….. කදුලත් සැනසුමක්…..33

33. වන කොටස.

මං කෑම එක බාගෙට කෑවේ. ඉතුරු ටික ඩක්ස් පින්ග් එකට දාලා අත හෝද ගත්තා. කෙලින්ම මිදුලේ තිබුන ගල් බංකුවට ගිහින් ඉද ගත්තා. මං මේ සිදුවීම ගැන තනියෙම කල්පනා කලා.” අවුරුදු 17ක ගෑනූ ළමෙක් වුන මං කොහොමද ශානූ අයියට මගෙ අම්මට ආයී බබෙක් ලැබෙන්නෙ කියන්නෙ” . මට මේක ශානූ අයියට කියන්න ඕනී වුනත්, කියන්න බැ කියලා හිත කිව්වා.

සුදු දූ මොකද කරන්නෙ තනියෙන්…

මොකුත් නැ අම්මේ..
ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුන ඇස් ඇගිලිවලින් පිස දමමින් අම්මා දිහා බැලුවා. අම්මා මං ළගට ඇවිත් ඉද ගත්තා. මං ඈත පරිසරය දිහා නෙත් යොමාගෙන හිටියා.

සුදු දූ ඔයා දුකින්ද ඉන්නෙ.

නෑ අම්මේ.. නා ගන්න ඕනී මහංසී…

හා නා ගන්න එහෙනම්.
තවත් එතන ඉන්න ගියොත් හිතෙ දුක එළි පනීයී කියලා මං එතනින් මාරූ වුනා. මං ඇදුම් ටික අස්සෙ පෝන් එක හංගගෙන නාන කාමරයට ගියා. ටැප් එක ඇරලා දාලා ශානූ අයියට කොල් එකක් ගත්තා. මං කතා කෙරුවෙ රහසින්.

හෙලෙව් ශානූ අයියේ.

සුදු මැනික . අද කොහෙද යනවා කිව්වා නේද?

ඔව් ශානූ අයියේ. අපි ලොකු මාමලාගෙ ගෙදර. අම්මයි චූටී මල්ලියිත් ඇවිත්.

ඉතින් හොදයිනේ. කෙල්ල අද සතුටින් ඇති. කාලෙකින්නෙ අම්මා දැක්කේ.
අනේ මංදා..

ඇයි සුදු මැනික දුකින්..

මං කොහොමද අයියේ ඔයාට ඒක කියන්නේ.

ඇයි. ඇයී. ඔයා කවදාවත් මට අයියේ කිව්වෙත් නෑ. ඔයා හුගක් දුකින්.. කියන්න සුදු මැනික..

මට තවත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ අයියේ. ඇයී අයියේ මටම මෙහෙම වෙන්නේ..

ඇයී සුදු මැනික .. අම්මා මොකද කිව්වේ..

ඒවා කියන්න බෑ ශානූ අයියියේ.
මට ඉබෙටම ඇඩුනා මං ශානූ අයියා එක්ක දුක කිව්වේ බිත්තියට වාරූ වෙලා.

මට කියන්න බැරි ඒවත් තියෙද.. අඩන්න එපා ඔයා දන්නවානේ ඔයාගෙ ඇස් දෙකේ කදුලු දකින්න ආස නෑ කියලා.

එහෙම නා අයියේ අයියේ. මට ඉගෙන ගන්න වෙන්නෙ නැ.

හේතුව කියන්න.

අම්මාට ආයී බබෙක් හම්බෙන්න.

මොනවා. ඉතින් හොදයිනේ ළමයෝ . සතුටු වෙන්න ඕනි වෙලේඇයි අඩන්නේ.

එත් දැන් මට ඉගෙන ගන්න උදව් කරන්න අම්මටත් බෑ.

මං කිව්වනේ මං ඉන්නවා ඔයාට උදව් කරන්න..

ඒත් ඔයා තාම ඉස්කෝලේ යනවා. ඔයා කොහොමද මට උදව් කරන්නෙ. ජොබ් එකක් කරන්නෙත් නැතුව
ශානූ අයියයී මායී ඒ ගැන හුගක් වෙලා කතා කලා. එයා නම් කිව්වෙ ” මොකුත් හිතන්න එපා අලුත් සහෝදරිය ගැන සතුටු වෙන්න කියලා”. ඉපදෙන්න ඉන්න නංගි හරී මල්ලි ගැන මට කිසිම තරහක් තිබුනේ නෑ. මට තිබුනේ මගෙ නොලැබිම ගැන දුකක්.

සුදු දූ ලෙඩ වෙයි. කොයි වෙලේද ඇතුලට ගියේ.

එනවා අම්මේ… නාලා ඉවරයී.
ශානූ අයියා එක්ක කතා කරන්න ගියාම වෙලාව යනවා දැනුනේ නෑ. මං ඉක්මනට නාගෙන ඉළියට ආවා.
රෑ ලොකු මාමයී ,අම්මයි මං ගැන කතා වෙනවා මට ඇහුනා.

අයියේ. දැන් කෙල්ලට උගන් වන්නෙ කොහොමද දැන්.

ඒක නේන්නම්. මොකද බං ලොකු නංගියෙක්, තව ළමෙක් හදන්න හිතුවේ.

හිතුවෙ නෑ අයියේ. අහම්බෙන් වුනේ. මාස හතරක් යනකන් අහු වුනෙත් නෑ. බඩට ආපු එකා මරන්න බෑනේ පන දෙනවා මිසක්.

ඒකනේ ලොකු නංගි . ඉස්සරහට මොකද වෙන්න බලමුකෝ. මටත් පොරොන්දු වෙලා උදව්වක් කරන්න බෑ.

සේන ගෙදරට සල්ලි දෙන්නෙත් නෑ. අපේ කෙල්ලත් කොල්ලෙක් ලැහැත්ති කර ගත්‍තනේ , සේරටම කලින්. නැත්තම් අගේට ඉගෙන ගන්නවා.
” ඉගෙන ගන්න ඕනී නෑ, මට මේ ජීවිතේ හොදයී, සේනයගේ උදව් මට එපා” මං හිතින් මිමුනුවා.

හැමෝම මට හොරෙන් මං ගැන කතා වුනා. අලුත් දරුවා නිසා මට හැමදේම නැති වෙනවා කියලා එයාලා කතා වුනේ. අන්තිමට ඒ වේදනා බර කතාව මට පුරුදු දෙයක් වුනා. මගෙ නූපන් සහොදයට ආදරය කරන්න ගත්තා.
අම්මා අපිත් එක්කම ගමේ මහ ගෙදරත් ආවා. මං අම්මා එක්ක චූටි බබා ගැන කතා නොකෙරුවට මං එයා ගැන දන්න බව අම්මා දැනගෙන හිටියා. මම මගෙ අතින් උයලා අම්මට කන්න දුන්නා. උයන්න පුරුදු වුනේ මං හුගක් පොඩි වයසෙ ඉදන් ඒක නිසා මට රසට උයන්න පුලුවන් කියලා හැමෝම කිව්වා. මගෙ සීයා තාමා හුගක්ම ආස වුනේ මගේ අතින් උයන කෑම කන්න. සීයා හීන මවමින් හිටියේ වීභාගෙ ඉවර වෙනකන් මාව ගෙදර එක්ක එන්න. මාත් හීන මවමින් හිටියේ මගෙ අතිං මගෙ සීයට උයලා කවන්න. ඒ හැමදේම දැන් ඉවරයී.
අපී සේරම අවුරුද්දට චූටී මාමලාගෙ ගෙදර ගියා. චූටී මාමාට නම් ටිකක් කේන්ති ගියා අලුත් ළමය ගැන අහෙද්දි. අම්මා මට හොරෙන් චූටී මාමට කිව්වේ “කෙල්ල අර හුටපාටේ නවත්තලා නැතුව ඇති මල්ලි, කෙල්ල හොරෙන් ඒකම කරනවා ඇතී , ඒ මිනිස්සු හුගක් දුප්පත් මල්ලියෙ ” කියලා. කොහොමින් කොහොම හරී මගෙ හැම දේම නැති කරන්නයී හැමෝටම ඕනී වුනේ.
පහුවදා අම්මා යන්න ලැහැත්ති වුනා. මං අම්මගෙ දෙපානැමදලා සමු දුන්නා.

සුදු දූ.. පරිස්සමින් ඉන්න. මං දන්නවා ඔයා දුක් වෙන බව අලුත් බබා නිසා ඔයාට ඉගෙන ගන්න වෙන්නෙ නෑ කියලා.

එහෙම නෑ අම්මේ..
එහෙම වෙන්න දෙන්නෙ නෑ. මං.
අම්මා වාව එයාගේ පපුවට තුරුලූ කරන් ඇඩුවා. මං හිතුවේනෑ අම්මා මං ගැන මෙහෙම හිතනවා ඇතී කියයලා. මට හුගක් දුක හිතුනා .මං අම්මවා සනසන්න උත්සහා කලා.

මට තව ඉගෙන ගන්න ඕනී නෑ අම්මේ. ඔයා ඒ ගැන හිතන්න එපා.

ඔයා ඉන්නකෝ සුදු දූ.. මං ඒ වෙනුන් මොනවා හරී කරන්නම්. මංකොහොම හරී ඔයාට උගනවනවා.
අම්මා වේදනාවෙන් පිට වෙලා ගියා. මාන් අම්මයී චූටී මල්ලී නොපෙනී යනකන් බලාගෙන හිටියා. මං ඉස්කෝලේ යාමේ බලාපොර්ත්තුව නැති කර ගන්න මම හිතින් හුගක් උත්සහ කලා. ඒත් ටීවී එකේ අලුත් ක්ලාස් ගැන වෙළද දැන්වීම් දානකොට මගෙ දුක අලුත් වුනා.
කාලය හිත් වේදනා මැදින් ගෙවිලා ගියා. අම්මා දවසක් කෝල් කරලා මට ටවුන් එකට එන්න කිව්වා . ළග ටවුන් එකට නෙමෙයී, ළග ටවුන් එක පොඩී ටවුන් එකක්, අම්මා කිව්ව ටව්න් එකට යන්න බස් දෙකක යන්න වුනා. මේ වෙනකන් ඒ ටවුන් එකට මං තනියෙන් ගිහින් තිබුනේ නැ. චූටී මාමටත් කියලා අම්ම කිව්ව දවසේ ටවුන් එකට ගියා . අම්මා මටත් කලින් ඇවිත් බස් නැවතුමේ බලාගෙන හිටියා.
අම්මා මට එන්න කියලා තිබුනේ. උසස් පෙළ අලුත් පංති ගැන කරන සම්මත්‍රනයකට යන්න. අම්මයි මායී ලොකු හෝල් එකට ඇතුල් වුනා. අම්මලයි ළමයිනුයී හුගක් පිරිලා හිටියා. ඒකට ආපු හැම සර්ම ටීචර්ම කිව්වෙ ළමයින්ට ළමයී කැමතී දේ ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා. මාත් ආස කොමස් කරන්න. වියදම් දරන්න බෑ කියලා අම්මා මට ආර්ට් කරන්න කිව්වා. හිත හදා ගත්තත් මං පොඩ්ඩක් වත් ආස වුනේ නෑ.
සම්මත්‍රනය අවසානයේ පෝම් එකක් බෙදලා දුන්නා. තෝර ගන්න් විෂන්, සහබාගී වෙන ක්ලාස් ගැන විස්තර පුරවන්න. මං කොළය පුරවන්නේ නැතුව කල්පනා කරන්න වුනා.
කොමස් කරන්න එහෙනම්, පුරවන්න කොළේ.
අම්මා මාව තේරුම් අරන් එහෙම කිව්වා. මගෙ හිත සතුටින් පිරිලා ගියා.

පුලුවන් වෙයී නේද අම්මේ.

උත්සහා කලොත් පුලුවන්. අපි කොහොම හරී කරමූ.
අවසානයේදී මගෙ හීන ඵල දරන්න පටන් ගත්තා. අම්මා මොන්ටි සෝරී යන නිසා මට පංති ගාස්තු එව්වා, ඒත් බස් වියදම් පොත් පත් ගන්න වියදම් කලේ ශානූ අයියා. මට එයාගෙන් සල්ලි ගන්න හිත් නොදුන්නත් මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ. ශානූ අයියගේ මාමා රබර් වත්තක වැඩ කලේ. අවිවාහක මාමා කෙනෙක් වුන එයා , ශානූ අයිය වෙනුවෙන් ඕනිම වියදමක් දැරුවා. අයියා මම ගැන මාමාට කියලා තිබුනා. දැන් ඒ මාමා තමයී මටත් වියදම් කරන්නෙ. ඒත් කවුරුත්ම ඇහුවේ නෑ මට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද කියලා. අම්ම හිතුවේ චූටී මාමා දෙනවා කියලා, චූටී මාමා හිතුවේ අම්මා දෙනවා කියලා.
උසස් පෙළ පාංතියට ඇතුල් වෙන්න ඉස්කෝල වලට ඉල්ලුම් පත්‍ර දාන්න සිද්ධ වුනා . මං ඉල්ලුම් පත්‍ර දැම්මෙ ලගම තිබුන ඉස්කෝලෙට විතරයී. අන්තිමට මට ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්න අවස්ථාව උදා වුනා. හිටපු ඉස්කෝලෙන් අස්වීම ගන්න ගියාමා ටීචර්ලා මට හුගක් දොස් කිව්වා. “මගෙ නරක හැසිරීම් නිසා හොද ඉස්කෝලය අත් ඇරලා ගමේ ඉස්කෝලෙකට යන්න වුනා” කියලා. ඒත් ඒ ගැන මට දුකක් තිබුනේ නැහැ. මට හැමදේටම වඩා වැදගත් වුනේ සේන බාප්පා නැති තැනක ජීවත් වෙන එක. අලුත් ඉස්කෝලෙනුත් ඇහුවේ “මෙච්චර හොද හොද ඉස්කෝලයක් දාලා ගමට ආවේ ඇයී” කියලා. අවසානයේ මං ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ශානූ අයියා මාව දකින්න ක්ලාස් එක ළගට ආවා. ඒ ටවුන් එක ඈත් නිසා ද කොහෙද චූටී මාමට ආරංචි වුනේ නැ. දැන් මට කලින්ට වඩා නිදහස තිබුනා. ඒත් අම්මයී ,චුටී මාමයී තවමත් ශානූ අයියගෙ මගෙ සම්බන්දය කැමති වුනේ නැ. නිතරම චූටි මාමා ඇවිත් මට අවවාද කරලා , නියෝග පනවලා ගියා.
ශානූ අයියා උසස් පෙල විභාගය ලියන්න පටන් ගත්තා. ශානූ අයියගෙන් මං ලේසීද ඇහුමම එයා කිව්වෙ. අනේ මංදා කියලා විතරයී.
*******************************
අගෝස්තු නිවාඩුවට අම්මායී, චූටී මල්ලී ගමේ මහ ගෙදර ආවා. මං ඉගෙනම් කටයුතු හොදින් කරන් යනවා දැකලා අම්මා සතුටු වුනා. අම්මගෙ උදරය දැන් ඉදරයට නෙරා ඇවිත්. මට අලුත් බබා එනකන් ඉවසීමක් නැති වුනා. මං එයා වෙනුවෙන් තොප්පි ඇදුම් හැමදේම ගෙතුවා. ලස්සන චූටී ගවුම්වලට මල් මහලා හැඩ කලා. මං අම්මාගෙන් ඇහුවෙ නංගියෙක්ද්ද මල්ලියෙක්ද්ද ලැබෙන්නෙ කියලා. අම්මා කිව්වේ කවුද කියලා බැලුවෙ නෑ කියලා සේන බාප්පා දුවෙක් වෙනවා නම් කැමතී කියලා.
ඒ කතාවට නම් මට කේන්තී ගියා. මං සේරම බඩු සේරම සූදානම් කලේ මල්ලියෙකුට. මං හැම වෙලේම ප්‍රාර්ථනා කලා මල්ලි කෙනෙක් ඉපදෙන්න කියලා. මගෙ හිත විශ්වාස කලා මල්ලියෙක් ඉපදෙන්නෙ කියලා. මට සේන බාප්පව පොඩ්ඩක් වත් විශ්වාස නෑ, තමන්ගෙ දරුවා කියලා නැ මහ ජරා මිනිහෙක්. අන්න ඒ හේතුව නිසයී මං දෙවියන්ගෙන් මල්ලියෙක් ඉල්ලන්නෙ. මං විදපු දුක තව කෙනෙක් විදිනවට මං පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. මගේම සහෝදරියට එහෙම වෙනවට මං කොහොමත් කැමතී වුනේ නෑ.
අම්මා ගෙදර යන ගමන් චූටී මාමලාගේ ගෙදර ගියා. අපිත් අම්මා එක්ක එහෙ ගියා. හැමෝම ආගිය තොරතුරු කතා කලේ හුගක් සතුටින්. අම්මා චූටි මාම එක්ක මට හොරෙන් දෙයක් කියන්නන උත්සහා කලා. මන් කොහොම හරී එයාලා කියන දේ අහගෙන හිටියා.

මල්ලියේ. දැන් අපේ කෙල්ල පංති යනවනේ අර කොල්ලත් එනවා ඇතී. සද්ද නැතුව ඉන්නෙ කොහොම හරී දෙන්නා හම්බවෙනවා ඇතී.

ඒක මං බලා ගන්නම්කෝ.

විභාගේ ලිව්ව ගමන් කසාද බන්දලා දෙමු . නැත්තම් නම් ඔය කොල්ලගෙන් ගලව ගන්න ලැබෙන්නෙ නෑ. ඌ කාන්දම් වගේ .

හරි පොඩ අක්කෙ මං කොල්ලෙක් හොයන්නම්.

ඒක හොදයී. මේ කොල්ලා හුගක් දුප්පත් ඒකයී සේනත් අකමැති වුනේ.

හා හා.. මං ඒවා බලා ගන්නම්කෝ.

මට ආපූදුකනම් වැඩක් නෑ. මං වෙනුවෙන් වියදම් කරන ,මන් වෙනුවෙන් මේ තරම් දේවල් කරන කෙනා, මෙයාලට හිගන්නෙක් වගේ පෙන්නේ. ශානූ අයියා අපි තරම් නම් දුප්පත් නෑ මගෙ හිත රිදුම් දුන්නා.

ඊ ළග කොටසින් හමු වෙමු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *