… කදුලත් සැනසුමක්…..31

31. වන කොටස.

“දෙවියනේ පෝන් එක ලොකු අම්මා ඇහිද ගත්තා, දැන් මොනවායින් මොනවා වේවිද දන්නෙ නෑ, චූටි මාමාටත් කියයී මට කොහෙවත්ම යන්න දෙන එකකිත් නෑ.”. මං කපනා කරමින් ජනෙල් කවුලුවේ වීදුරුවට ඔලුව තියාගෙන් හිටියා. බස රථය අවසන් නැවතුම්පලේ නතර කලා, අපි සියල්ලන්ම බැස ගත්තා. ඊ ළග බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. මං බයටම ලොකු අම්මට වැඩිය මූහුන දුන්නෙ නෑ. මං බස් එකට නැගලා කවුලුවක් අසලින් ඉද ගත්තා. ලොකු අම්මාත් බලෙන්ම වගෙ මං ලගින් ඉද ගත්තා. දෙන්නම ටික දුරක් නිහඩවම ගියා.

සුදු දූ…

හ්ම්ම්ම්ම් …

ඔයා බය වෙලාද ඉන්නේ.
මං පුදුමයෙන් ලොකු අම්මා දිහා බැලුවා.

බය වෙන්න එපා මං කාටවත්ම කියන්නෙ නෑ ආ….
ලොකු අම්මා මට පෝන් එක දුන්නා.
ලොකු අම්මේ. … ඔය ඇත්තමද.

ඔව් ඔව් . සුදු දූ. චාජරය මං ලග ඕනී වුනාම කියන්න. ඕක හුගක් පරිස්සමින් තියා ගන්න වෙයී. අහු වුනොත් නම් චූටි මාමාගෙන් බේරුමක් වෙන එකක් නෑ.

අනේ ඔව් ලොකු අම්මේ…
මට ලොකු අම්මව බදාගෙන් මිරිකන්නට තරම් ආදරේ හිතුනා. මං සියල්ලන්ටම හොරෙන් චූටි පිංචිලාගෙ ගෙදරදි ශානු අයියා එක්ක කතා කලා මැසේජ් කලා. පුංචිලාට තමක් හොද ආදායම් තත්වයක් තිබුනා. පුංචි වුනත් අංග සම්පූර්න ලස්සන ගෙයක් එයාලට තිබුනා.
මම නාන්න පුංචිලාගේ නාන කාමරයට ගියාම වරුවකට එලියට ආවේ නෑ. ටැප් එක ඇරගෙන රහසින් වගේ ශානූ අයියා එක්ක කතා කලා. මං හිටියේ හුගක් සතුටින්. ශානු අයියා දැන් මං ළගමයී වගේ. කොහොම හරි සියල්ලන්ගෙන්ම පෝන් එක සගව ගන්න මං අදිෂ්ඨාන කර ගත්තා.
සතුටින් නිදහසේ ගෙවුන දවස් තුනකට පස්සෙ අපි නැවත මහ ගෙදරට එන්න සූදානම් වුනා.

සුදු දූ.. මෙහෙ ඉන්නකෝ ඔයා.
පුංචි මට කිව්වෙ එන්න ලැහැත්ති වෙලා දෙපා නමදිද්දී, මගෙ ඔලිව අතගාලා උරහිස් දෙකෙන් අල්ලලා ඔසවන ගමන්.

ඉන්න නම් තිබුනා . දැං මාව බලා ගන්නෙ චූටී මාමානේ එයාගෙන් අහන්න වෙනවා.
ඒ ගෙදර මට තිබුන නිදහස නිසා, එහෙ ඉන්න කැමති වුනත්. එහෙ නාගරික නිසා ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ.බිතියෙන් බිත්තියට ගෙවල් හැදුන ඒ ප්‍රදේශය බොහෝ ජනාකීර්නයී.
අපි මහ ගෙදරට එද්දි හුගක් හවස් වෙලා තිබුනේ. අදුරත් මීදුමත් නිවසත් අනිත් පරිසරයත් ගිල ගනිමින් තිබුනා. ආපු ගමන් කාමරයට ගිය මම පෝන් එක අතට ගත්තේ අපි ගෙදර ආ බව ශානු අයියට කියන්න. ඒත් මැසේජ් එක ෆේල්ඩ් වුනා. සිග්නල් අඩු ඇතී කියලා හිතලා, මං ටික වෙලාවක් උත්සහ කලා. ඒත් සිග්නල් එන්නෙම නෑ. පෝන් එක ඇදේ මෙට්ටයේ අස්සට දාපු මම මොකුත් නොවුන ගානට ආච්චි අම්මලා එක්ක කාලය ගත කලා. රෑ නින්දට ගියහමත් උත්සහ කරලා බැලුවා. සිග්නල් එන්නෙම නැහැ..
පසුදින සෙනසුරාදාවක් නිසා මදූ මල්ලි අපේ ගෙදර ආවා .මං මදූ මල්ලිට පොන් එක ගැනයි, ලොකු අම්මා කැමති වුන එක ගැනයී කිව්වා. මදූ මල්ලි මට දොස් කිව්වා ලොකු අම්මට ශනූ අයියා ගැන කිව්වට. ” අක්කෙ ඔයානම් හරි මෝඩයී අපේ තාත්තා එක්ක සේරම කියායී.” කියලා. මල්ලිත් පෝන් එක හැම තැනනට ගෙනිහින් බැලුවා. සිග්නල් ආවේ නෑ. අපි තේරුම් ගත්තා ඒ සිම් වර්ගයට මෙහෙ සිග්නල් නැති බව. දැන් ඉතිං මොනවා කරන්න්ද. හොද අවස්ථාවක් එනකන් බලන් හිටියා ආච්චි අම්මගෙ පෝන් එකෙන් කෝල් එකක් ගන්න. දවස් ගානක් ගෙවිලා ගියා. ශානූ අයියට කෝල් කරන්න විදියක් නෑ.
මම ක්ලාස් ගියා දිගටම. මට එහෙදි අලුත් යාලුවො මුන ගැහුනා. මං නිතර හිටියෙ මගෙ ගමේ යාලුවා එක්ක. මං ශානු අයියා ගැන කාටවත්ම කිව්වෙ නෑ ,චූටී මාමට ආරංචි වෙයි කියලා. ටවුන් එකෙත් හැමෝම චූටි මාමාව අදුරන නිසා මං පොන් එක ක්ලස් යද්දි අරන් ගියෙ නැහැ. ටවුන් එකෙදී මට හොද පිලිගැනීමක් තිබුනා චූටී මාමා නිසා.” මේ අර සමන්ගේ අක්කගෙ දුවනේ” හැමෝම මාව හැදුන්වුවේ එහෙම.
සතියකට විතර පස්සෙ මං ශානු අයියට කතා කන්න අවස්ථාවක් හදා ගත්තා. ශානූ අයියා හුගක් දුක් වුනා දැන් ආයී සිම් එකක් දෙන්නෙ කොහොමද කියලා. පස්සේ ඉරිදා දවසක සිම් අරන් ගමට එන්න ශානූ අයියා තීරනය කලා. චූටී මාමාට ආරංචි වේවි කියලා මං හුගක් බය වුනත්, වෙන විකල්පයක් නැති නිසා කැමති වුනා. අනික මදූ මල්ලිත් ඉන්නවනේ එදාට, ශානු අයියව තාම චූටී මාමාවත් දැකලා තිබුනේ නෑ.
ඉරිදා දවස උදා වුනා. මං මදූ මල්ලිට විස්තර කිව්වම එයා සිම් ගන්න මගට යන්නම් කිව්වා. මං උදෙන්ම ආච්චි අම්මගේ පෝන් එක හංගගෙන ටොයිලට් එකට ගිහින් ශානූ අයියට පාර කිව්වා. මදූ මල්ලී මායී මොකද වෙන්නෙ කියලා මග බලන් හිටියා. ලොකු අම්මා අපේ සම්බන්දෙට බාදා නොකෙරුවත් අපි කරන දේවල් ලොකු අම්මට කියන්න අපි මැලි වුනා.
අපි නොහිතපු වෙලාවක චූටී මාමා ගෙදරට ආවා. ඇවිත් කේන්තියෙන් වගේ පිටුවකට බර වුනා.

අම්මේ අම්මේ…

ඇයි පොඩි පුතේ.
ආච්චි අම්මා කුස්සියෙ ඉදන් සාලෙට ආවා.

මට අම්මගේ පෝන් එක පොඩ්ඩක් දෙනන්
ආච්චි අම්මා පෝන් එක ගෙනත් දුන්නා. චූටී මාම පෝන් එකේ නම්බර් සේරම පරික්ෂා කරලා බැලුවා. මං කෝල් ගත්තු නම්බර් සේරම එවලෙම පෝන් එකෙන් ඉවත් කලා. ඒක නිසා මං බය නැතුව හිටියේ හරිම විෂ්වාසයෙන්. චුටී මාමාට මොකුත්ම හෝඩුවක් ලැබුනේ නෑ.

අම්මේ ඇහැ ගහන් ඉන්න මෙයා අම්මගෙ කනෙනුත් රිංගයි ඈ.
චූටී මාමා එහෙම කියලා පිට වෙලා ගියා. පස්සෙ දැන ගන්න ලැබුනා අම්මා චූටී මාමට කෝල් කරලා පෝන් එක බලන්න කියලා කියලා. දැන් නම් ශානූ අයියා මෙහෙ එනවට හුගක් බයයී.

ටිකකින් ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. ලොකු අම්මා පොන් එක ආන්සර් කලා.

හෙලෝව්.

ආ පුතේ. ඔයා කවුද කියලා මං දන්න්වා . බය වෙන්න එපා මං ඔයාලට උදව් කරන්නම්.

හා ඔයා දැන් කොතනද

හරී ඔතනින් දකුණට තියෙන පාරේ කෙලින්ම එන්න ඇවිත් පාලමක් හම්බෙයී එතනින් දකුනට ,ඊට පස්සේ හම්බෙන පස් වෙනී ගේ.

හරී පරිස්සමින් බුදු සරනයී . කාගෙන් වත් පාර අහන්න එපා. හොයා ගන්න අමාරු වුනොත් මේකට ගන්න.
අපීට ඇහුනේ ලොකු අම්මා කියපු දේවල් විතරයී. කොහොම වුනත් ,ඒ කතා කලේ ශානූ අයියා බව මට විශ්වාෂයී. අපිට හිතන්න වෙලාවක් තිබුනේ නෑ, ලොකු අම්මා අපී ඉන්න තැනට ආවා. මදූ මල්ලි මායී හිටියේ ගේ ඉස්සරහා තිබුනේ රූස්ස අබ ගහක සෙවනේ පාර බලමින් හිටියේ.

සුදු දූ….

ලොකු අම්මේ…

අර ළමයා මේ ළග ඉන්නේ. මං පාර කිව්වා.

ආ.. හ..රි
මට වෙන කියන්න දෙයක් මතක් වුනේ නෑ. ලොකු අම්මා අපේ කතාව මුල ඉදන්ම අහගෙන ඉදලා තියෙනවා. අපි හංගන නිසා සද්ද නැතුව හිටියත් උදව් කරන්න අවස්ථක් එනකන් ඉදලා තියෙන්නෙ.

මං අම්ම්ව ශේප් කර ගන්නම් පාර පැත්තට යන්න.
එහෙම කියලා අපිට හිනාවක් දාලා, ගෙට යන්න හැරුනා. එතකොටම බයික් එකක් හෝන් කරන් වේගයෙන් ඇදිලා ගියා. ඒ ශානූ අයියා තමයී.

අන්න ඇවිත් නේද ඔයාලා යන්න. මං අම්ම්ව බලා ගන්නම්.
මදූ මල්ලි මායී පාර දිගේ ටිකක් දුර ගියා. ශානූ අයියා ඈතට වෙලා හිටගෙන බලාන ඉන්නේ හෙල්මට් එක පැලදගෙනමයී. අපි එතනට ළං වෙත්ම ශානූ අයියා හෙල්මට් එක ගැලෙව්වා.
මට වෙන මොකුත් කල්පනා වුනේ නැ මං ශානූ අයියගෙ ඇස් දිහා බලාගෙන එයා ලගටම ගියා. එදා ඉස්කෝලේ නිවාඩු දුන්න දවසේ හම්බුනාට පස්සෙ, මාස ගානකට පස්සෙ මං ශානූ අයියගෙ සමීපයට යන්නෙ. මදු මල්ලි ටිකක් ඈතින් නතර වෙලා තිබුනා.

සුදු මැනික….

ශානූ අයියේ..

මේ ශානුවා ඕක ඉක්මට දීලා නැගපන්. කාටහරි මාට්ටු උනොත් ගුටිත් කාලා තමා යන්න වෙන්නේ…
ශානූ අයියගෙ යාලුවා කෑ ගැහුවා. ශානු අයියා පුංචි වෙන්න නමපු කඩදාසී කවරය මට දීලා බයික් එකට නැග්ගා.

අපි යන්නම් එහෙනම්. ඔයාලා ගෙදර යන්න. මල්ලි අපි යනවා. අක්කව බලාගන්න
ශානූ අයියා මටයී මල්ලිටයි අත වනලා “කුරුල්ලො වගෙ” වේගයෙන් බයික් එකේ යන්න ගියා. අපි දෙන්නා පෝන් එකත් හංගගෙන වගාව පැත්තට ආවේ සිම් එක දාලා බලන්න.

ඊ ළග කොටසින් හමු වෙමූ…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *