුවෙන්. මදූ මල්ලි නිතරම මාත් එක්ක හිටියා. හවසට දොලෙන් ඇදලා පැල වලට වතුර දැම්මා.
මට නිතර ශානූ අයියව මතක් වුනා. ඒ පාලුව මැකිලා ගියේ දවසම වගාවට කාලය යොදවපු නිසයී,මදූ මල්ලි නිසයී. මං ගමට ඇවිත් මාසෙකටත් වඩා ගෙවිලා. දැන් ශානූ අයියා මොනවා හිතනවා ඇද්ද. චූටි මාමට තිබුන බය නිසා මට මොකුත් කරන්න විදිහක් තිබුනේ නෑ.
සේන බාප්පා ගම පැත්ත පලාතටවත් ආවේ නෑ .මං හිතුවේ ගමටත් ඇවිත් කරදර කරවී කියලා. ඒත් සේන බාප්පා චූටි මාමට බයයී. අම්මව බදින්න මහ ගෙදරට එන කාලේ. චූටි මාමා අකැමැති වෙලා තිබුනා. ඒක නිසා චූටී මාමා සේන බාප්පට ගහලත් තිබුනා.

අක්කෙ අක්කේ

ඇයි මදූ මල්ලි
මදු මල්ලි මගෙ ළගට දුවන් ආවේ හදිස්සියෙන්. මං පාත්ති ටික ලග ඉදගෙන කල්පනා කරමින් හිටියේ.

මේ ආච්චි අම්මා කඩේ ගියා. ලොකු අම්මත් නිදී.

ඉතිං..

ඉතිං කියන්නෙ. පෝන් එක මේසේ උඩ දාලා ගිහින්.

අනේ අහුවෙයිද .

මං එනවද බලන්නම් ඉක්මනට එනවකෝ..
මං ඉක්මනට කාමරයට ගිහින් පෝන් එක අරන් ශානූ අයියට කෝල් එකක් ගත්තා. බයට මගෙ අතත් වෙව්ලනවා. හදවත ගැහෙන සද්දය එලියට ඇහෙනවා.

හෙලෝව්…
ශානූ අයියගෙ කටහඩ. මට මුලු ලෝකෙම අමතක වුනා.

හෙලෝව් කවුද මේ…

හෙලෝව්

සුදු මැනික..

ශානූ අයියේ ඔයා මාව අදුර ගත්තා නේද?

මට ඔයාගෙ කට හඩ අමතක වෙන්නෙ නෑ රත්තරනේ. කොහොමද කෝල් එක ගත්තේ. කාගෙද පෝන් එක. සිතාර අක්කා සේරම විස්තරය කිව්වා. පෝන් එකත් දුන්නා එයා ක්ලාස් යන කොට ඇවිත්.

සුදු අම්මගෙ අයියේ. මට බයයි. හොරෙන් ගත්තේ.

මං බලන් හිටියේ ඔයා කොයි වෙලේද කතා කරන්නෙ කියලා.

චූටී මාමා කිව්වා පෝන් එක අල්ලලා අහු වෙන්න එපා….

අක්කේ අක්කේ.. සුදු අම්මා එනවා.
මදූ මල්ලි කැ ගහන් ගෙට එද්දී මං පෝන් එක විසික් කරලා කාමරෙන් එලියට පැන ගත්තා. අපි දෙන්නා ම මගෙ කාමරයට වෙලා පත්තරයක් දිගහැර ගත්තා.

සුදු දූ මොකද කරන්නෙ.

සුදු අම්මෙ අපි මෙහෙ පත්තරයක් බලනවෝ..
මට බයටම කියවුනා. ශානූ අයියට සේරම විස්තරය කියා ගන්න බැරි වුන නිසා ආයෙත් ඒ නම්බර් එකට කෝල් ගනීවී කියලා මං හොදටම බය වුනා. ඒ එක්කම ආච්චි අම්මගෙ පෝන් එකට කෝල් එකක් ආවා. “දෙවියනේ ශානූ අයියද” මට ඉබේටම කිය වුනා.
අපි දෙන්නා හැහුකම් දිගෙන හිටියා. කතා කලේ චූටී මාමා. ඊට පස්සේ සතියකට වතාවක් විතර මං ආමාරුවෙන් වෙලාව හදාගෙන ශානු අයියා එක්ක වචන කීපයක් කතා කලා.
හදිස්සියෙම දවසක් අපේ ගෙදරට මගෙ ගමේ ඉස්කෝලේ පහ වසරේ යාලුවෙක් ආවා. විස්තර කතා කරද්දි යාලුවා කිව්වා එයා ඉංග්‍රීසී පාඨමාලාවක් කරනවා කියලා. මටත් ඒ පාඨමාලාව කර කැමැත්තක් ඇති වුනා. යාලුවා ගියාට පස්සෙ මං ආච්චි අම්මට යෝජනාව දාලා බැලුවා. ආච්චී අම්මා කිව්වේ “චූටී මාමාට කියලා බලන්න “කියලා. එදා හවස චූටී මාමා මදූ මල්ලිව එක්ක යන්න ආවා.

චූටී පුතේ සුදු දූට මොකක්ද්ද කියන්න තියෙලූ.
ආච්චි අම්මා එහෙම කියද්දී චූටී මං දිහා බලුවා. මං හිටියේ කාමරේ උලුඅස්සට වාරූ වෙලා බිම බලාගෙන.

මොකක්ද්ද සුදු දූ.

මේ… මේ.. අද මගෙ පොඩි කාලේ යාලුවෙක් ආවා. එයා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවලු. මටත් එකට යන්න හිතුනා .

හ්ම්ම්ම්ම් නිකන් ඉන්න එකේ ඒකත් හොදයී. හරි අම්මට කිව්වද.

තාම නෑ .

අම්මාට කියන්නකෝ. කවුද ඔය යාලුවා. අර සුමනෙගේ දුවද.

ඔව් ඔව්.

හරි සුදු අම්මා එක්ක ගිහින් විස්තර අහන් එන්නකෝ.
මට දිනේ කියන්නකෝ මං එන්නම් පංතියට භාර දෙන්න.
මගෙ හිතට ආපු සතුට කියලා නිම කර ගන්න බෑ. චූටී මාමා මන් හිතන් හිටියටත් වඩා හුගක් හොදයී. ඒත් ශානූ අයියට මේ සතුටු ආරංචිය කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
මගෙ බලාපොරොත්තුව ඉටු කරමින් චූටී මාමා මාව ක්ලාස් එකට භාර දුන්නා.දැන් මට සතියට දෙපාරක් නගරයට යන්න අවස්තාව ලැබුනා. ඒත් මං චූටී මාමාට තිබුන බය නිසාම, අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගියේ නෑ.
ඔය අතරේ ආච්චී අම්මයී, ලොකු අම්මයී පුංචි අම්මලාගේ ගෙදර යන්න සූදානම් වුනා. චූටී මාමා මටත් ආච්චි අම්මලා එක්ක යන්න ඉඩ දුන්නා. කොහොම හරි ඒ ගමනට කලින් ශානූ අයියට කෝල් එකක් දුන්නා. ශානූ අයියා මාව දකින්න වත් එයාලගෙ ටවුන් එකට එන්න පොරොන්දු වුනා. අපිට චූටී පුංචිලාගේ ගෙදර යන්න වුනේ ඒ ටවුන් එක හරහා.
අපි චූටි පුංචිලාගේ ගෙදර ගියේ පාරේ බස් වල. අපි පාන්දරින් සූදානම් වෙලා ගමන ආරම්භ කළා. අපි ශානූ අයියා එනවා කිව්ව ටවුන් එකට යද්දී උදේ අට පසු වෙමින් තිබුනා. ටවුන් එකේදී මං හොදින් වටපිටාව පරික්ෂාවෙන් බැලිවත් ශානූ අයියා ඇස ගැටුනේ නැහැ. ගමන ප්‍රමාද කරන්නත් විදියක් නැති නිසා මම වේදනාවෙන් ඊළග බසයට නැග්ගා.
බස් එකේ ජනෙල් කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා කලා. “ශානූ අයියට වෙලාව මගෑරෙන්න ඇතී, පව්”. මං නිකමට ස්ටෑන්ඩ් එක දිහා බලනකොට ශානූ අයියා මට අත වනනවා. දෑස් අදහා ගන්න බෑ මං ඇස් දෙක දෑතින් පිහදමලා ශානූ අයියා දිහා බැලුවා.
මායී ආච්චී අම්මයී වාඩි ගෙන හිටියේ එකම අසුනේ . අපිට පිටි පස්සෙ අසුනේ ලොකු අම්මා වාඩී ගෙන හිටියා. ශානූ අයියා මට පෝන් එක පෙන්වමින් මොනවදෝ කියන්න උත්සහා ගත්තත් මට තේරුම් ගියෙ නැහැ.
බස් රථය පණ ගැන්වුනා. ඒ එක්කම ශානූ අයියා බස් එක පැත්තට දුවගෙන ආවා. ජනෙල් කවුලුවෙන් පෝන් එකයී චාජරයයී බස් එක ඇතුලට දැම්මා. ඒක කෙලින්ම ලොකු අම්මා ගාවට වැටුනා. මං පිටි පස්ස බලද්දී දැක්කා ලොකු අම්මා පෝන් එක ඇහිදිනවා..
ඊ ළග කොටසින් හමු වෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *